ඉස්ලාම් අන්තවාදයට යටත් නොවෙනු! වරාය ඇතුළු ජාතික සම්පත් විකුණන් කෑම වහා නවතනු! කොළඹ කලාපයේ නියෝජිත සමුළුව

ඉස්ලාම් අන්තවාදයට යටත් නොවෙනු! වරාය ඇතුළු ජාතික සම්පත් විකුණන් කෑම වහා නවතනු! කොළඹ කලාපයේ නියෝජිත සමුළුව

*********************************************

ඉස්ලාම් අන්තවාදයට යටත් නොවෙනු! වරාය ඇතුළු ජාතික සම්පත් විකුණන් කෑම වහා නවතනු! කොළඹ කලාපයේ නියෝජිත සමුළුව

(21.01.2021 – 16:01 +0530 – lankaleadnews.com)

ඉස්ලාම් අන්තවාදයට යටත් නොවෙනු! වරාය ඇතුළු ජාතික සම්පත් විකුණන් කෑම වහා නවතනු! ජාතික සංවිධාන එකමුතුවේ කොළඹ කලාපයේ නියෝජිත සමුළුව කොළඹ 07 තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ සිට සජීව විකාශය :

++++++++++++++++++++++++

වරාය දුන්න දවසට මේ ආණ්ඩුව ඉවරයි – වරාය දෙන්න වෙන්නේ අපේ මිනී උඩින් – Truth with Chamuditha – 21.01.2021

***************************************

(21.01.2021 – 11:17 +0530 – hirunews.lk/sinhala)

15 හැවිරිදි පාසල් දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් දැරියගේ අසභ්‍ය වීඩියෝවක් ළඟ තබාගනිමින් මෙලෙස වසර දෙකක් (2) තිස්සේ දැරියට අතවර කර ඇති බවටයි මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇත්තේ.

පසුගිය දිනක දැරිය උපත් පාළන පෙති පානය කිරීම පිළිබඳව පියා දැක ඇති අතර ඒ පිළිබඳව සිදුකළ සොයාබැලීමකදීයි මෙම තොරතුරු අනාවරණ වී ඇති බව වාර්තාවන්නේ.

එහිදී දැරිය සමග මෙම සැකකරු මීට පෙර සම්බන්ධයක් ඇතිකරගෙන ඇති අතර එහිදී පියා විසින් අදාළ පුද්ගලයාට සහ දැරියට අවවාද කිරීමෙන් අනතුරුව එම සම්බන්ධය නවතා දමා ඇති බවට හඟවා තිබෙනවා.

කෙසේ වෙතත් පසුව සැකකරු විසින් දැරිය ලවා මව්පියන්ට නිදිපෙති ලබා දී ඇති අතර එම අවස්ථාවන් හි සැකකරු නිවසට පැමිණ දැරිය අපයෝජනය කර ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දැරිය මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුලත් කර තිබෙනවා ෴

***************************************

(21.01.2021 – 11:30 +0530 – hirunews.lk/sinhala)

තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ඉල්ලා ‘ස්වරණමහල් ෆයිනැන්ෂියල් සර්විසස්’ සමාගමේ හිටපු අධ්‍යක්ෂවරු තුන්දෙනෙකු (3) ඉදිරිපත් කර තිබෙන අපේක්ෂිත ඇප පෙත්සම් මේ මස 27 වනදා සලකා බැලීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

එහෙත් අපේක්ෂිත ඇප පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අදාළ සමාගමේ තවත් අධ්‍යක්ෂවරියක වන දීපා එදිරිසිංහගේ පෙත්සමේ තිබූ මුද්‍රණ දෝෂයක් හේතුවෙන් එම පෙත්සම ප්‍රතික්ෂේප කරන බවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් නියෝග කළේ.

කෙසේ වෙතත් ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ ඉදිරිපත් කළ අපේක්ෂිත පෙත්සම් මේ මස 27 වනදා විභාගයට ගන්නා බවත් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නොතීසි නිකුත් කරන බවත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන් ඇතුළු තුන්දෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලැබී තිබෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් අද (21) විවෘත අධිකරණයට දැනුම් දුන්නා.

ව්‍යාජ ඔප්පු සකස් කර තලෙයි මන්නාරම ප්‍රදේශයේ පිහිටි අක්කර අසුවකට (80) අධික ඉඩමක් විකිණීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වනවා.

මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවට අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නත් මෙතෙක් එවැනි පියවරක් ගෙන නොමැති බව සඳහන් කළා.

කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ එම සිද්ධියට සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මැයි මස 06 වනදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසයි ෴

***************************************

(21.01.2021 – 11:32 +0530 – hirunews.lk/sinhala)

රිෂාඩ් බදීයුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදීයුදීන් විසින් ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් විකිණිමේ සිද්ධියට අදාළ රස පරීක්ෂක වාර්තා ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අද (21) දැනුම් දුන්නා.

තලෙයිමන්නාරම ප්‍රදේශයේ අක්කර 80 ක අන්සතු ඉඩම් කොටස් දෙකක් (2) ව්‍යාජ ඔප්පු සකසා අත්පත් කර ගෙන පසුව වෙනත් පාර්ශවයකට විකිණිමේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදීයුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදීයුදීන්ට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් අදාල ඔප්පු සහ ලිපිලේඛණ සත්‍ය අසත්‍යතාව පරික්ෂා කිරීමට රජයේ රස පරීක්ෂක ඉදිරිපත් කල අතර අනතුරුව එම පරික්ෂණ වාර්තා ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල්ට දැනුම් දුන් බවයි අප අධිකරන වාර්තා කරු සදහන් කලේ.

ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණවල ප්‍රගතිය ලබන මැයි මස 06 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර, එදින දක්වා නඩුව කල් දැමීමට නියෝග කළා ෴

***************************************

(21.01.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

සේරුවාවිල රන්, තඹ හා යපස් ඇතැයි සැළකෙන නිධිය සම්බන්ධව පුළුල් විද්‍යාත්මක ගවේෂණයක් සිදුකිරීමට විද්වත් කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍යාංශය පවසනවා.

අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඇතුලු හයදෙනෙකු (6) ඇතුළත්.

අදාළ ඛනිජ සම්පත් නිධිය සම්බන්ධයෙන් 1970 වසරේදී එවකට පැවති තාක්ෂණය අනුව ගවේෂණයක් සිදුකර ඇති අතර, එහිදී සේරුවාවිල ඛනිජ නිධිය තුළ යපස්, තඹ මෙන්ම රත්‍රං ද පවතින බවට සොයාගෙන තිබෙනවා ෴

***************************************

(21.01.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරුණු කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් නමැත්තාට අයත් වූ වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සිටියදී අත්අඩංගුවට ගත් දස දෙනා (10) නීතිපති උපදෙස් අනුව නිදහස් කළද ඔවුන් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා.

ඔහු ඊයේ (20) අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවී පාස්කු ප්‍රහාරයේ ප්‍රගතිය පිළිබඳව කරුණු පැහැදිළි කර තිබුණා.

එම හමුව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

දැනට පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව පාස්කු ප්‍රහාරයේ විමර්ශණ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද එහිදී තමන් අගරදගුරු හිමිපාණන් දැනුම්වත් කර බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර ඊයේ (20) පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කරුණු පැහැදිළි කිරීමක් කළා.

වයස අවුරුදු 18 ඉක්මවූ සියලුදෙනාට හමුදා පුහුණුව ලබාදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පසුගියදා ප්‍රකාශකළා ෴

***************************************

(21.01.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

දේශීය ආර්ථික ප්‍රතිපත්තියක් තුළ රට සංවර්ධනය කිරීම ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පන්නිපිටිය – මාකුඹුර ප්‍රදේශයේ ඉදිකළ පාවහන් කර්මාන්තශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවට සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ එක්වෙමින්.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන විමල් වීරවංශ මහතා සහ බන්දුල ගුණවර්ධන මහතා ද එක්ව සිටියා.

***************************************

(21.01.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

බොහෝ කැපකිරීම් සිදුකරමින් බලයට ගෙන ආ වත්මන් රජය පිළිබඳව මේ වනවිට මහා සංඝ රත්නය මෙන්ම ජනතාවද යම් කළකිරීමකින් පසුවන බව පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් පවසනවා.

උන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් අභයාරාම විහාරස්ථානයේ පැවති ආශිර්වාද බෝධී පූජා පිංකමකට ඊයේ (20) පස්වරුවේ එක්වෙමිනුයි පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් මේ බව කියා සිටියේ.

***************************************

(21.01.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තුන්දෙනෙකු (3) ලබන මස 03 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් අද (21) නියෝග කළා.

මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමඟ හැරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන්.

ශානි අබේසේකරට අමතරව ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කරන ලද හිටපු උප පොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක එච්.ඩි. නවරත්න ප්‍රේමතිලක මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම නඩුවේ හතරවන සැකකරු වන එච්.ඩි. නවරත්න ප්‍රේමතිලකගෙන් මහර බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් ලබාගත් බව පැමිණිල්ල මෙහෙයවමින් කොළඹ අපරාධ කොට්ඨාශය අද (21) අධිකරණයට දැනුම් දුන්නා ෴

***************************************

(21.01.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala)

අලි – මිනිස් ගැටුමට නිසි විසදුමක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සූරියවැව – වල්සපුගල දී ගොවි සංවිධාන ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය අතරතුර අද (21) උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඒ, යෝජිත වන අලි කළමනාකරණ ප්‍රදේශය තුළ අනවසර වගා කටයුතු සිදුකරන පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමඟයි.

වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු සංවිධාන 86 ක නියෝජිතයින් පසුගිය 18 වන දා වල්සපුගල ප්‍රදේශයේදී සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

කෙසේ වෙතත්, ඊයේ (20) එම සත්‍යග්‍රහයේ නිරත ගොවීන්ගෙන් 7 දෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ ඔවුන්ගේ ඉල්ලීම්වලට විසදුම් ලබා නොදීම හේතුවෙන්.

එලෙස මාරාන්තික උපවාසයේ යෙදී සිටින ස්ථානයට අද (21) උදෑසන යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ වගා සිදුකරන පිරිසක් පැමිණීයත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ඊට පොලීසිය ද මැදිහත් වූ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

***************************************

(21.01.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

පොල් වගා ඉඩම්වල වැලි පස් හා මැටි කැපීමට අවසර ඉල්ලා ගතවූ මාස දෙක (2) තුළ කිසිදු ඉල්ලීමක් ඉදිරිපත්ව නොමැති බවට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී තිබෙනවා.

පරිසර අමාත්‍යාංශයේ ඊයේ (20) පැවති සාකච්ඡාවකදී සභාපතිවරයා මේ බව දැනුම්දී ඇත්තේ පොල් වගා ඉඩම්වල වැලි පස් හා මැටි කැපීම සඳහා බලපත් නිකුත් කිරීම අත්හිටුවීමට පරිසර අමාත්‍යවරයා ගත් තීරණයේ ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින්.

වයඹ පළාතේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලද පොල් වගා ඉඩම් මිලට ගනිමින් මහා පරිමාණ ලෙස වැලි පස් හා මැටි කැපීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වීමත් සමඟයි පරිසර අමාත්‍යවරයා අදාළ තීරණය ගනු ලැබුවේ.

මෙම මහා පරිමාණ ජාවාරම හේතුවෙන් වාර්ෂික පොල් අස්වැන්න පවා මෙරටට අහිමි වන තත්වයක් උද්ගත වූ අතර, පොල් මිලද වෙළඳපොලේ සීග්‍ර ලෙස ඉහළ යාමට බලපෑ බවයි පරිසර අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ෴

***************************************

(21.01.2021 – 14:40 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි බලපෑමට ලක්වූ තවත් ප්‍රධාන ක්ෂේත්‍රයක් වන්නේ පාසල් පද්ධතියයි.

එහෙත් එම වසංගතයට අමතර වූ තවත් ගැටලුවකින් පීඩාවිඳින පාසලක් පිළිබඳව වනාතවිල්ලුව ප්‍රදේශයෙන් වාර්තා වුණා.

එම පාසලේ මේ වනවිට මතුව ඇති විශාලතම කරදරය වී ඇත්තේ රිලවුන්ගේ ආක්‍රමණයයි.

***************************************

(21.01.2021 – 14:41 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට වසර 4 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් හිමිවීම සම්බන්ධයෙන් සහ පසුගිය ආණ්ඩු සමයේ අධිකරණයට සිදු කෙරුණු බලපෑම් පිළිබඳව මහා සංඝරත්නය සහ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා.

***************************************

(21.01.2021 – 14:44 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට හමුදා පුහුණුවක් ලබාදෙන ලෙස තමන් ප්‍රකාශ කළේ රටේ වත්මන් තරුණ පරපුරට විනය සහ හික්මීම ඉගැන්වීමේ අරමුණින් බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ ඒ සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සිදුකර තිබූ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *