බාල ගල්අඟුරු නිසා නොරොච්චෝල බලාගාරයට බර හානි.. – CEB ලොක්කෙකුගෙන් වාර්තාවක්..

බාල ගල්අඟුරු නිසා නොරොච්චෝල බලාගාරයට බර හානි.. – CEB ලොක්කෙකුගෙන් වාර්තාවක්..


බාල ගල්අඟුරු නිසා නොරොච්චෝල බලාගාරයට බර හානි.. – CEB ලොක්කෙකුගෙන් වාර්තාවක්..

(15.02.2026 – lankacnews.com)

බලාගාර සැලසුම් පිරිවිතරයන්ට අනුකූල නොවන බාල ගල්අඟුරු දහනය කිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 2,796 කට අධික සෘජු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව එම මණ්ඩලයේ නවතම වාර්තාවක් මගින් අනාවරණය වේ.

මෙරටට ගෙන්වන ලද ගල්අඟුරු නැව්වාර හතරක් (4) පදනම් කරගනිමින් මෙම තක්සේරු කිරීම් සිදුකර ඇත.

විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් යොමු කරන ලද වාර්තාවට අනුව, එක් එක් නැව්වාරයට අදාළව සිදුවූ පාඩුව මෙසේය :

1 වන නැව්වාරය: රුපියල් මිලියන 595.1

2 වන නැව්වාරය: රුපියල් මිලියන 288.5

3 වන නැව්වාරය: රුපියල් මිලියන 1,047.4

4 වන නැව්වාරය: රුපියල් මිලියන 865.0

මෙම පාඩුව ගණනය කර ඇත්තේ අදාළ ගල්අඟුරු තොගවල පවතින ගුණාත්මක දෝෂ හේතුවෙන් ජනනය කිරීමට නොහැකි වූ විදුලි ඒකකයක පිරිවැය රුපියල් 57.53 ක අගයක පවත්වා ගනිමිනි.

බාල තත්ත්වයේ ගල්අඟුරු සැපයීම සම්බන්ධයෙන් සැපයුම්කරුවන් වෙත පනවා ඇති සම්පූර්ණ දඩ මුදල රුපියල් මිලියන 1,037 ක් පමණ වේ. ඒ අනුව පළමු (1) නැව්වාරය සඳහා රුපියල් මිලියන 644.5 ක් ද, දෙවන (2) නැව්වාරය සඳහා මිලියන 135.1 ක් ද, තෙවන (3) හා සිව්වන (4) නැව්වාර සඳහා පිළිවෙළින් මිලියන 150.3 ක් සහ 107.1 ක් ද වශයෙන් දඩ මුදල් අය කරගැනීමට නියමිතව ඇත.

ගල්අඟුරු ගුණාත්මකභාවයෙන් තොර වීම හේතුවෙන් බලාගාරයේ යන්ත්‍ර සූත්‍රවලට සිදුවන බලපෑම පිළිබඳව ද විදුලිබල මණ්ඩලය අවධානය යොමු කර ඇත.

Air Pre-Heater අවහිර වීම පිරිසිදු කිරීම සඳහා රුපියල් මිලියන 50 ක පිරිවැයක් ඇස්තමේන්තු කර ඇත. බොයිලේරු නළ පද්ධතියට හානි වීම සඳහා රුපියල් මිලියන 10 ක පමණ අවම නඩත්තු පිරිවැයක් දැරීමට සිදුවේ. ටර්බයින් තල අධික ලෙස රත් වීම දෝෂ නිවැරදි කිරීම සඳහා රුපියල් මිලියන 100 කට අධික පිරිවැයක් වැය වෙතැයි අපේක්ෂා කෙරේ.

බාල ගල්අඟුරු භාවිතය නිසා පද්ධතියට සිදුවන බලපෑම පිළිබඳව පුළුල් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව වාර්තාවේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ද කරුණු ඉදිරිපත් කර ඇති අතර, ගල්අඟුරු සැපයුම් ගිවිසුම් අවලංගු කිරීම සඳහා පවතින කොන්දේසි පිළිබඳව ද නීතිමය පැහැදිලි කිරීම් සිදුකර ඇත ෴

+++

හැමෝම ජම්පරේ අඳින්න ලෑස්ති වෙලා ඉන්න – ගල් අඟුරු වංචාවේ රහස් රැසක් එළියට (15.02.2026)

+


ජපන් යවනවා කියලා අපෙන් සල්ලි ගත්තා – මෙයාගේ මාමා මාලිමාවෙන් ඡන්දේ ඉල්ලුවා (15.02.2026)

+


යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් මහත්තයෝ හාල් මල්ල නොබලාම විසිකරපන් කිව්වලු (15.02.2026)

+


කොහෙද අයිස්, කුඩු හිඟයක් තියෙන්නේ – ඉඳගන්න බංකු ගේන්න කියලා කයිවාරු ගැහුවේ (15.02.2026)

+


මීටියාගොඩ කුරුඳු සැකසුම් මධ්‍යස්ථානයක ගින්නක් – ගින්නෙන් කුරුඳු විශාල ප්‍රමාණයක් විනාශයි (15.02.2026)

+


අපිට සිවුරත් එකයි කෝට් කාරයොත් එකයි ආණ්ඩුවේ ඇමති එහෙම කියලා දවස් කීයද ? (15.02.2026)

+


මේ වෙද්දී රටේ තත්ත්වය ඉතාම භයානකයි – අක්මීමන දයාරතන හිමි වහාම මාධ්‍ය කැඳවයි (14.02.2026)

+


සර්වජනයේ නීතිඥවරු වහාම මාධ්‍ය කැඳවයි – සමස්ත රටම සමාජයම ලොකු අනතුරක – ලද සැණින් ආණ්ඩුව ගෙදර යවන්න (14.02.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *