රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වෛද්‍යවරු හෙටත් (02) එක්දින (1) සංකේත වැඩ වර්ජනයක
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වෛද්‍යවරු හෙටත් (02) එක්දින (1) සංකේත වැඩ වර්ජනයක
(01.04.2026 – hirunews.lk)
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සහ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ක්‍රියාවලියට සිදුවන අනීතික දේශපාලන මැදිහත්වීම්වලට විරෝධය පළ කරමින් හෙට (02) උදෑසන 08:00 සිට යළිත් වරක් දීප ව්‍යාප්ත එක්දින (1) සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර තිබෙනවා.
ඊයේ (31) ක්‍රියාත්මක කළ එක්දින වර්ජනය අද (01) උදෑසන අවසන් වුවද, ගැටලුවලට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද (01) පස්වරුවේ රැස්වූ එම සංගමයේ හදිසි විධායක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
+++
+++
සෞඛ්‍ය ඇමති බොරුවෙන්ම ජීවත් වෙන්න හදනවා | මිට වැඩිය පුරසාරම් දොඩවපු සෞඛ්‍ය ඇමතිලා හිටියා (02.04.2026)
+
මාලිමාව එක මිටකට කියපු පච එක පෙළට (01.04.2026)
+
කුණුහබ්බයෝ හයර් කරන පැලවත්තේ තුච්ඡ දේසපාලනය… අනුර බබාද මේවා නොදන්නේ ? (01.04.2026)
+
ඒ මොනවා වුණත්, ප්ලාස්ටික් පුටුවේ ඉඳගෙන කිරිබත් කනවා… ඇත්තටම හරිම චාම් (01.04.2026)
+
යූටියුබ් බලන අය කරන ලොකු වරදක් තියෙනවා… ඒක හදා ගමු (01.04.2026)
+
රටේ අනාගතය උදෙසා ඔබට ප්‍රශ්ණ 25 ක්.. ලකුණු කීයද? (01.04.2026)
+
ලාල් කාන්ත සාපය අවසන්.. එයා දැන් ගොඩ ගිය මිනිහෙක් (01.04.2026)
+
සෙවණැල්ල සේ මහින්ද පිටුපස සිටින ප්‍රියන්තගේ නොඇසූ කතාව (01.04.2026)
+
ඉතා නුදුරේම අපට මුහුණ දෙන්න වෙන භයානක අනතුර (01.04.2026)
+
ගල් අඟුරු හොරකම නිසා ලයිට් කැපෙනවා – ඒක වහගන්න නියගය කියලා නාට්‍යක් රඟපානවා (01.04.2026)
+
පාසල් විනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛකයක්
(02.04.2026 – 07:21 +0530 – sinhala.adaderana.lk)
පාසල් තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නව චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.
සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාශය භාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේනාධිපති හිමිවරුන් සහ විදුහල්පතිවරුන් වෙත මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්ය.
පාසල තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිකුත් කරන ලද 2016 අප්‍රේල් 29 දිනැති චක්‍රලේඛයෙහි සඳහන් උපදෙස්වලට අමතරව මෙම චක්‍ර ලේඛයේ විධිවිධාන ද මින් ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු බව එහි සඳහන් වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක ඡේදයක් ද උපුටා දක්වමින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
ඒ අනුව කිසිදු දරුවෙකුට දඬුවම් කිරීමේ ක්‍රමයක් ලෙස හෝ වෙනත් හේතුවක් නිසා හෝ කිසිදු ශාරීරික හෝ මානසික හෝ හානියක් සිදුනොකළ යුතු අතර කිසිදු ආකාරයක ශාරීරික දඩුවමක් කවර මට්ටමකින්වත් සිදුකළ නොහැකි බවත් වැරදිකරුවන්ට නීතියෙන් දඬුවම් හිමි වන බවත් අදාළ ඡේදයේ සඳහන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයෙහි සඳහන් වේ.
පාසල් සිසුන්ගේ විනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ සඳහන් කර ඇති කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ යුතු බවට අදාළ චක්‍රලේඛය මඟින් අවධාරණය කර තිබේ ෴
වාහන ජාවාරමේ යෙදුණු කල්ලියක් අත්අඩංගුවට
(02.04.2026 – 08:48 +0530 – sinhala.adaderana.lk)
ලියාපදිංචි බලපත්‍ර නොමැතිව වාහන සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු (3) බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාජ ලිපි ලේඛන සකස්කර රථවාහන ජාවාරමේ යෙදුන සැකකරුවෙකු සම්බන්ධයෙන් එම කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
මීගහවත්ත හා කඳාන පොලිස් වසම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදි ඔවුන් සතුව තිබී මෝටර් රථ 03 ක්, ජීප් රථ 02 ක්, ලොරි රථයක් (01) සහ යතුරුපැදියක් (01) පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් වයස අවුරුදු 21, 39 හා 44 වියේ පසුවන කඳාන හා මීගහවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴
කිරිබත්ගොඩම අනතුරේ! විශාලම වෙල්යාය නීතිවිරෝධීව ගොඩ කරයි – වෙන්න නියමිත මහා විපතක් ‘හිරු CIA’ හෙළි කරයි (02.04.2026)
+
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි – අවසන් දිනය අප්‍රේල් 27
(02.04.2026 – hirunews.lk)
2026 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල (5 සහ 6 ශ්‍රේණි හැර) පවතින පුරප්පාඩු සඳහා සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් මෙම මස 27 වැනිදාට පෙර අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
ඒ අනුව, මෙම අයදුම්පත් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත භාරදිය යුතු බවයි එම නිවේදනයේ සඳහන් ෴
‘දැයට කිරුල’ කාර්යාලයේ හිටපු විධායක ලේකම්වරියට ඇප
(02.04.2026 – hirunews.lk)
‘දැයට කිරුල’ ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය වැසිකිලි 240 ක් ඉදිකිරීම සඳහා ටෙන්ඩරයක් ලබාගෙන රජයට රුපියල් ලක්ෂ අනූවක (90) පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් දැයට කිරුල කාර්යාලයේ හිටපු විධායක ලේකම්වරියක වන ‘කාන්ති ගුණවර්ධන’ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(2) නියෝග කළා.
සැකකාරියට රු. ලක්ෂ පහ (5) බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.
සිද්ධියට අදාලව කරුණු දක්වමින් අල්ලස් කොමිසම පවසා සිටියේ මෙම සැකකාරිය විසින් දැයට කිරුළ ප්‍රදර්ශනයට අවශ්‍ය වැසිකිලි 240 ක් ඉදිකිරීම සඳහා ලබා දී තිබූ ටෙන්ඩර් ලබාගෙන තිබූ බවයි.
ඒ අනුව එක් වැසිකිළියකට ටෙන්ඩරයට අනුව රුපියල් 50,000 ක මුදලක් ඇස්තමේන්තු කර තිබූ බවත් මෙම සැකකාරිය විසින් ඇස්තමේන්තු කර තිබු මුදල නොතකා එක් වැසිකිලියකට රුපියල් 22,000 ක මුදලක් පමණක් වියදම් කර ඇති බවයි.
ඒ අනුව මෙම සිද්ධියට අදාලව සැකකාරිය විසින් රුපියල් අනූලක්ෂයක (90,00,000) පාඩුවක් රජයට සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුවා.
තවද මෙලෙස ලබාදුන් වැසිකිළි හිතවත් අයට ලබා දී ඇති බවද අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුවා.
සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ධනුෂ්ක ප්‍රසන්න සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාලවම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දැනට අවුරුදු දහයකට (10) පෙර නඩුවක් පැවැති බවත් ඒ නීතිපති උපදෙස් සඳහා යොමු කර තිබූ බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාරියට ඇප නියම කළා.
මේ වන විට ඇය විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ හිටපු සහකාර ලේකම්වරියක් වශයෙන් විශ්‍රාම ලබා තිබෙනවා ෴
ගල්අඟුරු වංචාවට ජනපතිත් සම්බන්ධ බවට නාමල්ගෙන් චෝදනාවක්
(02.04.2026 – 17:06 +0530 – sinhala.adaderana.lk)
ජනාධිපතිවරයා ගල්අඟුරු වංචාව සිදු කළ පුද්ගලයින් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි.
ඔහු මෙම චෝදනාව එල්ල කරනු ලැබුවේ, පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
ගල්අඟුරු සම්බන්ධයෙන් සිදු වූ බව කියන අක්‍රමිකතාව වංචාවක් ලෙස නොදකින්නේ නම් ජනාධිපතිවරයා ද ඊට සම්බන්ධ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
“මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියත් අර යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වගේමයි. පොකට් ගහන එක්කෙනා පික්පොකට් එක ගහලා මෙන්න හොරෙක් මෙන්න හොරෙක් කියලා දුවනවා. ඉතින් ගමේ හැමෝම පික්පොකට් කාරයා පස්සේ දුවනවා හොරා අල්ලන්න. බලද්දී පික්පොකට් එක ගහලා තියෙන්නේ අනිත් කෙනාට හොරා කියපු කෙනා. මේ අණ්ඩුවත් අන්න එහෙම තමයි. අපි හැමෝම දකිනවා මේ රටේ විධායක ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අය ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ජනාධිපතිවරයාගේ හැම ප්‍රකාශයක්ම ජනාධිපතිවරයාගේ හැසිරෙන විදිය බැලුවම සහ ඔවුන්ව ආරක්ෂා කරන්න ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගන්න හැම ක්‍රියා කලාපයක්ම බැලුවම පැහැදිලි වෙනවා මේ රටේ විධායක ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව පිටුපස ඉන්නවා.
මේ රටේ ජනාධිපතිවරයා කෘෂිකර්ම ඇමතිව සිටි කාලයේදී ඔය කියන පුද්ගලයාව අමාත්‍යාංශයට ගේන්නෙ මොකද? ඉතින් ඒ ගෙනල්ලා පහු කාලීනව ඔහුට දැන් අධි චෝදනත් ලැබිලා තියෙනවා කරපු වංචාවක් සම්බන්ධයෙන්. ඒ හා සමාන වංචාවක් දැන් ගල්අඟුරු ගෙනල්ලත් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ජනාධිපතිවරයා කලින් කෘෂිකර්ම ඇමති වෙලා ඉන්නකොට, රජයේ ඉහළ තනතුරකට පත් කරලා, පහු කාලීනව අධි චෝදනාවත් ලැබිලා, දැන් ඔහුව කැබිනට් ඇමතිවරයෙක් කරලා බාල ගල් අඟුරු ගෙනල්ලා, තවදුරටත් ඔහුව ආරක්ෂා කරනවා නම් ජනාධිපතිවරයාට මේක බැලූ බැල්මට වංචාවක් ලෙස පේන්නේ නැත්නම්, පැහැදිලිවම මේ වංචාව පිටුපස්සේ ඉන්නේ මේ රටේ විධායක ජනාධිපති අනුර දිසානායක මහත්තයා”.
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴