අගමැතිගේ ගැසට් නිවේදනය අවලංගු කර ඇත්තේ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ උවමනාවට..?
*********************************************
අගමැතිගේ ගැසට් නිවේදනය අවලංගු කර ඇත්තේ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ උවමනාවට..?
(05.02.2021 – 22:29 +0530 – lankacnews.com)
ටයිල් සහ නාන කාමර ආනයන තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අත්හිටුවා ඇත්තේ ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ උවමනාව මත බවට චෝදනා එල්ල වෙයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සඳහන් කගේ අග්‍රාමාත්‍යවරයාගේ ගැසට් පත්‍රය අත්හිටුවන ලද්දේ එකී ව්‍යාපාරිකයාට විශාල වශයෙන් ද ලාභ ලබා ගැනීම සඳහා බවයි.
ඔහුට තම ටයිල් හා නාන කාමර කට්ටල ව්‍යාපාරය ඉහළ මිලකට අලෙවි කිරීම (?) සඳහා මෙම ගැසට් පත්‍රය අත්හිටුවා ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.
+++++++++++++++++
***************************************
ඉන්දියන් ණය උගුල චීනය ලිහා දෙයි
(06.02.2021 – 04:39 +0530 – lankaleadnews.com)
මෙරට ඇති වී තිබෙන විදේශ සංචිත හිගය කළමනාකරණය කර ගැනීම සඳහා කෙටි කාලීන ගෙවීම් පහසුකම යටතේ චීන මහ බැංකුව වෙතින් ශ්‍රී ලංකා මහ බැංකුය වෙත ඩොලර් මිලියන එක්දහස් පන්සීයක (1500) ණය පහසුකමක් ලබා දීමට තීරණය කර තිබේ.
ඉන්දියාවෙන් කෙටි කාලීන ගෙවීමේ පදනම මත ලබා ගන්නා ලද ඩොලර් මිලියන 400 ක මුදල මේ සතිය තුළ ඉන්දියාවට ගෙවීමට රජය කටයුතු කළ අතර ඒ තත්ත්වය මත ඇති වූ විදෙස් මුදල් හිඟය චීනයෙන් ඩොලර් මිලියන 1500 ක මුදලක් ලැබීමත් සමගින් සමනය වනු ඇත.
නැගෙනහිර පර්යන්තය 49% ක සදහා යෝජනා වී තිබූ මුදල ඩොලර් මිලියන 700 ක් පමණ වෙයි ෴
***************************************
නිශාන්ත ද සිල්වා රටින් පැනගිය රහස මිචෙල් බැච්ලේගේ කටින් පනී…
(06.02.2021 – 03:27 +0530 – lankacnews.com)
පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් මෙසේය :
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය, කොටින්ගේ බළල් අතක් ලෙස ක්‍රියා කරන බව බලශක්ති අමාත්‍ය පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ගම්මන්පිල මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කරන වාර්තාව පිළිබඳ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි. එහිදී ගම්මන්පිල අමාත්‍යවරයා තවදුරටත් මෙසේ පැවසීය.
“වාර්තාවේ 21 වන ඡේදයේ ආණ්ඩුවේ කටයුතු හමුදාකරණය යටතේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ලෙස සරත් වීරසේකර මැතිතුමා පත් කිරීම දක්වා තිබෙනවා. වීරසේකර මැතිතුමා ඇමති පදවියට පත් වන්නේ නාවික හමුදාවෙන් විශ්‍රාම ගෙන වසර 14 කට පසුවයි. හමුදා නිලධාරියෙකු වුණත් විශ්‍රාම ගත් පසු සිවිල් පුරවැසියෙකු වෙනවා. ඕනෑම සිවිල් පුරවැසියෙකුට තිබෙන අයිතිවාසිකම් විශ්‍රාමික හමුදා නිලධාරියෙකුටත් තිබෙනවා. ඔහු ඇමති පදවියට පත් වන්නේ 2010 දී ජනතා ඡන්දයෙන් මුල් වරට පාර්ලිමේන්තුවට පත් වී වසර 10 කට පසුවයි. එමෙන්ම එතුමා පසුගිය මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට පත් වන්නේ 328,000 කට අධික මනාපයක් ලබා ගෙනයි. එවැනි අයෙකු ඇමති ධූරයකට පත් කිරීම හමුදාකරණය ලෙස කොමසාරිස් නෝනාට පේනවා නම් ඒක මේ රටේ ජනතාවට කළ අපහාසයක්.
22 ඡේදයේ යුද අපරාධ කළ ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලෙස පත් කළ බවට චෝදනා කර තිබෙනවා. ඇත්තෙන්ම ශවේන්ද්‍ර සිල්වා යුද අපරාධ කළ බවට කිසිම සාක්ෂියක් ඉදිරිපත් කරන්න පසුගිය වසර 12 පුරාවට බෙදුම්වාදින් අසමත් වුණ. ඒ නිසා ශවේන්ද්‍රට නගන චෝදනාව පදනම් විරහිතයි. ඇත්තෙන්ම ශවේන්ද්‍රට යුද හමුදාපති ධූරය ලබා දුන්නේ පසුගිය ආණ්ඩුවයි. එතකොට මානව හිමිකම් කොමසාරිස්ට කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් අපේ ආණ්ඩුව යටතේ වැඩ කරන විටයි චෝදනා පැටව් ගහන්නේ. කොමසාරිස්වරිය කොටි බළල් අතක් බව මේකෙන්ම පෙනෙනවා.
25 ජේදයේ දී නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා ආණ්ඩුව විද්වත් කමිටුවක් පත් කළ බවත් එකී කමිටුව මානව හිමිකම් කොමිසම අවධාරණය කර ඇති පරිදි තව දුරටත් බලය බෙදීමට කටයුතු කළ යුතු බවට සඳහන් කර තිබෙනවා. ලෝකයේ සාතිශය බහුතරයක් රටවල් ඒකීය රාජ්‍යයන්. ඒවායින් බහුතරයක අපේ පලාත් සභා වැනි බලය බෙදීමක් වත් නෑ. එවැනි පසුබිමක ඒ රටවලට කිසිම බලය බෙදීමක් කිරීමට උපදෙස් නොදී ලංකාව පස්සෙන්ම පන්නන්නේ ඇයිදැයි කොමසාරිස් නෝනා අපට පැවසිය යුතුයි.
28 ජේදයේ දී පලි ගනීවි යැයි බියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ලංකාවෙන් පලා ගිය බවට ලියා තිබෙනවා. නිශාන්ත ද සිල්වා පැන ගියේ ඔහුට බොරු සාක්ෂි සැකසීම පිළිබඳ පැහැදිලි චෝදනා තිබෙන නිසා. ඔහු අද අතුරුදහන් වී සිටියත් පැනලා ගියේ ඇයි කියලා අපිවත් දන්නේ නෑ. හැබැයි ඒක කොමසාරිස් නෝනා දන්නවා. ඒ නිසා නිශාන්ත ද සිල්වා පැන යෑම පිටුපස අදිසි හස්තය කොමසාරිස් නෝනා ද කියන සාධාරණ සැකය අපට මතු වෙනවා.
මෙම මාධ්‍ය හමුව සඳහා පිවිතුරු හෙළ උරුමය ප්රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක , පිවිතුරු හෙළ උරුමය තරුණ ලේකම් ඉරංග විද්වත් යන මහත්වරුන් ද සහභාගී විය” ෴
***************************************
එල්ල වන යුද අපරාධ චෝදනා ගැන ආණ්ඩුව ජාත්‍යන්තරය හමුවේ විත්තිවාචකයක් ඉදිරිපත් කල යුතුයි …
(06.02.2021 – 08:40 +0530 – lankacnews.com)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ 30/1 සහ 40/1 යෝජනාවලින් ඉවත් වීමට වත්මන් ආණ්ඩුව ගෙන ඇති තීරණය පැසසුම් කටයුතු බවත් ඉන් නොනැවතී, ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනාවන්ට මුහුණ දීම සඳහා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් මැක්ස්වෙල් පරණගම කොමිසමේ දෙවන බල අධිකාරිය යටතේ කැඳවූ ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥයන්ගේ වාර්තා මත පදනම්ව ජාත්‍යන්තරය හමුවේ විත්තිවාචකයක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, මොහොමඩ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.
අද (05) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ චෝදනාවලට ආණ්ඩුව මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව සිය ස්ථාවරය පැවසීම පිණිස ජාතික නිදහස් පෙරමුණ කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පැරදවීමට සමත්වූ මානුෂීය මෙහෙයුම 2009 මැයි 19 වැනිදාන් අවසන් වී සතියක් ඇතුළත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයට එරෙහි සිය ප්‍රථම යෝජනාව ගෙන ආ බව මෙහිදී සිහිපත් කළ ජානිපෙ ප්රචාරක ලේකම්වරයා, ජාත්‍යන්තර බලවතුන් සහ දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකා රාජ්‍යය බෙදා වෙන් කිරීමට කොටි ත්රස්තවාදීන්ගේ තුවක්කු හා මෝටර් උණ්ඩවලට බැරිවුණු තැන සිය උවමනාව වෙනුවෙන් ‘මානව හිමිකම් අවිය’ යොදා ගත් බව ද සඳහන් කළේය.
එම මානව හිමිකම් අවියට යටවූ පසුගිය ආණ්ඩුව, ශ්‍රී ලංකාවට එරෙහිව රැගෙන ආ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවලියට සම අනුග්‍රහය දැක්වීමට එකඟ වීමත් සමග එමඟින් එල්ලකළ යුද අපරාධ චෝදනාවන්ට විත්තිවාචකයක් ඉදිරිපත් කිරීමේ ඉඩකඩ පවා අහිමි වූ බව ද මෙහිදී මොහොමඩ් මුසම්මිල් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එහෙත් කොටි ත්රස්තවාදයට එරෙහි මානුෂික මෙහෙයුමට එරෙහි චෝදනාවන්ට ජාත්‍යන්තර හමුවේ නිසි පිළිතුරු දීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතිශය විශිෂ්ට ක්‍රියාමාර්ග රැසක් ගත් බවත් ඒ අනුව ‘මැක්ස්වෙල් පරණගම කොමිසම’ පිහිටුවා එහි දෙවන බල අධිකාරිය යටතේ ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥයන් 05 දෙනෙකුගෙන් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් දියත් කළ මානුෂීය මෙහෙයුම පිළිබඳ වාර්තා කැඳවීමට කටයුතු කළ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
යුද අපරාධ විශේෂඥයෙකු වන ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා 2014.02.23 දින ඉදිරිපත් කළ වාර්තාවෙන් ශ්‍රී ලංකා හමුදාවන්ට යුද අපරාධ චෝදනා එල්ල කර ඇති දරුස්මාන් වාර්තාව අසත්‍ය එකක් බව තහවුරු කර ඇති බවත් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් ජාත්‍යන්තර මානුෂීය නීතියට පටහැනිව කටයුතු කර නොමැති බව පෙන්වා දී ඇති බවත් මොහොමඩ් මුසම්මිල් මහතා එය උපුටා දක්වමින් පවසා සිටියේය.
එසේම සර් ජෙෆ්රි නයිස් හා සර් රොඩ්නි ඩික්සන් යන යුද අපරාධ විශේෂඥයන් සිය වාර්තාවෙන් ශ්‍රී ලංකා රණවිරුවන්ට යුද අපරාධ චෝදනා රැසක් එල්ල කර ඇති යස්මින් සුකාගේ වාර්තාවෙහි අඩුපාඩු පෙන්වා දී ඇති බවත් බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් ජෝන් හෝම්ස් මහතා සිය වාර්තාවෙන් මානුෂීය මෙහෙයුමක මූලධර්ම රකිමින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා යුද වැදුණු බව චන්ද්‍රිකා ඡායාරූප පවා යොදාගෙන තහවුරු කර ඇති බවත් එම වාර්තා උපුටා දක්වමින් ඒ මහතා කීවේය.
මේ සියලු ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥයන්ගේ වාර්තාවලින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් යුද අපරාධ සිදු නොකළ බවත් ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය නොකළ බවත් තහවුරු කර ඇති බැවින් ඒවා ඇසුරින් ජාත්‍යන්තරය හමුවේ විත්තිවාචකයක් ඉදිරිපත් කිරීම ආණ්ඩුව ගතයුතු සුදුසුම ක්‍රියාමාර්ගය බවත් ජානිපෙ ප්රචාරක ලේකම්වරයා යළි අවධාරණය කළේය.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
***************************************
රුසියානු රජයේ ශිෂ්‍යත්ව සඳහා අයදුම් පත් භාරගන්නා අවසාන දිනය පෙබරවාරි 20
(05.02.2021 – 20:30 +0530 – lankaleadnews.com)
රුසියානු මධ්‍යස්ථානයේ පණිවිඩය පහත පළවේ :
රුසියානු ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවීම් මේ දිනවල සිදුවෙනවා. මේ සඳහා වෙබ් අඩවිය හරහා අයදුම් කරන ආකාරය පිළිබඳ විස්තර කිරීමක් 2021 පෙබරවාරි මස 10 වෙනි බදාදා සවස 04.30 ට අපගේ ෆේස්බුක් පිටුව හරහා සජීවීව අපි ඉදිරිපත් කරනවා. ඒවාගේම ඔබට ඇති ගැටලු සඳහා පිළිතුරු ලබාදීමටත් අපි කටයුතු කරනවා.
අයදුම් පත් භාරගන්නා අවසාන දිනය පෙබරවාරි 20 වෙනි දින වන අතර ඊට පෙර සියලු අයදුම්පත් සම්පූර්ණ කර යොමු කළ යුතුයි.
ඒ නිසා අප සමග සම්බන්ධ වී ඔබට ඇති සියලු ගැටලු වලට පිළිතුරු ලබා ගන්නා ලෙස අපි ඉල්ලා සිටිනවා.
දුරකථන ඇමතුම් : 011 268 5429
e.mail: shrilanka@rs.gov.ru
FB Link: https://www.facebook.com/russiancentre.colombo/posts/3833423250012899
ස්තූතියි!
This is an invitation to all Russian Government Scholarship Applicants to join us on Facebook Live on the 10th February, 2021 (Wednesday) at 4.30 p.m. as we discuss the complete procedure of applying for scholarships.
We will be able to answer any queries that you have regarding Russian Government Scholarships during this live chat.
Please note that the deadline still remains as the 20th of February, 2021 and there will be no change. Therefore, you will not be able apply for scholarships after the aforementioned date.
Do join us for the live briefing session on the 10th February, 2021!
Telephone: 011 268 5429
e.mail: shrilanka@rs.gov.ru
FB Link: https://www.facebook.com/russiancentre.colombo/posts/3833423250012899
Thank you!
***************************************
පොලිස් ඇඳුමින් සැරසුණු කොල්ල කල්ලියක් ඉන්නවා. ආවොත් හැඳුනුම්පත් ඉල්ලන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ
(06.02.2021 – 10:35 +0530 – truenews.lk)
පොලිස් නිලධාරීන් යැයි හඳුන්වමින් නිවෙස්වලට පැමිණ මුදල් කොල්ලකන කල්ලියක් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
කොළඹ නොවිසඳුණු අපරාධ ඒකකයේ නිලධාරීන් යැයි පවසමින් පැමිණි පිරිසක් පසුගිය 03 වනදා රුපියල් ලක්ෂ 5 කට ආසන්න මුදලක් කොල්ලකා පළාගොස් තිබුණු අතර කටුගස්තොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවෙසක් ද ඒ ආකාරයෙන්ම කොල්ලකා ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.
සැකකරුවන් මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති අතර ඔවුන් සොයා විමර්ශන සිදුකෙරෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
රාජකාරි සඳහා නිවෙසකට පොලිස් නිලධාරීන් පැමිණෙන්නේ නම් ඔවුන් හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බවත් විශේෂ අවස්ථාවකදී හැර අනෙකුත් සියලුම අවස්ථා වලදී පොලිස් නිලධාරීන් පැමිණෙනු ඇත්තේ පොලිස් වාහන වලින් බවත් පැවසූ ඒ මහතා යම් අවස්ථාවක සිවිල් ඇඳුමින් සැරසුණු අය පොලිස් නිලධාරීන් යැයි පැවසුවොත් ඔවුන්ගේ හැඳුනුම්පත් ඉල්ලා සිටීමේ අයිතිය ජනතාවට ඇති බවත් අවධාරණය කළේය ෴
***************************************
(06.02.2021 – 07:26 +0530 – hirunews.lk/sinhala)
මීගමුව – ගල්කන්ද හන්දිය දුම්රිය හරස් මාර්ගයේ සිදු කෙරෙන අලුත්වැඩියාවක් හේතුවෙන් කොළඹ – පුත්තලම ඒ තුන ප්‍රධාන මාර්ගය අද (06) උදෑසන හයේ සිට පැය 36 ක කාලයක් තාවකාලිකව වසා දැමීමට පොලීසිය පියවර ගනු ලැබුවා.
ඒ අනුව හෙට (07) පස්වරු හය (06:00) දක්වා මෙම මාර්ගය වසා තැබෙන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.
ඒ හේතුවෙන් ගමන් කළ හැකි විකල්ප මාර්ගද පොලීසිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව හලාවත සිට කොළඹ දෙසට ධාවනය වන රථවාහන පරණ හලාවත පාර, කොප්පරා හන්දිය, තෙල්වත්ත හන්දිය, බාල්දිය හන්දිය ඔස්සේ පැමිණ මීගමුව නගරය හරහා අගරදගුරු නිකලස් මාක්ස් ප්‍රනාන්දු මාවත ඔස්සේ ගල්කන්ද හරහා කොළඹ දෙසට හා පෙරියමුල්ල හන්දියේ ආලෝක සංඥා අසලින් කොළඹ දෙසට ගමන් ගන්නා වාහන වම් පසට හරවා පාන්කඩ හන්දිය, පන්සල් හන්දිය, බෝලවලාන හන්දිය, කුරණ විස්ස කණුව හරහා කොළඹ දෙසට ධාවනය කළ හැකි බවයි පොලීසිය කියා සිටියේ.
කොළඹ සිට හලාවත දෙසට ධාවනය වන රථවාහන ගල්කන්ද දුම්රිය හරස් මාර්ගයෙන් වමට හරවා අගරදගුරු නිකලස් මාකස් ප්‍රනාන්දු මාවත ඔස්සේ මීගමුව නගරයට පිවිස, තෙල්වත්ත හන්දිය, කොප්පරා හන්දිය, පරණ හලාවත පාර ඔස්සේ හලාවත දෙසට ධාවනය කළ හැකි වනවා.
මේ අතර ගල්කන්ද දුම්රිය හරස් මාර්ගය මෙලෙස අලුත්වැඩියා කිරීම හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අද (05) සහ හෙට (06) දින දෙක තුළ කටුනායක දුම්රිය ස්ථානයට පමණක් සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴
***************************************
(06.02.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)
පාක් ඇන්ඩ් රයිඩ් – සිටි බස් සේවාව ඉදිරි මාස දෙක (2) තුළ කොළඹ දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ නාගරික වාහන තදබදයට විසඳුමක් ලෙස ආරම්භ කළ එම සේවාව මේ වනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවයි.
පිරිවැය පියවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් මේ වනවිටත් ලංගමය උපයන බව ද සභාපතිවරයා කියා සිටියා.
@@@@@@@@@@@@@@@@
(06.02.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala)
නව කොරෝනා ආසාදිතයින් 735 දෙනෙකු ඊයේ (05) හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 67,850 ක් දක්වා ඉහළ ගියා.
ඊයේ (04) වාර්තා වූ ආසාදිතයින්ගෙන් 729 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර 06 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් වනවා.
ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 6046 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 61,461 ක්.
එමෙන්ම, තවත් කොරෝනා මරණ 04 ක් වාර්තාවීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 343 දක්වා ඉහළ ගියා.
විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට අමතරව, කොළඹ 03 සහ බගවන්තලාව ප්‍රදේශවල පදිංචි අවුරුදු 75 ක් සහ 72 ක් වයසැති පිරිමි පුද්ගලයින් මෙන්ම මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 63 ක් වයසැති කාන්තාවක් මෙලෙස මිය ගිය අය අතර වනවා ෴
++++++++++++++++
(06.02.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)
අනුරාධපුර ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟ ඔහු සමඟ සමීපව ඇසුරු කළ එම විද්‍යාලයේම තවත් ගුරුවරුන් 11 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙනවා.
මීට අමතරව කාර්යාල සහයිකාවක් සහ උසස් පෙළ සිසුන් සිව් දෙනෙකු (4) ද නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
එමෙන්ම විදුහල්පතිවරයා ඇතුලු තවත් ගුරුවරුන් හයදෙනෙකුට (6) ද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා ෴
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
Corruption never ends. Sri Lankan politcians are the worst on earth. Both sides, alternatively competing to become the kings of corruption. Such pathetic state of the State, ashamed to be called sri Lankan.