කොළඹ වරායේ : උපායමාර්ගිකව වැදගත් නැගෙනහිරයි – බටහිර සංවර්ධනය පෞද්ගලික අංශ සමගයි

කොළඹ වරායේ : උපායමාර්ගිකව වැදගත් නැගෙනහිරයි – බටහිර සංවර්ධනය පෞද්ගලික අංශ සමගයි

*********************************************

කොළඹ වරායේ : උපායමාර්ගිකව වැදගත් නැගෙනහිරයි – බටහිර සංවර්ධනය පෞද්ගලික අංශ සමගයි

(02.02.2021 – 20:33 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරිය මඟින් සිදුකළ යුතු බවට ඊයේ (01) කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

අද (02) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ බටහිර පර්යන්තය විදෙස් ආයෝජන සමඟ සිදුකළ යුතු බවත් එම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් බවයි.

+++++++++++++++++++++

(02.02.2021 – 20:32 +0530 – hirunews.lk/sinhala)

විදෙස් ආයෝජන සහිතව කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ පක්ෂ විපක්ෂ දේශපාලනයින් මෙලෙස අදහස් පළ කළා :

***************************************

(02.02.2021 – 21:10 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ අධිකරණයට සිදුකළ බලපෑම් සහ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු පාර්ශ්ව කිහිපයක් අදත් අදහස් පළ කළා.

***************************************

(02.02.2021 – 07:21 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඬ පැවැත්වීම සඳහා ගිනි නිවන හමුදාවේ සහ ගුවන් හමුදාවේ ගිනි නිවීමේ රථ 7 ක් පමණ යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

අද (03) අළුයම 4 ට පමණ මෙම ගින්න හටගෙන ඇත්තේ අපද්‍රව්‍ය කළමනාකරණය කරන කර්මාන්තශාලාවක බවයි පොලීසිය සදහන් කළේ.

සිද්ධිය වාර්තා වීමත් සමඟ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා එම ස්ථානයට පැමිණ සිටියා ෴

***************************************

(03.02.2021 – 08:17 +0530 – sinhala.adaderana.lk)

හංවැල්ල පොලීසිය සිදුකළ වැටලීමකදී 22 හැවිරිදි තරුණියක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය නැවතී සිටි නිවසක තිබී හෙරොයින් ග්‍රෑම් 55 ක් අයිස් ග්‍රෑම් 35 ක් සහ ගංජා ග්‍රෑම් 5 ක් සොයාගෙන තිබුණි.

පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ එම තරුණිය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නියක ලෙස කටයුතු කර ඇති බවය.

දැනට විදේශගතව සිටින ‘ලලියා’ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ අතරමැදියෙකු ලෙස ඇය කටයුතුකර ඇති බවද අනාවරණය වී තිබේ.

ඒ අනුව ඊයේ (02) දිනයේදී දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් ගණනාවක් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එවැනි වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය ෴

***************************************

(03.02.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

කළුතර දී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ ඒ හේතුවෙන් කොළඹ සිට ධාවනය වන දුම්රිය කළුතර – උතුර දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා වන අතර, කොළඹ දක්වා පැමිණෙන දුම්රිය පයාගල දුම්රිය ස්ථානයට පමණක් සීමා වන බවයි ෴

***************************************

ලොව බලපෑමක් කල හැකි මුස්ලිම් ජාතිකයන් 500 දෙනාගේ ලැයිස්තුවට ලංකාවේ උලමා ලොක්කාත් – බොදු බලෙන් හෙළිදරව්වක්

(02.02.2021 – colombotoday.com)

ලොව බලපෑමක් කල හැකි මුස්ලිම් ජාතිකයන් 500 දෙනාගේ ලැයිස්තුවට සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති ඇතුලත් වී තිබෙන බව බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (02) පැවති මාධ්‍ය හමුවකදී හෙළිදරව් කර සිටියා.

සෑම වසරකම මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත් කරනු ලබන අතර 2021 වසර සඳහා ප්‍රකාශයට පත්කළ ලැයිස්තුවට ද ඔහු ඇතුලත් වී ඇත.

හලාල් සහතිකකරණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම හේතුවෙන් 2010 වසරේදී මොහු පළමු වරට මෙම ලැස්තුවට ඇතුලත් වූ අතර මෙම වසරේ නිකුත් කල ලැයිස්තුවට ද ඔහු ඇතුලත් වන්නේ 11 වන වතාවටයි.

රාජකීය ඉස්ලාමීය උපායමාර්ගික අධ්‍යයන මධ්‍යස්ථානය (The Royal Islamic Strategic Studies Centre – MABDA المركز الملكي للبحوث والدراسات الإسلامية) යනු ඉස්ලාමීය චින්තනය සඳහා වන රාජකීය ආල් අල්-බයිට් ආයතනයට (Royal Aal al-Bayt Institute for Islamic Thought) අනුබද්ධ ස්වාධීන පර්යේෂණ ආයතනයකි.

ඉස්ලාමීය චින්තනය සඳහා වන රාජකීය ආල් අල්-බයිට් ආයතනය යනු ජෝර්දානයේ හෂෙමයිට් රාජධානියේ අගනුවර වන අම්මාන් හි මූලස්ථානය පිහිටි ජාත්‍යන්තර ඉස්ලාමීය රාජ්‍ය නොවන ආයතනයක් වන අතර ඔවුන් විසින් සෑම වසරකම ලෝකයේ බලපෑමක් කල හැකි මුස්ලිම් ජාතිකයන් 500 දෙනෙකුගෙන් යුත් ලැයිස්තුවක් විවිධ අංශ ඔස්සේ නිකුත් කරනු ලබයි.

ආගමික කටයුතු පරිපාලනය (Administration of Religious Affairs) අංශය යටතේ රිස්වි මුෆ්ති මෙම ලැයිතුවට තේරී පත්වී ඇති අතර ඊට සලකා බලා ඇති කරුණු ලෙස,

  1. සමස්ත ලංකා ජමියාතුල් උලමා (ACJU) හි සභාපතිවරයා ලෙස විද්වතුන් 7,500 ක් ජ්‍යෙෂ්ඨ විද්වතුන් 33 දෙනෙකුගෙන් යුත් විධායක කමිටුවක් මගින් දිවයිනේ දිස්ත්‍රික්ක 24 පුරාවට සංවිධානයේ ශාඛා 155 ක් පවත්වාගෙන යෑම.
  2. රිස්වි මුෆ්ති ඉස්ලාමීය නීති විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු ලෙස ඉස්ලාමීය රක්ෂණය, පොලී රහිත බැංකුකරණය(ෂරියා බැංකුකරණය) සහ හලාල් සහතිකය ශ්‍රී ලංකාවට ගෙන ඒමට ඉවහල් වීම.
  3. මක්තබ් මූලික ඉස්ලාමීය අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාවට ගෙන ඒම.

ඇතුළු කරුණු දක්වා ඇති බව පූජ්‍ය ඥානසාර හිමියෝ ප්‍රකාශ කලහ.

2012 සහ 2013 වසරේදී, ලොව බලපෑමක් කල හැකි මුස්ලිම් ජාතිකයන් 500 දෙනාගේ ලැයිස්තුවට දේශපාලන අංශයෙන් රිෂාඩ් බදුර්දීන් ද මෙම ලැයිස්තුවට ඇතුලත්ව සිටි බව ඒ හිමියෝ වැඩිදුරටත් සඳහන් කරන ලදි.

***************************************

(03.02.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම – සෙල්ලන්කන්ද රක්ෂිතයේ සැරිසරමින් ගම්මාන රැසකට බලපෑම් එල්ල කළ ‘තනි ඇහේ දඩබ්බරයා’ නැමති වන අලියා වනජීවි සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ඊයේ (02) හොරොව්පතානේ වන අලි සංරක්ෂණ ඒකකයට රැගෙන ගොස් තිබෙනවා.

වම් ඇස ආබාධයකට ලක් වීම හේතුවෙනුයි ‘තනි ඇහේ දඩබ්බරයා’ ලෙස ප්‍රදේශවාසීන් විසින් එම සත්ත්වයා හඳුන්වනු ලබන්නේ.

වසර ගණනාවක සිට සෙල්ලන්කන්ද රක්ෂිතය ආසන්නයේ පවතින ගම් රැසකට මෙම වන අලියා හානි කර තිබුණා.

පසුගිය දින කිහිපය තුළ සිදුකරන ලද මෙහෙයුමකින් මෙම වන අලියා අල්ලාගෙන ඇති අතර ඒ සඳහා වනජීවි නිලධාරීන් 20 කට වැඩි පිරිසක් එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේ රාත්‍රී කාලයේ සැරිසරන කඳුකර කොටියෙකු හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වනවා. පසුගිය දින කිහිපය තුළදී ප්‍රදේශයේ නිවාසවල සිටින සුනඛයින් මෙම කොටියාගේ ගොදුරු බවට පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ ෴

***************************************

(03.02.2021 – 08:35 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ගැටුමට අදාළව සුළු චෝදනා වලට වරද පිළිගත් රැදවියන් 63 දෙනෙකුට මාස දෙකක (2) ලිහිල් සිර දඬුවම් ලබාදීමට ගම්පහ දිසා විනිසුරු රවීන්ද්‍ර රන්ජන් බණ්ඩාර නියෝග කළා.

ඒ, රැදවියන් 68 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ නඩුව ඊයේ (02) කැදවූ අවස්ථාවේදියි.

එහිදී දිසා විනිසුරුවරයා මහර බන්ධනාගාරය වෙත ගොස් මෙම තීන්දුව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, රැදවියන් 5 දෙනෙකු ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ලබන 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මීට අමතරව චෝදනාව පිළිගත් තවත් රැදවියන් 50 දෙනෙකුට ඉකුත් 26 වන දා මාස දෙකක ලිහිල් සිර දඩුවමක් නියම කිරීමටයි අධිකරණය කටයුතු කළේ ෴

***************************************

(03.02.2021 – 08:48 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික පියවර ගන්නා බව මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මොවුන් මෙරටට ගෙන්වා ගැනීමට අනුගමනය කරන පියවර සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන ‘සින්නයියා ගුණසේකරම්’ හෙවත් ‘කිඹුලා ඇලේ ගුණා’ ඇතුළු 3 දෙනෙකු චෙන්නායි හිදී අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර, ඊයේ (02) වැලිකඩ – රාජගිරිය ප්‍රදේශයේදී මෝටර් රථයකින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි ‘කට් රොෂාන්’ නමැත්තා හෙරොයින් ග්‍රෑම් 300 ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මොහු බන්ධනාගාරගතව සිටින ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘කීර්ති’ නැමැත්තාගේ අනුගාමිකයෙකු බවයි ෴

***************************************

(03.02.2021 – 08:51 +0530 – hirunews.lk/sinhala)

අද (03) සිට ලබන 06 වන දා දක්වා උතුරු සහ නැගෙනහිර පළාත්වල විරෝධතා පා ගමන් සහ රථ පෙළපාලි සංවිධාන කිරීමට දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් කටයුතු කර තිබෙනවා.

මෙම විරෝධතා පා ගමන් සඳහා දෙමළ ජාතික සන්ධානය සහය පළ කරන බවට මීට පෙර ප්‍රකාශ කළා.

අම්පාර ප්‍රදේශයෙන් අද (03) ආරම්භ වන පා ගමන සහ රථ පෙළපාලිය පොතුවිල් හරහා ත්‍රිකුණාමලය දක්වා ගමන් කොට මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මන්නාරම හරහා කිලිනොච්චි නගරයට පැමිණ ඉන් අනතුරුව යාපනය නගරයෙන් එළඹෙන 06 වන දා අවසන් කිරීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.

අතුරුදන් වූ පුද්ගලයින්ට සාධාරණයක් ඉෂ්ට කිරීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සහ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස (1000) දක්වා ඉහළ නංවා ගැනීම මෙම විරෝධතා පා ගමන්වල තේමා පාඨ වී තිබෙනවා.

73 වන නිදහස් දිනය හෙට (04) දිනයේ සැමරෙන අතර 22 වන දා ජගත් මානව හිමිකම් සැසි වාරය ද ආරම්භ වන පසුබිමකයි ඔවුන් මෙලෙස විරෝධතා ව්‍යාපාරයක නිරත වන්නේ ෴

***************************************

(03.02.2021 – 09:28 +0530 – hirunews.lk/sinhala)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී විවිධ හිරිහැර හා කරදරවලට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 289 දෙනෙකු අද (03) කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි මොවුන් යූ.එල්. 226 දරණ යානයෙන් අලුයම 05:20 ට පමණ දිවයිනට ළඟා වූ බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@@

(02.02.2021 – 21:23 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි 29 වනදා සිට මේ දක්වා කොරෝනාවට එරෙහි එන්නත ලබාදුන් සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 100,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වනවිට කොරෝනා එන්නත සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 118,767 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ ෴

++++++++++++++++++++

(02.02.2021 – 21:36 +0530 – hirunews.lk/sinhala)

කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි මාස 18 ක් වයසැති පිරිමි දරුවෙක් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේදී එම බිලිඳා මියගොස් ඇත්තේ පෙබරවාරි 01 වනදායි.

බිලිඳාගේ මරණයට හේතුව ලෙස සඳහන් වන්නේ කොවිඩ් නියුමෝනියා තත්වයයි.

මෙම මරණය ඇතුළු අද (02) දිනයේ තවත් කොරෝනා මරණ 7 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 330 දක්වා ඉහලගොස් තිබෙනවා.

+++++++++++++++++++

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔහු ප්‍රතිකාර සඳහා IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *