රටට අසාධාරණයක් කරන්නේ නම් ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත්කරගැනීමට සූදානම් – ජනපති ගෝඨාභය රාජපක්ෂ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රටට අසාධාරණයක් කරන්නේ නම් ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත්කරගැනීමට සූදානම් – ජනපති ගෝඨාභය රාජපක්ෂ (විඩියෝ)

• LTTE ත්‍රස්තවාදයේ අලුත් මුහුණුවර (විඩියෝ)

• ත්‍රස්තවාදය සමරන්න කිසිම කෙනෙකුට ඉඩදිය නොහැකියි – උදය ගම්මන්පිළ (විඩියෝ)

• මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1023 දක්වා ඉහළට (විඩියෝ)

• දැඩි ආරක්ෂාවකින් පසු කොළඹ සහ ගම්පහ ඉන්න අයට ලැබෙන සහනය (විඩියෝ)

• 96 හැවිරිදි මෙරට වයස්ගතම කොරෝනා ආසාදිත කාන්තාව පූර්ණ සුවය ලබයි (විඩියෝ)

• අවදානමක් නොමැති ප්‍රදේශවල අන්තර් පළාත් බස් ධාවනය හෙට (20) සිට (විඩියෝ)

• ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු යළි ආරම්භ කිරීමට පියවර

• කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය භාරව සිටි පියතුමන් පාස්කු ප්‍රහාරය ගැන හොයන ජනපති කොමිසම හමුවට (විඩියෝ)

• මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් ප්‍රසිද්ධියේම නිරෝධායන නීති කඩයි

• දේව ප්‍රතිමා තැන්පත් කළ වීදුරු කූඩු වලට ගල් ප්‍රහාර

• රටට අවශ්‍ය නම් කෘතිම පාද සමග වුවත් යළි හමුදා සේවයට එන්න සුදානම් වන යුද්ධයේදී දෙපා අහිමි වූ විරුවෙකුගේ කතාව (විඩියෝ)

• මේ දිනවල අනුන්ගේ පෑන් පරිහරණයෙන් වළකින්න – හෙද නිලධාරීනී පුෂ්පා රම්‍යානි සොයිසා

+++++++++++++++++++++++++++++++++++

රටට අසාධාරණයක් කරන්නේ නම් ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත්කරගැනීමට සූදානම් – ජනපති ගෝඨාභය රාජපක්ෂ

(19.05.2020 – 17:33 +0530 – hirunews.lk/sinhala)

රටට අසාධාරණයක් වන පරිදි යම් ජාත්‍යන්තර සංවිධානයක් හෝ ආයතනයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් ඒවායේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත්කර ගැනීමට තමන් පසුබට නොවන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

ඔහු මේ බව කියා සිටියේ 11 වන විජයග්‍රහණ සැමරුම් උත්සවයට අද එක්වෙමින්.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

LTTE ත්‍රස්තවාදයේ අලුත් මුහුණුවර

(19.05.2020 – 20:32 +0530 – hirunews.lk/sinhala)

රුදුරු කොටි ත්‍රස්තවාදය පරාජය කොට ලක්මවට අලුත් නිදහස උරුම කර දී අදට එකොළොස් වසරක් ගත වෙනවා.

වෙනම රාජ්‍යයක බෙදුම්වාදී අරමුණින් අවි අතට ගත් කොටි ත්‍රස්තවාදය ජාත්‍යන්තර වශයෙන් පරාජය වී ඇද්ද යන්න අදටත් ගැටලුවක්.

ආයුධ සටන වෙනුවට ඔවුන් සිය මතවාදී යුද්ධය විවිධ ස්වරූපයෙන් තවදුරටත් ක්‍රියාත්මක කරන බවට නිදසුන් ඕනෑතරම්.

මේ ඒ ගැන කෙරෙන විමසා බැලීමක්.

+++++++++++++++++++++++++++++++++++

ත්‍රස්තවාදය සමරන්න කිසිම කෙනෙකුට ඉඩදිය නොහැකියි – උදය ගම්මන්පිළ

(19.05.2020 – 22:09 +0530 – hirunews.lk/sinhala)

යුද්ධයේදී මිය ගිය අය සිහි කිරීම සඳහා උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) යාපනයේදී සැමරම් උත්සවයක් පැවැත්වුණා.

මේ සම්බන්ධයෙන් අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උදය ගම්මන්පිල මහතා අදහස් පල කළා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1023 දක්වා ඉහළට

(19.05.2020 – 23:17 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1023 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද (19) තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. අද (19) දිනයේ පමණක් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 31 ක්.

මේවන විට වාර්තාවී ඇති ආසාදිතයන්ගෙන් 445 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා ඇති සංඛ්‍යාව 569 ක්.

මෙරටින් කොරෝනා ආසාදිත මරණ 9 ක් ද වාර්තාවුනා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

දැඩි ආරක්ෂාවකින් පසු කොළඹ සහ ගම්පහ ඉන්න අයට ලැබෙන සහනය

(19.05.2020 – 20:41 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක ඇඳිරිනීතියද ඉතා කෙටි කාලයක් තුළ ලිහිල් කිරීමට හැකිවනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විශ්වාසය පළ කරනවා.

‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වන ‘රට සහ හෙට’වැඩසටහනට අද (19) පෙරුවරුවේ එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

+++++++++++++++++++++++++++++++++++

96 හැවිරිදි මෙරට වයස්ගතම කොරෝනා ආසාදිත කාන්තාව පූර්ණ සුවය ලබයි

(19.05.2020 – 19:51 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කොරෝනා වැළඳුනු වයස්ගතම ආසාදිතයා වූ 96 හැවිරිදි කාන්තාව ද සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා.

බේරුවල සිට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරුණු ඇයට කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනාගැනීමෙන් අනතුරුව වැලිකන්ද රෝහලට ඇතුළත් කෙරුණු අතර, පාචන තත්ත්වයක් හේතුවෙන් පසුව අයි.ඩී.එච්. රෝහල වෙත මාරුකර එවා තිබුණා.

මේ අතර කොරෝනා වෛරසය වැළඳුනු තවත් පුද්ගලයින් 10 දෙනෙකු අද (19) සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ සමඟම සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 569 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ ආසාදිතයන් 06 දෙනෙකු මෙන්ම ඉරණවිල රෝහලේ සහ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ ආසාදිතයන් දෙදෙනෙකු (02) බැගින් එලෙස අද (19) සුවය ලබා පිටව ගොස් ඇති බව සඳහන්.

මේ අතර තවදුරටත් කොරෝනා ආසාදිත රෝගීන් 414 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව සිට සුවය ලැබූ නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 209 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ ෴

++++++++++++++

කුවේට් රාජ්‍යයේ රැඳීසිටි ශ්‍රී ලාංකිකන් 300 දෙනෙකු කුවේට් එයාර්වේස් විශේෂ ගුවන් යානයකින් දිවයිනට රැඟෙනවිත් තිබෙනවා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

අවදානමක් නොමැති ප්‍රදේශවල අන්තර් පළාත් බස් ධාවනය හෙට (20) සිට

(19.05.2020 – 17:46 +0530 – hirunews.lk/sinhala)

අධි අවදානම් සහ අවදානම් ලෙස හඳුනාගත් ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පළාත් අතර බස් රථ ධාවනයට හෙට (20) සිට අවසර ලබාදීමට තීරණය කළ බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කෙසේ වෙතත් පොදු ප්‍රවාහනය තවමත් රාජකාරි සඳහා පැමිණෙන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා පමණක් වෙන් වන බවයි ඔහු සඳහන් කරන්නේ.

ප්‍රවාහන සේවයේ නිලධාරීන් සමඟ අද (19) පැවති සාකච්ඡාවකදි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ අතර, කල්තියා ආසන වෙන් කරවාගැනීමකින් තොරව පැමිණෙන සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයන්ට දුම්රියේ ගමන් කිරීමට ඉඩ සැලසීමටද එහිදී තීරණය කෙරුණා.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු යළි ආරම්භ කිරීමට පියවර

(19.05.2020 – 23:13 +0530 – sinhala.adaderana.lk)

COVID-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිම සදහා ආරක්ෂිත පියවරක් වශයෙන් මහජනතාව ඒකරාශිවීම වැළැක්වීමේ මූලික අරමුණින් පසුගිය කාලය තුල රෝහල්වල සාමාන්‍ය සායනික සේවාවන් විධිමත් පරිදි පවත්වාගෙනයාම අපහසු විය.

COVID-19 වෛරස තත්ත්වය හේතුවෙන් මෙතෙක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවූ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් භාවිත කරමින් නැවතත් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඩබ්.එල්.යූ පී කුමාරතිලක මහත්මිය පවසයි.

ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර සේවා ලබා ගන්නා රෝගීන් අදාල සායනයේ විශේෂඥ වෛද්‍යවරයාට හිමි දුරකථන අංකයෙන් සායන දිනය හා වේලාව වෙන්කරවාගෙන සායනයට පැමිණෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරිය විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

කාමර අංක 01 :

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මිය – 011 768 2741
අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මානෙල් පැස්කුවල් මහත්මිය – 011 768 2554

කාමර අංක 02 :

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දීපානි වේවැල්වල මහත්මිය – 011 768 2558
අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීපා සිරිවර්ධන මහත්මිය – 011 789 8301

කාමර අංක 03 :

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ගුණරත්න මහත්මිය – 011 768 2391
අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය එම්.ඩී.එස් ගුණතිලක මහතා – 011 768 2549

කාමර අංක 04 :

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කේ.ආර් දයාවංශ මහතා – 011 768 2534
අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චමීර බණ්ඩාර මහතා – 011 768 2564
අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කූසුම් රත්නායක මහතා – 011 768 2657

රෙටිනල් සායනය :

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා – 011 789 8344
අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගල ධනපාල මහතා – 011 768 2650
අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය නලින්ද සමරකෝන් මහතා – 011 768 2094

***************************************

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය භාරව සිටි පියතුමන් පාස්කු ප්‍රහාරය ගැන හොයන ජනපති කොමිසම හමුවට

(19.05.2020 – 21:19 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ දිනට පෙර දින රාත්‍රියේ පැවති දේව මෙහෙයට තමන් විශේෂ පොලිස් ආරක්ෂාවක් ඉල්ලූ බවට කටාන හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා කර ඇති ප්‍රකාශය අසත්‍යක් බව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය භාරව සිටි ගරු ශ්‍රී ලාල් ෆොන්සේකා පියතුමන් පවසයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද (19) ප්‍රකාශයක් ලබා දෙමින්ය.

ප්‍රහාරය නිසා ඇති වූ මානසික කම්පනය හේතුවෙන් බාහිර සමාජය හමුවට නොපැමිණි පියතුමන් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ පළමු වරටයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය භාරව සිටි ගරු ශ්‍රී ලාල් ෆොන්සේකා පියතුමන් අද (19) ජනාධිපති පරීක්ෂණ කොමිසමට හමුවට පැමිණියේය.

ඒ පසුගිය සෙනසුරාදා කටාන හිටපු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කෝසල නවරත්න මහතා කොමිසමට දුන් සාක්ෂිවලට අදාළව කරුණු විමසීමටයි.

එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු ජනක් ද සිල්වා මහතා පියතුමන්ගෙන් ප්‍රශ්න කළේ කටාන පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා මීට පෙර සාක්ෂි දෙමින් පැවසූ පරිදි ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ දේව මෙහෙයට ආරක්ෂාව ලබා දෙන්නැයි පියතුමන් ස්ථානාධිපතිවරයා දුරකථනයෙන් අමතා ඉල්ලීමක් කළේද යන්නයි.

එහිදී පියතුමන් යළි සඳහන් කළේ තමන් කිසිදු අවස්ථාවක ඔහුගෙන් ඉල්ලීමක් නොකළ බව වගකීමෙන් ප්‍රකාශ කරන බවයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වන බවට පූර්ව දැනුවත් කිරීමක් පොලීසිය විසින් පියතුමාට කර තිබුණේද යන්න එහිදි ජනාධිපති කොමිසම පියතුමන්ගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු ලෙස පියතුමන් පැවසුවේ එවැනි කිසිදු ප්‍රහාරයක් පිළිබඳ තමන් දැනුවත් කර නොතිබු අතර යම් හෙයකින් එවැනි දැනුවත් කිරීමක් කර තිබුණේ නම් දිව්‍ය පූජාව අවලංගු කර තමන්ගේ ජනතාව බේරා ගැනීමට අනිවාර්යයෙන් කටයුතු කරන බවයි.

***************************************

මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් ප්‍රසිද්ධියේම නිරෝධායන නීති කඩයි

(20.05.2020 – mawbima.lk)

එංගලන්තයේ සිට මෙරටට පැමිණ මීගමුවේ ජෙට්වින් බ්ලූ හෝටලයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ දියණිය දින 14 ක නිරෝධායන කාලය අවසන් වූ පෙරේදාම (18 දා) සිය පියා හා සොහොයුරා සමඟ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණීම ඉමහත් ආන්දෝලනයට තුඩු දෙන සිද්ධියක් බවට පත්ව තිබේ.

ඉලිලනි හූල් නමැති ඇය ඊයේ (19 දා) දිනයේද සිය පියා සමඟ මැතිවරණ කොමිසම වෙත පැමිණ ඇති අතර දින 14 ක නිරෝධායනයට ලක්වූ අනෙකුත් සියලුදෙනා තවත් දින 14 ක කාලයක් සිය නිවෙසේ නිරෝධායනයට ලක්විය යුතුව තිබියදී සියලු නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඇය හා ඇගේ පියා මෙසේ හැසිරීම තුළ මැතිවරණ කොමිසමේ අනෙකුත් නිලධාරීන්ගේ හා කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යය බලවත් අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.

යාපනයේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ අංක WP PF-7802 දරන කළු පැහැති මිට්සුබිෂි ඩබල් කැබ් නිල රථයෙන් ඔහුගේ රියැදුරාද සමඟ යාපනයේ සිට පසුගිය ඉරිදා (17 දා) සිය පුත්‍රයා හා කොළඹට පැමිණ ඇති මහාචාර්ය හූල් මහතා එම රියෙන්ම පෙරේදා (18 දා) මීගමුවට ගොස් නිරෝධායනය අවසන් කළ දියණියද රැගෙන කෙළින්ම පැමිණ ඇත්තේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වෙත බවද තහවුරු කළ ආරංචිමාර්ග සඳහන් කරයි.

නිරෝධායන මධ්‍යස්ථානවලදී දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කෙරෙන සියලුදෙනා තම නිවෙසේදී තවත් දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක්වීම අනිවාර්ය කර තිබෙන පසුබිමක මහාචාර්ය හූල්ගේ දියණිය කොළඹට පැමිණ මෙසේ නිදැල්ලේ හැසිරීම සෞඛ්‍ය අංශවල අධීක්ෂණයට ලක් නොවූයේ මන්දැයි එම ආරංචිමාර්ග තවදුරටත් ප්‍රශ්න කරයි.

යාපනයේ නල්ලූර්හි, චෙම්මිනි පාරේ පදිංචි මහාචාර්ය හූල්ගේ දියණිය එම නිවෙසේ නිරෝධායනයට ලක්විය යුතු බව සෞඛ්‍ය අංශ වෙත වාර්තා නොවීමට කිසිදු හේතුවක් නැති බවද පවසන එම ආරංචි මාර්ග එසේ නම් සෞඛ්‍ය අංශ වෙතින් එම අවධානය ගිලිහී ගියේ කෙසේදැයි යනුවෙන්ද ප්‍රශ්න කරයි.

එමෙන්ම සිය ප්‍රවාහන වියදම් වෙනුවෙන් මාසිකව රුපියල් 50,000 ක දීමනාවක් ලබාගන්නා මහාචාර්ය හූල් යාපනයේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ නිල රියෙන් කොළඹ පැමිණීම බරපතළ විෂමාචාරයක් බවද එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කළේය.

අද (20) දිනයේ මැතිවරණ කොමිසමේ රැස්වීමක් පැවත්වීමට නියමිතව තිබුණද එය පසෙක තිබියදී මහාචාර්ය හූල් ඊයේ (19) පස්වරු 4.00 ට පමණ යාපනය බලා යන බව පවසමින් පිටත්ව ගිය බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි ෴

+++++++++++++++++++++

නිරෝධායනය කඩාගෙන රත්නජීවන් හූල් කොමිසමට එයි… සේවකයන්ගේ විරෝධය හමුවේ දියණිය සමග පිටව යයි.. මැතිවරණ කොමිසම විෂබීජහරණය කෙරේ

(20.05.2020 – 04:00 +0530 – lankaleadnews.com)

කොරෝනා වෛරස රෝගයෙන් ආරක්ෂා වීම සඳහා නිවසේ දින 14 ක් නිරෝධායනයට ලක්ව සිටීමට නියමව සිටින සිය දියණිය ද සමග මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ඊයේ (19 දා) සහ පෙරේදා (18 දා) රාජගිරිය පිහිටි මැතිවරණ කොමිසමට පැමිණ ඇත.

විදේශගතව සිට ශ‍්‍රී ලංකාවට පැමිණි එම දියණිය හෝටලයක දින 14 ක් නිරෝධායනයට ලක්වීමෙන් පසු තව දින 14 ක් නිවසේ නිරෝධායනයට ලක්වීමේ අවසරය මත පෙරේදා ඉන් ඉවත්ව තිබේ.

චෙම්මිනි පාර, නල්ලූර්, යාපනය යන ලිපිනය දරන නිවසට ඇය රැගෙන යනු වෙනුවට මහාචාර්ය හූල් සිය දියණිය සමග යාපනය මැතිවරණ කාර්යාලයට අයත් වාහනයකින් මෙසේ දින දෙකක් මැතිවරණ කොමිසමට පැමිණ ඇත.

මේ සම්බන්ධව තොරතු දැනගත් වහාම මැතිවරණ කොමිසමේ කාර්ය මණ්ඩලය ඊයේ (19 දා)විරෝධය පා ඇති අතර එහිදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මැදිහත් වීම මත ඔවුන් මැතිවරණ කොමිසමෙන් පිටව ගොස් තිබේ.

දින 14 නිරෝධායන නීති ද උල්ලංඝණය කරමින් මහාචාර්ය හූල් මහතා සිය දියණිය මැතිවරණ කොමිසමට රැගෙන ඒමෙන් තමන් මෙන්ම දිනපතා මැතිවරණ කොමිසමට පැමිණෙන දේශපාලඥයින් සහ විවිධ නිලධාරීන් ද අවදානමට ලක්කර ඇතැයි මැතිවරණ කාර්යාලයේ සේවකයෝ සඳහන් කරති.

මේ සම්බන්ධව රාජගිරිය මැතිවරණ කොමිසම් කාර්යාලයෙන් කළ විමසීමේදී එහි ප‍්‍රකාශකයකු සඳහන් කළේ මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සහ ඔහුගේ දියණිය මැතිවරණ කාර්යාලයේ සේවකයින්ගේ විරෝධය හමුවේ ඊයේ (19) දහවල් මැතිවරණ කොමිසමෙන් පිටව ගිය බවත් ඔවුන් පිට ගිය පසු මැතිවරණ කාර්යාල පරිශ‍්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජ හරණයට ලක්කළ බවත්ය.

එසේම අද (20 දා) පැවැත්වෙන මැතිවරණ කොමිසමේ රැස්වීමට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී වන ලෙස මහාචාර්ය හූල්ට දැනුම්දුන් බවද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය ෴

***************************************

දේව ප්‍රතිමා තැන්පත් කළ වීදුරු කූඩු වලට ගල් ප්‍රහාර

(19.05.2020 – 19:05 +0530 – lankadeepa.lk)

පුත්තලම හා පාලවිය ප්‍රදේශයේ පිහිටි කතෝලික දේවස්ථාන දෙකක දේව ප්‍රතිමා තැන්පත් කර තිබූ වීදුරු කූඩු වලට ගල් ප්‍රහාර එල්ල කර කඩා දමා තිබෙන බව පුත්තලම පොලීසිය පැවසීය.

මෙලෙස හානි සිදුකර ඇත්තේ පුත්තලම ශාන්ත මරියා දේවස්ථානය ඉදිරිපිට ස්ථාපිත කර තිබූ අඩක්කල දේවමාතාවන්ගේ ප්‍රතිමාව තැන්පත් කර තිබූ විදුරු කූඩුවට සහ පාලාවීය ශ්‍රි හෘදයට කැපකල දේවස්ථානයේ ඉදිරිපිට තැන්පත් කර තිබූ ශ්‍රි හෘදයේ ජේසු තුමන්ගේ ප්‍රතිමාව තැන්පත් කර තිබූ වීදුරු කූඩුවටයි.

පුත්තලම මිසම් පාලක පයස් කෙනඩි පියතුමන් පොලීසියට කල පැමිණිල්ලක් අණුව පුත්තලම පොලීසිය පරික්ෂණ ආරම්භ කර ඇත.

අපරාධ ස්ථාන පරික්ෂණ නිළධාරින් හා පොලිස් නිළ සුනඛ රොකී යොදා ගනිමින් මේ වන විටත් පරික්ෂණ කරන බව පුත්තලම පොලීසිය පැවසීය.

මේ සිදුවීම පිටුපස කිසියම් කඩාකප්පල්කාරී පුද්ගලයකු හෝ පිරිසක් සිටීද යන්න සොයා බැලීම සඳහා පොලීසිය විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පුත්තලම පොලීසියේ වැඩබලන ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්ද්‍රසිරිලාල් මහතා පැවසීය.

***************************************

රටට අවශ්‍ය නම් කෘතිම පාද සමග වුවත් යළි හමුදා සේවයට එන්න සුදානම් වන යුද්ධයේදී දෙපා අහිමි වූ විරුවෙකුගේ කතාව

(20.05.2020 – 09:41 +0530 – hirunews.lk/sinhala)

30 වසරක් පුරා මෙරට පැවති කුරිරු යුද්දය නිම කළ විජයග්‍රහණයේ අභිමානවත් 11 වන රණවිරු සැමරුම ඊයේ (19) පැවැත්වුනා.

මෙලෙස රටම එක්ව රණවිරුවන් සමරන අතරේ යුද හමුදාවට එක්ව රටත් ජාතියත් වෙනුවෙන් තම දෙපා පරිත්‍යාග කළ රණවිරුවෙක් කියූ අභිමානවත් කතාවක් අපට ඇහෙන්නේ මාතරින්.

1996 වසරේ ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූ කෝප්‍රල් ජී. පුංචිහේවා නම් මේ අභීත රණවිරුවාගේ දෙපා අහිමිව මේ වනවිට ආබාදිතව සිටියත් ඔහුගේ හිතේ හයිය අහිමිකරන්න වෙඩි උණ්ඩය අසමත් බව අපට වැටහුණේ ඔහු කළ මේ සුවිශේෂී ප්‍රකාශයක් හේතුවෙන්.

***************************************

මේ දිනවල අනුන්ගේ පෑන් පරිහරණයෙන් වළකින්න – හෙද නිලධාරීනී පුෂ්පා රම්‍යානි සොයිසා

(20.05.2020 – divaina.com)

‍”මේ පවතින කොරෝනා තත්ත්වයත් එක්ක තමන් පාවිච්චි කරන පෑන තමන් විතරක් පාවිච්චි කරන්න. ඒක තවත් කෙනෙකුට පාවිච්චි කරන්න දෙන්න එපා. ඔහුට හෝ ඇයට කොරෝනා ඇත්නම් එහෙම ලබාදීම තුළිනුත් කොරෝනා වෛරසය පැතිරීමේ ඉඩකඩ වැඩියි….” ‍යැයි කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිළධාරීනී පුෂ්පා රම්‍යානි සොයිසා මෙනෙවිය ‘දිවයින’ට ඊයේ (19 වැනිදා) පැවසුවාය.

මෙහිදී තවදුරටත් කතාකළ ඇය මෙසේද කියා සිටියාය :

“හැම විටකම රාජකාරී කටයුත්තකදී හෝ වේවා වෙනයම් කටයුත්තකදී ඔබ පෑනක් පාවිච්චි කරනවානම් ඒක තමන්ට විතරක් පාවිච්චි කරන්න තියාගන්න. තවත් කෙනෙකුට එය දෙන්න එපා. මොකද මේ වෛරසය ස්පර්ශය තුළිනුත් පැතිරෙන නිසා.

ඒ වගේම පෑන තැන් තැන්වල තබලා කටේ දාන්නත් එපා. එතුලින් ද වෛරසය ශරීරය තුළට ඇතුල් වෙන්නත් පුළුවන්.

එමෙන්ම, මුදල් හැට්ටය ඇතුළේ දාගන්නත් එපා. මොකද ඒ මුදල් අතින් අතින් අතට යමින් ස්පර්ශ වන නිසා.

ඒ වගේම මුදල් කටින් අල්ලාගෙන කටයුතු කරන්නත් එපා.

ඔබ රාජකාරී කරන ස්ථානයේ තේ බොන කෝප්පයක් තිබෙනවානම් දිනපතා ඒ කෝප්පයම පමණක් පාවිච්චි කරන්න. තවත් කෙනෙකුට ඒ කෝප්පය පාවිච්චි කරන්න දෙන්න එපා.

ඒ වගේම පරිගණකයක් පාවිච්චි කළත් තමන්ටම කියලා පරිගණකයක් පමණක් පාවිච්චි කරන්න.

වැසිකිළි භාවිතයේදී වුණත් වටේටම කෙළ ගහන්නත් එපා. එය පාවිච්චි කළාම හොඳින් වතුර ගසා පිරිසිදු කරලා එන්න.

ඒ වගේම රැකියාවට යනකොට තමන් පැළඳ යන රන්මාල, මුදු , කරාබු,වළලු වැනි රන් ආභරණ පැළඳගෙන යන්න එපා…..”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Hoole, he may be a professor in the books but when it comes to common sense and complying with law and regulations he acts like an uneducated nincompoop, Shame on you. Your position in the election commission should be better given to a monkey; at least it will do what is expected of him.

    To those criminals that destroy catholic religious statues, we know who you are. having done atrocious things against Buddhist Buddha images now they are taking their tribal wars to the christians. The President will soon end up with mobilizing law enforcement agencies and you and those criminal politikos that are supporting you lot, and you all will find no place to hide. Cowards!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *