අසාද් සාලි අත්අඩංගුවට

අසාද් සාලි අත්අඩංගුවට

*********************************************

අසාද් සාලි අත්අඩංගුවට

(16.03.2021 – 18:46 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නීතිපතිවරයාගේ උපදෙස් මතයි.

මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් අසාද් සාලි පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ අතර, ඒ පිළිබඳ පාර්ශව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

අත්අඩංගුවට ගත් බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ රඳවාගෙන ප්‍රශ්න කෙරේන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා වැඩි දුරටත් පවසනවා ෴

(17.03.2021 – 06:55 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අසාද් සාලිගේ මෝටර් රථයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ අසාද් සාලි අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහුගේ මෝටර් රථයේ තිබී මෙම ගිනි අවිය සොයාගෙන ඇති බවයි.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඔහු මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකෙරෙනවා.

මුස්ලිම් නීතිය සම්බන්ධයෙ ඔහු විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙනුයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ෴

(17.03.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ගෙන් මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා.

කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඊයේ (16) මොහු අත්අඩංගුවට ගැනුනේ නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මතයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මොහු ගමන් කරමින් තිබූ මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ සොයා ගත් බවයි.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ ප්‍රතිපාදන අනුව අසාද් සාලි ගෙන් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණ අවසර ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා ෴

++++++++++++++

++++++++++++++

++++++++++++++

15-03-2021

******************************************

(16.03.2021 – 18:15 +0530 – hirunews.lk/sinhala)

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රංජන් රාමනායක විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් අද (16) අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළා.

මෙම පෙත්සම අද (16) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූවා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා විසින් මෙම මූලික විරෝධතා මතු කර සිටියා.

අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළේ පෙත්සම්කාර රන්ජන් රාමනායක ඉල්ලා සිටින සහනය රිට් ආඥාවක් මගින් ප්‍රදානය කිරීමට අධිකරණයට හැකියාව නොමැති බවයි.

මෙම පෙත්සම තුළින් අභියෝගයට ලක් කරනූ ලබන කරුණ රිට් අධිකරණ බලය උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නොහැකි බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය නීතිමය ප්‍රතිපාදන වලට පටහැනි අයුරින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති හෙයින් එය නිෂ්ප්‍රභ කරන ලෙස වග උත්තරකරුවන් වෙනුවෙන් මූලික විරෝධතා මතු කරන බවද සඳහන් කළා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වූ අයෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ද තීන්දු කර ඇති බවයි අතිරේක සොලිස්ටර් ජනරාල්වරිය සඳහන් කළේ

අනතුරුව රන්ජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී වසර 04 ක් සිර දඬුවම් නියම වීමෙන් පසුව තම සේවාදායකයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීය නොහැකි බවට මතයක් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත දන්වා යැවූ බව පැවසුවා.

නීතිපතිවරයාගේ මෙම මතය නීතියට පටහැනි යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා තම සේවාදායකයා වරදකරු කර දඩූවම් නියම කළ පමණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට පත් නොවන බව පෙන්වා දුන්නා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ අධිකරණයට අපහාස කිරීමේ වරද අපරාධමය වරදක් යටතට ගැනෙන දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස අර්ථ කථනය කර නොමැති බව ද මෙහිදී ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

ඉන් අනතුරුව වගඋත්තරකාර පාර්ශ්වයේ වැඩිදුර දේශන ඉදිරිපත් කිරීම මේ මස 18 වන දා තෙක් කල් තැබුණා.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඉදිරි පියවරක් නොගන්නා ලෙස දන්වමින් අධිකරණය විසින් දැනටමත් නිකුත් කර තිබෙන නියෝගය ඊළඟ නඩු දිනය දක්වා දීර්ඝ කළ බව ද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළා ෴

******************************************

(16.03.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala)

සීනි බදු වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිදුකරන දේව කන්නලව්වක් සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (16) සීනිගම දෙවොල් දේවාලයට පැමිණියා.

කෙසේ වෙතත් බෝට්ටුව සැඟවීම හේතුවෙන් ඔවුන්ට දියඹේ දේවාලයට යෑමට හැකිවූයේ නැහැ.

පසුව මෙගොඩ දේවාලයට ගොස් ඔවුන් එම කටයුතු සිදුකළා.

******************************************

සිංහරාජය නිසා පරිසර අධිකාරිය සහ පරිසරවේදීන් ගැටේ

(16.03.2021 – 19:54 +0530 – hirunews.lk/sinhala)

ලෝක උරුම සිංහරාජ වනාන්තර මායිමට පිටින් පිහිටා ඇති දැනට වන විනාශයට සිදුවන ඉඩම් ද කඩිනමින් පවරා ගන්නා බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව මේ බව කියා සිටියේ සිංහරාජ රක්ෂිත මායිමේ මේ දිනවල සිදුවන කැලෑ එලිකිරීමේ සිද්ධිය පිළිබද හිරු ප්‍රවෘත්ති අංශය සිදුකල විමසිමකදීයි.

සිංහරාජ වනාන්තරයේ ගස් කැපූ හතර දෙනෙකු (4) පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබු අතර ඔවුන් මේවන විට වැඩිදුර විමර්ශණ සදහා වනසංරක්ෂණ නිලධාරින් වෙත භාර දී තිබෙනවා.

ජාතික පාරිසරික පනතට අනුව හෙක්ටයාරකට වැඩි වනාන්තර භූමියක් එලිපෙහෙලි කර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදි පාරසරික බලපෑම් තක්සේරු ක්‍රියාවලියකට යටත්ව පූර්ණ ලිඛිත අනුමැතිය ලබාගත යුතුයි.

කෙසේ වෙතත් සිංහරාජ මායිමේ මතභේදයට තුඩුදී ඇති ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා එවැනි අනුමැතියක් ලබාගෙන නොමැති බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.

ආර්ටිකල්-14 තුලින් ද සංවාදයට ලක් කෙරුණේ මේ පිළිබඳවයි.

පරිසරවේදී නයනක රංවැල්ල මහතා සමගින් එහිදී සංවාදයට එක්වුණේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතායි.

මේ අතර අද (16) වන සංරක්ෂක ජනරාල්වරයා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් නකල්ස් රක්ෂිතයේ පිටවල – පතන ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් සොයාබැලීමට එහි ගොස් තිබුණා.

ඉන් අනතුරුව සිංහරාජ මායිමේ පිහිටා ඇති පෞද්ගලික ඉඩමක ඉදි කෙරෙන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත එදිරිසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින් කියා සිටියේ වනාන්තර මායිමෙන් පරිබාහිර පෞද්ගලික සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්වල මෙලෙස වන විනාශයක් සිදුවන බවයි.

එම ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

******************************************

(16.03.2021 – 23:39 +0530 – hirunews.lk/sinhala)

ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ මායිම් ආශ්‍රිත ප්‍රදේශ එළිපෙහළි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට පරිසරවේදීන් චෝදනා කරනවා.

මේ අතරල සිංහරාජ මායිමේ පිහිටා ඇති පෞද්ගලික ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර සිංහරාජයේ වන විනාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

******************************************

(16.03.2021 – 19:59 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමූහයට ලබාදීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව වරාය අධිකාරියේ වෘත්තිය සමිති පවසනවා.

කෙසේ වෙතත් කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා එක්වන බව ඉන්දියාවේ අදානි සමූහය නිළ වශයෙන් මේ වනවිට නිවේදනය කර අවසන්.

ඒ අනුව බටහිර බහලුම් පර්යන්තයේ සියයට 51 ක කොටස් තමන් හිමි කර ගන්නා බවත්, ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සහ වරාය අධිකාරිය සමඟ එක්ව එය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් අදානි සමූහය ප්‍රකාශ කර තිබුණා.

අදානි සමූහය වෙත බටහිර පර්යන්තයේ සියයට 51 ක කොටස් හිමි වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාද අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පිළිගත්තා.

******************************************

(16.03.2021 – 23:34 +0530 – hirunews.lk/sinhala)

පොදු දේපළ සාංඝික බැවින් ඒවා පෞද්ගලිකව පරිහරණය කළ නොහැකි බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසනවා.

කොළඹ අද (16) පැවති උත්සවයකදී උන්වහන්සේ මේ බව සඳහන් කළා.

‘බුද්ධ’ නම් පරිවර්තන කෘතිය ජනගත කිරීම කොළඹ මහජන පුස්තකාලයේදී සිදුකෙරුණු අතර එම අවස්ථාවට මහාසංඝරත්නය සහ දේශපාලනඥයින් කිහිප දෙනෙක් එක්ව සිටියා.

******************************************

(16.03.2021 – 23:52 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරියේදී පැවැත්වීමට නියමිත වැඩවර්ජනයට තමන් සහය ලබා නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසනවා.

මේ අතර, අද (16) දිනයේත් ඉල්ලීම් මුල්කර ගනිමින් විරෝධතා පැවැත්වුණා.

දිවයින පුරා සමස්ත ලංකා ඩෙංගු මර්දන සහයකවරුන් 1169 දෙනෙකු සේවය කරන අතර ඔවුන් එම සේවය සඳහා බඳවා ගෙන ඇත්තේ මීට වසර 4 කට පෙරයි.

කෙසේවෙතත්, මෙතෙක් තම සේවය ස්ථිර කර නොමැති බව පවසමින් ඔවුන් ඊයේ (15) පස්වරුවේ කොළඹදී උද්ඝෝෂණයක නිරත වුණා.

ගැටලුවට විසඳුමක් නොමැතිවීම හේතුවෙන් ඊයේ (15) රාත්‍රියේද ඔවුන් එම ස්ථානයේ රැඳි සිටියා.

අනතුරුව අද (16) පෙරවරුවේ ඔවුන් යළිත් උද්ඝෝෂණය ආරම්භ කළා.

පසුව උද්ඝෝෂකයින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සහ කළ අතර පොලිසිය එය වැළැක්විමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

අනතුරුව ඔවුන් නැවතත් උද්ඝෝෂණ මධ්‍යස්ථානයේ විරෝධතාවයේ නියැලුනු අතර ම ස්ථානයට පැමිණි උසස් නිලධාරියෙක් ගැටලුව පිළිබඳව බලධාරීන් සමඟ සාකච්ජාවක් ලබාදීමට පොරොන්දුවීමත් සමඟ පිරිස විසිර ගියා.

මේ අතර ගාල්ල උණවටුණ රූමස්සල මාර්ගය කඩිනමින් ඉදිකර දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසින් අද (16) ගාල්ල – මාතර මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතවුණා.

ඔවුන් පවසන්නේ පරිසර සංවිධානවල බලපැම මත මෙම මාර්ගය ඉදිකිරිම කල්යන බවයි.

******************************************

(17.03.2021 – 06:53 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 2 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 2 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජගිරිය ප්‍රදේශයෙන් ෴

රුපියල් කෝටි 2 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 2 කට වැඩි ප්‍රමාණයක් සමඟ අවුරුදු 40 ක් වයසැති පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැනට ඉන්දියාවට පළා ගොස් සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මෙම හෙරොයින් තොගය අයත් බවටයි අනාවරණ වී ඇත්තේ.

බන්ධනාගාරගතව සිටින ‘බත්තරමුල්ලේ සමිත’ නැමති තැනැත්තා විසින් මෙරට දී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර ඔහුගේ ගෝලයෙකු ඊයේ (16) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(17.03.2021 – 07:57 +0530 – hirunews.lk/sinhala)

මුදල් විශුද්ධිකරණ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ ස්වර්ණමහල් පෞද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ අද (17) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16) මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිපතිවරයාගේ උපදෙස් මතයි.

ඊ.ටි.අයි ආයතනය පවත්වාගෙන යමින් යම් යම් පුද්ගලයන්ගේ මුදල් සාපරාධි ලෙස පරිහණය කිරීම, මුදල් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කිරීම සහ මුදල් විශූද්ධිකරණය වැලැක්වීමේ පණත යටතේ මොවුන්ට චෝදනා එල්ල වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

මීට පෙර රුපියල් බිලියන 13.7 ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා මත ඊ.ටී.අයි සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධක්ෂ මණ්ඩලය ජනවාරි මස 05 වනදා අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරුණා ෴

@@@@@@@@@@@@@@@@

(16.03.2021 – 20:42 +0530 – hirunews.lk/sinhala)

අද (16) දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 154 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 02 ක් අද (16) වාර්තාවී තිබෙනවා. මෙම මරණ 02 ත් සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 534 දක්වා ඉහළ ගියා ෴

අද (16) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 120 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *