රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී නිලන්ත ජංගම දුරකථන දත්ත මකා දැමූ බව ජනපති කොමිසමේදී හෙලිවේ

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී නිලන්ත ජංගම දුරකථන දත්ත මකා දැමූ බව ජනපති කොමිසමේදී හෙලිවේ

*********************************************

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී නිලන්ත ජංගම දුරකථන දත්ත මකා දැමූ බව ජනපති කොමිසමේදී හෙලිවේ

(17.12.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විමර්ශන සඳහා සිය පෞද්ගලික ජංගම දුරකථනය හා ලැප්ටොප් පරිගණකය ලබාදී ඇත්තේ යළි උත්පාදනය කළ නොහැකි ආකාරයට දත්ත මකා දමමින් බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී අනාවරණ වුණා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික ඩිජිටල් විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා සිදුකළ විශේෂ විමර්ශන වාර්තාව ජනපති කොමිසම වෙත ඊයේ (16) ලබාදුන් අවස්ථාවේදීයි.

+++++++++++++++

***************************************

(17.12.2020 – 13:54 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ සංකීර්ණය ගිනි ගැනීම සම්බන්ධයෙන් වත්මන් රජයට චෝදනා කරන විපක්ෂයේ මන්ත්‍රීවරු පසුගිය යහපාලන රජය සමයේ නඩුවලට අදාළ ලිපි ගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හරහා තමන්ගේ නිවෙස්වලට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව සිංහලේ ජාතික සංවිධානය පවසනවා.

එහි ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා මේ බව පැවසූවේ අද (17) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ රන්ජන්, කන්දප්පා, ශානි වැඩකළේ රනිල්ගේ ආශිර්වාදය මත බවයි.

***************************************

(17.12.2020 – 14:01 +0530 – hirunews.lk/sinhala)

මාරවිල – තුඩුවාව ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගැණුනු රුපියල් කෝටි 200 කට අධික මත්ද්‍රව්‍ය තොගය වැටලීමේදි කිසිදු අක්‍රමිකතාවක් සිදුවී නොමැති බව සුරාබදු කොමසාරිස් වසන්ත දිසානායක මහතා පවසනවා.

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරායාගේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පළවන ඇතැම් මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි.

***************************************

(17.12.2020 – 14:03 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පසුගිය රජය අත්සන් කළ ගිවිසුම් රටට ගැළපෙන ලෙස සකස් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.

එහි සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා වරයා අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා සදහන් කලේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමේ කිසිදු සාකච්ඡාවක් මෙතෙක් සිදුකර නොමැති බවයි.

***************************************

(17.12.2020 – 14:15 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් 267 දෙනාගෙන් 33 දෙනෙකුට මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල වී ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.

ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

***************************************

(17.12.2020 – 14:17 +0530 – hirunews.lk/sinhala)

ඇහැලියගොඩ වලව්වත්ත ප්‍රදේශයේදී ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ උත්සවය සඳහා පැමිණි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට ප්‍රදේශයේ ජනතාවගෙන් විරෝධයක් එල්ල වුණා.

ඒ ප්‍රදේශයේ ජනතාවට ජලය ලබාදීමට කටයුතු නොකරන බව පවසමින්.

***************************************

(17.12.2020 – 14:39 +0530 – hirunews.lk/sinhala)

චීනයෙන් ආනයනය කළ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආසනික් අඩංගු ටින් මාලු කන්ටේනර් 48 ක් ප්‍රතිඅපනයනය කිරීමට ශ්‍රී ලංකා රේගුව පියවර ගෙන තිබෙනවා.

අදාළ කටයුතු රේගුවේ සමාජ ආරක්ෂණ ඒකකය අද (17) ආරම්භ කළ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මෙම ටින් මාලු තොගයේ වටිනාකම රුපියල් මිලියන 384 ක්.

මෙටි‍්‍රක් ටොන් 768 ක් බරැති එම ටින් මාළු තොගය පසුගියදා ප්‍රමිති ආයතනය මගින් නියමිත ප්‍රමිතියට නොමැති බවට තහවුරු කර තිබෙනවා.

+++++++++++++++

***************************************

(17.12.2020 – 15:12 +0530 – hirunews.lk/sinhala)

වන්ද්‍යකරණ සැත්කම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට අද (17) පැය පහමාරක පමණ ප්‍රකාශයක් ලබා දුන්නා.

එසේම කොමිසම මීට පෙර සිදුකළ දැනුම්දීමට අනුව, නීතිපතිවරායාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ද අද (17) ප්‍රකාශයක් ලබාදීම සඳහා පස්කු කොමිසම වෙත පැමිණි බව හිරු වාර්තාකරු සඳහන් කළා.

මේ අතර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විමර්ශන සඳහා සිය පෞද්ගලික ජංගම දුරකථනය හා ලැප්ටොප් පරිගණකය ලබාදී ඇත්තේ යළි උත්පාදනය කළ නොහැකි ආකාරයට දත්ත මකා දමමින් බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී අනාවරණ වුණා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික ඩිජිටල් විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා සිදුකළ විශේෂ විමර්ශන වාර්තාව ජනපති කොමිසම වෙත ඊයේ (16) ලබාදුන් අවස්ථාවේදීයි.

==========================================

(17.12.2020 – 13:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා අසාදිත මවක් කොළඹ ‘ද සොයිසා කාන්තා රෝහලේ’ දී සිවු (4) නිවුන් දරු උපතක් සිදු කර තිබෙනවා.

එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරි කිරිවන්තුඩුව මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සිවු (4) නිවුන් දරු උපත සිදු කළ මව 29 හැවිරිදි මරදාන කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි.

මව සහ දරුවන් සිවු දෙනා (4) නිරෝගි සුවයෙන් පසුවන බවයි රෝහල් අධ්‍යක්ෂිකාව වැඩිදුරටත් සඳහන් කළේ.

++++++++++++++++++++++

(17.12.2020 – 13:12 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 63 දෙනෙකු අද (17) දිනයේදී හඳුනාගෙන තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ආසාදිතයින් අතර, බන්ධනාගාර නිලධාරින් තුන්දෙනෙකු (3) ද සිටින බවයි.

එමෙන්ම, එම ආසාදිතයින් අතරට, නේවාසික පිරිමි රැඳවියන් 56 දෙනෙකු සහ කාන්තා රැඳවියන් 4 දෙනෙකු ඇතුළත්.

ඒ අනුව මේ වනවිට බන්ධනාගාරය ආශ්‍රිතව මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3279 ක් දක්වා ඉහළ යනවා.

ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 1189 ක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

++++++++++++++++++++++

(17.12.2020 – 13:19 +0530 – hirunews.lk/sinhala)

ජනතාව වගකීම් විරහිතව කටයුතු කළහොත් ඉදිරියේදී යළිත් දැඩි සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

මේ අතර, මෙරටින් ඊයේ (16) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 616 දෙනා අතුරින් වැඩිම සංඛ්‍යාවක් වූ ආසාදිතයින් 266 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඒ අනුව, බොරැල්ලෙන් ආසාදිතයින් 65 ක් මට්ටක්කුලියෙන් ආසාදිතයින් 62 ක් සහ කොම්පඤ්ඤවීදියෙන් ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඊට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ (16) දිනයේ ආසාදිතයින් 99 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 94 ක්.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 31,070 ක්.

ඔවුන්ගෙන් 22,244 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා.

එසේම, සියඹලාන්ඩුව නගරයේ වෙළඳසැල් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත්තේ නගර සීමාවෙන් කොරෝනා ආසාදිතයින් තුන් දෙනෙකු (3) හමුවීමත් සමඟයි.

එසේම, බේරුවල නගරයෙන්ද ඊයේ (16) තවත් කොරෝනා ආසාදිතයින් දස දෙනෙකු (10) හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා ගතවූ කාලය තුළ බේරුවලින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 279 ක්.

අද (17) පෙරවරු හයේ (06:00) සිට ක්‍රියාත්මක වන පරිදි අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා.

ඒ අනුව අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශයේ අක්කරෙයිපත්තු 03, අක්කරෙයිපත්තු 14 සහ නගර බල ප්‍රදේශ අංක 03 මෙලෙස හුදෙකලා කර ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම, අඩ්ඩාලච්චේනයි පොලිස් බල ප්‍රදේශයේ පාලමුනෙයි 01, ඔලුවිල් 02 සහ අඩ්ඩාලච්චේනයි අට (8) ප්‍රදේශ මෙන්ම ආලයඩිවෙම්බු පොලිස් බල ප්‍රදේශයේ ආලයඩිවෙම්බු අංක අටෙන් එක (8-1), අටෙන් තුන (8-3) සහ 09 යන ප්‍රදේශ මෙලෙස අද (17) පෙරවරුවේ සිට හුදෙකලා කර තිබෙනවා.

මේ අතර, කොවිඩ්-19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ලබාදිය යුතු තොරතුරු වසන් කරන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

මේ අතර, කොරෝනා ආසාදිතයින්ට ලබාදිය හැකි ඖෂධයක් තමන් විසින්ද නිෂ්පාදනය කළ බව ආයූර්වේද වෛද්‍යවරයෙකු බව කියන හලාවත – මුගුණුවටවන පදිංචි ඩබ්ලිව්. සේලින් කුරේරා මහතා පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ ඒ බව තහවුරු කිරීමට තමන්ට කොරෝනා රෝගීන් අතර රැඳී සිටීමට වූවද සූදානම් බවයි ෴

++++++++++++++++++

(17.12.2020 – 15:16 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවත්ත – නෆීර් වත්ත ප්‍රදේශය මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා ෴

+++++++++++++++++++

(17.12.2020 – 15:42 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 701 දෙනෙකු සුවය ලබා අද (17) රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 26,000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව මේ වනවිට සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 26,353 ක් ලෙසයි.

මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 34,737 ක්.

මේ අතර, අද (17) පස්වරුවේ වැල්ලවත්ත – නෆීර්වත්ත ද හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

මේ අතර, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ශ්‍රී ලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවකයින් 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

පසුගිය සඳුඳා (14) මුල්වරට කොරෝනා ආසාදිත සේවකයෙකු හඳුනාගෙන ඇති අතර, පසුව ඔහු ඇසුරු කළ තවත් සාමාජිකයින් 07 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව අද (17) තහවුරු කරගත් බව එම ආයතනය නිවේදනය කළා.

මේ අතර, ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතයේ බලපෑම අවම කිරිම සඳහා යුරෝපා සංගමය, ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව යුරෝ මිලියන 2 ක මූල්‍ය ආධාරයක් ප්‍රදානය කර තිබෙනවා.

මේ අතර, ඇල්කොහොල්වලින් තොර 90% ක්ම ජලය මාධ්‍ය කරගත් පෘෂ්ඨවල විෂබීජානුහරණය කළ හැකි නව නිෂ්පාදනයක් මේ වනවිට හඳුන්වා දී තිබෙනවා.

එම පර්යේෂණ සිදුකර ඇත්තේ එහි පේරාදෙණිය පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ ආචාර්ය ප්‍රසංග ගයනාත් මන්තිලක මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රංග දිසානායක මහතා විසින්.

++++++++++++++++++++++

(17.12.2020 – 15:53 +0530 – hirunews.lk/sinhala)

බස් රථවල ආසන ගණනට පමණක් මගීන් රැගෙන යා යුතු බවට වන විශේෂ චක්‍රලේඛය පොලිස්පතිවරයා විසින් අද (17) සියලු පොලිස් ස්ථාන වෙත යොමුකර තිබෙනවා.

එම නිරෝධායන නියෝගය අනුව, කටයුතු කරන ලෙසටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සියලු බස් රථ හිමිකරුවන් සහ සේවකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ෴

+++++++++++++++++++++

(17.12.2020 – 16:28 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතයේ බලපෑම අවම කිරිම සඳහා යුරෝපා සංගමය, ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව යුරෝ මිලියන 2 ක මූල්‍ය ආධාරයක් ප්‍රදානය කර තිබෙනවා.

යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චයිබි විසින් මෙම ප්‍රදානය සෞඛ්‍ය ඇමතිනී, පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය වෙත භාර දුන් බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

කොරෝනා මර්දන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව මනා කළමනාකරණයකින් යුතුව කටයුතු කරන බැවින් හදිසි අවස්ථාවන්හි දී රෝහල් වල ඇති වන අවශ්‍යතා සඳහා වෛද්‍ය උපකරණ මිලදී ගැනීම ඇතුළු රෝහල් වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙම අරමුදල් පරිහරණය කරන ලෙසටයි යුරෝපා සංගමයේ තානාපතිවරයා එහිදී සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා ඇත්තේ.

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව වෙත නිරතුරුව ලබාදෙන සහය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරිය එහිදී කෘතඥතාව පළ කර තිබෙනවා ෴

++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *