පොසොන් පුන් පෝය අදයි (05.06.2020)

(05.06.2020 – 00:52 +0530 – lankaleadnews.com)

ඉන්දියාවේ පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව ධර්මාශෝක අධිරාජයාගේ පූර්ණ සහාය ලබාගෙන මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ නව රටකට ධර්ම දූතයන් පිටත්කොට යැවීමට කටයුතු කළහ. ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉට්ඨිය, උත්තිය, සම්බල,භද්දසාල, යන උපසපන් රහත් පස් නමත් ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, අනාගාමි භණ්ඩුක උපාසකතුමාත් ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කළ දූත පිරිසට ඇතුළත් වූහ.

අන්රටවලට වඩා ශ්‍රී ලංකාවට එවනලද දූත පිරිස සුවිශේෂත්වයක් ගත් බව පැහැදිලිය. මේ දූත පිරිසට අයත් හත් දෙනාගෙන් වැඩි පිරිසට රාජ්‍ය සුහදතාව දැඩි ලෙස පැවතීම වැදගත් ලක්ෂණයකි. මිහිඳු මා හිමි අශෝක අධිරාජ්‍යයාගේ පුතණුකෙනෙක් වූ අතර “සුමන” සාමණේරයන් වහන්සේ අශෝක අධිරාජ්‍යයාගේ “සංඝමිත්තා” නම් දියණියගේ පුත්‍රයා වූහ. මිහිඳු මාහිමියන්ගේ මෑණියන්ගේ සොහොයුරියගේ දියණියගේ පුතා වශයෙන් “භණ්ඩුක” උපාසකතුමා සඳහන් වේ.මෙවැනි රාජකීය දූත පිරිසක් ශ්‍රී ලංකාවට සැපැත් වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය සතිස් වන වසරෙහි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක බව ඉතිහාසය පැහැදිලිව සඳහන් කරයි.

මිහිඳු මා හිමියන් ප්‍රධාන බෞද්ධ ධර්ම දූත පිරිස අනුරාධපුරයේ මිහින්තලා කඳු මුතට වැඩම වන අවස්ථාව වන විට ලංකාවේ පාලකයා වූ දෙවනපෑතිස් රජතුමා පෙර සිරිත අනුව හතළිස් දහසක් පිරිස සමග පොසොන් සැණකෙළිය සඳහා මුව දඩයමේ යෙදෙමින් ඒ මිහින්තලා පර්වතය අසල කල්ගත කළේය. මිහිඳු මා හිමියෝ රජතුමා අමතා “අපි ධර්ම රාජ වූ බුදුරදුන්ගේ ශ්‍රාවකයන් වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට පැමිණියෙමු” යනුවෙන් ප්‍රකාශ කළහ. රජතුමාගේ තුටු පඬුරු ගෙන අශෝක රජතුමා වෙත ගිය අරිට්ඨ මහ ඇමතියන් මගින් තුණුරුවන් පිළිබඳ පණිවුඩය කලින් එවා තිබූ හෙයින් පැමිණි මේ දූත පිරිස පිළිබඳ සෑහෙන අවබෝධයක් දෙවනපෑතිස්ස රජතුමාට ලැබී තිබුණි. මිහිඳු හිමියන් රජතුමා ඇමතීමත් සමග ඉක්මන් සුහදතාවක් ගොඩනගා ගැනීමට ඒ තොරතුරු හේතු වූවාට සැක නැත.

ඇතිවූ සුහද සාකච්ඡාවකින් අනතුරුව ධර්මය වටහා ගැනීමට රජතුමාට ශක්තියක් ඇත්දැයි පරික්‍ෂා කිරීම සඳහා අඹ ගස් සහ ඥාතීන් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න මාලාව ඉතා වැදගත්ය. ලංකාවේ පැවැත්වූ ප්‍රථම බුද්ධි පරීක්‍ෂණය වූ මෙයින් ලක් රජතුමා තුළ පැවැති උසස් ඥාන ශක්තිය ගැන පැහැදුනු මිහිඳු මාහිමියෝ “චුල්ලහත්ථි පදෝපම සූත්‍රය” මාතෘකා කොට මෙරටට වැඩම වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේදීම ධර්මය දේශනා කළහ.තුණුරුවන් පිළිබඳවත් ශාසනයට අතුළත් වීමත් භික්‍ෂූන්ගේ පැවැත්මත් ධර්මයෙන් ලබාගත හැකි අග්‍ර ඵලයත් යන වැදගත් කරුණු පිළිබඳ අවබෝධයක් ලැබිය හැකි අන්දමට මේ සූත්‍රය තෝරා ගැනීම අතිශයින් වැදගත්ය.මේ ප්‍රථම ධර්ම දේශනාව අවසන්වත්ම මහත් ප්‍රසාදයට පත් රජතුමා ප්‍රධාන පිරිස තෙරුවන් සරණ ගිය උපාසකයෝ බවට පත් වූහ.මේ පොහොය වඩාත් වැදගත්වීමට රටේ පාලකයා බෞද්ධයකුවීම හේතුවක් විය.

පොසොන් පෝ දින සිදු වූ තවත් වැදගත් ආගමික සිදු වීමක් වූයේ භණ්ඩුක උපාසකතුමා මිහින්තලේ දී පැවිදි කොට උපසම්පදාවට පත් කිරීමයි. බුද්ධ දේශනාව අනුව ඉන්දියාවේ මධ්‍යදේශයෙන් බැහැර කවර ස්ථානයක දී හෝ භික්‍ෂු නමක උපසම්පදා කිරීමට උපසපන් භික්‍ෂූන් පස්නමකගේ සහභාගිත්වය ප්‍රමාණවත් බව සම්බුදු රදුන්ගේ නියමයයි. මිහිඳු මා හිමියන් තම ධර්ම දූත පිරිසට උපසම්පදා භික්‍ෂූන් පස්නමක් සම්බන්ධ කරගෙන තිබූසේක. මහින්දාගමනයෙන් අනතුරුව මේ රටේ දී ප්‍රථම පැවිද්දා හා උපසම්පදාව සිදු කළ දිනය වශයෙන් පොසොන් පොහොය වඩාත් වැදගත් බවට පත්විය.

බෞද්ධ ධර්ම දූත පිරිස පොසොන් පුන් පෝදා වැඩමවීමෙන් පොහොයේ වැදගත්කම කලින් දැක්වූ කරුණු කිහිපයෙන් ප්‍රකට වෙයි. එහෙත් දීර්ඝ කාලීනව බලනවිට පොසොන් පොහොයෙහි අගය වෙසක් පොහොය දිනයට පමණක් දෙවන වන ශ්‍රේෂ්ඨ දිනයක් වශයෙන් සැලකිය හැකිය.එදා දෙවනපෑතිස් රජතුමා බුදුදහම වැලඳ ගැනීමේ සිට මේ රටේ බලයට පත්වන සැම පාලකයෙකුම බෞද්ධයෙකු විය යුතුය යන ස්ථීර වූ සමාජ පිළිගැනීම අඛණ්ඩ මතයක් විය. මේ නිසා මෙරට පාලනය බලහත්කාරයෙන් ලබා ගත් එළාර රජතුමාටත් ධාතුසේන රජතුමාට පෙර රට අයත්කොට ගත් පණ්ඩු ආදී ද්‍රවිඩ පාලකයන්ටත් බෞද්ධ සම්ප්‍රදාය අනුව පාලනය කරන්නට සිදු වූයේ එහෙයිනි. එපමණක් නොව රාජ්‍ය ආගමද බුද්ධාගම බවට අනිවාර්යෙන්ම පත්වීමට මේ කරුණූ හේතු වූ බව පෙනේ.

මිහිඳු මා හිමියන් එදා ඉදිරිපත් කළ ධර්මය මේරටේ දී පැවිදි වූ භික්‍ෂූන් වහන්සේ රට තුළ ව්‍යාප්ත කළහ. උන්වහන්සේ රටේ පාලකයාගේ සිට මුළු මහත් ජනතාවගේ ම අනුශාසක වරයාණෝ වූහ.මේ නිසා පංචශීලය මැනවින් ආරක්‍ෂාකරන සමාජයක් ගොඩනැගීමට පහසුවිය. බුදුරදුන් පෙන්වා දුන් ධර්ම නීතියත්, බෞද්ධ රජවරුන් ක්‍රියාත්මක කළ රාජ්‍ය නීතියක් එකට බැඳී ක්‍රියාත්මක කිරීම නිසා සාරධර්මයන්ගෙන් සපිරුණු සමාජයක් බිහි විය. එය මොනතරම් දුරට පාලනය කෙරෙහි බලපෑවේ ද යන්න ශිලාකාල ආමණ්ඩ ගාමණි අභය වැනි රජවරුන් කවර සතෙකු වුවත් මරණයට පත් කිරීම තහනම් කෙරෙන අන්දම ‘මාඝාත ආඥාව’ පැනවීමෙන් වටහා ගත හැකිය. එය තවදුරටත් පසු කාලයේදී ඉදිරියට ගොස් ගවයන් මැරීම මරණීය දණ්ඩනය පැනවීමට තරම් බලගතු වරදක් බවට නීති පණවා තිබුණු බව වේවැල්කැටිය ශිලා ලේඛනයෙන් පැහැදිලි වේ.

මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමන ගැන සඳහන් කරන ‘ලංකාවේ බුදුසමයේ ඉතිහාසය’ නම් ග්‍රන්ථයෙහි එක් තැනක මෙසේ සඳහන් වෙයි. ‘මහින්දාගමනය සැලකිය යුත්තේ සිංහල සභ්‍යත්වයේ ප්‍රභවය ලෙසය, උන්වහන්සේ ලංකාවට ගෙන ආවේ හුදෙක් අභිනව ආගමක් පමණක් නොවේ. එවකට මෞර්ය රාජ්‍යයේ උපරිම පෙත්තට නැග තිබූ මුළු ශිෂ්ටාචාරය ද ගෙන ආහ. අධ්‍යාපනය, සාහිත්‍යය , ගෘහ නිර්මාණ, කෘෂිකර්මාන්තය පමණක් නොව සාරධර්මයන්ගෙන් සපිරුණු පැවැත්ම ආදී සෑම අංශයකම ගුණාත්මක අභිවෘද්ධියක් ඇති කිරීමට පොසොන් පෝදාක ලංකාවට වැඩම කළ මිහිඳු මාහිමිපාණන්ට හැකිවූ බව මේ අනුව පැහැදිලිය ෴

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

මේරියන්ස් සංගීත කණ්ඩායමෙන් පොසොන් බැති ගීතයක් – ‘වැදී සුගන්දේ’

(05.06.20 – 10:00 +0530 – saaravita.lk)

ලංකාවේ සුප්‍රසිද්ධ කණ්ඩායමක් වන මේරියන්ස් සංගීත කණ්ඩායම පොසොන් දිනය වෙනුවෙන් පොසොන් බැති ගීතයක් නිර්මාණය කරනු ලැබුවා.

‘වැදී සුගන්දේ’ නමින් නම් කරනු ලැබූ එම බැති ගීතය ඔබට රස විදීමට හැකියාව තිබෙනවා.

***************************************

දෙවනගල පූජා භූමියේ උණුසුම් තත්වයක්…

(04.06.2020 – 17:30 +0530 – lankacnews.com)

ඓතිහාසික දෙවනගල පූජා භූමියට අයත් බිම් කොටසක් එළි පෙහෙලි කරන ලද පුද්ගලයෙක් නිසා අද (04) දෙවනගල ඓතිහාසික පූජා භූමිය තුල උණුසුම් තත්වයක් ඇති විය.

දෙවනගල ඓතිහාසික පූජා භූමියේ සංඝාවාසයේ සිට දෙවනගල ගල් පර්වතයේ පුදබිමට දහවල් දානය රැගෙන ගිය භික්ෂුවට පුදබිමට ගොඩ වෙන ගල් පඩි පෙළේ එක් පැත්තක කැලය කපා සුද්ධ පවිත‍්‍ර කරන පුද්ගලයෙකු හමු වි ඇත. පසුව උන් වහන්සේ එම පුද්ගලයාට පවසා ඇත්තේ මෙ වන විට පූජා භූමිය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින නිසාත් අද දිනයේ (04) ඇදිරි නිතීය පැවැත්වෙන දිනයක් වන නිසා මෙම කටයුත්ත සිදු නොකරන ලෙසයි.

නමුත් එම පුද්ගලයා පවසා ඇත්තේ මෙම ඉඩම් පූජා භූමියට අයිති ඉඩකඩම් නොවන බවත් විහාරස්ථානයට අවශ්‍ය නම් මුදල් දි ලබා ගත හැකි බවයි. අද (04) දිනයේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් මහානායක ස්වාමින් වහන්සේලා බැහැ දැකිම සඳහා ගොස් ඇති නිසා උන්වහන්සේගෙන් අවසරයක් ලබා ගෙන පූජා භූමියට අයිති ඉඩකඩම් සුද්ධ පවිත‍්‍ර කර ගන්නවා නම් එය සිදු කර ගන්නා ලෙස බුද්ධ පූජාව රැගෙන ගිය හිමියන් පවසා තිබුණි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වු විහාරස්ථානයේ වැඩ වාසය කරන නේවාසික හිමියන් වන පූජ්‍ය සියඹලාපියේ මුදිත ස්වාමින් වහන්සේ.

අද (04) දහවල් අපේ දෙවනගල පුජා භූමියට සංඝාවාසයේ සිට දානය රැගෙන යන අවස්ථාවේ මම දැක්කා අපේ පන්සලට යන්න තියෙන පඩි පෙළ අසල ඉඩමේ සුද්ධ පවිත‍්‍ර කරමින් සිටි කෙනෙක් දැක්කා මම ඇසුවා මේ පන්සලේ ඉඩමේ මොකද කරන්නේ කියලා ඇසුවාට පස්සේ කිවා ඒවා එයාලාගේ ඉඩම් කියලා. පන්සලට මේවායේ අයිතියක් නැති බවත් අයිතිය තහවුරු කරමින් අපට තර්ජනය කරන්න යෙදුනා අපට අයිතියක් නැහැ කියලා.

වෙනදා දානය අරන් පුදබිමට වඩින්නේ අපිටත් වඩා පුංචි හාමුදුරුවන් වහන්සේලා ඒ නිසා උන්වහන්සේලාට කරදරයක් වුනොත් අපි මේ දේවල් කතා කරලා වැඩක් නැහැ. මේ විදිහටම පසුගිය මැයි 24 වැනිදාත් මාධ්‍ය කණ්ඩායම් වලට බාධා කලා, මැයි 31 වැනිදාත් විහාරස්ථානයට ඇවිත් යම් යම් බාධාවන් කලා, අද 04 වැනිදාත් තර්ජනය කිරිම් සිදු කලා මේ සියලු දේවල් කරන්නේ ඇදිරි නිතීය දවස් වල ඒ නිසා මේ අයට නිතීය ක‍්‍රියාත්ම විමට පොලිසිය මේ තරම්ම පසු බට වෙන්නේ කුමක් නිසාදැයි උන්වහන්සේ වගකිව යුත්තන්ගේ අවදානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් නිතීය රකින් පොලිසියේ සමහර උසස් පොලිස් නිලධාරින් පසුගිය යහපාලන රජයේ ඇමැතිවරුන්ගේ උවමනාවට ඒ අයගේ ගමන් මග ශක්තිමත් කිරිමට පත් කර ගත් උදවිය නිසා සෑම විටම නිතීය ක‍්‍රියාත්මක වන්නේද එම දේශපාලන සමාජිකයින්ගේ උවමනාවට වන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විහාරස්ථ දායක සභාවද මේ සම්බන්ධයෙන් සොයා බැලිමට අප විහාරස්ථානයට ගිය අවස්ථාවේ පැවසිය. මෙම ගැටලුව තව තවත් ඉදිරියට ඇදගෙන යෑමෙන් සිදු වන්නේ අවසානයේ ජිවිත හානියක් කර හෝ නැති ජාතිවාදයක් අසමිගියක් අවුස්සා මේ ගැටලුව තව තවත් කැඳහැලියක් කර මෙම පුරාවිද්‍යා බිම විනාශ කර දැමිම බොහෝ අයගේ අරමුණක් වන නිසා එය එසේ සිදු කරවිම වලක්වා දෙන ලෙස වගකිව යුත්තන්ගේ අවදානය යොමු කරන ලෙස ද ඉල්ලා සිටි ෴

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

+++++++++++++++++++++

***************************************

අලි සබ්‍රි මුස්ලිම් ජනතාව නියෝජනය කරනවානම් තරඟ කරලා එන්න බැරි ඇයි ?

(05.06.2020 – colombotoday.com)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට නම් කර ඇති මොහොමඩ් අලි සබ්‍රි මුස්ලිම් ජනතාව නියෝජනය කරනවානම් ඔහුට තරඟ කරලා එන්න බැරි ඇයි දැයි නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මගල්කන්දේ සුදත්ත හිමි පවසා සිටියහ.

අපහාසයක් සිදුවුනා යැයි පවසමින් අලි සබ්‍රි මහතා විසින් පූජ්‍ය මැඩිල්ලේ හිමිගෙන් රුපියල් කෝටි 150 ක් ඉල්ලා නඩු දැමීම පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන්නෙක් වශයෙන් නොකළ යුතු දෙයක් ලෙස සඳහන් කර සිටි පූජ්‍ය සුදත්ත හිමියෝ යහපාලන ආණ්ඩු සමයේ ක්‍රියාත්මක වූ භික්ෂු දඩයම දැනුත් එලෙසම ක්‍රියාත්මකව පවතිනවාදැයි සැකයක් මතුවන බව ද සඳහන් කර සිටියා.

අල් ජසිරා වෙත ලබා දුන් ප්‍රකාශය මහත්මයෙකු ලෙස නිවැරදි නොකොට එය පෙන්වා දුන් භික්ෂුන් වහන්සේ ඉලක්ක කර ක්‍රියා කිරීම කිසිසේත් අනුමත නොකරන බවයි උන්වහන්සේ අවධාරණය කර සිටියේ.

***************************************

සහරාන් මිතුරු අලි සහීර් මවුලානා දර්ගා නගරයේ තාරික් ඇමට දී රට ගිනි තියන්න හදයි

(05.06.2020 – colombotoday.com)

ඇඳිරිනීතිය නොතකමින් දර්ගා නගරයේ ගමන්ගත් තාරික් නමැති අංග විකල දරුවෙකුට පොලිස් නිලධාරීන් සිදුකල පහර දීමක් පිළිබඳව කතා බහක් ඇති විය. ඒ පිළිබඳව මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරමින් සිටියි.

ඒ අතරතුර මෙය ජාතිවාදී ප්‍රහාරයක් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය තුල විරයකේ වීම සඳහා පාස්කු බෝම්බ ප්‍රහාරයේ මුලිකයා ලෙස හැඳින්වුණු සහරාන් හෂීම් සමග කිට්ටු සබදතා පැවැත්වූ පුද්ගලයෙකු ලෙස චෝදනා එල්ලවූ මුස්ලිම් කොන්ග්‍රසයේ අලි සහීර් මවුලානා නමැත්තා කටයුතු කරමින් සිටියි.

ඉතා සුළු සිද්ධියක් පදනම් කරගෙන #JusticeForThariq නමින් සමාජ මාධ්‍ය තුල රැල්ලක් නිර්මාණය කිරීමේ දැඩි වෙහෙසක අලි සහීර් මවුලානා මේ වන විට යෙදමින් සිටියි ෴

***************************************

වඳ චෝදනා එල්ලවූ දොස්තර සාෆි සිටි කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ දූරය මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකුට

(05.06.2020 – colombotoday.com)

සාෆි සහබ්දීන් නැමති වෛද්‍යවරයෙකු විසින් සිංහල මව්වරු වඳ කිරීම පිළිබඳව රටේ මහත් ආන්දෝලනයක් ඇති වූ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ දුරයට මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකු පත් කර ඇති බවට ආරංචි පැතිරීමත් සමගම කුරුණෑගල ප්‍රදේශයේ ජනතාව ඊට විරෝදය දැක්වීමට සුදානම් වන බව වාර්තා වෙනවා.

කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂවරයා රෝහලෙන් මාරු කර යැවීම සඳහා වැඩතහනමට ලක්ව සිටින වෛද්‍ය සාෆි සහබ්දීන්ට හිතවත් දේශපාලකයන් කටයුතු කරණ ලදි ෴

***************************************

ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවෙකුට පොලිසියෙන් අමානුෂික පහරදීමක් – වීඩියෝව මෙන්න

(05.06.2020 – 06:47 +0530 – truenews.lk)

ඔටිසම් රෝගයෙන් පෙළෙන 14 හැවිරිදි දරුවෙකුට පොලිස් නිලධාරින් පිරිසක් අමානුෂීය ලෙස පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටියි.

තාරික් නම් මෙම 14 හැවිරිදි දරුවා අලුත්ගම, දර්ගා නගර් හි සිය පියා සමග ජිවත් වනවා. ඔටිසම් රෝගයෙන් පෙළෙන තාරික් ගේ මව ඔහු කුඩා කාලයේදීම අත්හැර ගොස් තිබෙන අතර මෙම දරුවාගේ පියා වෙළදසැලක සේවය කරමින් සිය දරුවා රැක බලා ගනු ලබනවා.

ඉකුත් මැයි මස 25 වෙනිදා තාරික් අසල වෙළඳසැල වෙත ගොස් ඇති අතර දර්ගා නගර් හි පිහිටි අඹගහ මංසන්ධිය අසල හි ස්ථාපිත පොලිස් මුරපොළේ රාජකාරියේ නියුතු නිලධාරින් පිරිසක් ඔහුව අල්ලා ගෙන අත් ගැට ගසා අමානුෂීය ලෙස පහර දී ඇත.

සිය දරුවාට පොලිස් නිලධාරින් විසින් පහර දෙන බවට දැන ගන්නට ලැබීමත් සමග ඔහු විසින් එම ස්ථානයට ගොස් තිබෙනවා.

තමන් එම ස්ථානයට යන විටත් දරුවාගේ අත් ගැට ගසා තිබු බවත් ඔහුට දරුණු ලෙස පහරදී තිබු බවයි ඒ.එච්.එම්. වසීර් නම් දරුවාගේ පියා ප්‍රකාශ කර සිටියේ.

තම දරුවා ඔටිසම් රෝගයෙන් පෙලෙන බවට කරුණු පැහැදිලි කොට දරුවාව පොලිසිය භාරයෙන් මුදවා ගෙන අලුත්ගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට පැමිණියත් එහි සිටි නිලධාරින් එය භාර නොගත් බවයි ඔහු කියා සිටියේ.

ඇඳිරි නීතිය කඩ කිරීමේ චෝදනාවට දරුවාව දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැකි බවට පොලිස් නිලධාරින් ප්‍රකාශ කළ බව පවසන ඔහු පසුව පහර කෑමට ලක්වූ තම දරුවා නාගොඩ රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබාදුන් බව කියා සිටියා.

තම දරුවාට මුහුණ දීමට සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීන්ට ලිඛිතව සිදුකළ පැමිණිල්ලක් අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කොට ඇත.

+++++++++++++++++++++

අලුත්ගම මාර්ග බාධකයකදී මානසික ආබාධිත දරුවෙකුට පොලීසිය පහර දුන් බව කියන සිද්ධියක් ගැන පරීක්ෂණ ඇරඹේ

(05.06.2020 – 08:49 +0530 – hirunews.lk/sinhala)

අලුත්ගම – දර්ගා නගරයේ – අඹගහ හන්දිය පොලිස් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් පිරිසක් මානසික ආබාධයකින් පෙලෙන 14 හැවිරිදි පිරිමි ළමයෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

අලුත්ගම පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කය භාර උසස් පොලිස් නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් අදාළ පරීක්ෂණය දියත් කරන බවයි.

ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පැවති අවස්ථාවේදී පසුගිය මස 25 වැනිදා මෙම සිද්ධිය සිදුව ඇති අතර, අදාළ ළමයා පොලිස් නිලධාරීන්ගේ අණ නොතකමින් පාපැදියකින් ගමන් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එහිදී ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය සැරසෙන අවස්ථාවේ මෙම මානසික ආබාධයක් සහිත ළමයා කලහකාරී ලෙස හැසිරී ඇති බව සඳහන්.

පසුව දර්ගා නගරයේ – අඹගහ හන්දිය පොලිස් මුරපොලේ සිටි නිලධාරීන් කිහිප දෙනෙකුද එම ස්ථානයට පැමිණීමත් සමඟ කලහකාරී තත්ත්වයක් හටගෙන තිබුණා.

පසුව සිද්ධිය පිළිබඳව එම ළමයාගේ පියාට දැනුම් දී ඇති අතර, ඔහු මෙම දරුවා මානසික ආබාධයක් සහිත අයෙකු බව පවසා තත්ත්වය පහදා දී තිබෙනවා.

අනතුරුව ඔහුව මුදාහැර ඇති අතර, ඊට අදාළ වීඩියෝවක් ද මේ වනවිට සමාජ මාධ්‍යයේ හුවමාරු වන බවයි අලුත්ගම පොලිසියේ උසස් නිලධාරීයා වැඩිදුරටත් සඳහන් කළේ.

+++++++++++++++++++++

මානසික ආබාධ සහිත දරුවෙකුට පොලිසිය පහරදුන් බව කියන සිද්ධිය ගැන පොලිස්පතිගේ නියමයෙන් විමර්ශනයක්

(05.06.2020 – 17:35 +0530 – hirunews.lk/sinhala)

අලුත්ගම – දර්ගා නගරයේ පොලිස් මාර්ග බාධකයකදී පොලිස් නිලධාරීන් පිරිසක් මානසික ආබාධයකින් පෙලෙන ළමයෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝගයෙන් කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ එම කාර්යාංශයේ නිලධාරී කණ්ඩායමක් විසින් විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ මෙම සිද්ධියේදී එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් වෙතින් යම් රාජකාරී පැහැරහැරීමක් සිදුවී ඇත් ද යන්න පරීක්ෂා කිරීමට අභ්‍යන්තර විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි.

ළමයාගේ පියාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අවුරුදු 16 ක් වූ ළමයා කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට සහ මානසික වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කර ඇති අතර මෙතෙක් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා ලැබී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පැවති පසුගිය 25 වනදා සවස 04:45 ට පමණ පොලිස් මාර්ග බාධකයක් හරහා මුව ආවරණ නොමැතිව පාපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු නතර කිරීමට සංඥා කර ඇති බවයි.

එය නොතකා වැලිපැන්න දෙසට ගිය ඔහු යළිත් සුළු වේලාවකට පසු එම මාර්ග බාධකය හරහාම දර්ගා නගරය දෙසට පොලිස් අණ නොතකා ගමන් කර තිබෙනවා.

පසුව පොලිසිය විසින් පාපැදිය අල්ලා ඔහු නතර කිරීමට උත්සාහ කළ අවස්ථාවේ පාපැදිය බිම වැටී ඇතැයි සඳහන්.

එහිදී පාපැදිකරු ඉතා උස් හඬින් කෑ ගසමින් පැන දුවන්නට උත්සාහ කර ඇති අතර එහිදී පොලිසිය ඔහු මෙල්ලකර ගැනීමට කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියාසිටියා.

එම අවස්ථාවේ පැමිණි වෙනත් පුද්ගලයෙකු සඳහන් කර ඇත්තේ මෙම පාපැදිකරු මානසික ආබාධයකින් පෙළෙන අයෙක් වන අතර දර්ගා නගරයේ පදිංචිකරුවෙකු බවයි.

පසුව 16 හැවිරිදි මෙම ළමයාගේ පියා කැඳවා පොලිසියට රැගෙන ගොස් ප්‍රකාශයක් ලබාගෙන ළමයා පියාට භාරදී තිබෙනවා.

පොලිසිය කියාසිටියේ මාර්ග බාධකයේ සිටි නිලධාරීන් මුල් අවස්ථාවේ දී මෙම පාපැදිකරු මානසික රෝගියෙකු බවට හඳුනාගෙන නොමැති අතර මත්ද්‍රව්‍ය භාවිත කර ඇති අයෙක් බවට සැක මතුවී ඇති බවයි.

පොලිසිය පාපැදිකරු මෙල්ල කර ගැනීමට අවශ්‍ය බලය පාවිච්චි කිරීමක් සිදුකර ඇති අතර පහරදීමක් සිදුකර ඇතැයි මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ෴

++++++++++++++++++++

අලුත්ගම ප්‍රදේශයේ පොලිස් මුරපොලකදී මානසික ආබාධ සහිත ළමයෙකුට පහරදුන් බව කියන සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුගේ (03) වැඩ තහනම් කර තිබෙනවා.

***************************************

පිළිකාවට මෙරට පර්යේෂකයන්ගෙන් ඖෂධයක්

(05.06.2020 – 19:57 +0530 – sinhala.adaderana.lk)

අපේ රටේ පර්යේෂකයින් පිරිසක් පිළිකාව සඳහා සාධනීය විසඳුමක් ඉදිරිපත් කර තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සහ වෛද්‍ය පීඨයේ පර්යේෂණ කණ්ඩායමක් පිළිකා රෝගය සඳහා ඖෂධයක් සොයාගැනීම ආරම්භ කරන්නේ 2012 වසරේදීයි.

ඒ සඳහා ඔවුන් භාවිත කරන්නේ, වියළි කලාපයේ හටගන්නා ‘ෆුල්විෆෝර්ම් ෆස්ටුඕසස්’ නමින් හඳුන්වන ඉතා දුර්ලභ හතු විශේෂයකි.

වසර 3 ක් තිස්සේ පර්යේෂණයේ නිරත ඔවුන්ට 2015 දී එහි ප්‍රතිපළ අත්විඳීමට හැකි වෙයි. ඒ ප්‍රතිපිළිකා කාරක සංයෝගයක් සොයාගනිමින්ය.

ඉන් නොනැවතුණු එම කණ්ඩායම තම පර්යේෂනයට අදාළව පේටන්ට් බලපත්‍ර ලබාගැනීමට සමත්වෙයි. ඒ, අදාළ ප්‍රතිපිළිකා සංයෝගයේ ප්‍රති පිළිකා ගුණයට සහ නිස්සාරණ ක්‍රියාවලිය සඳහාය.

පර්යේෂණ කණ්ඩායම සොයා ගන්නා ලද මෙම නව සංයෝගයෙන් මිනිස් ශරීරයේ සෙසු කොටස් විනාශ වීමක් වන්නේද?

අද දෙරණ මේ සම්බන්ධව ජාතික බුද්ධිමය දේපල කාර්යාලයෙන් විමසීමක් ද කළේය.

ලෝක ජනගහණයෙන් මිලියන 22 ක් වාර්ෂිකව පිළිකා රෝගයට ගොදුරු වෙයි. ඊට වාර්ෂිකව එක්වන ලාංකිකයින් ගණන 25,000 කි. ජාතික පිළිකා මර්දන වැඩසටහනට අනුව ඉන් වාර්ෂිකව මියයන පිරිස 14,000 කි.

***************************************

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවදානයට යොමු නොවූ ආනමඩුව – කරඹෑව විහාරය

(05.06.2020 – 13:30 +0530 – hirunews.lk/sinhala)

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ලෙන් අලුත්වැඩියාවක් නොමැතිව වව්ලන්ගේ රජ දහනක් බවට පත්ව විනාශ මුඛයට යන පෞරාණික විහාරස්ථානයක් පිළිබදව පොසොන් පොහොය දිනයේ අපට වාර්තා වුණා.

ඒ, ආනමඩුව – කරඹෑව ගම්මානයෙන්.

ටැංපිට විහාර සම්ප්‍රදායට අනුව ඉදිවූ ශ්‍රී සුදර්ශනාරාමය නැමති මෙම විහාරස්ථානය වඩාත් ප්‍රචලිත වී ඇත්තේ කරඹෑව – දැවපිට විහාරය ලෙසයි.

සම්පූර්ණයෙන්ම මැටි බදාම කපරාරුවක් සහිත බිත්තිවලින් ඉදි කර ඇති මෙම විහාරස්ථානය පොළොවෙන් උඩට අඩි තුන හමාරක් පමණ එසවුණු ගල් කුළුණු මත නිර්මාණය වූ ලෑලි වේදිකාවක් මත එය ඉදිකර තිබීම විශේෂත්වයක්.

පුරාණ සම්ප්‍රදායන්ට අනුකූලව ඉදිකර ඇති මෙම විහාරස්ථානය විසිතුරු අලංකාර චිත්‍රවලින් එහි ඇතුළත බිත්ති සරසා තිබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් මෙම විහාරස්ථානයේ බිතු සිතුවම් සහ ගොඩනැගිලි අද වන විට විනාශයට පත්වෙමින් පවතින බවයි එහි වත්මන් විහාරාධිපති පූජ්‍ය ගල්කුලමේ ශ්‍රී ශීලානන්ද හිමියන් පවසන්නේ.

උන්වහන්සේ ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම විහාරස්ථානය අලුත්වැඩියා කර දෙන ලෙසයි.

+++++++++++++++++++++

දැවපිට විහාරය ගැන හිරු පුවතට අග්‍රාමාත්‍යවරයාගේ අවධානය

(05.06.2020 – 19:32 +0530 – hirunews.lk/sinhala)

හිරු මධ්‍යහ්න ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළින් අනාවරණ කළ වවුලන්ගේ රජ දහනක් බවට පත්ව විනාශ මුඛයට යමින් පවතින කරඹෑව – දැවපිට පුරාණ විහාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ක්ෂණික අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට විහාරස්ථානයේ තත්ත්වය පිළිබඳව සොයාබලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදුන් බවයි අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් අබේගුණවර්ධන මහතා කියා සිටියේ.

පෞරාණික විහාරස්ථානයක් වන ආනමඩුව – කරඹෑව ගම්මානයේ පිහිටි දැවපිට විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ලෙන් අලුත්වැඩියාවක් නොමැතිව විනාශ මුඛයට යමින් පවතිනවා.

ටැංපිට විහාර සම්ප්‍රදායට අනුව ඉදිවූ ශ්‍රී සුදර්ශනාරාමය නැමති මෙම විහාරස්ථානය වඩාත් ප්‍රචලිත වී ඇත්තේ කරඹෑව – දැවපිට විහාරය ලෙසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් මෙම විහාරස්ථානයේ බිතු සිතුවම් සහ ගොඩනැගිලි අද වනවිට විනාශයට පත්වෙමින් පවතින බවයි එහි වත්මන් විහාරාධිපති පූජ්‍ය ගල්කුලමේ ශ්‍රී ශීලානන්ද හිමියන් ප්‍රකාශ කළේ.

හිරු ප්‍රවෘත්ති ඔස්සේ මෙම තොරතුරු ප්‍රචාරය වීමෙන් අනතුරුව ඒ පිළිබඳව කඩිනම් අවධානය යොමුකළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඊට අදාළ උපදෙස් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබා දී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Devanagala. It is the local politcians that are at fault for illegally authorizing the muslim to occupy these lands belonging to the temple. We need to arrest and prosecute them as the highest priority. The country had become lawless under the previous yahapalu government. The top people in colombo ransacked the national assets, and they have allowed lower level desapaaluwan to ransack properties belong to temples and those sites of arcaheological importance. I wish and hope that the current government pay attention to these lawless activities by individuals and take actions against them immediately.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *