කොළඹ ලස්සන කළ තදබදය අඩුවන එගොඩ මෙගොඩ යා කළ කැළණියේ දැවැන්ත පාළම

කොළඹ ලස්සන කළ තදබදය අඩුවන එගොඩ මෙගොඩ යා කළ කැළණියේ දැවැන්ත පාළම

*********************************************

කොළඹ ලස්සන කළ තදබදය අඩුවන එගොඩ මෙගොඩ යා කළ කැළණියේ දැවැන්ත පාළම

(01.01.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

ඉදිකෙරෙමින් පවතින නව කැලණි පාලමේ සංවර්ධන කටයුතු ජුලි මාසයේ අවසන් කිරීමට හැකිවනු ඇතැයි මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ නව කැලණි පාලමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

***************************************

(01.01.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

ජනතා මුදලින් රාජ්‍ය ආයතන සඳහා ඉදිකරන ගොඩනැගිලි කැලෑ වැදීමට ඉඩ දී තිබෙනවා නම් එය කෙතරම් කනගාටුදායක තත්ත්වයක්ද? එවැනි සිදුවීමක් අපට වාර්තා වුණේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්. අද (01) ‘රතු මිනිත්තුව’ ඒ පිළිබඳවයි.

***************************************

(01.01.2021 – 13:46 +0530 – hirunews.lk/sinhala)

2021 වසර කහ නිෂ්පාදනයෙන් මෙරට ස්වයංපෝෂිත කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

***************************************

(01.01.2021 – 15:43 +0530 – hirunews.lk/sinhala)

දුර පළාත්වල සිට සූරියවැව පොළට භාණ්ඩ රැගෙන යාමට එන ලොරි රථවලට කලක සිට ගංජා තොග වශයෙන් ලබාදීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (2) සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරින්ට ලද තොරතුරක් මත ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සිද්ධියට සම්බන්ධ සැකකරුගේ නිවස පරික්ෂා කිරීමකට ලක්කර ඇති අතර එහිදී එම නිවසේ වැසිකිළියේ සඟවා තිබූ වියළි ගංජා කිලෝග්‍රෑම් එක හමාරක (1½) ප්‍රමාණයක් සමඟ නිවසේ සිට ජාවාරම මෙහෙය වු 64 හැවිරිදි ආබාධිත පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සූරියවැව, හත්පහ හන්දිය ප්‍රදේශයේ වසා දැමූ සිය ඥාතියෙකුගේ නිවසක රැදී සිටිමින් දීර්ඝ කාලයක සිට මෙම ජාවාරමේ නිරතව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

සැකකරු තණමල්විල ප්‍රදේශයෙන් මෙම ගංජා ලබාගෙන ඇති අතර එහිදී එලෙස ලබාගන්නා ගංජා සූරියවැව පොළට පැමිණෙන ලොරි රථවලට ලබා දී ඇති ඇති බවයි සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී ඇත්තේ.

සැකකරු සමඟ මෙම ජාවාරමේ නිරත වු 25 හැවිරිදි තවත් පුද්ගලයෙකු ද වියළි ගංජා කිලෝ දෙකක් (2) අලෙවිකිරීමට රැගෙන යමින් සිටියදී සෙවනගල, හබරුගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු කුරුණැගල ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර වසර කිහිපයක සිට සූරියවැව ප්‍රදේශයේ විවිධ ස්ථානවල නැවතී සිටිමින් ගංජා තැනින් තැනට රැගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමේ නිරත වි ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා සූරියවැව සහ සෙවනගල පොලීසි වෙත භාරදී තිබෙනවා.

***************************************

(01.01.2021 – 16:53 +0530 – hirunews.lk/sinhala)

මාතලේ රජ්ජම්මන විදුලි බලාගාරයේ ජලාශයේ දැලක් තුල සිරවී තිබූ මියගිය කොටියෙකුගේ සිරුරක් වනජීවී නිලධාරීන් විසින් ගොඩගෙන තිබෙනවා.

දිගින් අඩි 6 ක් සහ උස අඩි 3 ක් පමණ වන මෙම කොටියා ෆැන්තරා කඳුකර කොටි විශේෂයට අයත් සතෙක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

මාතලේ යටවත්ත ප්‍රදේශයේදී මීට දින කිහිපයකට පෙර ද කොටියෙකු මද්දකට හසුවීමෙන් මරණයට පත්ව තිබූ බව අප වාර්තාකරු සඳහන් කළා.

මෙම සත්වයා මියගිය ආකාරය පිළිබඳ සොයා ගැනීම සඳහා සිරුරෙන් සාම්පල ලබාගැනීමට පියවර ගෙන තිබෙනවා.

පශු වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ මරණයට පත්ව ඇති කොටියාගේ සිරුර තුල වෙඩි පහරවල් හෝ මද්දකට හසුවූ සලකුණු දක්නට නොමැති බවයි.

***************************************

(01.01.2021 – 17:37 +0530 – hirunews.lk/sinhala)

මෙවර නව වසර උදාවත් සමග වාර්තාවන අනතුරුවල සියයට 50 ක අඩුවක් පවතින බව කොළඹ ජාතික රෝහල පවසනවා.

එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ දෙසැම්බර් 31 වනදා රාත්‍රී වන විට වාර්තාවී ඇති සමස්ත අනතුරු සංඛ්‍යාව 111 ක් බවයි.

මෙවර කොළඹ ජාතික රෝහලට වාර්තාවී ඇති ගිණිකෙලි අනතුරු සංඛ්‍යාව 3 ක්.

පසුගිය වසරේ අදාළ කාලය තුල වාර්තාවී තිබු ගිණිකෙලි අනතුරු සංඛ්‍යාව 9 ක්.

සමස්ත අනතුරු 111 න් රෝගීන් 56 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

උත්සව සමයේ මාර්ග අනතුරු 24 ක් සිදුවී ඇති අතර ඉන් කාන්තාවන් 4 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 20 ක් තුවාල ලබා ඇති බවයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාව කියාසිටියේ.

කොළඹ ජාතික රෝහලට වාර්තාවූ මාර්ග අනතුරුවල සියයට 56 ක අඩුවක් ද පවතිනවා.

නිවසේදී සිදුවූ අනතුරු 11 ක් වාර්තාවී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 15 ක අඩුවක් ෴

***************************************

(01.01.2021 – 19:24 +0530 – hirunews.lk/sinhala)

නව වසරේ බොහෝ රාජ්‍ය ආයතනවල මෙන්ම අමාත්‍යාංශ වල ද වැඩ ආරම්භ කිරීම අද (01) සිදුකෙරුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව වසරේ වැඩ ආරම්භ කළේ ජනාධිපති කාර්යාලයේදීයි.

එහිදී සිය කාර්ය මණ්ඩලය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට සුබවාදී ආකල්පයෙන් අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් ක්‍රියා කළ යුතු බවයි.

උදාවූ නව වසර වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලයට සහ එම අවස්ථාවට එක්වූ මැති ඇමතිවරුන්ට සුබ පැතුම් එක් කල ජනාධිපතිවරයා පිරිස සමග සුහද කතාබහක ද නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහිදී ජනාධිපති කාර්ය මණ්ඩලය සඳහා රාජ්‍ය සේවා ප්‍රතිඥාව දීම ජනාධිපති ලේකම්, පී.බී. ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

එහිදී ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය මත පදනම්ව කාර්යක්ෂම හා ඵලදායි රාජ්‍ය සේවයකට සමස්ත රාජ්‍ය සේවක ප්‍රජාව අවංකව කැප විය යුතු බවයි.

කොවිඩ් වසංගතයත් සමඟ ඇතිව තිබෙන නව සාමාන්‍යකරණය යටතේ ජනතා අභිලාෂයන් ඉටු කරන රාජ්‍ය සේවයක් ජනාධිපතිතුමාගේ අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපති ලේකම්වරයා ආර්ථිකය අර්බුදය හමුවේ වුවද ලක්ෂ 15 කට අධික රාජ්‍ය සේවකයින්ට හා ලක්ෂ 6 කට අධික විශ්‍රාමිකයන්ටත් කිසිදු කප්පාදුවකින් තොරව නියමිත දිනට වැටුප් සහ දීමනා ගෙවූ ලොව එකම රජය ශ්‍රී ලංකාව බව ද පෙන්වා දුන්නා.

මේ අතර, නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (01) පෙරවරුවේ නව වසර වෙනුවෙන් රාජකාරි ආරම්භ කළේ අලුතින් ස්ථාපිත කෙරුණු නීතිපති දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ලේදීයි.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා බත්තරමුල්ල – අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේදී නව වසර වෙනුවෙන් වැඩ කටයුතු ආරම්භ කළා.

මේ අතර, නව වසර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩ කටයුතු අද (01) ආරම්භ කෙරුණේ එහි ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේදීයි.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙන්ම, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද අද (01) සිය අමාත්‍යාංශ වලදී නව වසරේ වැඩ කටයුතු ආරම්භ කළා.

***************************************

(01.01.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ කන්නයේ වී අස්වැන්න පෙර වසරට වඩා සියයට 10 කින් පමණ අඩු විය හැකි බව කෘෂිකර්ම අංශ පවසනවා.

සියයට 69 ක් පමණ කුඹුරු අස්වැද්දීම සැලකිල්ලට ගෙන 2021 මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 2.27 ක්.

පසුගිය 2020 වසරේ මහ කන්නයේ වී අස්වැන්නෙන් සහල් මෙට්‍රික් ටොන් මිලියන 3051 ක් නිෂ්පාදනය කරනු ලැබුවා ෴

***************************************

(01.01.2021 – 21:35 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්ව සිරගතවූ පුද්ගලයින්ට වත්මන් රජය මගින් සාධාරණයක් ඉටුවිය යුතු බව පවසමින් අදත් (01) විවිධ අදහස් පළවුණා.

========================================

(01.01.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා පාලන කටයුතු සම්බන්ධීකරණ කටයුතු සඳහා අද (01) සිට බලපැවැත්වෙන පරිදි යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 25 දෙනෙකු දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරින් ලෙස පත් කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි යුද හමුදා මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

ඒ අනුව, අදාළ සම්බන්ධීකරණ නිලධාරින් ඒ ඒ පළාත්වල ක්‍රියාත්මක වන නිරෝධායන මධ්‍යස්ථාන පිළිබඳ මෙන්ම, අදාළ මධ්‍යස්ථාන සඳහා පුද්ගලයන් ප්‍රවාහනය, ඖෂධ හා අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සැපයුම් පිළිබඳව සොයා බලනු ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

+++++++++++++++++++++

(01.01.2021 – 14:36 +0530 – hirunews.lk/sinhala)

වහාම ක්‍රියාත්මක වන පරිදි කාත්තන්කුඩි පොලිස් වසම සහ කල්මුණේ ග්‍රාම සේවා වසම් 11 ක් හුදකලා කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙම ප්‍රදේශ මෙලෙස හුදකලා කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතාගේ අත්සනින් යුතුව එවන ලද එම නිවේදනයේ සඳහන් වන්නේ කල්මුණේ එක, එක සී, එක ඊ, දෙක, දෙක ඒ, දෙක බී, තුන, සහ තුන ඒ යන ග්‍රාම සේවා වසම් මෙන්ම, කල්මුණේ කුඩි 1, 2, 3 යන ග්‍රාම සේවා වසම් මෙලෙස ලෙස හුදකලා කර ඇති බවයි.

ඊයේ (31) දිනයේ දිවයිනෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 597 දෙනෙකු අතුරින් 63 දෙනෙකු හඳුනා ගැණුනේ ද මඩකලපුව දිස්ත්‍රික්කයෙන්.

මේ අතර, මීගමුව – දළුපොත ප්‍රදේශයේ දේවස්ථානයක ගීතිකා කණ්ඩායමේ සාමාජිකයින් වන එකම පවුලේ දරුවන් දෙදෙනෙකුට (2) සහ ඔවුන්ගේ දෙමව්පියන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔවුන් ආශ්‍රය කළ දේවස්ථානයට පැමිණි පවුල් 14 ක පුද්ගලයින් 54 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි ප්‍රාදේශිය සෞඛ්‍ය බලධාරින් සඳහන් කළේ.

කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවතින කොරෝනා අවදානම සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර, ඊට එක්වූ එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා කොරෝනා සඳහා නිපදවා ඇති එන්නත් සම්බන්ධයෙන් අදහස් පළ කළා ෴

+++++++++++++++++++

(01.01.2021 – 16:27 +0530 – hirunews.lk/sinhala)

සතොස ආයතනය මඟින් අලෙවිකරන මුහුණු ආවරණවලින් ලැබෙන ආදායමෙන් කොටසක් මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට බැර කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

සතොස ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා එම ධුරයේ රාජකාරී අරඹමින් සතොස මූලස්ථානයේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ දේශීයව නිෂ්පාදිත උසස් තත්වයේ මුහුණු ආවරණ සතොස හරහා රුපියල් 15 ක මුදලකට මිලට ගත හැකි බවයි.

ඒ අනුව සෑම මුහුණු ආවරණයකින්ම රුපියලක මුදලක් අද (01) සිට මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට බැර වනවා.

මේ අතර මහපොළ භාරකාර අරමුදල සතුව ඇති රුපියල් බිලියන 12.2 ක ශිෂ්‍යත්ව අරමුදල් ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩිදියුණු කිරීම සඳහා තවත් පියවරයන් රැසක් මේ වන විට ගෙන ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ෴

++++++++++++++++++++++

(01.01.2021 – 16:35 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා ආසාදිතයන් 826 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 36,155 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ.

එසේම, ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ ද අද (01) දිනයේදියි.

මෙරටින් මේවන විට කොරෝනා ආසාදිතයන් 43,299ක් වාර්තාවී ඇති අතර ඉන් 6940 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සිදුවූ මරණ සංඛ්‍යාව 204 ක් ෴

+++++++++++++++++++++

(01.01.2021 – 18:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 320 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 43,619 ක්.

ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා ආසාදිතයන් 826 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගියා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 36,155 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ.

එසේම, ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ ද අද (01) දිනයේදියි ෴

+++++++++++++++++++++

(01.01.2021 – 18:59 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන සියලුම රියදුරු බලපත්‍ර යුද හමුදාවේ මූලිකත්වයෙන් මුද්‍රණය කිරීමේ කටයුතු අද (01) ආරම්භ කෙරුණා.

ඒ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදීයි.

මේ අතර, කොරෝනා පාලන කටයුතු සම්බන්ධීකරණ කටයුතු සඳහා අද (01) සිට බලපැවැත්වෙන පරිදි යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 25 දෙනෙකු දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරින් ලෙස පත් කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි යුද හමුදා මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

ඒ අනුව, මෙම සම්බන්ධීකරණ නිලධාරින් අදාළ පළාත්වල ක්‍රියාත්මක වන නිරෝධායන මධ්‍යස්ථාන පිළිබඳ මෙන්ම, අදාළ මධ්‍යස්ථාන සඳහා පුද්ගලයන් ප්‍රවාහනය, ඖෂධ හා අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සැපයුම් පිළිබඳව සොයා බලනු ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

එමෙන්ම, ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 5 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර තිබෙනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශ මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම උසස්වීම් ලබාදී ඇති බවයි.

මීට අමතරව, යුද හමුදා විශේෂ බලකායේ ඉතිහාසයේ පළමු වතාවට සෙසු නිලයන් 560 දෙනෙකු ඊළඟ නිලය දක්වා උසස් කර තිබෙනවා.

++++++++++++++++++++++

(01.01.2021 – 00:00 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිශක්තීකරණය ඉහළ නංවා ගැනීම සඳහා ක්ෂණික ආහාර සහ කොත්තු වැනි ආහාර ලබාගැනීමෙන් වැළකී සිටීම වඩාත් යෝග්‍ය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පවසනවා.

කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ ශ්‍රී ලංකාවට කොරෝනා එන්නතක් ගෙන්වා ගැනීම සඳහා මේ වනවිටත් පියවර ගනිමින් සිටින බවයි.

මේ අතර, කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණදීමට නම් මිත්‍යා විශ්වාස පසුපස නොයා විද්‍යානුකූල ක්‍රියාවලියකට මූලිකත්වය ලබාදිය යුතු බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

සිය අමාත්‍යාංශයේදී නව වසරේ රාජකාරි කටයුතු අරඹමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙරට ඇතැම් පිරිස් මිත්‍යා විශ්වාසයන් පසුපස හඹා යන ස්වභාවයක් දක්නට ලැබුණ ද, වෛරසයට සාර්ථකව මුහුණදීමට නම් සිදුකළ යුත්තේ විද්‍යානුකූල ක්‍රමවේදයකට මූලික අවධානය යොමුකරමින් කටයුතු කිරීම බවයි.

++++++++++++++

++++++++++++++++++++

(01.01.2021 – 19:44 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 4 ක් වාර්තාවී තිබෙනවා. මියගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් තුන්දෙනෙක් (3). ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 208 ක් දක්වා ඉහළ යනවා.

+++++++++++++++++++++++

(01.01.2021 – 20:33 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 235 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 43,854 ක් දක්වා ඉහළ යනවා.

මෙරටින් මේවන විට කොරෝනා ආසාදිතයන් 43,856 ක් වාර්තාවී ඇති අතර ඉන් 7497 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 36,155 ක්.

මෙරටින් කොරෝනා ආසාදිත මරණ 204 ක් ද වාර්තාවුනා ෴

+++++++++++++++++++++

(01.01.2021 – 21:11 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 හේතුවෙන් මියයන මුස්ලිම් ජාතීන්ගේ දේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

+++++++++++++++++++++

(01.01.2021 – 21:41 +0530 – hirunews.lk/sinhala)

ලබන පෙබරවාරි පළමුවනදා (01) සිට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියකින් තොරව විෂබීජ නාශක අත් සේදුම්කාරක දියර අලෙවි කිරීම තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *