මරදාන, දෙමටගොඩ සහ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

මරදාන, දෙමටගොඩ සහ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

මාතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

රටපුරා සියලු විහාරස්ථානවල රතන සූත්‍රය, බොජ්ජංග සූත්‍රය සඤ්ඤායනා කරන්නැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි

*********************************************

මරදාන, දෙමටගොඩ සහ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

(23.10.2020 – 21:37 +0530 – hirunews.lk/sinhala)

වහාම ක්‍රියාත්මක වන පරිදි මරදාන සහ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලට ද ලබන සඳුදා (26) උදෑසන පහ වනතෙක් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

මීට අමතරව මීට අමතරව වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගුලවිට – උතුර, ගුලවිට – දකුණ, වෙදවත්ත, මගුරුමස්විල සහ මාකලන්දාව යන ගම්මාන මේ මොහොතේ සිට හුදකලා කර ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

+++++++++++++++++

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල සහ සියලු පළාත් කාර්යාල නැවත දැනුම් දෙනතුරු මහජනතාවට විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් එම දෙපර්තමේන්තුව දැනුම් දෙන්නේ ජාතික හඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල හරහා ක්‍රියාත්මක බවයි.

ජාතික හඳුනුම්පත් නිකුත් කිරීම ඇතුළු එම දෙපාර්තමේන්තුවෙන් සැපයෙන සේවාවන් පිළිබද තොරතුරු විමසීම සඳහා විශේෂ දුරකථන අංක කිහිපයක් ක්‍රියාත්මකයි.

011 522 6126,

011 522 6115,

011 522 6100,

011 522 6150 එම දුරකථන අංක වනවා ෴

+++++++++++++++++

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලේ සේවය කළ ඇඹිලිපිටිය – කුට්ටිගල – සූරියගම ප්‍රදේශයේ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරුවීමත් සමඟ පුද්ගලයන් 60 දෙනෙකු පමණ නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

ඇඹිලිපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එම්.කේ. බණ්ඩාර මහතා සඳහන් කළේ අදාළ පුද්ගලයා පසුගිය විසිවනදා ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට පැමිණි අවස්ථාවේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

ඔහු තම නිවසේ සිටින අතරතුරද උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.

එමෙන්ම මෙම පුද්ගලයා පොදු ප්‍රවාහන සේවා භාවිත කරමින් පෑලියගොඩට පැමිණ ඇති අතර, ඔහු ගමන් ගත් ඇඹිලිපිටිය නගරයේ සුපිරි වෙළඳසැලක්, ස්වර්ණාභරණ අලෙවිසැලක් සහ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් මෙන්ම කුට්ටිගල – 42 ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයක්ද වසාදමා තිබෙනවා.

මේ අතර පවතින තත්ත්වය සළකා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා සියලු පළාත් කාර්යාල නැවත දැනුම්දෙනතුරු මහජනතාව සඳහා විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ස්ථාපිත පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල හරහා ක්‍රියාත්මක කරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴

+++++++++++++++++

අද (23) දිනයේ අලුතින් කොරෝනා ආසාදිතයන් 609 දෙනෙකු සොයාගෙන තිබෙනවා.

ඉන් 496 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලෙන් හමුවී ඇති අතර, ගාල්ල ධීවර වරායෙන් පස්දෙනෙකු (5) සහ බේරුවල ධීවර වරායෙන් විසි දෙනෙකු (20) කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

මීට අමතරව නිරෝධායන මධ්‍යස්ථානවලින් 48 දෙනෙකු සහ ආශ්‍රිතයින් 40 දෙනෙකු අලුතින් ආසාදිතයන් ලෙස තහවුරු වුණා.

අද (23) හමුවූ රෝගීන් 609 දෙනා මෙරට තුළ දිනකදී හමුවූ වැඩිම කොරෝනා ආසාදිතයන් වීම විශේෂත්වයක්.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා ආසාදිතයන් 6,896 ක් වන අතර, රෝහල් ගතව ප්‍රතිකාර ලැබ සම්පූර්ණයෙන් සුවය ලැබූ 83 දෙනෙකු අද රෝහල්වලින් පිටව ගියා.

මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිත සංඛ්‍යාව 3,238 ක්.

+++++++++++++++

අද (23) දිනයේ අලුතින් කොරෝනා ආසාදිතයන් 609 දෙනෙකු සොයාගෙන තිබෙනවා.

ඉන් 496 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලෙන් හමුවී ඇති අතර, ගාල්ල ධීවර වරායෙන් පස්දෙනෙකු (5) සහ බේරුවල ධීවර වරායෙන් විසි දෙනෙකු (20) කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

මීට අමතරව නිරෝධායන මධ්‍යස්ථානවලින් 48 දෙනෙකු සහ ආශ්‍රිතයින් 40 දෙනෙකු අලුතින් ආසාදිතයන් ලෙස තහවුරු වුණා.

අද (23) හමුවූ රෝගීන් 609 දෙනා මෙරට තුළ දිනකදී හමුවූ වැඩිම කොරෝනා ආසාදිතයන් වීම විශේෂත්වයක්.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා ආසාදිතයන් 6,896 ක් වන අතර, රෝහල් ගතව ප්‍රතිකාර ලැබ සම්පූර්ණයෙන් සුවය ලැබූ 83 දෙනෙකු අද රෝහල්වලින් පිටව ගියා.

මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිත සංඛ්‍යාව 3,238 ක්.

++++++++++++++++++

පෑලියගොඩ මාළු වෙළෙදසැලේ පුද්ගලයින් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ පානදුර නගර සභා බලප්‍රදේශයේ පවතින සියළු මත්ස්‍ය අලෙවිසැල් තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුනා.

ගාල්ල ධීවර වරායේ ධීවරයින් පිරිසක්ද ආසාදිතයින් බවට තහවුරු වීමත් සමඟ ගාල්ල ධීවර වරායද තාවකාලිකව වසා දැමුණා.

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ ඊයේ (22) දිනයේ ගාල්ල ධීවර වරායේ ධීවරයින් ඇතුළු සේවා සපයන්නන් 166 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ බවයි. එමෙන්ම බේරුවල ධීවර වරායද වසා දැමීමට පියවර ගැනෙන්නේ එම වරාය ආශ්‍රිතව ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන්.

හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳසැලක හිමිකරුවෙකු කොරෝනා ආසාදිතයෙකු බවට අනාවරණය වීමෙන් පසුව අද (23) සිට එම වෙළඳසැල ද තාවකාලිකව වසාදැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා.

එමෙන්ම කහවත්ත – මාදම්පේ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මාදම්පේ නගරයේ සියලු වෙළඳසැල් වසා දැමීමට පියවර ගැනුනා.

+++++++++++++++++++

මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා කරමින් අයි.ඩී.එච්. රෝහලේදී ඊයේ (22) මියගිය කුලියාපිටිය – ඌරුපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) පස්වරුවේ කොළොන්නාව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.

ඒ, ජාත්‍යන්තර නිරෝධායන නීතිරීතිවලට අනුකූලවයි.

මේ අතර කොරෝනා ආසාදිතයන් වාර්තාවූ පොලිස් බල ප්‍රදේශ 44 ක් තුළ මේ වනවිට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති අතර, එම ප්‍රදේශ හැර දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා ෴

++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 256 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් 39 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙන් හමුවී ඇති අතර, සෙසු 217 දෙනා ඔවුන්ගේ සහ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව අද (23) දිනයේ වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 865 ක් ෴

*********************************************

මාතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(23.10.2020 – 17:19 +0530 – hirunews.lk/sinhala)

නඩත්තු කටයුත්තක් හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය අටක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අනිද්දා (25) උදෑසන 9 සිට පස්වරු පහ දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කෝට්ටගොඩ, පාතේගම, රත්මලේ, දික්වැල්ල, වලස්ගල සහ කුඩාවැල්ල යන ප්‍රදේශවලටයි ෴

***************************************

රැදවුම් භාරයේ සිටින තමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ජනිත් මධුශංක’ හෙවත් ‘පොඩි ලැසී’ ගොනු කළ පෙත්සමක් විභාග කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ, ඊට අදාළ පෙත්සම මෝසමක් මගින් අද (23) දිනයේදී අභියාචනාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදියි.

ඒ අනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු ජේ.එච්.එම්. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල නියෝග කළේ එහි වගඋත්තරකරුවන්ට ලබන නොවැම්බර් මස 12 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි.

බූස්ස බන්ධනාගාරයේ අධිකාරීවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

‘පොඩිලැසී’ තම නීතිඥයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී ඇත්තේ අපරාධ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින තමන්ව මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රදවා තිබෙන බවයි.

බන්ධනාගාරය තුළ දී තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව සිය පෙත්සමෙන් පෙන්වා දී ඇති ‘ජනිත් මධුශංක’ හෙවත් ‘පොඩි ලැසී’ සඳහන් කර ඇත්තේ පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට බන්ධනාගාර නිලධාරීන් බැදී සිටින බවයි.

මේ අතර මාළිගාවත්ත ප්‍රදේශයේදී පසුගියදා වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්වූ ‘මධුෂ් ලක්ෂිත’ හෙවත් ‘මාකඳුරේ මධුෂ්’ගේ මරණය සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් අද (23) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

එමඟින් ඔවුන් ඉල්ලා ඇත්තේ මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙසටයි.

***************************************

පාස්කු ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා සාදියා අද (23) දෙවන දිනටත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට කැඳවනු ලැබුවා.

කෙසේ වෙතත් ඇයගෙන් කෙරෙන සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත වූයේ නැහැ.

***************************************

විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (23) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර මෙම කණ්ඩායම් රැස්වීමේදී සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත පෙත්සමක් භාරදෙනු ලැබුවේ සාමූහික තීන්දුවට එරෙහිවූ මන්ත්‍රීවරුන් සිය පක්ෂවලින් ඉවත් කිරීමට රවුෆ් හකීම් මෙන්ම රිෂාඩ් බදියුදීන් පියවර ගත යුතු බවයි.

මෙම මන්ත්‍රී කණ්ඩායම් හමුව දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

සමගි ජනබලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටියේ සිය මන්ත්‍රීවරුන් සාමූහික මතයට එකඟ කරගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්ට සහ රිෂාඞ් බදියුදීන්ට දැඩි විරෝධයක් එල්ලවූ බවයි.

මේ අතර විසිවන ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය පළ කළ දෙමළ ප්‍රගතිශිලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එම සන්ධානය අද තීරණය කරනු ලැබුවා.

ඒ, එම සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද (23) රැස්වූ අවස්ථාවේදියි.

+++++++++++++++

***************************************

සිවලුන් ගම්වැදීම හේතුවෙන් හොරණ – මීවනපලාන ප්‍රදේශයේ දෛනික ජන ජීවිතයට එල්ල වී ඇති තර්ජනය සම්බන්ධයෙන් අපි හිරු ප්‍රවෘත්ති ඔස්සේ පසුගිය දින කිහිපයේදීම අනාවරණය කළා.

අදත් සිවලුන් රංචුවක් මීවනපලාන ගම්මානය ප්‍රදේශයට පැමිණ තිබූ අතර එහිදී ප්‍රදේශවාසීන් සිය ආත්මාරක්ෂාව වෙනුවෙන් එල්ලකළ ප්‍රහාරයකින් එක් සිවලෙකු මියගොස් තිබෙනවා.

*********************************************

රටපුරා සියලු විහාරස්ථානවල රතන සූත්‍රය, බොජ්ජංග සූත්‍රය සඤ්ඤායනා කරන්නැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි

(23.10.2020 – 23:08 +0530 – lankaleadnews.com)

රට තුළ ඇති වී තිබෙන කොරෝනා ව්‍යාප්තිය පාලනය වී ජනතාවට නිරෝගී සුවයෙන් ජීවත්වීම සඳහා අවශ්‍ය පරිසරය උදාකර දීමට රටපුරා සියලු විහාරස්ථානවල රතන සූත්‍රය හා බොජ්ජංග සූත්‍රය සඤ්ඤායනා කිරීම සංවිධානය කරන්නැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලිඛිතව දන්වා යවා තිබේ.

මෙම අවස්ථාවන් සංවිධානයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට විහාරාධිපති හිමිවරුන් දැනුවත් කරන ලෙසද ලිපියේ දැක්වේ.

මෙම වැඩපිළිවෙලට සමගාමීව 24 වැනිදා සිට 29 වන දින දක්වා ප‍්‍රධාන නගර කිහිපයකම එවැනි පිරිත් සජ්ජායනා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සඳහන් කරයි ෴

රතන සූත්‍රය

++++++++++++

බොජ්ඣංග පිරිත

***************************************

(24.10.2020 – 06:55 +0530 – hirunews.lk/sinhala)

බැලූ බැල්මට පවතින කොරෝනා සමාජ ව්‍යාප්තියක් පිළිබඳව ඉඟියක් ලැබෙන බවත් ඒ සමඟ රට තුළ මේ වනවිට ඉතා සංකීර්ණ තත්වයක් නිර්මාණය වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘හිරු TV පත්තරේ විස්තරේ’ වැඩසටහන වෙත එක්වෙමින්.

පවතින තත්වයත් සමඟ වසංගත රෝග විද්‍යා ඒකකය සතුව විශාල වගකීමක් පවතින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ වනවිට තම සංගමයට හෝ වගකිවයුතු පුද්ගලයන් අතට වසංගත රෝග විද්‍යා ඒකකය විසින් රටේ කොරෝනා ව්‍යාප්තිය පිලිබඳ අභ්‍යන්තර තොරතුරු මෙතෙක් ලබා දී නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ පසුගියදිනක වසංගත රෝග විද්‍යා ඒකකය විසින් වාර්තාවන සියලු ආසාදිතයන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සම්බන්ධයක් ඇති බවට ප්‍රකාශ කළ බවයි.

කෙසේ වෙතත් ඒ කුමන ආකාරයකින් ද යන්න ඔවුන් මෙතෙක් හෙළිකර නොමැති බව සඳහන් කරමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඒ පිළිබඳව තොරතුරු කඩිනමින් ජනතාවට අනාවරණ කළ යුතු බවයි.

මේ මොහොත වනවිට ආසාදිතයන් වාර්තාවන දිස්ත්‍රික්ක හරහා වෙනත් දිස්ත්‍රික්ක වෙත ආසාදිතයන් ව්‍යාප්තවීම අවම කිරීම සඳහා දිස්ත්‍රික් මායිම් අතර බරපතල තීරණයක් කඩිනමින් ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ ඉල්ලීමක් කරන බවද ඔහු ප්‍රකාශ කළා ෴

++++++++++++++

(24.10.2020 – 07:31 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ අවට වැඩි වශයෙන් ප්‍රතිජීවක ඖෂධ අලෙවිය සම්බන්ධයෙන් තමන්ට වාර්තාවීමෙන් අනතුරුව තමන් ඒ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් වෙත තොරතුරු සැපයීම සිදුකළ ද ඒ වනවිටත් බොහෝ ව්‍යාපාරිකයන් උදෑසන මත්ස්‍යයන් රැගෙන දිවයිනේ විවිධ ප්‍රදේශවලට පිටත්ව තිබූ බව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (24) උදෑසන ‘හිරු TV පත්තරේ විස්තරේ’ වැඩසටහන සමග එක්වෙමින්.

අදාළ PCR පරීක්ෂණ සිදුකරන අවස්ථාව වනවිටදී එහි රැඳී සිටි බහුතරය පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ව්‍යාපාරිකයන් සහ සේවකයන් පමණක් බවද ඔහු සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජයසිරි වික්‍රමාරච්චි මහතා ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ සුළු පිරිසක් ද PCR පරීක්ෂණ සඳහා පෙනී සිටීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි.

මේ අතර මෙරට සියයට 60 ක මත්ස්‍ය අස්වැන්නක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ හරහා හුවමාරු වන බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ වනවිටත් දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති ධීවර වරායන් වෙත බහුදින ධීවර යාත්‍රා රැසක් පැමිණ ඇති අතර එම ධීවරයන් ද මේ වනවිට බරපතළ අර්බුදයකට ලක්ව ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

එමෙන්ම මේ වනවිට යළි මසුන් ඇල්ලීම සඳහා ධීවරයන් මුහුදු නොයෑම හේතුවෙන් ඉදිරියේ රටතුළ මත්ස්‍ය සහ කරවල හිඟයක් ඇතිවීමේ ඉඩකඩක් පවතින බවද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඔහු ඉල්ලා සිටින්නේ කඩිනමින් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුබවයි ෴

+++++++++++++++

(24.10.2020 – 07:40 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ පොලිසියේ පොලිස් නිලධාරීන් 100 ක් සිය නිරෝධායන කාලය අවසන් කර ඊයේ (23) සිය නිවෙස් වෙත ගොස් තිබෙනවා.

අදාළ පොලිස් නිලධාරීන් හබරාදුව, කලුතර සහ කුන්ඩසාලේ යන පොලිස් අභ්‍යාස විද්‍යාලවල නිරෝධායනය සදහා යොමු වී තිබුණා.

මේ අතර තවත් දින 14 ක කාලයක් ඔවුන් සිය නිවෙස් තුළ ස්වයං නිරෝධායනයේ සිටිය යුතු බැවින් එම කාලය අවසන් වන තුරු කිසිදු නිලධාරියෙකු සේවයේ යෙදවීමක් සිදු නොවන බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයෙකු ප්‍රකාශ කළා.

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපන ශාලාව පවත්වා ගෙන ගිය පුද්ගලයාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ එම පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමා එහි සිටි සියලු නිලධාරීන් නිරෝධායනයට යොමුකෙරුණා.

කෙසේ වෙතත් අනතුරුව ආසන්න පොලිස් ස්ථානවල නිලධාරීන් සේවයේ යොදවා විෂබීජහරණය කිරීමෙන් අනතුරුව මිනුවන්ගොඩ පොලිස් ස්ථානය මහජනතාව සඳහා පසුව විවෘත කෙරුණා ෴

++++++++++++++

(24.10.2020 – 07:55 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ පොලිස් වසම් 49 කට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ඇතැම් දුම්රිය ස්ථානවල දුම්රිය නතර නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය යත්තල්ගොඩ දුම්රිය ස්ථානයේ නතර කිරීමෙන් අනතුරුව නතර කෙරෙන්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේයී. පුත්තලම මාර්ගයේ ගමන් කරන දුම්රිය වයික්කාලෙන් පසු නොනවත්වා කොළඹ – කොටුව බලා ධාවනය වනු ඇති.

එසේම, මුහුදුබඩ මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය කටුකුරුන්දේ සිට බෙන්තොට දක්වා නොනවත්වා ධාවනය කෙරෙනවා.

කෙසේ වෙතත්, උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින පාසල් සිසුන්ගේ විභාග කාලසටහන් අනුව යොදවා ඇති දුම්රිය, සියලු දුම්රිය ස්ථානවල නතර කිරීමට කටයුතු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශ තුළ අත්‍යවශ්‍ය සේවාවන්වල නිරත සියලු සේවකයින්ට තම රාජකාරී නිල හැඳුනුම්පත භාවිත කර අදාළ කටයුතුවල නිරත විය හැකි බවයි ෴

++++++++++++++

(24.10.2020 – 07:59 +0530 – hirunews.lk/sinhala)

බස් සංගම්, ප්‍රවාහන බලධාරීන් සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඉදිරි දින කිහිපය තුළ පැවැත්වෙනවා.

ඒ, කොරෝනා වසංගතය හමුවේ ප්‍රවාහන ක්‍ෂේත්‍රය මුහුණදී ඇති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහායි.

බස් සංගම් පවසන්නේ මේ වනවිටත් සිය බස් රථවලින් සියයට 50 කට වැඩි සංඛ්‍යාවක් ධාවනය නවතා දමා ඇති බවයි.

මගී ජනතාව පොදු ප්‍රවාහනය භාවිත කිරීමට මැලිකමක් දැක්වීම හේතුවෙන් මෙලෙස ප්‍රමාණවත් ආදායමක් නොමැති නිසා බොහෝ බස් රථ ධාවනය නොකරන බවයි වාර්තාවන්නේ.

මෙම තත්ත්වය තුළ කිසියම් සහනාධාර වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව මීට පෙර ද බස් සංගම් ප්‍රවාහන බලධාරින් වෙත ලිඛිතව දන්වා තිබුණා ෴

++++++++++++

(24.10.2020 – 08:12 +0530 – hirunews.lk/sinhala)

දෛනික වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ (23) දිනයේදී අලුතින් ආසාදිතයන් 866 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 7,000 සීමාව ඉක්මවා ගිය අතර, ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,153 ක් වනවා.

අවසන් වරට හඳුනාගත් ආසාදිතයන් 866 දෙනාගෙන් 535 දෙනෙකුම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිත පුද්ගලයින්.

මීට අමතරව බේරුවල ධීවර වරායෙන් ආසාදිතයන් 20 දෙනෙකු, ගාල්ල ධීවර වරායෙන් ආසාදිතයන් පස් දෙනෙකුත් (5) වාර්තා වී තිබුණා.

එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවලින්ද ඊයේ (23) දිනයේදී නව කොරෝනා ආසාදිතයන් ලෙස පුද්ගලයින් 48 දෙනෙකු වාර්තාවී ඇති අතර, තවත් 257 දෙනෙකු ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයෙකුද කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමඟයි මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,153 දක්වා ඉහළ ගියේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදසැලේ පුද්ගලයින් රැසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ පානදුර නගර සභා බලප්‍රදේශයේ පවතින සියළු මත්ස්‍ය අලෙවිසැල් තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුනා.

එමෙන්ම, බේරුවල සහ ගාල්ල යන ධීවර වරායන්ද මේ වනවිට තාවකාලිකව වසා දමා ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් වාර්තාවීමත් සමඟයි.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි මරදාන සහ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

එය ඊයේ (23) රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.

එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලටද ලබන 26 වනදා සඳුදා උදෑසන පහ (05:00) වනතෙක් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මීට අමතරව වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගුලවිට – උතුර, ගුලවිට – දකුණ, වෙදවත්ත, මගුරුමස්විල සහ මාකලන්දාව යන ගම්මාන ඊයේ (23) රාත්‍රියේ සිට හුදකලා කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියා ෴

***************************************

(24.10.2020 – 08:01 +0530 – hirunews.lk/sinhala)

කල්දමා ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ වැඩකටයුතු ඉදිරි සතියේ සිට ආරම්භ කරන බව පළාත් සභා රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා.

සියලු පළාත් සභාවල නිල කාලය අවසන්වී මේ වනවිට වසරක් පමණ ගෙවී ඇතත් යහපාලන ආණ්ඩුව සමයේ සිදුවූ පනත් සංශෝධනයක් හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නීතිමය බාධාවක් පැවතුණා.

මැතිවරණයට අදාළ සීමා නිර්ණ කටයුතු සිදුකිරීම සඳහා කමිටුවකට එය භාරදී තිබූ අතර, අදාළ සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වූයේ නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පැවතුණා.

කෙසේ වෙතත්, යහපාලන ආණ්ඩු සමයේදී අදාළ සීමා නිර්ණ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එය තුනෙන් දෙක බහුතරයකින් සම්මත වූයේ නැහැ.

පසුව එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටුවා එම වාර්තාව සමාලෝචනය කිරීමට කටයුතු කළද එම සමාලෝචන වාර්තාවද නිමකර මෙතෙක් ලබාදී නැහැ.

ඒ හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම කල්ගිය අතර, අදාළ ගැටළු සියල්ල විසඳා හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන බවයි පළාත් සභා රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා කියා සිටියේ.

අවසන්වරට නිල කාලය අවසන් වූයේ ඌව පළාත් සභාවේ වන අතර, ඒ, 2019 වසරේ ඔක්තෝම්බර් 8 වන දිනයි.

ඊට පෙර අවසන් වූ පළාත් සභාව වන්නේ බස්නාහිර වන අතර, ඒ පසුගිය වසරේ අප්‍රේල් මස 21 වන දිනයි. 2019 වසරේ අප්‍රේල් මාසයේදී දකුණු පළාත් සභාවේ නිල කාලය අවසන් වූ අතර, වයඹ සහ උතුර පළාත් සභාවල නිල කාලය අවසන් වූයේ 2018 වසරේ සැප්තැම්බර් මාසයේදියි.

සබරගමුව, නැගෙනහිර හා උතුරුමැද පළාත් සභාවල නිල කාලය 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වුණා.

මේ වනවිට සියලු පළාත් සභා පවතින්නේ ආණ්ඩුකාරවරුන් යටතේයි ෴

***************************************

(24.10.2020 – 08:13 +0530 – hirunews.lk/sinhala)

2030 වසර වනවිට ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම උදෙසා ශ්‍රී ලංකාව කැපවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සර දින සැමරුමට අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (23) එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

අනාගතය උදෙසා හරිත හා තිරසර පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා විවිධ බලපෑම් සහ දූෂණයට ලක්වූ පරිසර පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීම උදෙසා ක්‍රියාකාරී මට්ටමින් සාමූහිකව මැදිහත් වන ලෙසටද ලෝක නායකයින්ගෙන් ඉල්ලීමක් කළා.

කොරෝනා වසංගත තත්වය මෙම වැදගත් දිනයේදී ලෝක නායකයන් එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී මුණගැසීම වළක්වා ඇති බව අග්‍රාමාත්‍යවරයා සිහිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, තාක්ෂණික දියුණුව මඟින් සියල්ලන් එක් කිරීමට හැකිවීම සතුටට කරුණක් බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සර දින සැමරුමට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ.

කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ස්තූති කිරීමටද මෙය අවස්ථාවක් බවට පත් කරගන්නා බව අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

ලොව හමුවේ අභියෝගයක් වී තිබෙන පෙර නොවූ විරූ ගෝලීය සෞඛ්‍ය අර්බුදය මගහරවා ගැනීම සඳහා අන් කවරදාටත් වඩා අප සාමූහිකව කටයුතු කිරීමද ඉතා වැදගත් වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කර සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Ratana Sutra and Bojjang Sutra, yes it would work in a society that has genuine devotion and respect for Lord Buddha’s teaching, and for those that live by the Lord’s teachings . But in Sri Lanka, it is the country that pay lip service to the teaching. Every tom dick and harry MP rushes off to Dalada Maligawa with a tray of flowers for show, and for making a televized political statement. They do not have an iota of kindness and goodwill for the people but only for themselves. Temples are full of meditating in mass crowds, but the moment they get back home, they are back to their jealousies, intolerance and back stabbing, lying and cheating. The country is full of criminals, feeding mass drug addicts, conducting mafia management and remote controlling murders, extremists delivering death in masse to innocent men women and children praying at religious places. Is this the society that is now crying out to Lord Buddha to come and rescue them? Some monks writing themselves certificates that they are Maha Rahath doing estate development, building palaces for themselves and living togather with women in their bed rooms; see what the Sasana has got to with deceptionists, cheats and big mudalaalis in Cheevara like this. So where are these Maha Rahaths, why don’t they do their miracles and rescue the people. May be they are just gloating inside their big palaces, I am alright hahaha, now that I got my riches. Some high class wierdos even using Lord Buddha as a tool to show off their “Kama Sukallikano” life style and to show off themselves and mock poor people in their suffering. Sri Lanka has become a land of Sodom and Gomorrah, and now they are hoping that Ratana Sutra will come and rescue them. Shame on you. Go back to your roots and get rid of your bloated life style and learn to project loving kindness. Open up your coffers you rich and selfish individuals that amass the countrys assets for your own use. Get rid of your pomp and ignorance and arrogance you ignorant fools that go and rob the nations wealth. Until you learn your manners and sympathy for your neighbours, country, nation and your faiths genuinely, pestilence will come and punish you. So get on with cleaning up your inner dirt, and not playing CDs of Ratana Sutra or Bojjanga Sutra.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *