කොළඹ වරාය නගර පෙත්සම් සලකා බැලීම 4 වන දිනටත් ආරම්භ වේ

කොළඹ වරාය නගර පෙත්සම් සලකා බැලීම 4 වන දිනටත් ආරම්භ වේ

*********************************************

කොළඹ වරාය නගර පෙත්සම් සලකා බැලීම 4 වන දිනටත් ආරම්භ වේ

(22.04.2021 – 09:51 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් සලකා බැලීම 4 වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (22) ආරම්භ වුණා.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච (5) පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

ඒ අනුව ඉදිරිපත් වී ඇති අතරමැදි පෙත්සම්වලට අදාළව කරුණු දැක්වීම මේ වන විට සිදුවන බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පතේ සිදු විය යුතු සංශෝධන කිහිපයක් රජය විසින් දැනටමත් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව දැනුම් දුන්නා.

ඒ අතර යෝජිත කොමිසම විසින් නිකුත් කරනු ලබන රෙගුලාසි පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිම වැනි කරුණු ඇතුළත් වන බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සඳහන් කළා.

අනතුරුව අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල සහ අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කරුණු දක්වමින් යෝජිත කොමිසම සදහා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයින් ගෙන් බහුතරය ශ්‍රී ලාංකිකයින් බව ප්‍රකාශ කළා.

අදාළ කොමිසම සදහා සාමාජිකයන් පස් දෙනෙකු (5) පත් කරන්නේ නම් ඉන් තුන් දෙනෙකු (3) ශ්‍රී ලාංකිකයින් වන අතර සාමාජිකයන් හත් දෙනෙකු (7) පත් කරන්නේ නම් ඉන් සිව් දෙනෙකු (4) ලාංකිකයින් වනු ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළා.

මෙම ව්‍යාපෘතිය හරහා මෙරට දල දේශීය නිෂ්පාදිතය ඉහල නැංවීමට උපකාරී වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් උත්පාදනය කිරීමට හැකි වනු ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ප්‍රකාශ කළා.

******************************************

(22.04.2021 – 10:40 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරුන් අතර ඊයේ (21) ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබද විමර්ශනය සඳහා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව සඳහන් කළා.

******************************************

මාලේ ගුවන්තොටේදී ශ්‍රීලන්කන් යානයක් අනතුරට

(22.04.2021 – 12:22 +0530 – hirunews.lk/sinhala)

මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතා තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL116 දරණ ගුවන් යානයේ, භූමි මෙහෙයුම් ආධාරක වාහනයක් ගැටීමෙන් එම යානයේ පිටුපස කොටසට (tail section stabilizer) අලාභහානි සිදුව තිබෙනවා.

මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිටින ශ්‍රීලංකන් ගුවන් යානා ඉංජිනේරු කණ්ඩායම මේ වන විට හානියට පත් කොටස් ප්‍රතිස්ථාපනය කර යානය නැවත සේවයට එක්කිරීමට කටයුතු කරමින් සිටින බවටයි දැනට තොරතුරු වාර්තා වන්නේ.

******************************************

(22.04.2021 – 12:36 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල විශාල ප්‍රමාණයකින් උච්ඡාවචනය වීම මෙරට ආනයනය කෙරෙහි අහිතකර අන්දමින් බලපානු ඇතැයි විද්වතුන් පෙන්වා දෙනවා.

දෙසීයේ (200) සීමාවේ පැවති රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 191.88 ක් දක්වා එක්වරම අධි ප්‍රමාණය වූයේ පසුගිය 20 වන දා චීනයෙන් මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලැබීමත් සමඟයි.

කෙසේ වෙතත්, මහබැංකුවේ විනිමය අනුපාතවලට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල මේ වනවිට රුපියල් 200.90 දක්වා යළි අවප්‍රමාණ වී තිබෙනවා.

මෙලෙස ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ සිදුවන උච්ඡාවචනයන් භාණ්ඩ ආනයනය කිරීමේදී අහිතකර අන්දමින් බලපාන අතර විශේෂයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමට ද හේතුවක් වනු ඇති බවයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා කියා සිටියේ.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය හමුවේ ඇමරිකානු ඩොලර් අලෙවි කිරීමෙන් වාණිජ බැංකු අති විශාල ලාභයක් උපයමින් සිටින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරන හා වාණිජ පීඨයේ මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ මහතා සදහන් කළා ෴

******************************************

(22.04.2021 – 12:53 +0530 – hirunews.lk/sinhala)

ලබන 27 සහ 29 යන දෙදින තුළ චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ එරට ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි ගේ සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙම හමුවේදී චීන ආරක්ෂක අමාත්‍යවරයා, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවී ද්වීපාර්ශවීය සාකච්ඡා සිදුකිරීමට නියමිතයි.

වත්මන් රජය බලයට පත් වූ පසු, චීන රජයේ අමාත්‍යවරයෙකු මෙරටට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වනවා ෴

******************************************

(22.04.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් සහ තුවාල ලැබූ පුද්ගලයින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිව මේ වනවිට නඩු 182 ක් පවරා තිබෙනවා.

මීගමුව දිසා අධිකරණයේ මෙම නඩු පවරා ඇති අතර, මිලියන දෙකේ (2) සිට මිලියන 25 දක්වා වන්දි ඉල්ලා ගොනුකළ නඩු ද මේ අතර වන බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

හිටපු ජනාධිපතිවරයාට අමතරව, පෙත්සම් මගින් වගඋත්තකරුවන් ලෙස නම් කර ඇත්තේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ නීතිපතිවරයායි.

ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී තිබියදී නිසි ක්‍රියාමාර්ග ගැනීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බව අදාළ පෙත්සම් මගින් දක්වා තිබෙනවා.

මේ අතර පාස්කු ප්‍රහාරය සහ ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව ඊයේ (21) ස්ථාන කිහිපයකදී අදහස් පළ වුණා ෴

******************************************

(22.04.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – හබරණ – හිරිවඩුන්න වැව ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරයේ නිරත ජනතාව මේ වන විට දැඩි දුෂ්කරතාවකට ලක්ව තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෆාරි ජීප් රථ රියදුරන්, කැටයම් කලාකරුවන් හා දැව ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරයේ නියැලෙන තමන්ට සහනයක් ලබාදෙන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

******************************************

(22.04.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

පාස්කු කොමිසමේ නිර්දේශ අනුව අදාළ වගකිවයුත්තන් සියලු දෙනාටම අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බව ශ්‍රී ලංකා කතෝලික සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පවසනවා.

හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එතුමන් වැඩිදුරටත් සඳහන් කළේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු නොවන්නේ නම් ජාත්‍යන්තරයේ සහය ලබාගැනීමටද සූදානම් බවයි.

******************************************

(22.04.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

යාපනය – පේදුරුතුඩුව – අල්වායි උතුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු (1) මියගොස් තවත් පස් දෙනෙකු (5) තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මිය ගිය පුද්ගලයා 38 හැවිරිදි අල්වායි උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ගැටුමෙන් තුවාල ලැබූ පස්දෙනා (5) පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරු කර යැවුණා.

පෞද්ගලික ආරවුලක් මත මෙම ගැටුම ඇතිව තිබෙන බවයි අනාවරණ වුණේ ෴

******************************************

(22.04.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

අද (22) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළා.

******************************************

(22.04.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආර්ථිකය ගොඩ නැඟීමට නොහැකි වී ඇත්තේ පාලකයන් තම ධුර කාලය සඳහා පමණක් සැලසුම් සකස් කිරීම හේතුවෙන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ ‘ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හෙට දවස’ මැයෙන් පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

******************************************

(22.04.2021 – 14:43 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක අනාරක්ෂිත අයුරින් ගමන් ගත් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රියදුරු ඇතුළු 5 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ ඔවුන් අද (22) පානදුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී අධිකරණය නියෝග කළේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ පුද්ගල ඇප මත ඔවුන් මුදා හරින ලෙසටයි.

මෙලෙස ඇප නියම කෙරුණේ අකුරණ ප්‍රදේශයේ පදිංචි තරුණයන් 5 දෙනෙකුටයි. සිද්ධියට අදාළ නඩුව ලබන නොවැම්බර් මස 25 වනදා කැඳවීමට නියමිතයි.

එදිනට සැකකාර තරුණයන්ට එරෙහිව චෝදනා පත්‍ර ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ට නියෝග කර තිබෙනවා ෴

******************************************

(22.04.2021 – 15:07 +0530 – hirunews.lk/sinhala)

රාජකාරී වේලාව තුළ දෙණියාය මුලික රෝහලේ ගිලන් රථයකින් සාප්පු සවාරි ගිය සෞඛ්‍ය සේවකයන් පිරිසක් පිළිබඳ ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු වාර්තා වනවා. අද (22) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

මෙරට ඇතැම් සෞඛ්‍ය සේවකයන්ගේ ක්‍රියාකලාපයන් පිළිබදව බොහෝවිට ප්‍රතිකාර ලබාගැනීමට යන ජනතාවගෙන් ඒල්ල වන්නේ හොඳ ප්‍රතිචාරයක් නොවේ.

ඒවන් පසුබිමක දෙණියාය මුලික රෝහලේ ගිලන් රථයකින් ඊයේ (21) පස්වරුවේ සාප්පු සවාරි ගිය සෞඛ්‍ය සේවකයන් පිරිසක් මාතර – අතුරලියේදී අපට හමුවන්නේ මෙලෙසින්.

අකුරැස්ස – මාතර මාර්ගයේ අතුරලිය ප්‍රදේශයට ඊයේ (21) පස්වරුවේ පැමිණි මෙම ගිලන් රථය පැයකට අධික කාලයක් මෙම ස්ථානයේ නවතා තබා තිබුනා.

ඒ ඒහි පැමිණි සෞඛ්‍ය සේවකයින් මෙම ස්ථානයේ ඇති සුපිරි වෙලද සැලකින් භාණ්ඩ ඇණවුම් කිරීමට ගොස් තිබීම හේතුවෙන්.

ඒ අවස්ථාවේ ගිලන් රථයේ දොර ද මෙලස විවෘත කර තිබෙන අයුරු දක්නට ලැබුනා.

මෙම ගිලන් රථය දෙණියාය මුලික රෝහලට අයත් වුවක්.

රාජකාරී වේලාව තුල ගිලන් රථයෙන් සාප්පු සවාරි පැමිණ සිටි සෞඛ්‍ය සේවකයන් පිළිබඳව ජනතාව තම නොසතුට පළ කර සිටියා.

සාප්පු සවාරියේ නිරත වූ සෞඛ්‍ය සේවකයින් යළි ගිලන් රිය වෙත පැමිණියේ පැයකට පමණ පසුවයි.

ඉන්පසුව ගිලන් රිය මෙලෙස පිටත්ව ගියා.

ජන ජීවිතයට සෘජු වගකීමක් ඇති සෞඛ්‍ය සේවකයින්ට රාජකාරී වේලාව තුල මෙලෙස හැසිරිය හැකි ද?

මෙරට වගකිව යුතු ‌සෞඛ්‍ය බලධාරීන්නේ අපට ඇසීමට ඇති පැනය එයයි.

******************************************

(22.04.2021 – 15:22 +0530 – hirunews.lk/sinhala)

ඕමන්තේ ප්‍රදේශයේදී යාපනය සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් මී ගවයින් සහ එළ ගවයින් 16 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම ගවයින් රංචුව දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටියදීයි අද (22) අලුයම දුම්රියේ ගැටී මියගොස් ඇත්තේ.

මේ අතර මෙම දුම්රියේ ගැටීමෙන් වව්නියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි ද වව්නියාව පොලිසිය ප්‍රකාශකර තිබෙනවා.

******************************************

(22.04.2021 – 16:05 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට යෝජිත සංශෝධන පිළිබඳ අධ්‍යයනය කර අධිකරණය හමුවේ හෙට (23) කරුණු දක්වන ලෙස පංච (5) පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ඒ, අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද (22) සිව්වැනි (4) දිනටත් පැවැති පෙත්සම් විභාගයේදි.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධ පෙත්සම් විභාගය පැවැති අවස්ථාවේ අතරමැදි පෙත්සම්කරුවෙකු වන ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සඳහන් කළේ, මෙම පනත් කෙටුම්පත සඳහා සංශෝධන කිහිපයක් රජය විසින් දැනටමත් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි.

යෝජිත කොමිසම විසින් නිකුත් කරනු ලබන රෙගුලාසි පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිම වැනි කරුණුද ඒ අතර වන බව ජනාධිපති නීතිඥවරයා සදහන් කළා.

අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල සහ අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පෙන්වා දුන්නේ යෝජිත කොමිසම සදහා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයින් ගෙන් බහුතරය ශ්‍රී ලාංකිකයින් බවයි.

මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ද ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ගොනු කළ අතරමැදි පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ කුෂාන් ද අල්විස් කරුණු දක්වමින් පැවසුවේ කොළඹ වරාය නගර ආර්ථික කලාපය වැනි විශේෂ ආර්ථික කලාප 5000 කට වැඩි ගණනක් ලොවපුරා ක්‍රියාත්මක වන අතර ඒවායේ ආයෝජකයින්ට ආකර්ශනීය බදු සහන ප්‍රදානය කිරීම සාමාන්‍ය තත්ත්වයක් බවයි.

එහෙත් කෙටුම්පතේ වගන්ති සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බහුතර ඡන්දයක් ලබාගැනීම හෝ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ඔහු සඳහන් කළා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සනා ජමීල් අධිකරණය හමුවේ පැවසුවේ යෝජිත පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සංශෝධන කිහිපයක් සිදුකිරීමට රජය තීරණය කර ඇති බවයි.

එම සංශෝධන අඩංගු ලේඛණයක්ද ඇය අධිකරණයට ඉදිරිපත් කළා.

කෙසේවෙතත්, ජනාධිපති ලේකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා දැනුම් දුන් සංශෝධන සහ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඉදිරිපත් කළ කරුණු අතර අපැහැදිලිතාවක් නිර්මාණය වුණා.

එම අවස්ථාවේ පෙත්සම්කාර ගාමිණි වියන්ගොඩ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ සඳහන් කළේ, මෙම පෙත්සම් විභාගය ආරම්භ වී දින 4 ක් ගතවී ඇති බැවින් යෝජිත සංශෝධන පිළිබඳව පෙත්සම්කරුවන්ට ද අධ්‍යයනය කර කරුණු දැක්වීමට අවස්ථාවක් තිබිය යුතු බවයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා එහිදී ප්‍රකාශ කළේ, යෝජිත සංශෝධන පිළිබඳ අධ්‍යයනය කර ලිඛිත දේශන මාර්ගයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට පාර්ශ්වකරුවන්ට හැකියාව ඇති බවයි.

අනතුරුව පෙත්සම් විභාගය හෙට (23) පෙරවරු 10:00 තෙක් කල් තැබූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කළේ, අදාළ පනත් කෙටුම්පතට ඉදිරිපත් කිරීමට නියමිත සංශෝධන පුළුල් ලෙස අධ්‍යයනය කර හෙට (23) අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසයි.

******************************************

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙටට (23) කල් යයි

(22.04.2021 – 16:05 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට යෝජිත සංශෝධන පිළිබඳ අධ්‍යයනය කර අධිකරණය හමුවේ හෙට (23) කරුණු දක්වන ලෙස පංච (5) පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ඒ, අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද (22) සිව්වැනි (4) දිනටත් පැවැති පෙත්සම් විභාගයේදි.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධ පෙත්සම් විභාගය පැවැති අවස්ථාවේ අතරමැදි පෙත්සම්කරුවෙකු වන ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සඳහන් කළේ, මෙම පනත් කෙටුම්පත සඳහා සංශෝධන කිහිපයක් රජය විසින් දැනටමත් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි.

යෝජිත කොමිසම විසින් නිකුත් කරනු ලබන රෙගුලාසි පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිම වැනි කරුණුද ඒ අතර වන බව ජනාධිපති නීතිඥවරයා සදහන් කළා.

අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල සහ අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පෙන්වා දුන්නේ යෝජිත කොමිසම සදහා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයින් ගෙන් බහුතරය ශ්‍රී ලාංකිකයින් බවයි.

මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ද ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ගොනු කළ අතරමැදි පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ කුෂාන් ද අල්විස් කරුණු දක්වමින් පැවසුවේ කොළඹ වරාය නගර ආර්ථික කලාපය වැනි විශේෂ ආර්ථික කලාප 5000 කට වැඩි ගණනක් ලොවපුරා ක්‍රියාත්මක වන අතර ඒවායේ ආයෝජකයින්ට ආකර්ශනීය බදු සහන ප්‍රදානය කිරීම සාමාන්‍ය තත්ත්වයක් බවයි.

එහෙත් කෙටුම්පතේ වගන්ති සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බහුතර ඡන්දයක් ලබාගැනීම හෝ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ඔහු සඳහන් කළා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සනා ජමීල් අධිකරණය හමුවේ පැවසුවේ යෝජිත පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සංශෝධන කිහිපයක් සිදුකිරීමට රජය තීරණය කර ඇති බවයි.

එම සංශෝධන අඩංගු ලේඛණයක්ද ඇය අධිකරණයට ඉදිරිපත් කළා.

කෙසේවෙතත්, ජනාධිපති ලේකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා දැනුම් දුන් සංශෝධන සහ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඉදිරිපත් කළ කරුණු අතර අපැහැදිලිතාවක් නිර්මාණය වුණා.

එම අවස්ථාවේ පෙත්සම්කාර ගාමිණි වියන්ගොඩ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ සඳහන් කළේ, මෙම පෙත්සම් විභාගය ආරම්භ වී දින 4 ක් ගතවී ඇති බැවින් යෝජිත සංශෝධන පිළිබඳව පෙත්සම්කරුවන්ට ද අධ්‍යයනය කර කරුණු දැක්වීමට අවස්ථාවක් තිබිය යුතු බවයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය එහිදී ප්‍රකාශ කළේ, යෝජිත සංශෝධන පිළිබඳ අධ්‍යයනය කර ලිඛිත දේශන මාර්ගයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට පාර්ශ්වකරුවන්ට හැකියාව ඇති බවයි.

අනතුරුව පෙත්සම් විභාගය හෙට (23) පෙරවරු 10:00 තෙක් කල් තැබූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කළේ, අදාළ පනත් කෙටුම්පතට ඉදිරිපත් කිරීමට නියමිත සංශෝධන පුළුල් ලෙස අධ්‍යයනය කර හෙට (23) අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසයි.

******************************************

(22.04.2021 – 17:18 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වර්ෂයට (2020) අදාළව ඡන්ද හිමි නාම ලේඛනයේ කෙටුම්පත මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ග්‍රාම නිලධාරි කාර්යාලවලටත්, දිස්ත්‍රික් නාම ලේඛනය දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාලවලටත් යොමුකර ඇති බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ.

එමෙන්ම, මේ මස 30 වන දින එම නාම ලේඛනය සහතික කිරීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා ෴

@@@@@@@@@@@@@@@@@@

(22.04.2021 – 10:26 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (21) හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් 578 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් 171 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

එම සංඛ්‍යාවෙන් වැඩිම පිරිසක් හඳුනාගෙන ඇත්තේ ඊයේ (21) රාත්‍රියේ හුදෙකලා කිරීමටයි පියවර ගැනුණු කුරුණෑගල – කුඹුක්ගැටේ පොලිස් බල ප්‍රදේශයට අයත් තිත්තවැල්ගාල ග්‍රාම නිලධාරී වසමෙන්.

සිදුකළ කොරෝනා පරීක්ෂණ 734 කින් ආසාදිතයින් 104 දෙනෙකු එම ගම්මානයෙන් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශයෙන් මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 139 ක් බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේ.

තිත්තවැල්ගාල ප්‍රදේශයේ පවත්වාගෙන ගව මස් අලෙවිසැලක සේවය කළ අයෙකුට පළමු වරට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගියදා හඳුනා ගැනුණා.

පසුව සිදුකළ කොරෝනා පරීක්ෂණවලදී ඔහුගේ ආශ්‍රිතයින් 29 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමෙන් අනතුරුවයි මෙලෙස වැඩි වශයෙන් කොරෝනා පරීක්ෂණ සිදු කෙරුණේ.

අදාළ ගව මස් අලෙවිසැලෙන් මහනුවර, කඩුගන්නාව සහ ගලගෙදර වැනි ප්‍රදේශවලට මස් බෙදාහැරීම් සිදුකර ඇති බවටද අනාවරණ වී තිබෙනවා.

දිවුලපිටියේ රෝගීන් 90 පනී.

දිවුලපිටිය – අස්වැන්නවත්ත ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයෙන් සහ විනෝද චාරිකාවක් ගිය පිරිසකගෙන් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 90 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන පවුල් 26 ක පුද්ගලයින් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර, අද දිනයේදී තවත් පවුල් කිහිපයක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට නියමිත බවයි දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේ.

(22.04.2021 – 16:26 +0530 – hirunews.lk/sinhala)

යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට ඊයේ (21) කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ. කේදීස්වරන් මහතා කියා සිටියේ මීට පෙර යාපනය පොලිසියේ නිලධාරීන් 04 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබූ බවයි.

ඒ අනුව පොලිස් ස්ථානයේ සෙසු නිලධාරීන් මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇති බවද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, කොළඹ මහ නගර සභා සීමාව තුළ ඊයේ (21) සිදුකළ කොරෝනා පරීක්ෂණවලින් ආසාදිතයින් පස් දෙනෙකු (5) පමණක් හඳුනාගත් බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදීනි වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය ප්‍රකාශ කළා.

මාර්තු මාසයෙන් පසු මෙරට වැඩිම කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ (21) සිදුකර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඊයේ (21) කොරෝනා පරීක්ෂණ 15,357 ක් සිදුකළ බවයි.

කොරෝනා ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වීමත් සමඟ මෙලෙස වැඩි වශයෙන් කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

එමෙන්ම, මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් නිරෝධායනය සඳහා වැඩි පහසුකම්වලින් යුත් තරු පන්තියේ හෝටල් 07 ක් වෙන්කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඒ අනුව 500 ත්, 600 ත් අතර සංඛ්‍යාවක් එම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ හැකි බවයි එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++++

(22.04.2021 – 10:51 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන 27 වනදා අඟහරුවාදා සියළු විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද දැනට පවතින කොරෝනා ව්‍යාප්තිය පිළිබදව සලකා එය තවත් සති දෙකකින් (2) කල් තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත අද (22) පෙරවරුවේ මෙම තීරණයට එළඹි බවයි ෴

++++++++++++++++++++

(22.04.2021 – 16:07 +0530 – hirunews.lk/sinhala)

තවත් ආසාදිතයින් 216 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 93,884 දක්වා ඉහල ගියා.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ආසාදිතයින් 3536 දෙනකු ප්‍රතිකාර ලබන අතර, මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව දැක්වෙන්නේ 98,050 ක් ලෙසයි ෴

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 520 ක් වාර්තාවී තිබෙනවා ෴

++++++++++++++++++++

(22.04.2021 – 17:16 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දන වැඩපිළිවෙල සඳහා දකුණු කොරියානු රජයේ සහය ලබා ගැනීමට අදාළව අද (22) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ මෙරට දකුණු කොරියානු තානාපතිවරයා සහ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතරයි.

දකුණු කොරියාවේ කොරෝනා මර්දන වැඩපිළිවෙල සඳහා උපයෝගි කර ගන්නා ක්‍රමවේදයන් පිළිබඳව තානාපතිවරයා විසින් එහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුවත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *