කොවිෂීල්ඩ් රට පුරා එන්නත් කිරීම ඇරඹේ – එන්නතේ සඵලත්වය ගැන ජ’පුර සරසවියෙන් පරීක්ෂණ

කොවිෂීල්ඩ් රට පුරා එන්නත් කිරීම ඇරඹේ – එන්නතේ සඵලත්වය ගැන ජ’පුර සරසවියෙන් පරීක්ෂණ

*********************************************

කොවිෂීල්ඩ් රට පුරා එන්නත් කිරීම ඇරඹේ – එන්නතේ සඵලත්වය ගැන ජ’පුර සරසවියෙන් පරීක්ෂණ

(30.01.2021 – 16:25 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දන කොවිෂීල්ඩ් එන්නත්කරණ වැඩසටහන දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ඒ අනුව, සියලු දිස්ත්‍රික්කවල පිහිටි රෝහල් වල මෙන්ම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල එන්නත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වන බවයි.

බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 10 කදී මෙම වැඩසටහන ඊයේ (29) ආරම්භ වූ අතර, එහිදී 5,286 දෙනෙකුට එන්නත ලබා දී තිබුණා.

ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව මෙම එන්නත් කිරීමේ කටයුතු සිදුකෙරෙනවා.

කොරෝනා මර්දන කටයුතුවල නිරත ඉදිරිපෙල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 1,50,000 කට ආසන්න නිලධාරින්ට පළමු අදියරේදී එන්නත ලබාදෙනු ඇති.

එසේම, කොරෝනා මර්දන කටයුතුවල නිරතව සිටින 1,20,000 කට ආසන්න වූ පොලිස් හා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ද පළමු අදියරේදී කොවිෂීල්ඩ් එන්නත ලබාදෙනවා.

මේ අතර, කොවිෂීල්ඩ් එන්නත මගින් ශරීරය තුල ඇති වන ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය සහ ආසාත්මක හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්. එම පර්යේෂණයේ ප්‍රතිඵල ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි.

+++++++++++++++++++++

(30.01.2021 – 16:48 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බස්නාහිර පළාතේ ආයතන 1223 කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බව පොලිසිය පවසනවා.

ජනවාරි 10 වනදා සිට මේ දක්වා කාලය තුළ ආයතන 9445 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එම ආයතන වලින් 1223 ක් පමණක් නිරෝධාන නීතියට පටහැනිව කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ඊයේ (29) දිනයේදීත් බස්නාහිර පළාතේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 837 ක් පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී නිරෝධාන නීතිය කඩ කළ ආයතන 63 කට නඩු පැවරීමට සුදානම් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.

එමෙන්ම මුව ආවරණ පැළඳ නොසිටීම සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා නොගැනීම යන චෝදනා යටතේ ඊයේ (29) දිනය තුළ පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+++++++++++++++++++++

(30.01.2021 – 18:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 406 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 62,851 ක්.

මේ අතර, අද (30) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 879 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 56,000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 56,277 ක්.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 6,269 ක් පමණයි.

මේ දක්වා මෙරටින් වාර්තාවන කොරෝනා මරණ 305 අතරින් 292 ක්ම වාර්තා වන්නේ දෙවැනි (2) කොරෝනා රැල්ලලෙන්.

එම 292 දෙදෙනාගෙන් 137 දෙනෙකුම වයස අවුරුදු 71 ට වැඩි පුද්ගලයින් වීමත් විශේෂත්වයක්.

ඒ අනුව කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමඟ වාර්තා වූ මරණ අතරින් 46.92% ක්ම වයස අවුරුදු 71 ට වැඩි පුද්ගලයින්.

මියගිය පිරිස අතරින් 23.63% ක් වයස අවුරුදු 61 – 70 ත් අතර පසුවන්නන්.

15.06% ක මරණ ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ අවුරුදු 51 -60 ත් අතර වයස් කාණ්ඩයෙන්.

ඒ අනුව වයස අවුරුදු 51 ට අඩු පුද්ගලයින් ජීවිතක්ෂයට පත්වීම සටහන් වී තිබුණේ 14.39% ක් ලෙසයි.

+++++++++++++++++++

(30.01.2021 – 19:27 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජනගහණයෙන් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා කොරෝනා එන්නත් ලබාදීම මාර්තු පළමු වැනි සතිය වනවිට ආරම්භ කිරීමට කටයුතු කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

කටාන ප්‍රදේශයේ අද (30) පැවති නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ ඉදිරියේදී කොරෝනා එන්නත් කඩිනමින් මිලදී ගැනීම සඳහා කටයුතු කරන බවයි.

ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළේ කොරෝනා එන්නත් ලබාගැනීමෙන් පසු පුරුෂයින්ගේ මඳසරුභාවයක් ඇතිවන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

මේ අතර, කොරෝනා මර්දන කොවිෂීල්ඩ් එන්නත්කරණ වැඩසටහන දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලදී අද (30) ආරම්භ කෙරුණා.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ඒ අනුව, සියලු දිස්ත්‍රික්කවල පිහිටි රෝහල්වල මෙන්ම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල එන්නත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වූ බවයි.

බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 10 කදී මෙම වැඩසටහන ඊයේ (29) ආරම්භ වූ අතර, එහිදී 5,286 දෙනෙකුට එන්නත ලබා දී තිබුණා.

ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව මෙම එන්නත් කිරීමේ කටයුතු සිදුකෙරෙනවා.

අද (30) දිනය තුළ යුද හමුදාවේ පමණක් සාමාජිකයින් 7500 කට එන්නත් ලබාදී තිබෙනවා.

මේ අතර, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (30) පලාලි යුද හමුදා රෝහලේ එන්නත්කරණ වැඩසටහන නිරීක්ෂණය කළා.

මේ අතර, අද (30) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 879 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 56,000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 56,277 ක්.

එසේම, තවත් කොරෝනා ආසාදිතයින් 406 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 62,851 ක් වන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 6,269 ක් පමණයි.

මේ දක්වා මෙරටින් වාර්තාවන කොරෝනා මරණ 305 අතරින් 292 ක්ම වාර්තා වන්නේ දෙවැනි (2) කොරෝනා රැල්ලලෙන්.

එම 292 දෙදෙනාගෙන් 137 දෙනෙකුම වයස අවුරුදු 71 ට වැඩි පුද්ගලයින් වීමත් විශේෂත්වයක්.

ඒ අනුව කොරෝනා දෙවන (2) රැල්ලේ ව්‍යාප්තියත් සමඟ වාර්තා වූ මරණ අතරින් 46.92% ක්ම වයස අවුරුදු 71 ට වැඩි පුද්ගලයින්.

මියගිය පිරිස අතරින් 23.63% ක් වයස අවුරුදු 61-70 ත් අතර පසුවන්නන්.

15.06% ක මරණ ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ අවුරුදු 51-60 ත් අතර වයස් කාණ්ඩයෙන්.

ඒ අනුව වයස අවුරුදු 51 ට අඩු පුද්ගලයින් ජීවිතක්ෂයට පත්වීම සටහන් වී තිබුණේ 14.39% ක් ලෙසයි.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 442 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 63,293 ක් ලෙසටයි.

අද (30) දිනයේ මේ දක්වා ආසාදිතයන් 848 ක් වාර්තාවුණා ෴

අද (30) දිනයේදී පුද්ගලයන් 32,539 දෙනෙකුට කොරෝනා එන්නත ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

අද (30) පස්වරු 07:45 වන විට එම සංඛ්‍යාව සටහන් වන බවයි ඔවුන් නිවේදනය කළේ.

එන්නත ලබාදීම ආරම්භ කළ ඊයේ (29) දිනයේදී 5286 දෙනෙකුට එන්නත් ලබාදුන් අතර ඒ අනුව දින දෙක (2) තුල එන්නත ලබාදී ඇති සම්පූර්ණ සංඛ්‍යාව 37,825 ක් ෴

++++++++++++++++++++

(30.01.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතයත් සමඟ වෛරසය ආසාදනය වූවන් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තබන්නේ ඔවුන්ගෙන් සමාජ ව්‍යාප්තිය අවම කිරීමට මෙන්ම ආසාදිත පුද්ගලයින්ට විශේෂ අවධානයක් ලබාදීමේ පහසුව වෙනුවෙන්.

නමුත්, එලෙස රඳවා තැබෙන ඇතැම් නිරෝධායන මධ්‍යස්ථාන සැබවින්ම සුරක්ෂිත ද ?

මෙරට කොවිඩ් ව්‍යාප්තියත් සමඟ නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කළ එක් මධ්‍යස්ථානයක් වූයේ මඩකලපුවේ පිහිටි බැටික්ලෝ කැම්පස් පෞද්ගලික විශ්වවිද්‍යාලයයි.

කෙසේ වෙතත්, මේ වනවිට එම නිරෝධායන මධ්‍යස්ථානයේ ගැටලු රැසක් උද්ගතව ඇති බවට එහි රඳවා සිටින පිරිස චෝදනා කරනවා.

+++++++++++++++++++

(30.01.2021 – 22:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 8 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 313 ක්.

මෙරටින් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 63,293 ක් වාර්තාවී ඇති අතර ඉන් 6703 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 56,277 ක්.

@@@@@@@@@@@@@@@@@

(30.01.2021 – 17:02 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි මාසයේ මේ දක්වා ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 1224 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඉන් වැඩිම සංඛ්‍යාවක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 759 ක් බවයි.

එසේම, කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 87 දෙනෙකු වාර්තා වී ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් හතලිස් දෙදෙනෙකු (42) වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එසේම කළුතර දිස්ත්‍රික්කයෙන් ද ඩෙංගු රෝගීන් 47 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පසුගිය වසරේදී මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 31,031 ක් ෴

***************************************

එල්ලවන ‘බෝන් එගේන්’ චෝදනාව ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

(30.01.2021 – 18:17 +0530 – hirunews.lk/sinhala)

***************************************

(30.01.2021 – 18:37 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම මාන්තේ වෙරළ තීරයට ආසන්න ලඳු කැලෑවක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 67 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (29) සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම කේරළ ගංජා ප්‍රමාණය සොයාගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මාන්තේ වෙරළ තීරයට ආසන්න ලඳු කැලෑවක ගෝනි උර දෙකක් තුල සඟවා තිබූ පාර්සල් 32 ක කේරළ ගංජා තිබු බව නාවික හමුදාව ප්‍රකාශ කරනවා.

මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 23 කට අධිකයි.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා වංකාලේ පොලීසිය වෙත භාර දීමට කටයුතු කල අතර, සැකකරුවන් සොයා විමර්ශණ ආරම්භ කර තිබෙනවා ෴

***************************************

(30.01.2021 – 19:09 +0530 – hirunews.lk/sinhala)

දැව ආනයනය සඳහා දිගින් දිගටම බදු පැනවීම තුළින් විශාල පිරිසක් බලපෑමට ලක්වන බව ශ්‍රී ලංකා දැව ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති පාලිත හපුආරච්චි මහතා සඳහන් කළේ මෙරටට දැව ආනයනය සිදුනොකලහොත් පරිසරයට වසරකදී ශාඛ ලක්ෂයකට අධික ප්‍රමාණයක් අහිමි වන බවයි ෴

***************************************

(30.01.2021 – 19:12 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ කළමනාකාරිත්වය යටතේ ඉදිරියටත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් කොළඹ වරායේ වෘත්තීය සමිති ඊයේ (29) ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඊයේ (29) වරාය අධිකාරිය ඉදිරිපිට පැවති විරෝධතාවකින් අනතුරුව ඔවුන් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළා.

මේ අතර, වෘත්තීය සමිති 23 ක නියෝජිතයින්ගේ විශේෂ සාකච්ඡාවක් නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද (30) පස්වරුවේ කොළඹදී පවත්වනු ලැබුවා. එම සාකච්ඡාවට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ද එක්ව සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

වරාය අධිකාරියේ ඉංජිනේරු සංගමය ද අද (30) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට එක්වෙමින් අදහස් දැක්වූ එහි සභාපති ආර්.පී.පී. ක්‍රිශාන්ත මහතා කියා සිටියේ නැගෙනහිර පර්යන්තය රජය යටතේ පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් වරාය අධිකාරිය සතු බවයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාරි පක්ෂවල නියෝජිතයන් අද (30) පස්වරුවේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිවසට රැස්වුණා.

ඊට පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල, නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.

මේ අතර, වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා ද අද (30) මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළා.

එහිදි ඔහු පැවසුවේ වත්මන් රජයේ ප්‍රතිපත්තිය නැගෙනහිර පර්යන්තය වෙනත් රටකට ලබානොදීම බවයි.

එසේම, එම පර්යන්තය වරාය අධිකාරිය විසින්ම ඉදිරියට දියුණු කරමින් යන බවට තමන්ට විශ්වාසයක් පවතින බව ද ඔහු මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

***************************************

(30.01.2021 – 19:14 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම තුලින් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් කිසිදු වාසියක් අත්නොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති අංශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

(30.01.2021 – 19:21 +0530 – hirunews.lk/sinhala)

ගැටලු නිරාකරණය කර අවසන් වරට සැකසූ ඔප්පු 17,000 කට තමන් ඊයේ (29) වනවිට අත්සන් තබා ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ ගම සමඟ පිළිසඳර වැඩසටහනේ 8 වන අදියරට මොනරාගල – තණමල්විල – කුකුල් කටුව වැව් ඉස්මත්තේ දී අද (30) එක්වෙමින්.

නව නීති ක්‍රියාත්මක කිරීමත් සමඟ පැරණි චක්‍රලේඛවලින් පවරා ඇති නඩු ඉවත් කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා.

වැඩසටහනට එක්වීමට තණමල්විලට ගිය ජනාධිපතිවරයා කොටවෙහෙර – මංකඩ මහා විද්‍යාල භූමියට රැස්ව සිටි දරුවන් සහ ගම්වැසියන් සමඟ සාකච්ඡාවක නිරත වෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද අවධානය යොමුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

ග්‍රාමීය ගැටලු විසඳීමේදී මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරින් සහ ජනතාව එක්ව ගම කළමනාකරණය කළ යුතු බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ජනතා ගැටලු රැසක් සම්බන්ධයෙන් ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයේ යොමුවූ අතර, ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමට ද පියවර ගැණුනා.

+++++++++++++++

***************************************

වරාය කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

(30.01.2021 – 22:02 +0530 – hirunews.lk/sinhala)

1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඊට අදාළව ඉටුකළ යුතු වන්නා වූ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින්.

***************************************

(31.01.2021 – 07:26 +0530 – hirunews.lk/sinhala)

යාල රක්ෂිතයේ කලාප අංක 3 ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා හේනක් වටලා සැකකරුවන් දෙදෙනෙකු (2) පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කතරගම සහ හම්බන්තොට කඳවුරුවල නිලධාරීන් විසිනුයි පෙරේදා මෙම වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී අක්කර 2 යි පර්චස් 10 ක භූමි ප්‍රමාණයක වගාකර තිබූ ගංජා ශාක 16,618 ක් සහ තිබී ඇති අතර වියළි ගංජා කිලෝ 7 ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මැදමුලන සහ ඇතිලිවැව ප්‍රදේශවල පදිංචි අවුරුදු 30 සහ 58 වයස්වල පසුවන දෙදෙනෙක් (2).

සැකකරුවන් වැඩිදුර විමර්ශණ සඳහා පොලිසියට භාරදී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *