බස්නාහිර පළාතෙන් නික්මෙන පුද්ගලයන්ට ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂාවන් අද (18) සිට

බස්නාහිර පළාතෙන් නික්මෙන පුද්ගලයන්ට ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂාවන් අද (18) සිට

*********************************************

බස්නාහිර පළාතෙන් නික්මෙන පුද්ගලයන්ට ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂාවන් අද (18) සිට

(18.12.2020 – 10:02 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතෙන් නික්මෙන පුද්ගලයන් සඳහා පළාත් සීමාවන්හිදී අද (18) සිට ‘රැපිඩ් ඇන්ටිජන්’ කොවිඩ් පරික්ෂාවන් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙම අහඹු පරීක්ෂාවන් කොළඹ – නුවර පාරේ නිට්ටඹුව, අවිස්සාවේල්ල – කොළඹ පාරේ සාලාව – කොස්ගම සහ කොළඹ – හලාවත පාරේ කටුනායකදී සිදුකිරීමට නියමිතයි.

සෞඛ්‍ය ලේකම්වරයාගේ උපදෙස් පරිදි පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ඇතිව මෙම පරීක්ෂාවන් සඳහා ජංගම ඒකක යොදවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යාගාර සේවා පිළිබඳව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුදත් කේ. ධර්මරත්න මහතා ප්‍රකාශ කළා.

+++++++++++++++++++

(18.12.2020 – 08:24 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 ක කාලය තුල මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ එවැනි වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 1,562 ක්.

මේ අතර, එළැඹෙන සති අන්තයේදී මෙන්ම උත්සව සමයේදීද නිරෝධායන නියෝගවලට අනුගතවෙමින් ජනතාව කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++

(18.12.2020 – 10:38 +0530 – hirunews.lk/sinhala)

වව්නියාවේ සංචාරක බංගලාවක් විවෘත කිරීමට සහභාගි වූ නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඇතුළු සියලුම නිලධාරින්ට කොරෝනා ආසාදනය වී නොමැති බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා.

පසුගියදා, වව්නියාව ප්‍රදේශයේ සංචාරක බංගලාවක් විවෘත කිරීම සඳහා නීතිපතිවරයා ඇතුලු මෙම පිරිස සහභාගි වූ අතර, එම උත්සවයට සහභාගි වූ නීතිඥවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.

ඒ අනුවයි නීතිපතිවරයා ඇතුලු අදාළ පිරිසට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරනු ලැබුවේ ෴

++++++++++++++++++

(18.12.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගැනීමේදී එළැඹෙන සතිය තීරණාත්මක බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙනවා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඒ හේතුවෙන් ජනතාව වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.

මෙම සති අන්තයේ හැකි තරම් සංචරණය සීමා කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

මේ අතර, බස්නාහිර පළාතෙන් නික්මෙන පුද්ගලයන් සඳහා පළාත් සීමාවන්හිදී අද (18) සිට ‘රැපිඩ් ඇන්ටිජන්’ කොවිඩ් පරික්ෂාවන් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙම අහඹු පරීක්ෂාවන් කොළඹ – නුවර පාරේ නිට්ටඹුව, අවිස්සාවේල්ල – කොළඹ පාරේ සාලාව – කොස්ගම සහ කොළඹ – හලාවත පාරේ කටුනායකදී සිදුකිරීමට නියමිතයි.

සෞඛ්‍ය ලේකම්වරයාගේ උපදෙස් පරිදි පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ඇතිව මෙම පරීක්ෂාවන් සඳහා ජංගම ඒකක යොදවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යාගාර සේවා පිළිබඳව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුදත් කේ. ධර්මරත්න මහතා ප්‍රකාශ කළා.

මෙරටින් ඊයේ (17) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 650 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් වූ දෙසිය හතලිස් දෙදෙනෙකු (242) කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. ඒ අතර වැල්ලවත්තෙන් හඳුනාගත් ආසාදිතයින් 65 ක්, බොරැල්ලෙන් හඳුනාගත් ආසාදිතයින් 54 ක් සහ කොම්පඤ්ඤවීථියෙන් හඳුනාගත් ආසාදිතයින් 25 දෙනෙකු වනවා. ඊට අමතරව ආසාදිතයින් 126 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙනුත්, ආසාදිතයින් හතලිස් දෙදෙනෙකු (42) මහනුවර දිස්ත්‍රික්කයෙනුත් ඊයේ (17) හඳුනා ගැනුණා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 31,720 ක් වන අතර, ඒ අතරින් 22,945 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා.

කොරෝනා දෙවන (2) රැල්ල ආරම්භ වූ ඔක්තෝම්බර් 04 වැනිදායින් පසු මේ දක්වා ගතවූ කාලය තුළ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 15,365 ක්. ආසාදිතයින් 8,004 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් එම කාලය තුළ හඳුනාගෙන ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2,284 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එසේම, මහනුවර දිස්ත්‍රික්කයෙන් එම කාලය තුළ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 1,227 ක්.

බස්නාහිර පළාතේ කොරෝනා අවදානම අඩුවද්දී, අනෙක් පළාත්වල කොරෝනා අවදානම ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

මේ අතර, වව්නියාවේ සංචාරක බංගලාවක් විවෘත කිරීමට සහභාගි වූ නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඇතුළු සියලුම නිලධාරින්ට කොරෝනා ආසාදනය වී නොමැති බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා. පසුගියදා, නීතිපතිවරයා ඇතුලු මෙම පිරිස පැමිණි එම උත්සවයට සහභාගි වූ නීතිඥවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. ඒ අනුවයි නීතිපතිවරයා ඇතුලු අදාළ පිරිසට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරනු ලැබුවේ.

මේ අතර, මේ මස 26 වැනිදා වනවිට සංචාරකයින් සඳහා ගුවන් තොටුපල විවෘත කරන බව මාතර නගරයේ පැවති උත්සවයකට එක්වෙමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ මහතා කළා.

===================================

(18.12.2020 – 08:16 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පසුගිය රජය අත්සන් කළ ගිවිසුම රටට ගැලපෙන ලෙස සකස් කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක මහතා ප්‍රකාශ කළා.

ඒ හිරු ප්‍රවෘත්ති අංශයට ඒ පිළිබඳ අදහස් දක්වමින්.

ඔක්තෝම්බර් 22 වනදා විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් යෝජනා කර තිබුණේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ඉන්දීය සමාගමක් සමග ඒකාබද්ධව සිදුකිරීමටයි.

එම පර්යන්තය ඉන්දියාවට ලබා ගැනීම සඳහා එරට අවධානය යොමුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ එවන් තත්ත්වයක් තුළයි.

පසුගියදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

මේ අතර, වරාය වෘත්තීය සමිති කිහිපයක් ඊයේ (17) අංක 3 ගේට්ටුව ඉදිරිපිටදී මීට අදාළ නිහඬ විරෝධතාවක නිරත වුණා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක මහතා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී ඔහු කියා සිටියේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමේ කිසිදු සූදානමක් මේ වනවිට නොමැති බවයි. කෙසේ වෙතත්, එහි මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් පසුගිය රජය සමඟ ඉන්දියාව එළැඹ තිබූ ගිවිසුමේ කොන්දේසි වෙනස් කිරීමට අවධානය යොමුව ඇති බවද වරාය අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළා ෴

***************************************

(18.12.2020 – 08:21 +0530 – hirunews.lk/sinhala)

සේනා දළඹු උවදුර මර්දනය කිරීම සඳහා අත්හදා බැලූ දේශීය ප්‍රතිකර්මයක් සාර්ථක වී ඇති බව වනාතවිල්ලු‍ව පෞද්ගලික ගොවිපලකින් වාර්තා වනවා.

එම ගොවිපළේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන ධම්මික වත්තේවැව මහතා ප්‍රකාශ කළේ 2018 වසරේදී තමන් සේවය කළ සමාගමකට අයත් හාතාවාරිය වගාබිමකට සේනා දළඹු උවදුරෙන් බලපෑම් එල්ලවු අවස්ථාවේ මෙම ප්‍රතිකර්මය මගින් එය මර්දනය කිරීමට හැකිවූ බවයි.

මේ අතර, සේනා දළඹු උවදුර මේ වනවිට බඩ ඉරිඟු වගාවට අමතරව කුරක්කන්, වී, කෙසෙල්, එළවළු ඇතුළු බෝග වගාවන්ටද පැතිරී තිබෙනවා. මහියංගනය දඹාන ආදිවාසී ගම්මානයේ බඩඉරිඟු‍ වගාවන්ටද සේනා දළඹු උවදුරෙන් එල්ලවී ඇත්තේ දැඩි බලපෑමක්.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රකාශ කළේ තම ජනතාවගේ බෝග වගාවන්වලටද මෙම දළඹු වසංගතය දැඩි ලෙස බලපා ඇති බවයි. ඒ සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමුකරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ආදිවාසී නායකයා කියා සිටියා.

පලාගල දඹුලු‍ හල්මිල්ලෑව හබරත්තාවල ප්‍රදේශය සහ දෙල්ගොඩ, වෑබඩ ප්‍රදේශයේ කෘමි උවදුරක් ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බවට වාර්තා වනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ එම කෘමීන් එලවළු සහ පලතුරු වගාවන්ට හානි සිදු කරන බවයි.

එසේම, බඩඉරිගුවලට හානි කරන සේනා දළඹුවාගෙන් කහ වගාවටද සේනා දළඹුවාගෙන් බලපෑම් ඇතිවිය හැකි බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කහ ආනයනය නවතා ඇති පසුබිමක දැනට වගා කර ඇති අස්වනු නෙලීමට ආසන්න වද්දී කහ වගාවටද සේනා දළඹු උවදුර පැතිරුණහොත් සිදු වන හානිය බරපතල විය හැකි බවයි.

කෙසේ වෙතත්, සේනා දළඹු මර්දනය සඳහා ආනයනය කෙරුණු වෛරසය අද (18) වෙළඳපොලට නිකුත් කරන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, සේනා දළඹු උවදුරෙන් හානි සිදු වු වගා බිමිවලට වන්දි ගෙවිමේ කටයුතු කඩිනමින් සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා ෴

***************************************

(18.12.2020 – 09:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රිය අනතුරුවල වැඩිවීමක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ ඇති වූ සංචරණ සීමා නිසා රිය අනතුරුවල පාලනයක් සිදුවූවද එය නැවතත් පෙර පැවති තත්ත්වය දක්වා වර්ධනය වී අවසන්.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රථවාහන අංශයේ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

***************************************

(18.12.2020 – 11:10 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරින් පිරිසක් අදියර කිහිපයක් යටතේ ස්ථාන මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා.

රට තුල පිහිටි සියලු රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් පසුගිය කාලයේ සිදුකළ සමීක්ෂණයකට අනුව හා වාර්ෂික ස්ථාන මාරු ක්‍රමවේදය ඒකාබද්ධව මෙම තීරණයට එළඹි බවයි විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ.

කෙසේ වෙතත්, මේ බව සැලවීමත් සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයේ සේවකයින් පිරිසක් ඊට විරෝධය පළ කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ හේතුවෙන් එහි සේවා ලබා ගැනීමට පැමිණි සේවා දායකයින් ද අපහසුතාවට ලක්වුණා.

මේ අතර, කොළඹ – විජේරාම මාවතේ පිහිටි ඉදිකිරීම් සංවර්ධන කර්මාන්ත අධිකාරියේ සභාපතිවරයා ඉවත් කරන ලෙස බලකරමින් එහි සේවකයින් ද අද (18) විරෝධතාවක නිරත වුණා.

පසුව විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඒ පිළිබඳව සොයා බැලීමට එම ස්ථානයට පැමිණි බවයි අප වාර්තාකරු පැවසුවේ.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කර සති දෙකකින් (2) ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමත් සමඟ සේවකයින් විරෝධතාව අවසන් කර තිබෙනවා.

++++++++++++++++++

RMV දූෂිත නිලධාරීන් හඳුනාගත් හැටි

(18.12.2020 – 21:23 +0530 – sinhala.adaderana.lk)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් හඳුනාගනු ලැබුවේ බුද්ධි අංශ නිලධාරීන් යොදවා වසරක් පුරා සිදුකළ තොරතුරු රැස්කිරීම්වලින් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ විරෝධාතවලට එම තීරණ ආපසු හැරවිය නොහැකි බවය.

“අපි පහුගිය අවුරුද්දක කාලයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව නිරීක්ෂණය කෙරුවා. බුද්ධි අංශ නිලධාරීන් යොදවලා යම් යම් තොරතුරු ලබා ගත්තා. ඒ අනුව දූෂිත නිලධාරීන් සහ දූෂිත නැති නිලධාරීන් කවුද කියලා හඳුනගත්තා. බහුතරයක් නිලධාරීන් දූෂිත නිලධාරීන්. ඒ දෙපාර්තමේන්තුව තුළ නොසිටිය යුතු නිලධාරීන් යම් ප්‍රමාණයක් අපි හඳුනගත්තා. මේ අය විතරක් මාරු කළොත් මේ අයට ගිහින් අලුත් රාජකාරී ස්ථානයේ වැඩකරන්න ප්‍රශ්නයක් වෙනවා මොකද දූෂිත නිසා ඉවත් කෙරුවා කියන චෝදනාව එනවා. මේ අය ඇතුළුව වාර්ෂික ස්ථානමාරු ලැබිය යුතු අය සහ ස්ථානමාරු ඉල්ලලා තියෙන අය ඇතුළත්ව මේ ස්ථානමාරුවීම් සිදුකරනවා.” යැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට ගත් තීරණයත් සමග අද (18) දහවල් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් සිය රාජකාරිවලින් ඉවත්වී විරෝධතාවයක් සිදු කළේය.

රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය සොයා බැලීමේ අරමුණින් පෙර නොදන්වා එම ආයතනවලට ගොස් නිරීක්ෂණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජනාධිපතිවරයා පසුගිය වසරේ දෙසැම්බර් මස දිනක මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට පැමිණියේ ය.

එම නිරීක්ෂණයෙන් පසුව නිලධාරීන් අල්ලස් ගන්නා බවට වූ පැමිණිලි රැසක් දෙපාර්තමේන්තුවට යොමුකිරීමට ජනතාව කටයුතු කර තිබුණි.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසුවේ, එම පැමිණිලි සැළකිල්ලට ගනිමින් සේවකයින් 600 කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කළ බවයි.

මේ අතර කොළඹ සව්සිරිපායේ පිහිටි ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති ඉවත් කරන ලෙස බලකරමින් එහි සේවකයින් අද විරෝධතාවක නිරත විය.

එහිදී ඔවුන් සභාපතිවරයාගේ කාමරයට පැමිණ විරෝධය පළකරන අතරවාරයේ විෂයභාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැමිණියේ ය.

***************************************

(18.12.2020 – 11:34 +0530 – hirunews.lk/sinhala)

මව්පියන් විසින් කටුමැටි පැල්පතක අතරමං කර දමා ගිය 3 හැවිරිදි වියේ පසුවන කුඩා දැරියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලිසිය සොයාගත් අදාළ දරුවා පිරිසිදු කිරීමෙන් අනතුරුව ආහාරපාන ලබාදීමෙන් අනතුරුව පරිවාස භාරයට පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ මඩොල්සිම පොලිස් වසමේ මැටිගහතැන්න බකිනිලන්ද ප්‍රදේශයේ පදිංචි දැරියක්.

දැරියගේ පියාගේ අනියම් බිරියක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි පොලිසිය විසින් දැරිය සොයාගෙන ඇත්තේ.

අදාළ දැරිය මීට පෙර අවස්ථාවකදී ද ඇයගේ මව විසින් කැලෑවක අතරමං කොට දමා ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් දැරියගේ මවට විරුද්ධව අධීකරණයේ නඩුවක්ද ගොනු කර තිබෙනවා.

දැරිය දෙහැවිරිදි (2) වියේදී මව වෙනත් විවාහයක් සිදුකර ඔවුන් අතහැර දමා ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

පසුව දැරියගේ පියා විසින් අවස්ථා කිහිපයකදී අනියම් බිරියන් කිහිපදෙනෙකු නිවසට කැඳවාගෙන වාසය කර ඇති බවයි සඳහන් වන්නේ.

ඔවුන් අතර ඇතිවූ ආරවුල් හේතුවෙන් සියලුදෙනා දැරියගේ පියා සහ දැරිය අතහැර දමා ගොස් ඇතිබව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

ඉන් එක් බිරියක් විසිනුයි පොලිසියට අනාරක්ෂිතව සිටින දැරිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත්තේ.

පොලිසිය වෙත ගෙනා දැරිය බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර ඉන් පසුව පරිවාස භාරයට පත්කර තිබෙනවා.

මඩොල්සිම පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

***************************************

(18.12.2020 – 12:09 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වෙළඳසැලක සවිකර තිබූ CCTV කැමරාවක සටහන් වූ දර්ශන පෙළක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

එහි වෙළඳසැල් හිමිකරු පවසන්නේ කිසියම් හඳුනානොගත් අඳුරු ඡායාවක් එහි චලනය වන ආකාරය දර්ශනය වන බවයි.

අදාළ සිදුවීම වාර්තාවන්නේ මාවතගම නුවර පාර ප්‍රදේශයෙන්.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙවැනි සිදුවීමක් මින්පෙර නොදුටු බවයි.

කෙසේ වෙතත් අදාළ සිදුවීම කුමක් ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති බවයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.

මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අදාළ CCTV දර්ශන පෙළ පහතින්.

***************************************

(18.12.2020 – 12:20 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය, රැඳවියන් 7 දෙනෙකුගේ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ තවමත් සිදුනොකිරීම හේතුවෙන් ඊට අදාළ නඩුව ලබන 23 වනදා දක්වා අද (18) කල් දැමුණා.

ඒ වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදියි.

මීට පෙර රැඳවියන් 4 දෙනෙකුගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර ඒවා පිළිබඳ රහස්‍ය වාර්තාවක් අධිකරණ වෙත ඉදිරිපත් කළේ, ඊට අදාළව විමර්ශන සිදු කළ විශේෂඥ කමිටුව විසින්.

ඉන් මෘතදේහ දෙකක අදාහන කටයුතු සිදු කර ඇති බව ද රහස් පොලිසිය අද (18) අධිකරණයට දන්වා සිටියා.

මෙහිදි අගතියට පක් පාර්ශවයේ නිතීඥවරුන් මියගිය රැඳවියන්ගේ සිරුරු වල තිබු පතොරොම් අධිකරණයට ඉදිරිපත් කර තිබේදැයි විමසිමක් කළා.

රහස් පොලිසිය සඳහන් කළේ දැනට රජයේ රස පරික්ෂවරයාගේ මුලිකත්වයෙන් අපක්ෂපාති පරික්ෂණයක් සිදුකෙරෙන බැවින් ඉදිරියේදි සියලු කරුණු අධිකරණයට වාර්තා කරන බවයි.

අපරාධ ස්ථානයට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය සමිබන්ධයෙන් ද ඔවුන් විමසා සිටි අතර එහිදි මහේස්ත්‍රාවරයා සඳහන් කළේ පරික්ෂණ මුල් අවස්ථාවේ පවතින බැවින් අධිකරණය අවසන් නිගමනයකට පැමිණ නොමැති බවයි.

මෙය සංකිර්ණ සිද්ධියක් නිසා පියවරරෙන් පියවර පරික්ෂණ සිදු කරන බව රහස් පොලිසියේ නිළධාරින් ප්‍රකාශ කළා ෴

***************************************

(18.12.2020 – 12:37 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාමීය ප්‍රදේශවල රාජාකාරිය ඉටු කිරීමේදී ජනතාවගේ සාම්ප්‍රදායික ජන ජිවිතයට බාධා එල්ල නොවන පරිදි ඒවා සිදුකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සිදුකෙරෙන ගම සමඟ පිළිසඳරක් වැඩසටහනේ තුන්වන අදියරට අද (18) බලංගොඩදී එක්වෙමින්.

වලේබොඩ – තෝරවෙල්කන්ද මහා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පැවති මෙම සාකච්ඡාවේදී ග්‍රාමීය ජනතාව සිය ගැටලු ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ අතර, ඒ ඒ අංශවල රාජ්‍ය නිලධාරින් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට මෙලෙස පිළිතුරු ලබාදුන්නා.

දීර්ඝ කාලයක සිට ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවට මුහුණදීමට සිදුව තිබෙන ඉඩම් ගැටලු හඳුනාගෙන කඩිනමින් විසඳුම් දෙන්නැයි මෙහිදී ජනාධිපතිවරයා අදාළ අමාත්‍යාංශ නිලධාරිනට දැනුම් දුන්නා.

ප්‍රදේශයේ තරුණ තරුණියන් උදෙසා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ද එහිදී තීරණය කෙරුණා.

[ සේයාරූ 30 ක් ]

++++++++++++++++++

***************************************

(18.12.2020 – 12:40 +0530 – hirunews.lk/sinhala)

අධික වේගයෙන් සහ බීමත්ව රිය ධාවනය කරන්නන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් අද (18) සිට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ ඇති වූ සංචරණ සීමා නිසා රිය අනතුරුවල පාලනයක් සිදුවූවද එය නැවතත් රිය අනතුරු සිදුවීමේ ප්‍රවණතාව වර්ධනයක් සිදුවී තිබෙනවා.

ඒ අනුව මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රථවාහන අංශයේ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර, එගොඩඋයන – නව ගාලුපාරේ පදික මාරුවකදී යතුරුපැදියක ගැටී කුඩා දැරියන් දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට පත්වී ඔවුන්ගේ ගර්භණී මව තුවාල ලැබූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යතුරුපැදිකරු ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඊට අදාළ නඩුව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද (18) කැඳවූ අවස්ථාවේදීයි.

පසුගිය 4 වනදා රාත්‍රි 10 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, මියගිය දැරියන් දෙදෙනාගේ (2) වයස අවුරුදු 1 ක් සහ අවුරුදු 7 ක්. බරපතල තුවාල ලැබූ මව තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *