අපි මෙය ලේසියෙන් අතහරින්නේ නැහැ – බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

අපි මෙය ලේසියෙන් අතහරින්නේ නැහැ – බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

*********************************************

අපි මෙය ලේසියෙන් අතහරින්නේ නැහැ – බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

(24.02.2021 – divaina.com)

“ඔය කාට කාටත් වඩා ඉස්ලාම් අන්තවාදය ගැන අපි දන්නවා. අපිත් මෙය ලේසියෙන් අතහරින්නේ නැහැ. කාදිනල්තුමා, රදගුරුතුමන්ලා මේ ගැන වැඩිය කලබල විය යුතු නැහැ. මේ ප‍්‍රශ්නය වෙන මානයකට ගෙනයායුතුත් නැහැ. මේ ප‍්‍රශ්නයට හරියටම උත්තර දෙන්න පුළුවන් මිනිහෙක් තවම පුටුවේ ඉන්නවා” යැයි බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අවධාරණය කර සිටියහ.

බොදුබලසේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (23 වැනිදා) එම අදහස් පළකළේ රාජගිරිය ශී‍්‍ර සද්ධර්මරාජික විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ජාතික සංවිධාන තුනක් (3) ඒකාබද්ධව මෙම මාධ්‍ය හමුව කැඳවා තිබූ අතර ඒ සඳහා බොදුබලසේනා සංවිධානය, සිංහල රාවය, නව සිංහල රාවය සංවිධානය එක්ව සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේද කීහ :

“අද පාස්කු කොමිසමෙන් සාධාරණය ඉල්ලා සිටින කාදිනල්තුමන්ලා පාස්කු ප‍්‍රහාරයට පෙරත් ඉස්ලාම් අන්තවාදය ගැන කතාකළා නම් මේ ප‍්‍රශ්න එකක්වත් නැහැ. එදා අපි මේ ගැන කියද්දි උන්නාන්සේලා කතා කළේ ජාතික සමගිය, සහජීවනය ගැනයි. කවුරු කවුරුත් ඇඟිල්ල දිගු කළේ අපිටයි.

බයිබලයේ දිගුවක් තමයි කුරානය කියන්නේ. නිර්මාණවාදය කියන්නේ එකම කාසියේ දෙපැත්තයි. බෞද්ධයන් මෙය තේරුම්ගත යුතුයි. අපේ නායකයොත් මෙය තේරුම්ගත යුතුයි. කාදිනල්තුමා මීගමුවේ පල්ලියකට පසුගියදා ගොස් සඳහන් කළේ එකම දෙවියෝ තමයි අප අදහන්නේ කියලා. උළමා සභාවේ රිස්විමුත්තු කියන්නෙත් මේකමයි. අපේ මෝඩ තකතීරු බෞද්ධ නායකයෝ හරි තැනින් අල්ලනොගෙන නිකන් දඟලනවා. මෙය විසඳිය යුත්තේ හේතුඵල න්‍යායෙන්.

ඒ නිසා මම කරුණාවෙන් එක දෙයක් කාටකාටත් මතක් කරන්න කැමැතියි. කාදිනල්ලා මිනිසුන් පාරට බස්සනවා වගේ නෙමෙයි අපි මිනිස්සු පාරට බස්සන්න ගත්තොත් ඒක නතර කරන්න කාටවත් බැරිවේවි. පළමුව මෙම ප‍්‍රශ්නය තේරුම්ගත යුතුයි.

මේ කොමිෂන් වාර්තාව ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලැබී තිබෙනවා. මෙය ඔහු පත් කළ කොමිසමක් නොවෙයි. එහිදී යම් ගැටලුකාරී තත්ත්වයකදී කොමිසමේ සභාපතිවරයාට මම කිව්වේ ආගමික ප‍්‍රශ්නයකට දේශපාලන උත්තර හොයන්න එපා කියලයි. එය එසේ කිව්වේ ඔය අන්තවාදීන්ට නායකයෝ නැති නිසයි. ඔවුන්ගේ එකම නායකයා දෙවියොයි.

ජමාතේ ඉස්ලාම් එක තැනක සඳහන් වෙන්නේ ‘ජිහාදය යම් දවසක කි‍්‍රයාත්මක කරන්න ඒ සමස්ත මුස්ලිම්වරු වෙනුවෙන් එක්කෙනෙක් දෙන්නෙක් සෑහේ’ කියලයි. අපි මේ මූලය බැලුවා. හේතුව නොසොයා දැන් බයිලා කියලා වැඩක් නැහැ.

සේරටම කලින් ඔය වාර්තාව දිය යුත්තේ අපිටයි. අපි තමයි පළමුව යථාර්ථය දැක්කේ. සම්ප‍්‍රදායික මුස්ලිම් මිනිසුන් දවස් ගණන් නිදි වර්ජිතව සිටිමින් වහාබ් අන්තවාදය ඔවුන්ව ගිල ගනිමින් සිටින බව අපට අනාවරණය කළා. අපි ඔවුන්ගෙන් මුල මැද අග විමසා සාක්‍ෂි ඇතිව සියල්ල තහවුරු කර ගත්තා. ජනතාව කියන්න කලින් අපි අපේ නායකයන්ට වැදගත් විදිහට කිව්වා. හලාල් එනකොට අපි කිව්වේ එය මේ රට බෙදුම්වාදයට ගෙන යන පළමු කවුළුව කියලයි. නමුත් එදා අපිට අපේ මිනිසුන් එරෙහි වුණා. එදා කාදිනල්ලාත් නිහඬයි. හරිනම්, මේ කොමිසමේ වාර්තාව අපටයි පළමුව ලබාදිය යුත්තේ.

මේ සෑම ප‍්‍රශ්නයකදීම පළමු ප‍්‍රහාරය ආවේ අන්තවාදී මුස්ලිම් සමාජයෙන්. අපි සිදුකර ඇත්තේ සුද්ධ වගකීමක්. එය කළේ බෞද්ධයෝ ගැන සිතා නොවෙයි. සිංහලයෝ ගැන සිතලා නෙමෙයි. එය කළේ මනුෂ්‍යයෝ ගැන හිතලයි.

මේ කොමිසමේ නිර්දේශ ගැන අප ඉතා අවදියෙන් ඉන්නවා. දේශපාලන නායකයන්ට පමණක් අප බැණලා වැඩක් නැහැ. අනෙකුත් ආගමික නායකයන් ද මේ තත්ත්වයන්ට වගකිව යුතුයි. අපි සියලු ආගමික නායකයන් එක තැනකට ඇවිත් මේ ගැන කතා කළ යුතුයි. නිකන් නරි නාටක නොනටා හරි තැන සිට වැඩේ කළ යුතුයි.

‘එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය පරාජය කරද්දි කතෝලික පල්ලිය හිටියේ කොහේද’ යන්න අමතක කරන්න එපා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා ගැන අපට විශ්වාසයක් තිබෙනවා. ඔහුට වැඩ කරන්න කාලයක් දෙන්න. ජාතික සංවිධාන බිහිකළේ එක්දහස් නවසිය අනූවෙන් (1990) පසුවයි. නමුත් අන්තිමට අප වැරදිකාරයෝ කර ඇති බව සඳහන් වෙනවා.

මෙය බරපතළ ප‍්‍රශ්නයක්. සැබෑ වරදකාරයෝ නිදැල්ලේ සිටින්නේ. ජාතියට කරදරයක් වූ පසු ඒ වෙනුවෙන් පෙනී සිටීම භික්‍ෂුවගේ කාර්යභාරයයි. ඒ වෙනුවෙන් තමයි උන්වහන්සේලා පෙනී සිටියේ. එසේ පෙනී සිටි උන්වහන්සේලා වරදකරුවන් කරනවානම් එය බරපතළ වරදක්.

මෙහිදී අදහස් දැක්වූ ‘නව සිංහල රාවය’ සංවිධානයේ සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ මෙසේ කීහ :

පාස්කු කොමිෂන් වාර්තාවේ විකෘතියක් තිබෙන බව සඳහන් වෙනවා. මේ විකෘතිය තුළ මේ රටේ ජාතික සංවිධානත් එම සංවිධානවල නායකයොත් දඩයම් කිරීමේ උත්සාහයක් දඩබල්ලන් තුළ තිබෙනවා නම් එය වහා අකුළාගත යුතුයි. එම උත්සාහය අප පරාජය කළ යුතුයි. මෙම වාර්තාවේ අවසන් වාර්තාව සකසද්දි අනෙක් සාමාජිකයන් එහි සිටියද, එය ජනාධිපතිවරයාට භාරදීමට මත්තෙන් සාමාජිකයන් සියලුදෙනා එය විශ්ලේෂණය කළාද, සාකච්ඡා කළා ද යන්න කොමිසම රටට කිව යුතුයි.

සමාජයේ ඇති සැකය දුරු කිරීම සඳහා නිසි කි‍්‍රයාමාර්ග කොමිසම ගත යුතුයි. මෙහි විකෘතියක් වී ඇත්නම් එය කළේ කවුද යන්න රට දැනගත යුතුයි.

මෙහිදී අදහස් දැක්වූ ‘සිංහල රාවය’ සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියෝද මෙසේ කීහ :

“පාස්කු කොමිසමෙන් රටට සහ වින්දිතයන්ට සාධාරණයක් වේවි යැයි අපි බලාපොරොත්තු වුණා. නමුත් සිදුව ඇත්තේ ‘යන්නේ කොහේද මල්ලේ පොල්’ වගේ වැඩක්. අපට ලැබී ඇති තොරතුරු අනුව දැනගන්න ඇත්තේ මෙරට ජාතික සංවිධාන මේ තුළින් දඩයම් කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඇත්තටම ජාතික සංවිධාන බිහිවූයේ අන්තවාදීන් විසින් එක්දහස් නවසිය අසූ ගණන්වල සිට මෙරට ආගමික සිද්ධස්ථාන විනාශ කරමින් අන්තවාදය වපුරමින් කටයුතු කළ නිසයි.”

සිරිමන්ත රත්නසේකර

***************************************

ඇමති අලි සබ්රිට දොලවත්තගේ විරෝධය! කතානායකට ලිපියකින් දන්වයි

(24.01.2021 – am.lk)

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ඉල්ලා සිටි.

බෞද්ධ විහාරගම් හා දේවාලගම් පනත සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා පුද්ගලික සිදුකළ ප්‍රකාශය මෙසේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි මන්ත‍්‍රීවරයා විසින් කතානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

එම ලිපිය මෙසේය :

ගරු කථානායකතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර,
කෝට්ටේ.

2021-02-23

ගරු අධිකරණ අමාත්‍ය මොහොම්ඩ් අලි ශබ්‍රී මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කල බෞද්ධ විහාරගම් සහ දේවාල පනත පුද්ගලික නීතියක් බව ප්‍රකාශ කිරීම හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කරනු ලබන ඉල්ලීමයි.

2021 පෙබරවාරි මස 12 වන දින අධිකරණ අමාත්‍ය මොහොම්ඩ් අලි ශබ්‍රී මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ සිදු කරමින් සඳහන් කල බෞද්ධ විහාරගම් හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව සඳහන් කර ඇත.

පුද්ගල නීතියක් යනු යම් ජන කොට්ඨාසයකට අයත් ජනතාවට පමණක් පොදු වූ සාධක සලකා එම ජන කොට්ඨාසයට පමණක් අදාල වන සේ පනවන ලද නීතියකි. නීති විද්‍යාලයේ හා විශ්ව විද්‍යාලයේ නීති සිසුන් සඳහා නිර්දේශිත ග්‍රන්ථයක් වන මහාචාර්ය එල්. ජේ. එම්. කුරේ මහතාගේ ශ්‍රී ලංකාවේ නීති ක්‍රමයට හැදින්වීමක් (AN INTRODUCTION TO THE LEGAL SYSTEM OF SRI LANKA) යන ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට පුද්ගල නීතිය, යන්නට ඇතුලත් වන්නේ උඩරට නීතිය, තේසවලාමේ නීතිය හා මුස්ලිම් නීතිය පමණි. ඉන් උඩරට නීතිය හා තේසවලාමේ නීතිය ප්‍රාදේශීය නීතී වශයෙන්ද සැලකෙනු ලැබේ. එබැවින් වචනාර්ථයෙන්ම පුද්ගල නීතියක් ලෙස හදුන්වා දිය හැක්කේ මුස්ලිම් නීතිය පමණක් බව එම ග්‍රන්ථයේ පවා පැහැදිලිව දක්වා ඇත. එසේ වුවත් එක රටක් එක නීතියක් උදෙසා මෙම ප්‍රාදේශීය නීතී සහ පුද්ගල නීතී තුනම එක් නීතී පද්ධතියක් ‍යටතට ගෙන ආ යුතුය.

ගරු අධිකරණ අමාත්‍ය මොහොම්ඩ් අලි ශබ්‍රී මහතා විසින් පුද්ගලික නීති ලෙස ප්‍රකාශ කල බෞද්ධ විහාරගම් සහ දේවාල පනත, වකූෆ් පනත (නිවැරදි ලෙස මුස්ලිම් පල්ලි සහ පුන්‍යාධාර හෝ වකූෆ් පනත), චර්ච් ඔෆ් සිලෝන් (ශ්‍රි ලංකා කතෝලික දේවස්ථාන පිළිබඳ පනත) හා හින්දු සංස්කෘතික අරමුදල් පනත මූලිකවම ආගමික සිද්ධස්ථාන සහ ඒවායේ මූල්‍ය පරිපාලනය පිළිබඳව පනවන ලද නීතී වේ. එබැවින් එම නීතී පනත් පුද්ගලික නීතී යන අර්ථයට නොවැටෙන බව නීතිය සම්බන්ධව අවම දැණුමක් ඇති අයෙකුට පවා අවබෝධ කර ගත හැකි වේ.

එම නීතී පනවා ඇත්තේ එම ආගමික ස්ථාන සම්බන්ධව යම් යම් නියාමනයන් සහ පාලනයන් පවත්වා ගැනීමට බව අප විසින් පැහැදිලිවම අවබෝධ කර ගත යුතුය.

එසේ හෙයින් අප ආණ්ඩුව වෙත ජනතාව වීසින් පසුගිය මහා මැතිවරණයේ දී තුනෙන් දෙකක ජනවරමක් අප වෙත ලබා දුන්නේ එක රටක් එක නීතියක් යන සංකල්පය රට තුල නිර්මාණය කිරීම උදෙසා වන අතර එලෙස එම සංකල්පය රට තුල ඇති කිරීමට යෑමේදී ඇතැම් අන්තවාදීන් උපායමාර්ගිකව එම වැඩපිළිවෙලට විරුද්ධව බලපෑම් කරන බව පෙනී ගොස් ඇත. ඒ කුමන බලපෑම් අප වෙත එල්ල වූ වත් ජනතාව අප වෙත ලබා දුන් ජනවරමට ගරු කරමින්, ජනතාවගේ එම අභිලාෂය ඉටු කිරීම සඳහා අප විසින් එක රට තුල එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කල යුතුය.

එසේ හෙයින් ගරු අධිකරණ අමාත්‍ය මොහොම්ඩ් අලි ශබ්‍රී මහතා විසින් 2021 පෙබරවාරි මස 12 වන දින ගරු පාර්ලිමේන්තුව තුල මේ සම්බන්ධව සිදු කල ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

අද දින මෙම ලිපිය මා විසින් සභාගත කිරීමට අමතරව මෙම ලිපිය සමඟ පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම ස්ථවිර, පූජ්‍ය ඕමාරේ කස්සප ස්ථවිර, පූජ්‍ය බෙංගමුවේ නාලක ස්ථවිර, පූජ්‍ය බලංගොඩ සෝභිත ස්ථවිර, පූජ්‍ය ඉත්තෑදෙමලියේ ඉන්දසාර ස්ථවිර, පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්ථවිර, පුජ්‍ය මුරුත්‍තෙට්ටුවේ ආනන්ද ස්ථවිර, පූජ්‍ය මහාචාර්ය මල්වානේ චන්ද්‍රරතන ස්ථවිර, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්ථවිර, පූජ්‍ය ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති ස්ථවිර යන ගරුතර සංඝ රත්නය විසින් ගරු අගමැතිතුමාගෙන් සහ ගරු කථානායකතුමාගෙන් සිදු කරන ලද ඉල්ලීමට අදාල ලිපිය ද සභාගත කරමි.

ස්තූතියි,
මෙයට විශ්වාසී,
නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත,
පාර්ලිමේන්තු මන්ත්‍රී

***************************************

“අපි ඕන දේකට ලැහැස්තියි” – ඥානසාර හිමි යළි කරළියට! පාස්කු නිර්දේශයේ සැකයක් ගැන හෙළි කරයි

(24.01.2021 – am.lk)

පාස්කු කොමිසමට අදාළ වාර්තාවේ කුමක් හෝ යමක් සිදුවී තිබෙන බවට සැකයක් තිබෙන බවත් නොවිය යුත්තක් සිදුවී තිබෙන බවත් බොදු බල සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ පාස්කු කොමිසමේ කැකිල්ලේ තීන්දුව මැයෙන් ශාසනාරක්ෂක සභාව කොළඹදී ඊයේ (23) පවත්වන ලද මාධ්‍ය හමුවකදී ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි,

“පාස්කු කොමිසමේ මම සාක්ෂි දෙන හතරවැනි හෝ තුන්වැනි දවසේ කොමිසමේ සාමාජිකයෙක් මගෙන් අහනවා ඔබ කවුරු ගැනද ඔය කියන්නේ කියලා. මම කිව්වා නම කියන්න පුළුවන් හැබැයි ආය හිරේ දායිද දන්නේ නෑ කියලා. එහෙනම් ලියලා දෙන්න කිව්වා. ලියලා දුන්නා. මට ඒක ගැන සැකයි. මොකද ඒ පුද්ගලයාගේ නම දුන්නා නම් දුන්නේ මම විතරයි. විල්පත්තුව ප්‍රශ්නයට.

ඒ වගේම තව සැකයක් තිබෙනවා. මම කිව්වා අලි සබ්රි මහත්තයාගේ ගුරුවරයා ඔස්තාක් මන්සූර් කියලා. අධිකරණ ඇමැතිගෙන් ප්‍රවේශම් වෙන්න වෙයි මොකද ඔහුගේ මේ ගුරුවරයා වහාබ් දේශකයෙක් වූ අයෙක්. ඔහු ගැන කොමිසමේදී සඳහන් වෙලා තිබෙනවා. ඒකයි මම කිව්වේ නොවිය යුත්තක් වෙලා තියෙනවා කියලා. මේ රටේ සමහර සිද්ධීන් දේශපාලනය සඳහා පාවිච්චි කරනවා. සමහර සිද්ධීන් දේශපාලනික වශයෙන් වාසි ලබාගැනීම සඳහා නිර්මාණය කරනවා. අලුත්ගම සිද්ධිය ඇතුළු සිද්ධීන් ගණනාවක් පසුගිය කාලයේදී සිදුවුණා. මේක මහා අශිෂ්ට දේශපාලන ක්‍රමවේදයක්.

බොදුබල සේනා සංවිධානය තහනම් කිරීමට අදාළ නිර්දේශ අපි තවමත් දැක්කේ නෑ. නමුත්, එය දැකපු අය එහි තිබූ යම් යම් කරුණු පිළිබඳව අපි දැනුවත් කරනු ලැබුවා. එහි තියෙනවලු බොදු බල සංවිධානය තහනම් කරන්න කියලා. එය ‘මෝනින්’ පුවත්පතෙන් අපි දැක්කා. අනාගත දේශපාලන බල වුවමනාව සඳහා පුදුම දේවල් සිදුවන තැනක්නේ මේ. ඝෘජුවම මෙම ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයන් සමග එකතු වෙලා මේක විකෘතියක් කරාද කියලා කවුද දන්නේ. මොකද සිංහල සංවිධාන ගැට ගහලා දාපුවාම වැඩේ ඉවරයිනේ. අපි ඕන දේකට මුහුණ දෙන්න ලැහැස්තියි.” යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ ෴

***************************************

පාස්කු කොමිසමේ වාර්තාවෙන් බෞද්ධ අධ්‍යාපනය, බෞද්ධ පිරිමි පාසැල්, බෞද්ධ කාන්තා පාසැල් අහෝසි කිරීමට නිර්දේශ

(24.01.2021 – am.lk)

පාස්කු ප්‍රහාර පිළිබද ජනාධිපති කොමිසමේ වාර්තාව ඊයේ (23) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනා. නිල වශයෙන් නොවුනත් මෙම වාර්තාවේ අඩංගු ඇතැම් කරුණු මේ වන විට සමාජ ජාල වල සංසරණය වනවා . මෙහි ඇති නිර්දේශයන් අතර මෙතෙක් පැවැති බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් පාසල් වෙනුවට ජාතික හා පළාත් පාසල් ඇතිකිරීමත් ජාත්‍යන්තර පාසල් සැකසීමත් නිර්දෙස කර තිබෙනවා. මෙම සෑම පාසලකම සංයුතිය අනුව සෑම ආගමක්ම නියෝජනය වන අයුරින් ශිෂ්‍ය ජන ගහනයක් සිටීම නිර්දේශ කරනවා.

එසේම පවත්නා සියලුම පාසල් බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් යන ආගමික බෙදීම් වලින් නිදහස් කරන ලෙසද නිර්දේශයේ ඇතුලත්.

එහි තවත් නිර්දේශයක් වන්නේ සෑම පාසලකම සිසුන්ට ඔවුන්ගේ ආගම නොසලකා ආගමික අධ්‍යාපනය යනුවෙන් නව විෂයයක් ඉගැන්විය යුතු බවයි.

***************************************

ඉස්ලාම් අන්තවාදයේ අනතුර පෙන්වූ පිරිසත් පාස්කු කොමිසමෙන් චූදිතයින් කරලා – සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වය

(24.02.2021 – colombotoday.com)

ඉස්ලාම් අන්තවාදී අනතුර රටට අනාවරණය කළ පාර්ශ්ව ‍පාස්කු කොමිෂන් වාර්තාවෙන් චූදිතයින් බවට පත්කර ඇති බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි පවසති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයට මූලසාධක වූ කරුණු සහ පුද්ගල පාර්ශ්වයන් පිළිබඳ කොමිසමේ අවධානය යොමු වී නොමැති බවය.

“අපි බලාපොරොත්තු වුණේ මේ ප්‍රහාරය පිටුපස හිටිය පුද්ගලයෝ කවුද? ඊට වගකිවයුත්තෝ කවුද? මේ සඳහා අනුබල දුන්නු පිරිස කවුද? අන්තවාදය ප්‍රවර්ධනය වුණ පසුබිම කුමක්ද? යන කරුණු හඳුනාගෙන ඔවුන්ට දඬුවම්දීම සඳහා අවශ්‍ය නිර්දේශයන් ලැබෙයි කියල විශ්වාසයක් අපිට තිබුණේ.

දැන් බලපුවාම ඒ අනතුර පෙන්නපු පිරිසත් වගකීම් පැහැරහැරිය පිරිසත් තමයි වරදකරුවන් බවට පත්වෙලා තියෙන්නේ. මේ තුළින් වැරැදි ආකල්පයක් ලෝකය තුළ නිර්මාණය වෙන්න පුළුවන්” යනුවෙන් පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පැවසීය ෴

***************************************

ඥානසාර හිමිගෙ කරුණු 80% ක් නිර්දේශවලට අරගෙන උන්වහන්සේවත් චුදිතයෙක් කරලා : පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමිගෙන් පාස්කු වාර්තාවට ප්‍රහාරයක්

(24.02.2021 – colombotoday.com)

බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ කරුණු 80% ක් පාස්කු වාර්තාවේ නිර්දේශවලට අරගෙන උන්වහන්සේවත් චුදිතයෙක් කිරීම පිළිබඳව කණගාටුවට පත්වන බව නව සිංහල රාවයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි අද (24) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

සමහර අවස්ථාවලදී ස්වරයේ ශබ්දය වැඩි වුවද ඥානසාර හිමි සිදුකලේ අවිහිංසාවාදී සටනක් බව මේ රටේ අහිංසක සිංහල, දෙමල, මුස්ලිම් ජනතාව දන්නා බවත් උන්වහන්සේ ප්‍රකාශ කලේ මේ මහපොළවේ යථාර්තය බවත් සුදත්ත හිමියෝ අවධාරණය කරන ලදි.

ඉස්ලාම් අන්තවාදයට වැට බඳිනවා වෙනුවට ජාතික සංවිධාන මර්ධනය කිරීමට මෙම කොමිෂන් සභා තීරණ ක්‍රියාත්මක කරනවානම් එය මේ රටේ ජන මතයට කරන අගෞරවයක් බවත් අවසාන වාර්තාවේ මේ වගේ විකෘතියක් සිදුවුවේ කෙසේද යන්න ජනාධිපතිවරයා සොයා බලනු ඇතැයි විශ්වාස කරන බව ද පැවසීය.

***************************************

++++++++++++++

***************************************

සහරාන්ගේ මුල් ඉලක්කය වුණේ දළදා පෙරහැරයි

(24.02.2021 – 21:57 +0530 – truenews.lk)

පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් විසින් සැලසුම් කරන ලද මුල්ම සැලැස්ම මහනුවර ඇසළ පෙරහරට පහරදීම යැයි පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇත.

වනාතවිල්ලුවේ ආයුධ ගබඩාවක් ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබීමත් සිරියාවේ සහ ඉරාකයේ අයි.එස්. බලය පිරිහෙමින් පැවතීම හේතුවෙන් එම සංවිධානය ප්‍රහාර එල්ල කරන ලෙසට ලොව පුරා සිය අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටීම ආදී හේතු නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය ඉක්මන් වූ බවද එම වාර්තාව පෙන්වා දෙයි. සිවිල් යුද්ධය අවසන්වීමෙන් පසුව හමුවූ විශාලතම පුපුරණ ද්‍රව්‍ය තොගය 2019 ජනවාරි 16 වැනිදා වනාතවිල්ලුවේදී සොයාගත් විශාල පුපුරණ ද්‍රව්‍ය තොගය යැයිද ඊට සහරාන් සම්බන්ධ බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සහරාන් හා සෙසු සාමාජිකයන්ගේ නම් සහ සිදුවිය හැකි ප්‍රහාරක තොරතුරු ඇතුළත් ක්‍රියාත්මක විය හැකි මට්ටමේ බුද්ධි තොරතුරක් ඉන්දීය බලධාරීන් විසින් 2019 අප්‍රේල් 04 වැනිදා රාජ්‍ය බුද්ධි සේවයට දෙනලද නමුත් ආරක්ෂක ලේකම්, ජාතික බුද්ධි ප්‍රධානී, පොලිස්පති සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ යන අය ඔවුන්ගේ කාර්යයන් කාර්යක්ෂමව ඉටුකිරීමට අපොහොසත් වී ඇතැයි ද කොමිසම පෙන්වා දී ඇත.

ප්‍රහාරය සම්බන්ධයෙන් 2019 අප්‍රේල් 04 වැනිදා ලබාදුන් බුද්ධි තොරතුරුවලට වඩා නිවැරැදි බුද්ධි තොරතුරු, ප්‍රහාරයට කලින්දා එනම් 2019 අප්‍රේල් මස 20 වැනිදා සවස බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට ලැබී ඇතත් ඛේදවාචකය වළක්වා ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් අසමත් වී ඇතැයිද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ.

සහරාන් සහ මරාගෙන මැරෙන තවත් බෝම්බකරුවන් 7 දෙනකු 2019 අප්‍රේල් 20 වැනිදා ‘ස්පාත් ටවර්’ ආරක්ෂිත නිවාසයේදී ප්‍රහාරය සාධාරණීකරණයට හේතු දක්වමින් ‘බයියාට්’ දිවුරුම දී ඇති බවද එහි දැක්වේ.

මඩකළපුව නගරයට කිලෝමීටර් 4 ක් දකුණේ පිහිටි කාත්තන්කුඩි නගරය සුවිශේෂ බවත් එය දිවයිනේ ඇති එකම මුස්ලිම් නගරය බවත් කොමිෂන් වාර්තාවේ සඳහන් කර ඇත. මුස්ලිම් නොවන අයට කාත්තන්කුඩියේ වාසය කිරීමට, දේපළ මිලදී ගැනීමට හෝ ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි බවද එහි සඳහන් වේ. කාත්තන්කුඩිය වර්ග කිලෝමීටර එකක පමණ භූමි භාගයක මුස්ලිම් පල්ලි 65 ක් පමණ තිබෙන බවත් එම ප්‍රදේශයේ 50,000 ක පමණ මුස්ලිම් ප්‍රජාවක් සිටින බවත් කොමිෂන් වාර්තාව පෙන්වා දෙයි.

ලංකාවේ නැගෙනහිර පළාතේ අනෙකුත් නගරවලට වෙනස් දර්ශනයක් මෙම නගරයේ දැකිය හැකි බවත් එහි වීදිවල කාන්තාවන් දක්නට නොලැබෙන බවත් කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ.

මාවනැල්ලේ බුදු පිළිම බිඳ දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන ෂහීඩ් හා සාදික් යන දෙදෙනා විසින් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි ළමයින් 30 දෙනකුට හිඟුල, දෙල්ගහගොඩ අංක 130/B දරන ස්ථානයේ පිහිටි හරියා මස්ජිද් තවුහිද් නමැති ඉස්ලාම් දේවස්ථානයේදී නේවාසික පුහුණු කඳවුරක් පවත්වා අයි.එස්. සංවිධානය ගැන දේශන පවත්වන ලද අතර අයි.එස්. සංවිධානය විසින් කුඩා දරුවකු මරාදමන ලද දර්ශන ද ඔවුන්ට පෙන්වා ඇතැයි කොමිෂන් වාර්තාවේ සඳහන් වේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයට අවශ්‍ය බෝම්බ සාදන්නට ඇත්තේ පානදුරේ ‘තස්මියා විලා’ නමැති ලිපිනයේ පිහිටි නිවසේදී බවත් කොළඹ නගරයේ හෝටල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට මරාගෙන මැරෙන බෝම්බකරුවන් පැමිණ ඇත්තේ මෙම නිවසේ සිට බවත් හෙළිදරව් වී ඇතැයි කොමිෂන් සභා වාර්තාව පෙන්වා දෙයි ෴

***************************************

පාස්කු වාර්තාව අසම්පුර්ණයි – ජනතා බලාපොරොත්තු කඩවීමක්

(25.01.2021 – am.lk)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් වන අතර එය සමස්ත රටවැසියන් බලාපොරොත්තු වූ තත්ත්වයේ වාර්තාවක් නොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අවධාරණය කළේය.

ඊයේ (25) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මෙම වාර්තාවෙන් බලාපොරොත්තු වූයේ ප්‍රහාරය සඳහා මූල බීජය කුමක්ද? මෙය මෙහෙය වූයේ කවුද? ඊට හේතු මොනවද? යන්න වුවත් එවැන්නක් මෙම වාර්තාවේ සඳහන් නොමැති බව මන්ත්‍රීවරයා පැවසුවේය.

මෙම පාස්කු ප්‍රහාරය බලය ලබා ගැනීමේ අරමුණින් කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවද හෙතෙම කියා සිටියේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය :

“අපි ඉල්ලා සිටිනවා මේ සඳහා මූලික වුණු අය ගැන හඳුනාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන්න කියල. සහරාන්ව මෙහෙය වූයේ කවුද? රවී සෙනෙවිරත්න කියන විමර්ශන නිලධාරියා සාක්ෂි දෙමින් පැවසුවා සහරාන්ව මෙහෙය වූ පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ නැත්නම් ඔවුන් පිළිබඳ සොයා බලන්නේ නැත්නම් මේ වාර්තාව අසම්පූර්ණයි කියලා. මේ රටේ ජාතික ආරක්ෂාවත් අනතුරෙන් කියල. ඔහු එහෙම කියන්නේ ඔවුන්ගේ පරීක්ෂණ අනුව ඔවුන් දකිනවා සහරාන්ව පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් මෙහෙයවුවා කියල. ඔවුන් හිතල තිබුණේ මෙය විදේශීය බලවේගයක් විසින් මෙහෙයවුවා කියල. නමුත් රවී සෙනෙවිරත්න මහතා විශේෂයෙන් පැවසුවා මෙය විදේශයකින් නෙවේ මෙහෙයවා තිබෙන්නේ මේක රට තුලින්ම තමයි මෙහෙයවලා තියෙන්නේ කියලා. රට තුළම මෙහෙයවුවා නම් එය මෙහෙය වූයේ කවුද? මේ වාර්තාවේ එහෙම දෙයක් වාර්තා කරලා නැහැ.

ඒ වගේම සහරාන්ට 2012 සිට වැටුප් ගෙව්වේ කවුද? කුමන ආයතනයකින්ද? අපිට දැනගන්න ලැබිලා තියෙනවා ආරක්ෂක අමාත්‍යංශයෙන් සහරාන් ඇතුළු 21 දෙනෙකුට වැටුප් ගෙවල තියෙනවා කියල . කුමක් සඳහාද එහෙම ගෙව්වේ. පසුගිය දවසක අගමැතිතුමා කියල තිබුණා සහරාන්ට වැටුප් ගෙවද්දී අපි දන්නේ නැහැ ඔහු ත්‍රස්තවාදියෙක් කියල. ඒ වගේම කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාත් එය මාධ්‍ය හමුවකදී පිළිඅරන් තිබුණා.

ඒ අනුව මෙම පාස්කු ප්‍රහාරයට සහරාන් වෙත අනුබල දුන්නේ කවුද යන්න සොයා බැලීම කොමිසමේ වගකීමක් වුවත් එය ඉටුවී නැත” ෴

***************************************

මහා වංශ පුස්කොළ පොත් එකතුව ලෝක උරුම ලැයිස්තුවට

(24.02.2021 – colombotoday.com)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයේ ඇති මහා වංශ පුස්කොළ පොත් එකතුව ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර ඇතැයි එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා ඊයේ (23) දින පැවසීය.

මෙම පුස්කොළ පොත් එකතුව පරීක්ෂා කිරීමට විශ්වවිද්‍යාලයට පැමිණි යුනෙස්කෝ නියෝජිතයන් ඒ පිළිබඳ සෑහීමකට පත් වූ බවත් මහා වංශයේ සියලු කොටස් කිසිදු අඩුපාඩුවකින් තොරව පවතින එකම ස්ථානය වන්නේ විශ්වවිද්‍යාලයීය පුස්තකාලය පමණක් බවත් එම නියෝජිතයන් හඳුනාගත් බව උපකුලපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව මෙම පුස්කොළපොත් එකතුව ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව යුනෙස්කෝ නියෝජිතයන් දැනුම් දුන් බව මහාචාර්යවරයා කියයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • East. Mass. report is a big joke. A Group of extreme Muslim terrorists with the sponsorship of Saudi money and advice, financial and political sponsorship of several leading Muslim MPs and ministers in country carried out a massacre of Christian devotees. The public that listened to the evidence that was revealed at the hearings could draw that conclusion.

    Yet this joke of a report accuses that it was the fault of Buddhist clergy that struggles to protect the Sinhala nation and Buddhism in the country against extreme anti-Buddhist and anti-Sinhala forces, and provided advance information to the authorities of Muslim extremists in the country. The report at the same time lets off from blameworthiness the foreign Muslim sponsorship, all politician Muslims that were complicit with the extremists.

    There is something weird about this report and its findings, as if the investigation committee has lost its direction. They were supposed to be intelligent law men, but have proved to be like a lot of teenagers that have lost their head with no clue as to why they were sitting in the investigation committee.

    Cardinal Malcolm Ranjith wanted to know who were the culprits and major forces behind the attack, who plotted and given support and sponsorship to the massacre. Regretfully his questions have not been answered by the report, and if anything culpable people have been not even touched, whereas unrelated Buddhist organizations have been victimised yet again for something that they had nothing to do. I think, the investigating committee members must be investigated now to find out who and what were influencing their mindset.

    Under recommendation of religious teaching at school, should the Buddhist children now learn the Muslim teachings that it is perfectly all right to kill non-Muslims and go to heaven. This is the seat of Theravada Buddhism, and if this stupid recommendation is implemented, the country will have a religious soup, and totally confused future generation who would not be able to recognize right from wrong and what morality is.

    ‘Abhuddassa Kaley’ has arrived with the recommendation of the East. Mass. Com. Report. Duh! I hope that the Buddhist clergy and all self-respecting Buddhist in the country will stand up against this crazy report and be counted.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *