පිහිටක් අවැසි පුංචි දියණිය ‘හෂිනි’

පිහිටක් අවැසි පුංචි දියණිය ‘හෂිනි’

*********************************************

පිහිටක් අවැසි පුංචි දියණිය ‘හෂිනි’

(22.03.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

ශරීරයේ අස්ථි සහ මාංශ ක්ෂයවීමේ රෝගයකින් පෙළෙන දියණියක් පිළිබඳව පිළිමතාලව රණවන ජනපදයෙන් වාර්තා වනවා.

මේ විමසා බැලීම දිවි රැක ගැනීමට වෙර දරණ එම පුංචි දියණිය පිළිබඳවයි.

******************************************

(22.03.2021 – 13:35 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍ය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් අද (22) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වුණා.

1933 වසරේ ගම්පහ – කොටුගොඩ ගම්මානයේ උපත ලැබූ ධම්මාවාස හිමියන් අපවත්වන විට 88 වන වියේ පසුවුණා.

තුන්කල් දකින ඉසිවර නුවණකින් හෙබි සුවහසක් වූ බෞද්ධයන්ගේ ගෞරව බහුමානයට පත්වූ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාස හිමියන් මෙරට ශාසනික ප්‍රබෝධය වෙනුවෙන් මෙන්ම අමරපුර මහ නිකායේ අභිවෘද්ධිය වෙනුවෙන්ද සුවිශාල මෙහෙවරක් ඉටුකරනු ලැබුවා.

අග්‍රගණ්‍ය ධර්ම කථික හිමිනමක් ලෙස මෙන්ම ලේඛණයෙන්ද උන්වහන්සේ කළ මෙහෙය අතිමහත්.

2019 වසරේ මාර්තු 20 වනදා උන්වහන්සේ ‘හිරු ටී.වී’ ඔස්සේ විකාශය වූ කසාවත වැඩසටහනටද එක්වූ අතර, එහිදී උන්වහන්සේ තමන් පැවිදි දිවියට ප්‍රවේශ වූ ආකාරය සිහිපත් කළා.

උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීම සම්බන්දයෙන් සාකච්ජා කිරිමට අද (22) පස්වරුවේ ආදාහන කමිටුව රැස්වු අතර එහිදි තීරණය වුයේ දේහය පිළිබඳ අවසන් කටයුතු පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 25 වනදා නිදහස් චතුරස්‍රයේදි සිදු කිරීමටයි.

******************************************

(22.03.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)

ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් අද පැවැත්වෙන ඡන්ද විමසීමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලෝක මුස්ලිම් නායකයන් සමඟ දුරකථනය ඔස්සේ සාකච්ඡා කර තිබෙනවා.

ඒ යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වෙන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාවට සහය ලබාගැනීම පිළිබඳවයි.

ජනාධිපතිවරයා සහ ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම්වරයා අතර සාකච්ඡාවක් පවත්වා ඇති අතර, අග්‍රාමාත්‍යවරයා බහරේන් විදේශ අමාත්‍යවරයා සමඟ රාජතාන්ත්‍රික සාකච්ඡා පවත්වා තිබෙනවා.

මේ අතර ජිනීවා ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සහය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළා.

ඒ, ඡන්ද විමසීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට ප්‍රතිචාර ලෙසින්.

එසේ වුවද ඉන්දීය රජය ශ්‍රී ලංකාවට සහයෝගය පළ කිරීම සඳහා ඉදිරිපත් වුවහොත් ඊට දැඩි ලෙස විරුද්ධවන බව තමිල්නාඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ඩී.එම්.කේ. හෙවත් ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම් පක්ෂය සඳහන් කර තිබෙනවා.

එම පක්ෂයේ සභාපති එම්.කේ. ස්ටාලින් සඳහන් කර ඇත්තේ අදාළ ඡන්ද විමසීමේදී නරේන්ද්‍ර මෝදිගේ රජය අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කරනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත් මානව හිමිකම් කොමිසමේ හිටපු සාමාජිකයෙකු වන මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා සඳහන් කළේ දැනට පවතින තත්වය අනුව, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවේදී නිහඬව සිටීමේ තත්වයක් පවතින බවයි.

ශ්‍රී ලංකාවේ වගවීම, සංහිඳියාව සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම යන තේමාවෙන් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ මලාවි රාජ්‍යයන් විසින්.

******************************************

(22.03.2021 – 13:51 +0530 – hirunews.lk/sinhala)

පරිසර විනාශයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර පැතිරෙමින් තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ කතරගම දී ඇරඹුණු සුරැකිමු ගංඟා වැඩසටහනේ සමාරම්භයට එක්වෙමින්.

******************************************

ප්‍රදේශ කිහිපයකට හෙට (23) පැය 06 ක ජල කප්පාදුවක්

(22.03.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට (23) පෙරවරු 9 සිට පැය හයක (6) කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක යන ප්‍රදේශවලටත්, සීදූව නගර සභා බල ප්‍රදේශයටත් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

එසේම කැළණිය, බියගම, මහර, දොම්පේ සහ ජාඇළ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටද ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටද හෙට (23) පෙරවරු 9 සිට පැය හයක (6) කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴

******************************************

(22.03.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

ගොවිතැන් කටයුතුවලට අවශ්‍ය ජලය එක්රැස් කර ගැනීමට නොහැකිවීම සහ මාර්ග පහසුකම් නොමැති වීම හේතුවෙන් මෙරට ග්‍රාමීය ජනතාව මුහුණදෙන අපහසුතා සුළුපටු නැහැ.

අද (22) ‘රතු මිනිත්තුවේ’ අනාවරණය බකමූණ – කුමාරඇල්ල ගම්මානයේ ජනතාව මුහුණදෙන එවැනි දුෂ්කරතාවක් පිළිබඳවයි.

******************************************

(22.03.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටස ඉදිකිරීම සඳහා දේශීය සමාගමකට ඊට අදාළ කොන්ත්‍රාත්තුව අද (22) ප්‍රදානය කර තිබෙනවා.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ කැබිනට් අනුමැතියෙන්, අඩුම ලන්සුව ඉදිරිපත් කළ දේශීය සමාගමකට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමූ බවයි.

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටස කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන අතර, එය කිලෝමීටර 24.3 කින් සමන්විතයි ෴

******************************************

(22.03.2021 – 14:30 +0530 – hirunews.lk/sinhala)

මෙරට ක්‍රියාත්මක විදුලි මාෆියාව හේතුවෙන් සපුගස්කන්ද බලාගාරයේ සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 25 ඉක්මවන බව විදුලිබල පොදු සේවා සංගමය චෝදනා කරනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේ විදුලි මාෆියාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙසයි.

******************************************

(22.03.2021 – 14:35 +0530 – hirunews.lk/sinhala)

පස්සර – මොණරාගල මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පස්සර – බදුල්ල මාර්ගයේ බස් රථයක් අනතුරට ලක්ව පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ ස්ථානයට කිලෝමීටර 05 ක් පමණ ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනෙකු (2) පස්සර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මොණරාගල දෙස සිට පස්සර දෙසට පැමිණි ලොරි රථයක ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

******************************************

(22.03.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල කතාබහට ලක්වන පරිසර විනාශයන් සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙන්ම මහා සංඝරත්නයද විවිධ අදහස් පළ කළා.

******************************************

(22.03.2021 – 15:24 +0530 – hirunews.lk/sinhala)

කෙසෙල් ගෙඩියක මිල වැඩි බව පවසමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පාරිභෝගිකයෙකු හෝටලයක සේවකයෙකුට පහර දී ඝාතනය කිරීමේ පුවතක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වනවා. කුරුණෑගල නගරයේ පැරකුම්බා වීදියේ වෙළදසැලක සේවකයෙක් මෙලෙස පහරදීමෙන් මිය ගොස් ඇති බව සඳහන්.

පසුගිය 20 වන දා පහරදීමට අදාළ පුද්ගලයා වෙළදසැලට පැමිණ කෙසෙල් ගෙඩියක් මිලදී ගෙන තිබෙනවා.

එහිදී වෙළදසැලේ හිමිකරු ඔහුට දැනුම් දී ඇත්තේ කෙසෙල් ගෙඩිය රුපියල් 30 ක් වන බවයි.

එම මිල ප්‍රකාශ කිරීමත් සමඟ අදාළ පාරිභෝගිකයා උරණ වී වෙළදසැල් හිමියාට සහ සේවකයාට පහර දී තිබෙනවා.

එහිදී බෝතලයක් කඩා පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණු අදාළ සේවකයා ජීවිතක්ෂයට පත්වුණා.

******************************************

(22.03.2021 – 16:28 +0530 – hirunews.lk/sinhala)

විශේෂ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දන්වා තිබු, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරාත්න හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පැය පහක (5) ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මීට සුළු වෙලාවකට පෙර එම ස්ථානයෙන් නික්ම ගියා.

පසුගියදා පැහැර ගැනීමට ලක්වූ බව පැවසෙන මාධ්‍යවේදී සුජීව ගමගේ චතුර සේනාරත්නගේ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න හමුවීම සම්බන්ධයෙන් කරුණු වීමසීම සඳහායි ඔවුන් දෙදෙනාට මෙලස කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුනේ.

කෙසේ වෙතත්, පසුගිය සිකුරාදා දින ඔවුන් කොළඹ අපරාධ කොට්ඨාසයට නොපැමිණෙන බවත් අද (22) දිනයේ තමා ඒ වෙනුවෙන් පැමිණෙන බවත් රාජිත සේනාරත්න විසින් දන්වා තිබුණා.

******************************************

(22.03.2021 – 16:47 +0530 – hirunews.lk/sinhala)

උතුරු කොළඹ ශික්ෂණ රෝහල හෙවත් රාගම රෝහල මෙරට පළමු සුපවිත්‍ර රෝහල ලෙස නම් කර තිබෙනවා.

ඊට අදාළ උත්සවය හෙට (23) පෙරවරුවේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය එස්.පී.ඒ. ලියනගේ රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් පරිශ්‍රයේදී පැවැත්වෙනු ඇති.

සුපවිත්‍ර නැතහොත් සීරෝ වේස්ට් හෙවත් අපද්‍රව්‍යවලින් තොර සංකල්පය මෙරට රෝහල් තුළට අලුතෙන්ම හදුන්වා දී ඇති සංකල්පයයි.

කසල නිපදවීම අවම කිරීම හා ඒවා නිසියාකාරව පරිසරයට සේවාදායකයාට හා සේවාලාභියාට හානියක් නොවන අයුරින් සුරක්ෂිතව බැහැර කරලීම මෙමගින් සිදුකෙරෙනු ඇති ෴

@@@@@@@@@@@@@@

(22.03.2021 – 15:15 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මස්කෙලිය ශ්‍රී ෂන්මුගනාදන් කෝවිල සහ වෙළදසැල් 4 ක් වසා තැබීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් අතර කෝවිලේ ප්‍රධාන පූජකවරයා ද සිටින බවයි මස්කෙලිය මහජන සෞඛ්‍ය කාර්යාලය සඳහන් කළේ.

එම ආසාදිතයින් 11 දෙනාගේ ආශ්‍රිතයන් 120 දෙනෙකු ද මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා ෴

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 299 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 87,058 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *