වරාය සේවකයින් අද (29) දහවල් සිට අකුරට වැඩ

වරාය සේවකයින් අද (29) දහවල් සිට අකුරට වැඩ

*********************************************

වරාය සේවකයින් අද (29) දහවල් සිට අකුරට වැඩ

(29.01.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධ ගැටලුවට රජය මෙතෙක් නිසි විසඳුමක් ලබා නොදීමට විරෝධය පළ කරමින් වරාය වෘත්තීය සමිති අද (29) දහවල් විරෝධතාවයක් ආරම්භ කළා.

වරාය වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවේ කොළඹ වරායේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලදී විරෝධතාව සිදුකිරීමෙන් අනතුරුව, අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.

මේ අතර, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිති ලබාදුන් යෝජනා අධ්‍යයනය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව ලබන සතියේ භාර දීමට නියමිතයි.

එම අනුකමිටුවේ ප්‍රධානී, වරාය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඊයේ (28) සහ පෙරේදා (27) ඇතුළු දින ගණනාවම අනු කමිටුව රැස්වූ අතර, ලබන සතියේ ද යළි රැස්වීමට නියමිත බවයි.

++++++++++++++++++

https://www.youtube.com/watch?v=U-zLe5hIwb4#t=5

***************************************

(29.01.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

පානදුර – පල්ලිමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යොදා ගත් යතුරුපැදිය ගොඩගැනීම සඳහා මේ වනවිට පොලිස් නාවික කොට්ඨාශයේ කිමිඳුම්කරුවන් 8 දෙනෙකු යොදවා තිබෙනවා.

වෙඩි තැබීමට පැමිණි ඝාතකයින් විසින් අදාළ යතුරුපැදිය පානදුර – ඌරාකොටුව තොටුපල ප්‍රදේශයෙන් බොල්ගොඩ ගඟෙහි අතු ගංඟාවකට දමා තිබුණා.

සැකකරුවන් විසින් ඔරුවක ආධාරයෙන් මෙම යතුරුපැදිය ගඟට දමා ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම, පොලිස් විමර්ශනවලට අනුව වෙඩි තැබීම සඳහා යොදාගත් ටී-56 ගිනි අවිය පානදුර – වදුරම්මුල්ල ප්‍රදේශයේ සුසාන භූමියක් අසල පැරණි ලී කොටයක් තුළ සඟවා තිබියදී ඊයේ (28) සොයා ගැණුනා.

ගිනි අවියට යොදන උණ්ඩ 16 ක්ද එහිදී පොලීසිය සොයා ගත් අතර, ගිනි අවිය ග්‍රීස් යොදා කළු පැහැති ඉටි කවරයක බහා එහි සඟවා තිබූ බව සඳහන්.

පසුගිය සඳුදා (25) මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර, ඊට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම් මත ඇති වූ මුදල් ආරවුලක් බවටයි දැනට අනාවරණ වී ඇත්තේ.

වෙඩි තැබීමෙන් 32 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වුණා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ගමන් ගත් ත්‍රිරෝද රථයේ සිටි එක් පුද්ගලයෙකුද සිද්ධියට සැක පිට පසුගියදා පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඝාතකයින්ට නවාතැන් ලබාදුන් නිවසක හිමිකරුවෙකු ද පොලීසිය ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබුණා.

+++++++++++++++

***************************************

(29.01.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ, මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යයට බලපෑම් එල්ල කරන්නේ කෙසේදැයි නීති විශාරදයෙකු වන අධිනීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා ප්‍රශ්න කරනවා.

‘හිරු ටී.වී. පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (29) පෙරවරුවේ එක්වෙමින් ඔහු කියා සිටියේ මහකොමසාරිස්වරියගේ අදාළ යෝජනාවට විකල්ප යෝජනාවක් වත්මන් රජය විසින් කඩිනමින් සකස් කළ යුතු බවයි.

පෙරේදා ජිනිවා නුවරදී එලිදැක්වූ ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචෙලට් විසින් ඉදිරිපත් කළ වාර්තාව මගින් මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අවභාවිත කිරීම සම්බන්ධයෙන් විශ්වසනීයත්වයෙන් යුත් චෝදනා ලැබ සිටින පුද්ගලයින්ට එරෙහිව සම්බාධක පැනවීම පිළිබඳව සලකා බලන්නැයි සාමාජික රටවලින් ඉල්ලා සිටියා.

එවැනි පුද්ගලයින්ගේ වත්කම් තහනම් කිරීමට සහ සංචාරක තහනමක් පැනවීමට අදාල වාර්තාව මගින් යෝජනා කර තිබුණා.

***************************************

(29.01.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘අරුමාහන්දි ජනිත් මධුසංක’ හෙවත් ‘පොඩි ලැසී’, බුස්ස බන්ධනාගාරයේදී ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම සම්බන්ධ නඩුවේ විමර්ශණ මේ වනවිට අවසන් වී තිබෙනවා.

ඒ අනුව, අදාළ වාර්තා නිතිපතිවරයා වෙත යවා ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.

ඒ, ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල වෙත වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින්.

මෙහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ නිති විරෝධි ගිනි අවි සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන්ද රැඳවුම්භාරයේ සිටින සැකකරුට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරිමට කටයතු කරමින් සිටින බවයි.

***************************************

(29.01.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

‘පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව’ හෙවත් ‘කෝප් කමිටුව’ හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ පෙබරවාරි 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාරක සභාව හමුවට කැඳවීමට එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා තීරණය කර ඇති බවයි.

එසේම, පෙබරවාරි 12 වැනිදා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කාරක සභාව හමුවට කැඳවා ඇත්තේ මෙරට ළමා අපයෝජන සම්බන්ධයෙන් වන විශේෂ විගණන වාර්තාව සැලකිල්ලට ගැනීමටයි.

ශ්‍රී ලංකාවට ප්ලාස්ටික් ආනයනය කළමනාකරණය කිරීම සහ ඒවා මෙරට තුළ භාවිතය පිළිබඳව විශේෂ විගණන වාර්තාවක් පෙබරවාරි 26 වැනිදා කෝප් කමිටුව හමුවේ සැලකිල්ලට ගැනීමට නියමිත බවද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළා ෴

***************************************

(29.01.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

නිසි වෙළෙඳපොළක් සහ අවශ්‍ය අමුද්‍රව්‍ය නොමැතිකමින් අනුරාධපුර මීගල්ලෑවේ කුඹල් කර්මාන්තය අභාවයට යමින් පවතිනවා.

කුඹල් කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳවයි මේ විමසා බැලීම.

***************************************

(29.01.2021 – 14:06 +0530 – hirunews.lk/sinhala)

සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමිට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගන්නා දිනය නියම කිරීම සඳහා එය ලබන මාර්තු මස 2 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (29) නියම කළා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ එම නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

මෙම නඩුවට අදාළව රූපවාහිනි මාධ්‍ය ආයතන කිහිපයකින් ගෙන්වා ගත් වීඩියෝ පට විත්තියේ නීතිඥවරුන්ට නැරඹීමට අවස්ථාව ලබාදෙන ලෙස ද, එහිදී අධිකරණය නියෝග කර තිබෙනවා.

අධිචෝදනා 14 ක් යටතේ අදාළ නඩුව පවරා ඇත්තේ නීතිපතිවරයා විසින් ෴

***************************************

(29.01.2021 – 15:18 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ පූනානි ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද (29) උදෑසන මෙම අනතුර සිදුවී ඇත්තේ අදාළ බස් රථය වෙනත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන්.

තුවාල ලැබූ මගීන් වාලච්චේන රෝහලට ඇතුලත් කෙරුණු අතර තුන්දෙනෙකු (3) වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

තුවාලකරුවන් අතර බස් රථයේ රියදුරා ද වන බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පූනානි පොලිසිය පරීක්ෂණ සිදුකරනවා ෴

***************************************

(29.01.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල – මාලඹේ මාර්ගයේ අධික වේගයෙන් පැමිණි සුඛෝපබෝගී මෝටර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් දියවන්නාවට පෙරලී තිබෙනවා.

අනතුරත් සමග එම ස්ථානයට ප්‍රදේවාසීන් පැමිණිමත් සමඟ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.

ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේදී බොරුල්ල – මාලඹේ මාර්ගයේ පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක් ඊයේ (28) රාත්‍රී 10 ට පමණ මෙලෙස අනතුරට පත් වුණා.

අධික වේගය සහ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලිසිය පවසනවා.

මෝටර් රථය දියවන්නාවට පෙරලී ගොස් තිබුණේ මාර්ගයේ ගමන් ගනිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) ද යටකරමින්.

අප වාර්තාකරු සඳහන් කළේ අනතුරටපත් මෝටර් රථයේ පිරිස බීමතින් සිටි බවට සැක කෙරෙන බවයි.

අනතුරත් සමග ඔවුන් පැනයාමට තැත් කළ ද ප්‍රදේශවාසීන් මැදිහත්වී ඔවුන් අල්ලා ගැනීමට යාමේදී උණුසුම් තත්ත්වයක් අතිවුණා.

පසුව දියවන්නාවට පෙරලී තිබූ මෝටර් රථය මහත් පරිශ්‍රමයක් දරා ගොඩට ගනු ලැබුවා.

+++++++++++++

***************************************

(29.01.2021 – 15:07 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට විරෝධය පළ කරමින් කොළඹ වරාය සේවකයන් ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කරමින් ගාල්ල වරායේ වෘත්තීය සමිති එකමුතුව විසින් අද (29) දහවල් විරෝධතාවක් පවත්වනු ලැබුවා.

දහවල් කෑම පැයේ වරාය පිටතට පැමිණි සේවකයින් කොළඹ – මාතර ප්‍රධාන මාර්ගයේ වරාය පිවිසුම් මාර්ගය අවහිර කරමින් සිය විරෝධය පළ කළ බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

පැයක පමණ විරෝධතාවලින් අනතුරුව ඔවුන් යළි රාජකාරි සඳහා පිටව ගොස් තිබෙනවා.

@@@@@@@@@@@@@@@@@@@

(29.01.2021 – 15:03 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කිරීමට ලැබීම සතුටට කරුණක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ තමන් මේ වනවිට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ගනිමින් සිටින බැවින් පළමු එන්නත්කරණ වැඩසටහනට සහභාගි වීමට නොහැකි වුවත්, එය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බවයි.

බස්නාහිර පළාතේ රෝහල් 6 කදී ආරම්භ වූ එන්නත් කිරීමේ වැඩසටහන හෙට (30) දින සිට මුළු දිවයින ආවරණය වන පරිදිම සිදුකරන බවයි අමාත්‍යවරිය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා ෴

++++++++++++++++++++

(29.01.2021 – 16:18 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 963 දෙනෙකු අද (29) දිනයේදීත් සුවය ලබා පිටව යාමත් සමඟ සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 55,000 සීමාව ඉක්මවනු ලැබුවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 55,398 ලෙස දැක්වෙන බවයි.

මේ අතර, ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතා තමන්ට කොරෝනා ආසාදනය වී ඇති බව ප්‍රකාශ කළා.

සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ එලෙස වෛරසය ආසාදනය වූවා යැයි සිතන දින සිට තමන් කිසිදු කලා කටයුත්තකට සම්බන්ධ වී නොසිටි බවයි.

එමෙන්ම, තමා ඇසුරු කළ පුද්ගලයන් සහ ආගිය ස්ථාන පිළිබඳව සෞඛ්‍ය බලධාරින්ට දැනුම් දුන් අතර, නිරෝධායනයට ලක්වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, කොරෝනා ආසාදිත බවට තහවරු වූ පුද්ගලයකු සීනිගම දෙවොල් දේවාලයට පැමිණීම හේතුවෙන් අද (29) එම දේවාල පරිශ්‍රය තාවකාලිකව වසා දමා විෂබීජහරණ කටයුතු සිදු කළා.

එසේම, පස්සර ජාතික පාසැලේ තවත් සිසුන් දෙදෙනෙකුට (2) හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 6 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර එම පාසැලේ සිසුන් 16 දෙනෙකුට වෛරසය ආසාදිත බව මීට පෙර හඳුනාගත්තා.

කොරෝනා මර්දන එන්නත් ලබාදීමේදී ගුරුවරුන්ට ද ප්‍රමුඛතාව ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළා.

ඒ බස්නාහිර පළාතේ පාසල්වල අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අද (29) නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴

+++++++++++++++++++++

(29.01.2021 – 17:12 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දන කොවිෂීල්ඩ් එන්නත්කරණ වැඩසටහන බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 9 කදී අද (29) ආරම්භ වූ අතර, අද දිනයේ (29) මේ දක්වා කාලය තුළ 2430 දෙනෙකුට එන්නත ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල එන්නත් කිරීමේ වැඩසටහන් හෙට (30) ආරම්භ කිරීමට නියමිතයි.

ප්‍රමුඛතා වැඩසටහනකට අනුව, අද (29) ආරම්භ වූ එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත ලැබූ පළමු සෞඛ්‍ය අංශ නිලධාරියා වූයේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා යි.

කොරෝනා පාලනය සඳහා ඉන්දීය රජයේ ප්‍රධානයක් ලෙස ඊයේ (28) මෙරටට ලැබුණු කොවිෂීල්ඩ් එන්නත මෙරට භාවිතයට ගැනීමේ පළමු වැඩසටහන අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී අද (29) පෙරවරුවේ පැවැත්වුණා.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ ද එක්ව සිටියා.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද උත්සවය ඇමතුවා.

මෙහිදී රෝහලේ විශේෂ ශ්‍රේණියේ ප්‍රධාන හෙද නිලධාරිනි ගීතානි උඩුගමකෝරාල මහත්මිය ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයට ද එන්නත ලබා දුන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, ආරක්ෂක අංශයේ ඉදිරි පෙළ ක්‍රියාකාරින්ගේ එන්නත්කරණ වැඩසටහන නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී ආරම්භ වුණේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

පනාගොඩ යුද හමුදා රෝහලේදී ද එන්නත්කරණ වැඩසටහනක් පැවැත්වුණා.

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති හෝමාගම සහ නැගෙනහිර කොළඹ මූලික රෝහල්වල කාර්ය මණ්ඩලයට ද පළමු අදියර යටතේ අද (29) එන්නත ලබා දුන්නා.

මීට අමතරව, අද (29) එන්නත්කරණය ඇරඹුනු සෙසු රෝහල් වන්නේ දකුණු කොළඹ ශික්ෂණ රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහලයි.

මේ අතර, කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කිරීමට ලැබීම සතුටට කරුණක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ තමන් මේ වනවිට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ගනිමින් සිටින බැවින් පළමු එන්නත්කරණ වැඩසටහනට සහභාගි වීමට නොහැකි වුවත්, එය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරන බවයි.

++++++++++++++++++++++

++++++++++++++++++++++

(29.01.2021 – 17:46 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය රජය විසින් ප්‍රදානය කළ කොරෝනා මර්දන එන්නත් ලබාදීම අද (29) දින සිට ආරම්භ කෙරුණා.

බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06 කදී ආරම්භ වන මෙම කටයුත්තේදී කොරෝනා මර්දනය සඳහා ඉදිරිපෙළ ක්‍රියා කරන 1,50,000 ක් පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, 1,20,000 ක් පමණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත එන්නත පළමුව ලබාදීමටයි සැලසුම් කර තිබුණේ.

මේ අනුව අවදානම් කණ්ඩායමක් ලෙස හඳුනා ගැනෙන ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට ද එන්නත ලබා දීම සිදු කළා.

හෙද නිළධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය විසින් එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් මුහුණු පොතට එකතු කර තිබුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *