දික්ඕවිටට ගෙන ආ ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝ 300 කට අධික ප්‍රමාණයක්

දික්ඕවිටට ගෙන ආ ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝ 300 කට අධික ප්‍රමාණයක්


දික්ඕවිටට ගෙන ආ ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝ 300 කට අධික ප්‍රමාණයක්

(01.04.2026 – 09:06 +0530 – sinhala.adaderana.lk)

විදෙස් බුද්ධි තොරතුරක් මත බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදා අවේක්ෂණ මෙහෙයුමක් අතරතුර සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 300 කට අධික ප්‍රමාණයක් තිබී සොයා ගෙන තිබේ.

අද (01) උදෑසන අදාළ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් පසු සිදුකළ පරීක්ෂණවලින් පසුව අදාළ ධීවර යාත්‍රාවේ තිබූ උර 298 ක මෙම මත්ද්‍රව්‍ය තිබූ බවට අනාවරණය වූ බව නාවික හමුදාපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ කාංචන බානගොඩ මහතා පැවසීය.

මෙම ධීවර යාත්‍රාව ලාංකික බහුදින යාත්‍රාවක් බවත් එහි සිටි සැකකරුවන් 6 දෙනා සහ සන්නිවේදන කටයුතු සඳහා භාවිත කළ සන්නිවේදන උපකරණය ද නීතියට ඉදිරිපත් කර ඇතැයි නාවික හමුදාපතිවරයා මෙහිදී පැවසීය.

අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 6,000 ක් පමණ බවද නාවික හමුදාව සඳහන් කළේය ෴

+++

+++

+


මට ‘වනචාරියා’ කියපු එකාගේ අම්මයි තාත්තයි එක කුස උපන් අයියයි නංගියි – හොයලා බලන්නකෝ (01.04.2026)

+


සහරාන්ට මුදල් දුන්නේ මාලිමාවේ ඊබ්‍රහිම් නානා – ඒ මුදල්වලින් තමයි එතුමා මේ විනාශය කළේ (01.04.2026)

+


මිනීමරු හමුදාව අපිට එපා – යාපනය කැළඹෙයි – තිස්ස විහාරය වටලන්න අදත් ජන ගඟක් එයි (01.04.2026)

+


නිලධාරීන් පන්සලේ සිල් ගන්න එපා කිව්වා – ගම්මු කට්ට අව්වේ මහ පාරේ සිල් සමාදන් වෙයි (01.04.2026)

+


අපේ ආණ්ඩුවක් ආවම 159ම හිරේ දානවා – ඒකාබද්ධ විපක්ෂය හදිසියේ මාධ්‍ය කැඳවයි (01.04.2026)

+


හොර සල්ලි ගැන අවධානයෙන් ගනුදෙනු කරන්න | අවුරුදු කාලය පටන් ගන්නකොටම පොලිසියෙන් හැමෝටම වටිනා පාඩමක් (01.04.2026)

+


කොටහේනේදී කැබ් රථයක සඟවා තිබූ මත්කරල් 63,000 ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (3) දැලේ

(01.04.2026 – hirunews.lk)

කොටහේන පොලිස් වසමට අයත් ශාන්ත ලුසියා වීදිය ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී, රුපියල් ලක්ෂ ගණනක් වටිනා මත්කරල් 63,000 ක තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (3) සහ කැබ් රථයක් අත්අඩංගුවට ගැනීමට කොටහේන පොලිසිය සමත්ව තිබෙනවා.

මෙම වැටලීම ඉකුත් 31 වනදා උදෑසන කාලයේදී සිදුකළ බවයි පොලිසිය පවසන්නේ.

සූක්ෂම ලෙස සඟවා තිබූ මත්කරල් කොටහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාර්ගයේ ධාවනය වූ සැකකටයුතු කැබ් රථයක් නවතා පරීක්ෂා කර තිබෙනවා.

එහිදී එම රථය තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම මත්කරල් හැට තුන්දහසක (63,000) ප්‍රමාණය සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21, 31 සහ 35 යන වයස්වල පසුවන පුද්ගලයන්ය.

ඔවුන් වෙන්නප්පුව සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මත්කරල් තොගය ප්‍රවාහනය කිරීමට යොදාගත් කැබ් රථය ද මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම මත්කරල් තොගය කොහේ සිට කොහේට ප්‍රවාහනය කරමින් තිබුණේ ද සහ මෙයට සම්බන්ධ ජාලය පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


ත්‍රිරෝද රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දෙදෙනෙක් (2) අත්අඩංගුවට

(01.04.2026 – hirunews.lk)

‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ තුනකට (3) ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබා ගෙන ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු (2) පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකය ii හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (31) දින වැල්ලම්පිටිය පොලිස් වසමේ අංක 324, අවිස්සාවේල්ල පාර, වැල්ලම්පිටිය ලිපිනයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහි දී ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 938 ක් සන්තකයේ තබාගෙන ත්‍රිරෝද රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි කොළඹ 14, මහවත්ත පාර ප්‍රදේශයේ හා කොළඹ 10, මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58 හා 48 පසුවන පුද්ගලයන් දෙදෙනෙකු (2) විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලිසිය පවසන්නේ.

වැඩිදුර තොරතුරු විමසීමේදී මෙම සැකකරුවන් සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මහවත්තේ චාමර’ නැමැති පුද්ගලයාගෙන් මෙම මත්ද්‍රව්‍ය ලබාගත් බවට තොරතුරු අනාවරණය වී තිබෙන බව පොලිසිය පවසනවා ෴


රුපියල් කෝටි 620 ක මත්ද්‍රව්‍ය හසුකරගත් නාවික හමුදා මෙහෙයුම

(01.04.2026 – 22:17 +0530 – sinhala.adaderana.lk)

විදෙස් බුද්ධි තොරතුරක් මත බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදා අවේක්ෂණ මෙහෙයුමක් අතරතුර මත්ද්‍රව්‍ය සමග භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව ගැන තවත් කරුණු හෙළිකරගැනීමට හැකිව තිබේ.

ඒ අනුව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ඉරාන නෞකාවකින් අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙම යාත්‍රාවට ලබාදි ඇති බවය.

‘අවේමරියා’ නම් මෙම යාත්‍රාව පසුගිය පෙබරවාරි 04 වැනිදා වෙල්ලමංකඩ ධීවර වරායෙන් පිටත්ව ගොස් තිබේ.

අත්අඩංගුවට පත් වූ ධීවරයින් 6 දෙනා මෙම ගමන පිටත්ව ගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය රැගෙන එන බව දැනුවත්ව බව සඳහන්ය.

එම එක් අයෙකුට රුපියල් කෝටියක මුදලක් ලබාදෙන බවට ජාවාරම්කරුවන් පොරොන්දු වී ඇති බවත් සිදුකළ මූලික ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වී ඇත.

ඒ අනුව ඔවුන් පිටත්වීමට පෙර රුපියල් 50,000 ක අත්තිකාරමක්ද ලබාගෙන තිබේ.

එමෙන්ම මෙම යාත්‍රාවේ හිමිකරුද මෙම ජාවාරම පිළිබඳ දැනුවත්ව ඇති බවට ආරක්ෂක අංශ සැක කරන අතර, ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වේ.

එමෙන්ම දිසානායක නමැති අයෙකු විසින් ගොඩබිමේ සිට යාත්‍රාවේ සිටි ධීවරයින් මෙහෙයවා ඇති අතර ඔහුව මෙහෙයවා ඇත්තේ ‘අයියා’ ලෙස හඳුන්වන අයෙක් බව මේ වනවිට අනාවරණ වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 300 කට අධික ප්‍රමාණයක් සොයාගනු ලැබීය.

එම මත්ද්‍රව්‍ය උර, යාත්‍රාවේ ඉදිරිපස ටැංකියේ සඟවා තිබියදී සොයාගැනීමට හැකිව ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් එහිදී සිදුකළ මූලික විමර්ශනයේදී හෙළිවුණේ යාත්‍රාවේ තිබූ උරවල අසුරන ලද පැකට් 298 ක ‘හෙරොයින්’ කිලෝග්‍රෑම් 323 ක ප්‍රමාණයක් ඇති බවය.

එම මත්ද්‍රව්‍ය තොගය රුපියල් කෝටි 620 කට අධික බව සඳහන්ය.

එමෙන්ම යාත්‍රාවේ තිබී සැටලයිට් දුරකථනයක් ද සොයාගැණුනි ෴


14 හැවිරිදි තිස්සමහාරාමයේ සුමනධම්ම හිමියන්ට ‘A’ සාමාර්ථ 3 ක්

(01.04.2026 – hirunews.lk)

ජයග්‍රහණ හෝ ඉලක්ක කරා යෑමට ඕනෑම අයෙකුට අවශ්‍ය වන්නේ දැඩි අධිෂ්ඨානයක් පමණයි.

ඒ බව සනාථ කරමින් මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ තුනක් හිමිකරගත් හිමි නමක් පිළිබඳ පුවතක් ‘හිරු’ට වාර්තා වුණා.

උන්වහන්සේ ඒ විශිෂ්ට සාමාර්ථය ලබා ගන්නේ වයස අවුරුදු 14 දී වීමත් විශේෂත්වයක්.

උන් වහන්සේ කිරුළපන සිරි කිරුළාශ්‍රමය විහාරස්ථානයේ වැඩ වසන ප්‍රාචීන පණ්ඩිත පූජ්‍ය තිස්සමහාරාමයේ සුමන ධම්ම හිමියන්.

පූජ්‍ය තිස්සමහාරාමයේ සුමන ධම්ම හිමියන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටියේ කලා විෂයධාරාවෙන්.

පාලි, සංස්කෘත සහ බුද්ධ ධර්මය යන විෂයන්වලින් උසස් පෙළ විභාගයට පෙනී සිටි උන්වහන්සේ එම විෂයන් තුනටම A සාමාර්ථ හිමි කරගෙන තිබෙනවා.

කාව්‍යශූරී හිමිනමක් වන උන්වහන්සේ අවස්ථා ගණනාවකදීම ‘හිරු සීල පාරමිතා පෝදා වැඩසටහන’ සමග එක්වූ හිමි නමක්.

මෙවැනි වයසක දරුවෙකු සාමාන්‍යයෙන් අධ්‍යාපනය ලබන්නේ 9 වැනි ශ්‍රේණියේයි ෴


RMV කොමසාරිස් ජනරාල්ගේ ඥාති පුතෙකුත් අත්අඩංගුවට

(01.04.2026 – hirunews.lk)

සංවිධානාත්මක අයුරින් 28-8583 අංක දරන කැබ් රථයේ කොටස් නීති විරෝධී ලෙස එකලස් කර රථයේ චැසි අංක වෙනස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්ගේ ඥාති පුත්‍රයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම වංචාව සම්බන්ධයෙන් ඉකුත් 27 වැනිදා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නීතිඥ කමල් සුදන්ත අමරසිංහ කොළඹ 07 හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ නිල පියස නිවසේදී අත්අඩංගුවට ගෙන පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (10) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් ආරම්භ කළ මෙම විමර්ශනය පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබුණා.

ඒ අනුව අදාල සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගත්තේ.

සැකකාර පුද්ගලයා එම බර සහතික ලබාගෙන එම ලේඛන මගින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ “ඊ ” කාන්ඩයේ අංකයක් ලබා ගැනීම සඳහා චැසි සංශෝධනයට ඉදිරිපත් කිරීම හා ඊට අමතරව අංක 27-8454 දරන ලොරි රථයේ කොටස් නීති විරෝධී ලෙස එකලස් කර ලියාපදිංචි කිරීමට කටයුතු කිරීම හා ආධාර අනුබලදීම සම්බන්ධයෙනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු මාවතගම මාරලන්ද ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූල්‍ය විමර්ශන අංශ (04) මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *