කාල්ටන් (අ)ධර්ම දේශනයේදී බුදුරජානන්වහන්සේට ‘එයා මෙයා’ කියලා – මහ සඟරුවන නාමල්ටත් නඩු දමයි

කාල්ටන් (අ)ධර්ම දේශනයේදී බුදුරජානන්වහන්සේට ‘එයා මෙයා’ කියලා – මහ සඟරුවන නාමල්ටත් නඩු දමයි

*********************************************

කාල්ටන් (අ)ධර්ම දේශනයේදී බුදුරජානන්වහන්සේට ‘එයා මෙයා’ කියලා – මහ සඟරුවන නාමල්ටත් නඩු දමයි

(15.12.2020 – 06:45 +0530 – lankaleadnews.com ඇසුරෙන්)

තංගල්ල කාල්ටන් නිවසේ පැවති (අ)ධර්ම දේශනාවක දී එහි දේශකයා ලෙස සහභාගි වූ ශ්‍රමණවේශධාරියා අධර්මය ධර්මය ලෙස දේශනා කරමින් ධර්මය – විනය කැඩුවේ යැයි චෝදනා කරමින් ඔහුට විරුද්ධව තංගල්ල මහාධිකරණයේ නඩු පැවරී තිබෙනවා.

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු පිරිසක් විසින් තංගල්ල මහාධිකරණය පසුගිය 07 වනදා මෙම නඩුව පැවරුන බව 2020-12-14 දින පැවැති මාධ්‍ය හමුවකදී කියා පැවසුනා.

එමෙන්ම ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂට ද මෙම නඩුවේ චෝදනා ගොනු කර තිබෙනවා.

මාධ්‍ය හමුවෙන් පසුව නිකුත් කර ඇති නිවේදනය මෙසේයි :

තංගල්ල කාල්ටන් නිවසේ පැවැති ධර්ම දේශනයට දේශකයෙක් වශයෙන් චිත්තගල්ලේ ආන්නදසිරි සහභාගි වෙමින් ධර්මය විනය කැඩිමට අනුග්‍රහා දැක්වමින් කරන ලද විකෘති ධර්ම දේශනය සම්බන්ධව චිත්තගල්ලේ ආන්නදසිරි, ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හා රාජ්‍ය අමාත්‍ය ඩි.වි. චානක යන අයට ද, එම ධර්ම දේශනයේ දි ධර්මය අධර්මය ලෙසත්, අධර්මය ධර්මය ලෙසත් දේශනා කරමින් සිදු කරන ලද ශාසනික අපරාධය සම්බන්ධයෙන් තංගල්ල මහ අධිකරණය පිහිට පතන ලදි.

එම ධර්ම දේශනයේ විඩියෝවක් මාධ්‍ය ඉදිරියේ විකාශනය කරනු ලැබීය. බුදු හාමුදුරුවන් හිතක් පපුවක් නැති, පවුල් සංස්ථා කඩා බිද හෙළන, කිසිම සමාජ විඥානයක් නැති කෙනෙක් හැටිය එම ධර්ම දේශනයේ දි හදුන්වා දී ඇත.

මෙම කාරණය සම්බන්ධයෙන් තෛනිකායක මහනායක හිමිවරුන්, බුද්ධ ශාසන අමාත්‍යවරයා, බුද්ධ ශාසන කොමසාරිස් තුමා ඇතුළු පාර්ශව කිපයක් වගකිව යුත්තන් ලෙස නම් කර ඇත. චිත්තගල්ලේ ආන්නදසිරි, බුදුරජානන්වහන්සේට ‘එයා මෙයා’ කියා ආමන්ත්‍රණය කල බව පුජ්‍ය රන්පත්විල විමලරතන නා හිමියන් පෙන්වා දුන්නේය.

තවද ‘මේ රට ගොඩනගන්න නම් දැනට ලංකාවේ සිටින සියලු භික්ෂුන් වහන්සේලා ඝාතනය කළ යුතු’ බවත් චිත්තගල්ලේ ආන්නදසිරි ප්‍රකාශ කරඇත. එවැනි ප්‍රකාශයක් කිරීමෙන් භික්ෂුන් වහන්සේ නමක් පරාජිකා වේ. මනුෂ්‍ය ඝාතනය කිරිම හෝ ඒයට අනුබල දිම භික්ෂුවක් විසින් කළ නොකළයුත්තකි.

චිත්තගල්ලේ ආනන්දසිරි විසින් බුදුරජානන්වහන්සේට, බුදු දහමට එකඟ නොවන අයුරින් ද ථේරවාදි භික්ෂුවක් ලෙස පෙනි සිටිමින් බුද්ධ දර්ශනය විකෘති කරමින් ද ධර්මය දේශනාව කරනු ලැබ ඇති බව පුජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් කියා සිටියහ.

මේ සම්බන්ධයෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් ඇතුළු මහ සංඝරත්නය නීතිඥයන්ගේ ද සහය ඇතිව තංගල්ල මහඅධිකරණයට පසු ගිය 2020.12.07 වන දින නිතිඥ පියරත්න බණ්ඩාර මහතාගේ නිති උපදෙස් මත නඩුවක් ගොනු කර ඇත.

ධර්මය අධර්මය ලෙසත්, අධර්මය ධර්මය ලෙසත් දේශනා කල බව මෙම නඩුවෙන් ඔප්පු කිරිමට බලාපොරොත්තු වෙයි. මෙම චිත්තගල්ලේ ආන්නදසිරි පිළිබදව උන්වහන්සේට අදාළ මහනායක හිමිවරුන්වද ත්‍රෛනිකායික මහානයක හිමිවරුන්වද දැනුවත් කර ඇත . එහෙත් උන්වහන්සේලා ගෙන් කිසිම පිළිතුරක් නොලැබුන නිසා අධිකරණයේ පිහිට පතන්න සිදු වුනු බව වැඩි දුරටත් පූජ්‍ය ඕමල්පේ නාහිමියෝ කියා සිටිහ.

ජාතික විද්වත් සංඝ සභාව විසින් සංවිධානය කරන ලැබු මෙම මාධ්‍ය හමුවට ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති රාමඤ්ඤ මහා නිකායේ දක්ෂින ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි, ජාතික සංඝ සම්මේලනයේ සභාපති ශාස්ත්‍රපති පුජ්‍ය රජවත්තේ වප්ප නාහිමි, ශාස්ත්‍රපති පුජ්‍ය රන්පත්විල විමලරත්න නා හිමි, ශාස්ත්‍රපති පුජ්‍ය වාද්දුවේ ධම්මවංස නාහිමි මෙම මාධ්‍ය හමුවට සහභාගි විය.

බුදුගල ජිනවංස හිමි
ජාතික විද්වත් සංඝ සභාව
මාධය සම්බන්ධිකාරක

ආන්නදසිරිගේ කාල්ටන් බණ

***************************************

කිලෝ 110 ක ‘කුඩු’ ලී කුඩු කළ සුරාබදු වංගුව ගැන විමර්ශන

(15.12.2020 – epaper.aruna.lk)

සුරාබදු දෙපාර්තමේන්තුව මාරවිල, තොඩුවාවේදී අත්අඩංගුවට ගත් රු. කෝටි 300 ක හෙරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් දෙසීයෙන් (200) කිලෝ 110 ක් මුහුද මැදදීම පන්නා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳ පුළුල් පොලිස් විමර්ශනයක් ඊයේ (13 වැනිදා) සිට ඇරැඹී ඇත.

සුරාබදු නිලධාරීන් නාවික හමුදා යාත්‍රාවකින් ගොස් මීගමුවේ සිට ලී කුඩු කිලෝ හැටක් (60) හා වීදුරු කැබලි රැගෙනවිත් මුහුද මැදදී මත්ද්‍රව්‍ය වෙනුවට ඒවා මාරු කළ බව කියන සිද්ධිය සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා යටතේ මෙසේ විමර්ශන ඇරඹී තිබේ.

වැටලීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුව ඉකුත් 6 වැනිදා මාරවිලින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත්තේය.

මෙම හෙරොයින් හා අයිස් කිලෝ දෙසීය මෙරටට ගෙන ඒමට සැලසුම් කළ ප්‍රධාන සැකකරු බව කියන දේවගැතිවරයකු හා අඹුසැමි යුවළක් කොළඹ උතුර පොලිස් විශේෂ කාර්යාංශය හා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පෙරේදා (13 වැනිදා) අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත මෙම විමර්ශන ඇරඹී තිබේ.

මෙම මත්ද්‍රව්‍ය ජාත්‍යන්තර මුහුදට ගොස් අත්අඩංගුවට ගෙන එහි ට්‍රෝලරයේ ‘ස්කිපර්’ ඇතුළු හත්දෙනකු (7) මුදාහැර ඇති අතර ගොඩබිමේදී ඒවා භාර ගැනීමට සිටි බව කියන පිරිස පමණක් අධිකරණයට ඉදිරිපත් කිරීමට සුරාබදු නිලධාරීන් කටයුතු කර ඇතැයි දැනට කරන ලද විමර්ශනවලදී හෙළිවෙමින් ඇත. එම පිරිස හා ට්‍රෝලරය සොයා පොලිස් කණ්ඩායම් ඊයේ (14 වැනිදා) එම ප්‍රදේශවලට ගොස් ඇතත් සැකකරුවන් නිවෙස් අතහැර ගොස් තිබිණි.

සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයෙන් හෙරොයින් කිලෝ 40 ක් සමග ලීකුඩු කලවම් කර මුහුද මැදදීම පැකට් 100 ක් සාදා ඇති බව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ප්‍රකාශ ලබාදී තිබේ.

එම බෝට්ටුව ගොඩබිමට පැමිණෙන විට බත්තරමුල්ලේ සංජු නමැත්තාගේ උපදෙස් පරිදි ඒවා බෙදාහැරීමට හතර දෙනකු (4) ගොඩබිම සිට ඇත. සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ එම සිව්දෙනාය (4) ෴

***************************************

වෙදාටයි පැණියටයි බැනලා වැඩක් නෑ ! 2021 ට හැමෝම හෙව්ව පණිවිඩය ! මේ පුංචි දේවල් ටික කරලා බලන්න

(14.12.2020 – YouTube : Dhanush Vlogs SL)

පත්තර කොළ එලලා බිම නිදාගත්ත ඔහු අද කියන කතාව ……

භාතිය අර්ථනායක කියන්නේ අවුරුදු 10 කට ආසන්න කාලයක් අභිප්‍රේරණ හා පුද්ගල හැකියා සංවර්ධන ක්ෂේත්‍රයේ නම දිනාගත් පුහුණුකරුවෙක්. මහනුවර ඈත වළල මැණික්හින්න ඒ.රත්නායක විද්‍යාලයේ මලල ක්‍රීඩා කණ්ඩායමේ අභිප්‍රේරකවරයා ලෙසින් මේ ක්ෂේත්‍රයට පා තබලා, කොළඹ රාජකීය විද්‍යාලය දක්වාත්, එතැනින් ජාතික කණ්ඩායම් පුහුණුවේ දී මීටර් 100, 200 ශ්‍රී ලාංකා වාර්තා බිහිකල මළල ක්‍රීඩකයින්, ආසියානු මට්ටම දක්වා පදක්කම් දිනූ ක්‍රීඩකයින්ගේ අභිප්‍රේරකයා වන්නටත් භාතියට හැකිවුණා.

එපමණක් ම නෙවෙයි, Corporate sector එක තුල MAS වැනි දැවැන්ත සමාගම් දක්වාත්, Peoples Bank, Bank of Ceylon, CDB, LB Finance වැනි මූල්‍ය සමාගම්වලත්, AIA Insurance වැනි ජාත්‍යන්තර සමාගම් සමගත් DIMO වැනි සමාගම් රැසක් සමගිනුත් පුහුණුකරුවෙක් ලෙස භාතිය වැඩ කරමින් සිටිනවා.

එසේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ දී කොළඹ ආනන්ද විද්‍යාලය, ශාන්ත ජෝෂප් විද්‍යාලය සහ ඩී.එස්. සේනානායක වැනි විදුහල්වල සිට ඈත දුෂ්කර පාසල් දක්වා ම ඔහු විභාග සහ අධ්‍යාපනය අරමුණු කරගත් වැඩසටහන්වල නිරත වෙනවා.

භාතිය කියන්නේ ලේඛකයෙක්. ඔහු මේ දක්වා ලියා පලකල ග්‍රන්ථ සංඛ්‍යාව 3 ක්. තවත් ග්‍රන්ථ දෙකක් ඔහු රචනා කරමින් යනවා. මාර්තුවේ දී ඒ පොත් එළි දැක්වීමට නියමිතයි. ඒ වගේම ඔහු 2019 වසරේ දී SLT SILK සම්මාන රාත්‍රියේ දී ශ්‍රී ලංකාවේ හොදම ක්‍රීඩා අභිප්‍රේරකයා ලෙසින් ද සම්මානයට පාත්‍ර වුණා.

[ https://www.youtube.com/watch?v=lA1jugdwonU ]

***************************************

(15.12.2020 – 06:39 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ධාවන තරගයක් පැවැත්වූ යතුරු පැදිකරුවෙකුට චෝදනා 04 කට අදාළව රුපියල් 90,000 දඩයක් ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර්.එස්.එම්. මහේන්ද්‍ර රාජා මහතා ඊයේ (14) නියම කළා.

මුල් ආකෘතිය වෙනස් කිරිම, අංක තහඩු නොමැතිව සහ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව අපරික්ෂාකාරි ලෙස යතුරුපැදියක් ධාවනය කිරිම යන චෝදනා සම්බන්ධයෙන් වරද පිලිගත් ඔහු කඩවත, රම්මුතුගල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයේ සිට කිරිල්ලවල – කන්දකපාපු හංදිය දක්වා ත්‍රීරෝද රථ සහ යතුරුපැදි මුදලට රේස් පැදීම රාත්‍රි 12 ත් අලු‍යම් කාලයත් අතර දී සිදු කරන බව පැමිණිල්ල මෙහෙයවමින් යක්කල පොලිසියේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියා.

එම රියදුරන් පොලිසියට ගෙන්වා කොතෙක් අවවාද කළද ඔවුන් ගේ එම ක්‍රියාවන් නොනවත්වා සිදු කරන බවටත් මෙහිදී පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළා.

මෙම රියදුරන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් මාරක රිය අනතුරු බෙහෙවින් සිදුවන හෙයින් දැඩි දඩුවම් පමුණුවන ලෙසයි මෙහිදී පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව සැකකාර යතුරු පැදිකරුට තරයේ අවවාද කල අධිකරණය රුපියල් 90,000 ක දඩයක් නියම කළා.

පසුගියදා මොරටුව – එගොඩඋයන ප්‍රදේශයේදී කුඩා දැරියන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත් කරමින් ගැබිණි මවකට බරපතල තුවාල සිදුවූ රිය අනතුරෙන් පසුවයි මෙලෙස අධික වේගයෙන් සහ අපරික්ෂාකාරී ලෙස ධාවනය කරන යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ.

ඒ අනුව පසුගියදා එලෙස සිදුකළ වැටලීම්වලදී රාත්‍රි කාලයේදී යතුරුපැදි ධාවන තරඟ සංවිධාන කළ තරුණයින් රැසක් පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා ෴

***************************************

මාදිවෙල – බටහිර නාගරික කෘෂිකර්මාන්ත හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය, අද ජනතා අයිතියට

(15.12.2020 – 06:51 +0530 – hirunews.lk/sinhala)

මාදිවෙල – බටහිර නාගරික කෘෂිකර්මාන්ත හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) සිදු කිරීමට නියමිතයි.

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මෙම සංවර්ධන ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ කෙරුණේ පසුගිය අප්‍රේල් මස 21 වනදායි.

කිලෝමීටර් 1.5 ක ඇවිදීවේ මංතීරුවක්, කිලෝමීටර් 1.5 ක දිගින් යුත් පාපැදි මංතීරු දෙකක්, ළමා උද්‍යානයක්, අංග 08 කින් සමන්විත එළිමහන් ව්‍යායාම් ප්‍රදේශයක්, එකවර රථ 40 ක් ගාල් කළ හැකි රථගාලක් ප්‍රධාන මාර්ගයට සමාන්තරව රථවාහන ගාල් කිරීමේ ප්‍රදේශයක් සහ යල මහ කන්න දෙකටම වගා කිරීමේ පහසුකම් සඳහා ජලය සපයා දිය හැකි වැව් දෙකකින් ද මෙම ව්‍යාපෘතිය සමන්විතයි.

මේ සඳහා රුපියල් මිලියන 390 ක් වැය කර තිබෙනවා.

***************************************

(15.12.2020 – 07:02 +0530 – hirunews.lk/sinhala)

මීරිගම – කීනදෙනිය ප්‍රදේශයේ සිය මවගේ මළගමට පැමිණ පිරිසක් සමඟ මත්පැන් පානය කළ සොහොයුරන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ප්‍රදේශයේ පුද්ගලයෙකු ලබාදුන් ස්ප්‍රීතු වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව මොවුන් මෙලෙස මියගොස් ඇති අතර, එම මත්පැන් පානය කළ තවත් අයෙකු රෝහල් ගතකර සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

පෙරේදා රාත්‍රියේ ඔවුන් මෙලෙස මත්පැන් පානය කර ඇති අතර, මියගිය පුද්ගලයින් එකම පවුලේ 54 සහ 47 හැවිරිදි සහෝදරයින් වනවා.

නිවස අසල පදිංචි පුද්ගලයෙකු සපයන ලද ස්ප්‍රීතූ වර්ගයක් පානය කිරීමෙන් මොවුන් මියගොස් ඇති බවටයි දැනට වාර්තා වී ඇත්තේ.

***************************************

(15.12.2020 – 07:42 +0530 – hirunews.lk/sinhala)

අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත් වන ජනතාව සහ මධ්‍යම පාන්තිකයින් වෙනුවෙන් නිවාස 7,500 ක් ඉදිකිරීම වහාම ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට ඊයේ (14) උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, එම අධිකාරියේ ව්‍යාපෘති සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදීයි.

ඒ අනුව, මේ මස අවසන් වීමට පෙර මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

මධ්‍යම පාන්තිකයන් සඳහා නිවාස ලබාදීමේදී අවම මූලික ගෙවීමකින් නිවාස හිමිකම් ලබා දෙන ලෙස ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව, වසර 30 ක් දක්වා සියයට 6.25 ක පොලී අනුපාතයක් යටතේ නිවාස ලබාදීමටයි සාකච්ඡාවේදී තීරණය කර ඇත්තේ.

එසේම, පෑලියගොඩ – මැනිං වෙළඳපොලේ කඩ කාමර වල මාසික කුලිය සඳහා යම් කාල පරාසයකට සියයට 50 ක වට්ටමක් ලබාදෙන ලෙසටද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මාදිවෙල බටහිර නාගරික කෘෂිකර්මාන්ත සහ පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය අද (15) අග්‍රාමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පත් කෙරෙනවා.

පසුගිය අප්‍රේල් 21 වනදා මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ වූ අතර, ඇවිදින මංතීරුවක්, පාපැදි මංතීරු දෙකක්, ළමා උද්‍යානයක් සහ එළිමහන් ව්‍යායාම ප්‍රදේශයක් ඊට ඇතුළත්.

***************************************

(15.12.2020 – 08:19 +0530 – hirunews.lk/sinhala)

තීරුබදු රහිතව මෙරටට ගෙන්වූ තවත් කහ කිලෝ 847 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (14) දහවල් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මින් එක් පුද්ගලයෙකු හලාවත – බංගදෙනිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී කහ කිලෝග්‍රෑම් 200 ක් සොයාගනු ලැබුවා.

එමෙන්ම, මන්නාරම – සිලාවතුර – අරිප්පු වෙරළ ප්‍රදේශයේදීද තවත් කහ කිලෝග්‍රෑම් 647 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ථේරපුත්ත නාවික හමුදා කඳවුරේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි.

මෙලෙස අත්අඩංගුවට පත්වූ සැකකරුවන් බංගදෙනිය සහ සිලාවතුර ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

***************************************

(15.12.2020 – 09:04 +0530 – hirunews.lk/sinhala)

යතුරු පැදියකින් ගොස් මහ මඟ ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙළ බැඳී රන් මාල කොල්ල කෑමේ නිරත වූ හිටපු යුධ හමුදා ලුතිනන්වරයෙකු අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මාලඹේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි එක් දරු පියෙක්.

ඔහු , සොරකම් කළ රන් මාල, රන් භාණ්ඩ උකස් ගන්නා ආයතනයවලට උකස් කර සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බවට හෙළි වී ඇති බව සඳහන්.

එලෙස කොල්ල කා උකස් කර තිබූ රුපියල් ලක්ෂ 60 කට ආසන්න රන් අභරණ සොයා ගැනීමට හැකි වූ බව අතුරුගිරිය පොලීසිය ප්‍රකාශ කළා.

සාමාන්‍ය පෙළ විභාගයට A සාමාර්ථ 10 ක් සහ අ.පො. ස. උසස් පෙළ විභාගය ද A සාමාර්ථ 3ක් සමඟින් සමත් වූ ඔහු යුද හමුදාවේ ලුතිනන්වරයෙකු ලෙස රාජකාරි සිදු කර තිබෙනවා.

කෙසේවෙතත් අදාළ සැකකරු යුද හමුදාවෙන් ඉවත් කළ අයෙකු බවයි වාර්තා වන්නේ.

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අතුරුගිරිය පොලිසිය විසින් ක්‍රියාත්මක කරනවා ෴

***************************************

(15.12.2020 – 10:30 +0530 – hirunews.lk/sinhala)

2015 – 2019 කාල සීමාවේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් සහ මාතලේ ප්‍රදේශයේ පදිංචි ෆාරුක් මොහොමඩ් අස්ලාම් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව ඊයේ (14) රාත්‍රියේ මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා කින්නියා ප්‍රදේශයේදී ද අනෙක් සැකකරු මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා ෴

***************************************

(15.12.2020 – 10:38 +0530 – hirunews.lk/sinhala)

රථ වාහන ලියාපදිංචි කිරීමේ අංක තහඩු සඳහා යොදා ගන්නා පළාත් හඳුනා ගැනීමේ අක්ෂර ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

රථවාහන වල දුම් පරීක්ෂා කිරීමේදී, වාර්ෂික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී සහ පළාත් අතර වාහන හිමිකම් පැවරීමේදී රථ වාහන අංක තහඩු වෙනස් කිරීමට සිදුවීම හේතුවෙන් සේවාලාභීන්ට වන අපහසුතා සැලකිල්ලට ගනිමිනුයි අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ.

අදාළ යෝජනාව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

මීට අමතරව, පළාත් සභා මැතිවරණය සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳව ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මාධ්‍යවේදීන් ප්‍රශ්න කිහිපයක් යොමුකළ අතර ඊට සම කැබිනට් ප්‍රකාශකවරුන් වන අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා ෴

***************************************

(15.12.2020 – 12:31 +0530 – hirunews.lk/sinhala)

වැටුප් ගැටලු සහ සේවා ස්ථිර කිරීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා.

මොවුන් අද (15) දහවල් විහාරමහාදේවි උද්‍යානය අසල සිට විරෝධතා පාගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණියා.

මේ හේතුවෙන් පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හට ගත්තා. විරෝධතාකරුවන් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වනවා ෴

=====================================

(15.12.2020 – 07:47 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 688 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 33,478 ක් වනවා.

ඊයේ (14) හඳුනාගත් ආසාදිතයින්ගෙන් 685 දෙනෙකුම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව එම පොකුරුවලින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 29,837 ක්.

එසේම, ඊයේ (14) දිනයේදී තවත් මරණ දෙකක් (2) වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 154 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (14) වාර්තා වූ මරණ අතරින් එක් අයෙකු බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් වන අතර ඇයගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා ආසාදනය සමඟ අධිරුධිර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධයක්.

මියගිය අනෙක් පුද්ගලයා කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 65 ක පිරිමි පුද්ගලයෙකු වන අතර, කොළඹ පෞද්ගලික රෝහලකදී ඔහු මියගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන්.

ඊයේ (14) හදුනාගත් නව ආසාදිතයින් සමඟ මේ වනවිට දිවයිනේ රෝහල් කිහිපයක වෛරසය ආසාදනයවූවන් 9,015 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබු මුළු ආසාදිතයින් සංඛ්‍යාව 24,309 ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

එමෙන්ම, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර මහතා ඊයේ (14) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත් වලට පැමිණෙන පුද්ගලයින් විවිධ ස්ථාන වල සංචරණය කිරිමෙන් වැළකිය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර මහතා සඳහන් කළේ එළඹෙන උත්සව සමයේ සාප්පු සවාරි යෑමේදී සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කිරීම ජනතාවගේ වගකීමක් බවයි ෴

++++++++++++++++++++

(15.12.2020 – 09:09 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 ක කාලය තුල මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම ඇතුළු නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 55 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්තෝම්බර් 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ එවැනි වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 1,445 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

++++++++++++++++++++

(15.12.2020 – 10:05 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (14) හඳුනාගත් නව කොරෝනා ආසාදිතයින් 688 දෙනා අතරින් 200 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 117 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 113 ක් ඊයේ (14) වාර්තා වූ අතර, විදේශ මුහුදු ආරක්ෂකයින් තුන්දෙනෙකු (3) ද නව ආසාදිතයින් අතර සිටින බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

මේ වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 79 ක් තුළ පුද්ගලයින් 7813 ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටිනවා ෴

+++++++++++++++++++++

(15.12.2020 – 12:47 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය සෞඛ්‍ය මාර්ගෝපදේශනයට අනුකූලව, සීමිත තොග වෙළඳ කටයුතු සඳහා හෙට (16) දිනයේ විවෘත කිරීමට නියමිතයි.

හෙට (16) අලුයම 2 සිට මෙලෙස තොග වෙළඳාම සඳහා මත්ස්‍ය වෙළඳපොල විවෘත කෙරෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Terrible sacrilege. Abhuddassa kaalya has started with cheewara daari horu led by self certified tripitaka and meditation rejecting pitaduwe and this devadatta follower. It is time for lay-buddhists to exterminate this kind of destructive forces before the whole society gets devoured by devils. Activate the powers defined in Aataa Naatiya Sutta! BTW what has happened to the Minister of Buddha Saasana while his son and acolytes are sponsoring this kind of anti-Buddhist cheevara daari rogues.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *