නිෂාරා ජයරත්න පාස්කු කොමිසමට පැමිණෙයි

නිෂාරා ජයරත්න පාස්කු කොමිසමට පැමිණෙයි

*********************************************

නිෂාරා ජයරත්න පාස්කු කොමිසමට පැමිණෙයි

(18.12.2020 – 12:47 +0530 – hirunews.lk/sinhala)

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (17) සාක්ෂි ලබා දුන්නා.

එහිදී ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ ගොනු භාරව සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවිගේ නීතිඥවරයා ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම උණුසුම් මුහුණුවරක් ගැණුණා.

සහරාන් හෂීම් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අදාළ ප්‍රශ්නගත ගොනුව යොමුකර තිබුණේ 2017 වසරේදීයි.

පාස්කු ප්‍රහාරය එල්ලවන තෙක් එම ගොණුව භාරව සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි සහ රජයේ අධිනීතිඥ මාලික් අසීස් යන නිලධාරීන් නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් පසුගියදා කරුණු අනාවරණය වුණා.

එදින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවිගේ නීතිඥවරයා කොමිසමෙන් කළ ඉල්ලීමක් මතයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනිය ඊයේ (17) පස්වරුවේ සාක්ෂිය සඳහා කොමිසම වෙත කැඳවා තිබුණේ.

ඒ, නීතිපතිවරයා විසින් 2019 වසරේ ජුනි 18 එවක වැඩබලන පොලිස්පතිවරයාට යොමුකර තිබූ ලිපියක් ඇසුරින් සකස් කෙරුණු මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් විමසීම සඳහායි.

සාක්ෂි ලබාදෙමින් නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ එම මාධ්‍ය නිවේදනය නිකුත් කිරීමේ අරමුණ වූයේ එවක වැඩබලන පොලිස්පතිවරයාට යැවූ ලිපිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම නොව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහරාන් පිළිබඳ වූ ගොණුව සම්බන්ධයෙන් කළ අසත්‍ය චෝදනාවක් නිවැරදි කිරීම බවයි. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනා (2) සහරාන් හෂීම්ගේ ගොනුව සම්බන්ධයෙන් නිවැරදි ආකාරයෙන් කටයුතු කළාද නැත්ද යන්න මාධ්‍යයට පෙන්වා දීමක් කිසිලෙසකවත් එහි අරමුණක් නොවූ බව නිෂාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් සඳහන් කළා.

අනතුරුව සාක්ෂිකාර නිෂාරා ජයරත්න මෙනවිය ගෙන් හරස් ප්‍රශ්න විමසීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දුට අවස්ථාව හිමිවූ අතර එම ප්‍රශ්න කිරීමේදී ඇති වූ සංවාදය උණුසුම් මුහුණුවරක් ගත්තා.

මෙහිදී තමන්ට ද නීතිමය සහයක් අවශ්‍ය බව පවසා, සාක්ෂි ලබාදීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙස සාක්ෂිකාරිය ඉල්ලීමක් කළා. ඒ අනුව, වැඩිදුරටත් සාක්ෂි විමසීම ලබන සඳුදාට කල් දමනු ලැබුවා.

මේ අතර, ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක කරුණු හෙළි කළ නාමල් කුමාර නමැත්තා මේ වනවිට ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට කැඳවා ඇති අතර, එම සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත වන්නේ නැහැ. එමෙන්ම, වන්ද්‍යකරණ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය සාෆි සහබ්දීන් ද අද (18) පස්වරුවේ පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

++++++++++++++++

***************************************

(18.12.2020 – 13:05 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකා එක්සත් ජනපදය මගින් අත්හිටුවීමට තීරණය කළ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC සංවර්ධන ආධාර ප්‍රදානය සම්බන්ධයෙන් දේශපාලඥයින් මෙන්ම මහා සංඝරත්නයද විවිධ අදහස් පලකළා.

+++++++++++++

18-12-2020

***************************************

(18.12.2020 – 15:01 +0530 – hirunews.lk/sinhala)

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (19) පෙරවරු 9 සිට අනිද්දා (20) අලුයම 3 දක්වා පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවනවා.

කොළඹ 01, 02, 10 සහ 12 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 03, 04, 07, 08 සහ 09 යන ප්‍රදේශවලට අඩු පීඩන යටතේ ජලය සැපයෙනු ඇති.

මීට අමතරව, අද (18) රාත්‍රී 9 සිට හෙට (19) අලුයම 2 දක්වා පැය 5 ක කාලයක් පොළොන්නරුව ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවනවා.

ඒ අනුව, 02 ඇල පත්තිනි පෙදෙසගම, 2 ඇළ පොළොන්නරුව ප්‍රධාන පාර අවට, කුමාර පොකුණ, 01 ඇල කුරුප්පු හන්දිය, පොළොන්නරුව නගරය, රෝහල් හන්දිය, පුලස්ථි මාවත, ගජබා මාවත සහ වඩිච්චලේ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ෴

***************************************

(18.12.2020 – 16:13 +0530 – hirunews.lk/sinhala)

අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත් කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් පුංචි හේවා මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අද (18) නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නම ප්‍රකාශයට පත් කළ බවයි.

මෙම මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අපේ ජන බල පක්ෂය තුළ පසුගිය කාලයේ අර්බුදයක් හට ගත් අතර, එම ධුරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙන්ම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නම ද විටින් විට ඉදිරිපත් වුණා.

එම පක්ෂයේ හිටපු ලේකම් වූ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන යාමේ සිද්ධිය ද වාර්තා වුණේ ඒ අතරතුරයි.

ඒ සම්බන්ධයෙන් පක්ෂයේ අනෙක් පාර්ශවය රතන හිමියන්ට චෝදනා කළ අතර වේදිනිගම හිමියන් පසුව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ තමන් පැහැර ගැනීමකට ලක් නොවූ බවයි.

පැවති අර්බුදකාරි තත්ත්වයෙන් අනතුරුව මැතිවරණ කොමිසම මේ වනවිට එම ධුරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් විමසීමක් කළ අතර, උන්වහන්සේ සඳහන් කළේ රතන හිමියන්ට සුබ පතන බවයි.

***************************************

(18.12.2020 – 16:24 +0530 – hirunews.lk/sinhala)

අතිශය මානුෂීය හේතුවකට මිස, මින් ඉදිරියට කවර ආකාරයකින් හෝ පොල් ඉඩම් කැබලි කිරීම සම්පුර්ණයෙන් තහනම් බව පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කෙළේ, අද (18) දංකොටුවේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසෙහි ආදර්ශ පොල් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරමින්.

එහිදී පොල් ගස් කැපීම සඳහා ද කොස් ගසක් කැපීමට අවසර ගන්නා පරිදි අවසර ගත යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

***************************************

(18.12.2020 – 19:06 +0530 – hirunews.lk/sinhala)

කොතරම් විවේචන එල්ල වුව ද, සංවර්ධන ක්‍රියාවලිය අඛන්ඩව ක්‍රියාත්මක කරන ලෙස ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (18) ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහන යටතේ ‘වැව සමග යළි ගමට’ ව්‍යාපෘතියට අදාළ සාකච්ඡාවකට ඌව පළාත් වැඩසටහනට ඌව විශ්වවිද්‍යාලයේදී එක්වෙමින්.

මෙහිදී කිතුල් වගාව සම්බන්ධයෙන් ද ප්‍රශ්න කෙරුණා.

***************************************

(18.12.2020 – 19:28 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය සමඟ ඔන්ලයින් අධ්‍යාපනයට යොමුවූ පාසල් දරුවන් දෘෂ්ටි රෝගවලට ලක්ව සායනවලට පැමිණීමේ ප්‍රවණතා වැඩි වී ඇති බව මාතර මහ රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ප්‍රියංග ඉද්දවෙල මහතා පවසනවා.

ඔහු පැවසුවේ දෘෂ්ටි රෝගවලට ලක්වූ පාසල් සිසුන් 20 ක් 30 ක් පමණ දෛනිකව සායන සදහා පැමිණෙන බවයි.

මේ අතර, කොළඹ – ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය දීපානි වේවැල්වල මහත්මිය ද හිරු ප්‍රවෘත්ති අංශයට ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

***************************************

(18.12.2020 – 20:36 +0530 – hirunews.lk/sinhala)

සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍යයට මුදා හැරියහොත් එය යුක්තිය පසඳලීමට බාධාවක් බව ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය කරන බවට අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුගියදා කළ ප්‍රකාශයක් පිළිබඳ ප්‍රතිචාර දක්වමින්.

***************************************

(18.12.2020 – 20:42 +0530 – hirunews.lk/sinhala)

පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දඹුලු හල්මිල්ලෑව හබරත්තාවල ප්‍රදේශ වලට මේ දිනවල දිවා රාත්‍රී දෙකෙහිම වන අලින් කඩා වැදී තම බෝග විනාශ කරන බවට ගොවීන් මැසිවිලි නගනවා.

මේ අතර ගම්වැදුන ඇත් රංචුවකින් අතරමං වූ ඇතෙකු ප්‍රදේශවාසීන් විසින් පළවා හැරියේ මෙලෙසින්.

***************************************

(18.12.2020 – 21:40 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ දේශපාලනික අවශ්‍යතා මත නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සිදුකළ බලපෑම් සම්බන්ධයෙන් අදත් (18) විවිධ පාර්ශ්වයන් අදහස් පළ වුණා.

***************************************

මහජන උපයෝගීතා කොමිසම විසුරුවා හැර අතිවිශාල මුදල් කොල්ලයකට සූදානමක්?

(19.12.2020 – 06:24 +0530 – lankaleadnews.com)

පසුගිය රනිල්, මෛත්‍රී හවුල් පාලන සමයේ පසුගිය වසර 05 තුළදී හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා විවිධ අවස්ථාවල ඉදිරිපත්කරන ලද යෝජනා ගණනාවක් මහජන උපයෝගීතා කොමිසමේ විමර්ශනවලින් පසුව අත්හිටවු බව එහි හිටපු සභාපති නීතීඥ සාලිය මැතිව් මහතා හෙළි කර තිබේ.

ඉදිරිපත් කරන ලද එම විවිධ යෝජනා අනුව විදුලිය මිලදී ගත්තේ නම් රුපියල් කෝටි ලක්ෂයක පමණ මුදලක් ලංකා විදුලි බල මණ්ඩලයට අහිමි වන බවත් ඒ අනුව මේ වනවිට විදුලි බල මණ්ඩලය බංකොලොත්වී එහි බර පාරිභෝගිකයා මත පැටවෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

හිටපු සභාපතිවරයා සමග ‘රාවය’ පුවත්පත පවත්වනලද සම්මුඛ සාකච්ඡාවකදී මෙම කරුණු හෙළිකරමින් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ එම කොමිෂන් සභාවේ සාමාජිකයන් ඉවත් කිරීම ඊට අදාළ පනතේ 07 වෙනි වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ තීරණයක් මගින් සිදු කළ යුතු බවය.

මහජන උපයෝගීතා කොමිසම විසින් පසුගිය වසර 05 තුළ ‘විදුලි මාෆියාව’ පාලනය කිරීමෙන් මෙපමණ මුදලක් ඉතිරිකර දී තිබියදීත් එය නීතිවිරෝධීව විසිරුවා හැරීමෙන් මෙවැනි අතිවිශාල මුදල් කොල්ලයකට ආණ්ඩුවේ ප්‍රබලයින් සූදානම් වන බවට බරපතල සැක මතුවී තිබේ ෴

======================================

ඔක්ස්ෆර්ඩ් කොවිඩ් එන්නත ආසාදිතයින්ගේ ශරීර ප්‍රතිශක්තිකරණය සැලකිය යුතු අගයකින් ඉහළ දමයි

(18.12.2020 – 12:52 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කොවිඩ් මර්දන එන්නත කොවිඩ් ආසාදිතයින්ගේ ශරීර ප්‍රතිශක්තිකරණය සැලකිය යුතු අගයකින් ඉහළ දමන බවට අනාවරණ වී තිබෙනවා.

කෙසේවෙතත්, එම එන්නතේ තෙවන අදියරේ සායනික අත්හදා බැලීම් මෙතෙක් අවසන් වී නැහැ.

මේ අතර 95% ක ඵලදායීතාවක් පෙන්වූ මෝඩර්නා එන්නත භාවිත කිරීම සඳහා අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිවී තිබෙනවා.

කොවිඩ් මර්දනය සඳහා ලොව මේ වනවිට නිෂ්පාදනය කර ඇති එන්නත් අතුරින් බ්‍රිතාන්‍යයේ ඔක්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනිකා සමාගම නිෂ්පාදනය කළ එන්නතේ සායනික අත්හදා බැලීම් තවමත් සිදුවනවා.

එම එන්නතේ පළමු සහ දෙවන අදියරේ සායනික අත්හදා බැලීම් වාර්තා උපුටා දක්වමින් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය නිවේදය කරන්නේ එන්නත් මාත්‍රා දෙකක් (2) භාවිතයෙන් පමණක් කොවිඩ් 19 වෛරසයට එරෙහිව සැලකිය යුතු ප්‍රතිශක්තියක් ආසාදිතයින්ගේ ශරීරයේ ගොඩ නැගෙන බවයි.

මෙතෙක් ඔක්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත සායනිකව අත්හදා බැලූ කිසිදු ප්‍රද්ගලයෙක් ආසාත්මිකතා පෙන්වා නැහැ.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මෙම එන්නත සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වයක ගබඩා කළ හැකි අතර මෝර්ඩනා සහ ෆයිසර් එන්නත් හා සැසඳීමේදී ඉතා අඩු මුදලකට ඔක්ස්ෆර්ඩ් එන්නත වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඇස්ට්‍රා සෙනිකා සමාගම පවසනවා.

අමෙරිකාවේ ෆයිසර් සහ මෝඩර්නා එන්නත් නිෂ්පාදනය කර ඇත්තේ RNA නම් නව තාක්ෂණය භාවිතයෙන්.

නමුත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කොවිඩ් මර්දන එන්නත සඳහා යොදාගෙන ඇත්තේ සාමාන්‍ය එන්නත් නිෂ්පාදනයේදී භාවිතට ගන්නා Viral Vector නම් තාක්ෂණයයි.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය නිවේදනය කරන්නේ එළැඹෙන ජනවාරි වනවිට කොවිඩ් මර්දන එන්නත ජනතාවට ලබාදීමට හැකිවනු ඇති බවටයි.

මේ අතර, ගෙවුණු දිනයේදීත් ලොවපුරා කොවිඩ් 19 ආසාදිතයින් 721,000 ක් හඳුනා ගත් අතර පුද්ගල මරණ 12,830 ක් වාර්තා වුණා.

ඒ අනුව ගෝලීය සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 75,299,629 ක් ලෙසයි.

මේ වනවිට කොවිඩ් 19 ආසාදිතව ගෝලීයව මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,668,691 ක්.

මේ අතර ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් පසුගියදා හඳුනා ගත් අභිරහස් රෝගී තත්ත්වයක් ආසාදනය වූ පුද්ගලයින් 600 දෙනාගේ රුධිර සාම්පලවල ඊයම් සහ නිකල් මූලද්‍රව්‍ය තිබී හඳුනා ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එම ප්‍රදේශයෙන් ලබාගත් නව කිරි සාම්පලවලින් ද නිකල් මූලද්‍රව්‍ය හමුවී ඇති අතර විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ එය භයානක තත්ත්වයක් බවයි ෴

++++++++++++++++++++++++

(18.12.2020 – 12:56 +0530 – hirunews.lk/sinhala)

දෙසැම්බර් මස 26 වැනිදා වනවිට සංචාරකයින් සඳහා ගුවන් තොටුපොළ විවෘත කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

මාතර නගරයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

++++++++++++++++++++++

(18.12.2020 – 14:20 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර අනිද්දා (20) සිට දේශීය සහ විදේශීය සංචාරකයින් සඳහා විවෘත කරනු ලබන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම කෞතුකාගාර පසුගිය දින කිහිපයේදී වසා දමා තිබුණා.

කෙසේ වෙතත් ඉදිරියේදී සංචාරකයින් සඳහා ගුවන්තොටුපල විවෘත කරන බැවින් මෙලෙස පොළොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල, මහනුවර, අනුරාධපුරය යන ප්‍රදේශවල පිහිටි මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන සියලුම කෞතුකාගාර සෞඛ්‍ය නිර්දේශ යටතේ අනිද්දා (20) විවෘත කරන බවයි එමගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ෴

++++++++++++++++++++++

(18.12.2020 – 14:23 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ දිවයින පුරා සමථ මණ්ඩල කටයුතු ලබන වසරේ ජනවාරි 9 වනදා යළි ආරම්භ කරන බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි සහ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර ඊයේ (17) පැවති සාකච්ඡාවකදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එහිදී ඉඩම් හා මූල්‍ය ආරවුල් විසදීමට සෑම දිස්ත්‍රික්කයටම එක් සමථ මණ්ඩලය බැගින් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම, මසකට සමථ මණ්ඩල රැස්වීම් පවත්වන දින ගණන දින හතරේ (4) සිට 6 දක්වා වැඩි කිරීමට ද තීරණය කර ඇති බවයි අධිකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ෴

+++++++++++++++++++++++

(18.12.2020 – 15:04 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වෛරසය ආසාදිත මව්වරුන්ට උපදින ළමයින් තුල එම වෛරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බව සිංගප්පූරුවේ සිදුකළ පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබුණේ කොවිඩ් ආසාදිත මව්වරුන්ට වෛරසය අහිතකර ලෙස බලපෑ හැකි බවයි.

කෙසේ නමුත්, මව්වරුන්ගෙන් උපදින ළමයින්ට වෛරසය හුවමාරු වන බවට සාක්ෂි ලැබී නැහැ.

සිංගප්පුරුවේ සිදුකළ පර්යේෂණයේදී අනාවරණ වී ඇත්තේ කොවිඩ් ආසාදිත ගර්භනි මව්වරුන් බිහිකල ළමයින් තුල එම වෛරසයට එරෙහි ප්‍රතිදේහ වර්ධනය වී පැවති බවයි.

කෙසේ නමුත්, ඔවුන්ගේ තත්ත්වය තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව වෛද්‍යවරුන් සඳහන් කළා ෴

++++++++++++++++++++++

(18.12.2020 – 15:26 +0530 – hirunews.lk/sinhala)

අද (18) දිනයේදී මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 27,000 සීමාව ඉක්මවා ගියා.

ඒ, සුවය ලැබූ 708 දෙනෙකු රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟයි.

එසේම අද තවත් කොරෝනා ආසාදිතයින් 376 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 35,763 ක් අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8,542 ක්.

බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 3,298 ක් වන අතර, ඉන් 2,268 දෙනෙකු මේ වනවිට සුවය ලබා තිබෙනවා.

බස්නාහිර පළාතෙන් නික්මෙන පුද්ගලයින් සඳහා අහඹු ලෙස ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ සිදුකිරීමද අද (18) සිට ආරම්භ කෙරුණා.

කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගයේ මීගමුව – කොච්චිකඩේදී, කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව ප්‍රදේශයේදී, කොළඹ – රත්නපුර මාර්ගයේ කොස්ගම – සාලාව ප්‍රදේශයේදී සහ කොළඹ – මාතර ප්‍රධාන මාර්ගයේ බේරුවල ප්‍රදේශයේදී එම පරීක්ෂණ සිදුවනවා.

එලෙස අද කළ පරීක්ෂාවන් 451 කින් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු (5) හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

බස් රථ සහ අනෙකුත් වාහන ඉලක්ක කරගනිමින් මෙලෙස ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ සිදුකරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ.

පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් වසා දැමූ ගාල්ල අධ්‍යාපන කලාපයේ පාසල් ද යළි ලබන වසරේ ජනවාරි 4 වනදා විවෘත වන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා ප්‍රකාශ කළා.

මේ අතර,තමන් කොරෝනා වෛරසය සඳහා දේශීය ඖෂධයක් බොහෝ කලකට පෙර ඉදිරිපත් කළ බව අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකු වන වෛද්‍ය රංජිත් ප්‍රේමකුමාර මහතා ප්‍රකාශ කළා.

මේ අතර, ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ කොරෝනා පැණිය ලබා ගැනීමට කෑගල්ල – උඩුමාගම ප්‍රදේශයට විශාල පිරිසක් අදත් පැමිණ සිටි අතර, පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔවුන් විසුරුවා හැරීමට පියවර ගත්තා.

එසේම, ධම්මික බණ්ඩාර මහතා කොරෝනා වෛරසය සඳහා නිෂ්පාදනය කළ ඖෂධීය පැණිය ලබාගැනීමට පැමිණි පස් දෙනෙකු (5) වරකාපොල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නිරෝධායනය සඳහා යොමුකළ බවට ඇතුළත් ව්‍යාජ ලේඛණ රැගෙනවිත් තිබීම හේතුවෙන්.

+++++++++++++++++++++

(18.12.2020 – 18:04 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 376 දෙනෙකු හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 284 දෙනෙකු හඳුනා ගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++++

(18.12.2020 – 20:48 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් අසාදනයෙන් සිදුවූ තවත් මරණ 05 ක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 165 දක්වා ඉහළ ගියා.

අගලවත්ත ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයකු රෝහල් ගත කරන විට ජීවිතක්ෂයට පත්ව ඇති ඇතර ඔහුගේ මරණයට හේතුව කොවිඩ් 19 ආසාදනය සහ අධි රුධිර පීඩනය නිසා ඇති වූ හෘද්‍යාබාධයක්.

මග්ගොන ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි කාන්තාවක් නිවසේදී ජීවිතක්ෂයට පත්ව තිබුණේද කොවිඩ් 19 ආසාදනය සහ අධි රුධිර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධයකින්.

කොළඹ 15 පදිංචි වයස අවුරුදු 76 ක පුද්ගලයකුද හෝමාගම මූලික රෝහලේදී ජීවිකත්ෂයට පත් වුණා.

ඔහුගේ මරණයට හේතුව උග්‍ර වූ වකුගඩු රෝගී තත්ත්වය හා කොවිඩ් නියුමෝනියාවයි.

මහරගම පදිංචි අවුරුදු 50 ක පුද්ගලයෙක්ද හෝමාගම මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර කොවිඩ් නියුමෝනියාව ඔහුගේ මරණයට හේතුව වනවා.

වතුපිටිවල පදිංචි 86 හැවිරිදි පුද්ගලයකුද නිවසේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ මරණයට හේතුව කොවිඩ් 19 ආසාදනය නිසා උග්‍ර වූ වකුගඩු රෝගයයි.

එම නිවේදනය පහතින් :

++++++++++++++++++++

Covid-19 RCT: Honey (මී පැණි) and black cumin seed (කලු දුරු) help speed up recovery in Covid-19 patients

***************************************

ඇමරිකාවේ නාසා ආයතනය වෙනුවෙන් පත්වී සිටින ලෝකයේ ලාබාලතම තානාපති සහ ශ්‍රී ලංකා ඉතිහාසයේ එවැනි අවස්ථාවක් හිමිකර ගත් එකම දරුවා වන මේඝ මහිම විජේවර්ධන මෙරට අභ්‍යවකාශ විද්‍යාවට සහ තාරකා විද්‍ය්‍යාවට දක්ෂතා දක්වන දරුවන් වෙනුවෙන් දැනුම් හුවමාරු වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ඔහුට ප්‍රණාමය පුදකිරීම මෙම වැඩසටහනෙ අරමුණයි

18-12-2020

[ https://www.facebook.com/MEGHA-Wijewardane-Space-Aviation-Activist-2580304831998684 ]

[ https://www.meghawijewardane.com/ ]

[ https://www.youtube.com/channel/UCP6VUi6ROzrGA1rcThyVJXg ]

නයිවල දරුවා (11-12-2020)
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Even “mahajana upayogidaata comisama” is made up of sri lankan humans, susceptible to getting underhand bakshee. No wonder they are now crying out as they are losing their jobs and starved out of a slush fund. Poor and hard pressed public gets scammed by every tom dick and harry that holds a leading public job and all sorts of selfish deshapaaluwos in the country. The only vision these people have is a fast route to linning up their pockets.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *