උතුරේ ඇදිරි නීතිය දීර්ඝ කෙරේ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• උතුරේ ඇදිරි නීතිය දීර්ඝ කෙරේ (විඩියෝ)

• රුධිර පරිත්‍යාගශීලීන්ට ආරාධනයක්

• ආහාර හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයට ඇඳිරි නීතිය වෙලාවේ අවසර

• කොරෝනා ආසාධිතයන් වෙනුවෙන් වෙන් කෙරෙන නැගෙනහිර කොළඹ මූලික රෝහල (මුල්ලේරියාව) (22.03.2020) (විඩියෝ)

• කොරෝනා මර්දනයට බුද්ධි අංශයේ කාර්යභාරය (විඩියෝ)

• කොරොනා පරික්ෂාවට ඇඳුම් මසා ගන්න ‘වෛද්‍යවරු’ ජනතාවගෙන් උදවු ඉල්ලමින් නිකුත් කළ වීඩියෝව (විඩියෝ)

• ස්විස් පූජකවරයාගෙන් කොරෝනා බොවුනු රෝගියෙකු යාපනයෙන් හඳුනාගැනේ. පූජාව අතර පූජකයා විසින් වැළඳගැනුනු 250 ක් අවදානමේ

• ඇඳිරි නීතියෙන් පසු පැය 2 ක් වත් බැංකු අරින්න – මහ බැංකුවෙන් ඉල්ලීමක්

• ඇදිරි නීතියෙන් පසු විවෘත කිරීම ගැන කාගීල්ස් – කීල්ස් – ආර්පිකෝ – ලාෆ්ස් – ස්පාර් – ග්ලොමාර්ක් නිවේදන

+++++++++++++++++++++++++++++++++++

උතුරේ ඇදිරි නීතිය දීර්ඝ කෙරේ

(22.03.2020 – 16:33 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අනිද්දා (24) උදෑසන 6 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම දිස්ත්‍රික්කවලට එදින (24) උදෑසන 6 ට ඉවත් කෙරෙන ඇදිරි නීතිය එදින පස්වරු 2 ට යළි පනවන බවයි.

මෙම දිස්ත්‍රික්ක පහේ වෙසෙන ජනතාවට තමන් අයත් දිස්ත්‍රික්කයෙන් පිටතට ගමන් කිරීම තහනම් කර තිබෙනවා. පසුගිය දිනවල උතුරේ චාරිකා කළ ස්විට්සර්ලන්තයෙන් පැමිණි කොරෝනා වෛසරසය ආසාදිත දේවගැතිවරයා හමුවූ සහ ඇසුරු කළ සියළු දෙනා හඳුනා ගන්නා තෙක් මෙම ගමන් තහනම ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

මෙම දිස්ත්‍රික්කවල ජනතාව කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇති අතර, ඊට පූර්ණ සහයෝගය දක්වන්නැයි රජය එම දිස්ත්‍රික්කවල ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

+++++++++++++++++++++

යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු කෙරෝනා වෛරසය ආසාදිතයෙකු බවට අද හඳුනාගෙන තිබෙනවා.

40 හැවිරිදි එම පුද්ගලයා කොරෝනා ආසාදිත ස්විට්සර්ලන්ත දේවගැතිවරයා ඇසුරු කළ අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 80 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ අද දිනයේ රෝහල් ගත කර සිටි තිදෙනෙකුට එම වෛරසය වැලදී ඇති බවට තහවුරු කරගෙන ඇති බවයි ෴

+++++++++++++++++++++

මෙරට කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 81 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
( 22.03.2020 – 17:43 +0530 – hirunews.lk/sinhala)

+++++++++++++++++++++++++++++++++++

රුධිර පරිත්‍යාගශීලීන්ට ආරාධනයක්

(22.03.2020 – 17:08 +0530 – hirunews.lk/sinhala)

රෝගීන් 1500 ක් සිටින මහරගම අපේක්ෂා රෝහලට රුධිරය අවශ්‍යතාවක් පවතින බැවින් පරිත්‍යාගශීලීන් සිටී නම් ඒ සඳහා අවස්ථාව පවතින බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ප්‍රකාශ කළා.

රෝහලේ ලේ බැංකුවට පැමිණ රුධිරය පරිත්‍යාග කළ හැකි බවයි ඔහු කියා සිටියේ ෴

+++++++++++++++++++++++++++++++++++

ආහාර හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයට ඇඳිරි නීතිය වෙලාවේ අවසර

(22.03.2020 – 18:22 +0530 – sinhala.adaderana.lk)

පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ එම බලප්‍රදේශ හරහා ගමන් කරන අත්‍යාවශ්‍ය සේවා හා ආහාර ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු සඳහා පොලීසිය අවසර ලබා දී ඇත.

ඒ අනුව ‍ආර්ථික මධ්‍යස්ථාන වෙත එම ද්‍රව්‍ය රැගෙන යෑමට අවසර හිමිවෙන බව නියෝජ්‍ය පොලිස්පති අ‍ජිත් රෝහණ මහතා පවසයි.

‍මේ අතර, පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය කුළ එම බලප්‍රදේශ හරහා ගමන් කරන අත්‍යවශ්‍ය සේවා හා මාධ්‍ය සේවා සඳහා පමණක් අවසර දෙනු ලබන බවද පොලීසිය සඳහන් කරයි.

ඔවුන් අදාළ ආයතන මඟින් නිකුත් කර ඇති නිල හැඳුම්පත ඇඳිරි නීති බලපත්‍රය ‍ඒ සඳහා භාවිතා කළ හැකියි.

‍එමෙන්ම කටුනායක ගුවන් තොටුපල වෙත ගමන් ගන්නා ගුවන් මගීන් සඳහා ගුවන් ටිකට්පත ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිතා කළ හැකි බවත් පොලීස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

මේ අතර, කුඹුරු ගොවිතැන් කටයුතු සිදු කරන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට මෙන්ම කුඩා තේ වතු හා අපනයන බෝග නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිරතව සිටින තැනැත්තන් හට සිය කාර්යයන් බාධාවකින්තොරව කරගෙන යෑම සඳහා නිරෝධායන රෙගුලාසිවලට යටත්ව අවසර ලබා‍ දෙනු ලැබේ ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාධිතයන් වෙනුවෙන් වෙන් කෙරෙන නැගෙනහිර කොළඹ මූලික රෝහල (මුල්ලේරියාව) (22.03.2020)

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා මර්දනයට බුද්ධි අංශයේ කාර්යභාරය

(22.03.2020 – YouTube : Talk with Chatura)

+++++++++++++++++++++++++++++++++++

කොරොනා පරික්ෂාවට ඇඳුම් මසා ගන්න ‘වෛද්‍යවරු’ ජනතාවගෙන් උදවු ඉල්ලමින් නිකුත් කළ වීඩියෝව

(22.03.2020 – 20:13 +0530 – truenews.lk)

කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම වැළක්වීම සඳහා සෞඛ්‍ය සේවා නිළධාරීන් ගත හැකි උපරිම පියවර ගනිමින් සිටින මොහොතකි මේ.

ඇඹිලිපිටිය මූලික රෝහලත් මේ වනවිට සිය දායකත්වය ලබාදෙන රෝහලක් වන අතර එහි වෛද්‍යවරයෙකු ඇතුළු කිහිපදෙනෙක් සමාජ ජාල වෙත සජීවී වීඩියෝවක් එක්කරමින් ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පළඳින ඇඳුම් කිහිපයක් මසා දෙන ලෙසයි.

ඒ සඳහා රෙදි තමන් විසින් සපයා ගෙන ඇති බවත් අවශ්‍යවන්නේ මසා ගැනීම බවත් එහිදී වෛද්‍යවරයා සඳහන් කළා.

ඔවුන්ගේ ඉල්ලීම පහතින් නැරඹිය හැකියි :

https://streamable.com/s/nxuua/egtttt

+++++++++++++++++++++++++++++++++++

ස්විස් පූජකවරයාගෙන් කොරෝනා බොවුනු රෝගියෙකු යාපනයෙන් හඳුනාගැනේ. පූජාව අතර පූජකයා විසින් වැළඳගැනුනු 250 ක් අවදානමේ

(22.03.2020 – gossiplankanews.com)

යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු කෙරෝනා වෛරසය ආසාදිතයෙකු බවට අද හඳුනාගෙන තිබෙයි. 40 හැවිරිදි එම පුද්ගලයා කොරෝනා ආසාදිත ස්විට්සර්ලන්ත දේවගැතිවරයා ඇසුරු කළ අයෙකු බව අනාවරණ වී ඇත.

අරියාලේ ෆිලඩෙල්පියා දෙවු මැදුරේ පසුගිය මාර්තු 15 වැනිදා පැවැති දේව මෙහෙයට සහභාගී වූ සියලුම බැතිමතුන්ට ස්වයං නිරෝධානයට ලක්වන ලෙස යාපනේ සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කර තිබුණි.

ස්වීස් ජාතික පූජකයකු විසින් මෙම දේව මෙහෙය පවත්වා ඇති අතර පසුව වාර්තා වුනේ ඔහුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවකි.

උතුරු පළාත් භාර සොඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ කේතීෂ්වරන් සඳහාන් කළේ මෙම දේව මෙහෙයට 200 ත් 250 ත් අතර බැතිමතුන් පිරිසක් සහභාගී වී ඇති බවකි. පූජකවරයාගේ බිරිය ඔහුවෙනුවෙන් යාඥා කරන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා ඇති බව ආණ්ඩුකාරවරයා තහවුරු කර ඇත.

නාවාට්කුලි, යාපනය, නල්ලූරුව හා මානිපායි බැතිමතුන් සහභාගී වී ඇති අතර මේ පිරිස සිටින තැන් සොයා ඔවුන් නිරෝධායනයට පත් කිරීමට සොඛ්‍ය දෙපාර්තමේන්තුව මෙහෙයුම් දියත් කර ඇත.

අදාල පූජකයා සමග සමීපව කටයුත් කළ දෙදෙනකු කෝවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර අද (22) රෝගය වැළඳුණ බව හදුනාගැනුනේ එම දෙදෙනාගෙන් කෙනෙකුටය.

මේ වන විට ඔවුන් යාපනේ ශික්ෂන රෝහලට ඇතුළත් කර ඇත. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම මෙහෙයට සහභාගී වූ අනෙකුත් පුද්ගලයින්ද ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් නිරෝධායනයට ලක් විය යුතු බවයි.

ඔවුන් මෙසේ ප්‍රකාශ කළද මෙම දේව මෙහෙය සඳහා සහභාගී වූවන් වැඩිදෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව කියැවේ.

වවුනියාවේ සිට දේව මෙහෙයට පැමිණි පවුල් දෙකක් හඳුනාගෙන ඇති අතර මොවුන් පරීක්ෂා කර හැකි ඉක්මනින් වාර්තාවක් ලබා දෙන ලෙස යාපනය රෝහලට දැනුම් දී ඇත.

බලධාරීන් පවසන්නේ දේව මෙහෙය පවත්වන අවස්ථාවේද අදාල පූජකවරයා යහපත් සෞඛ්‍ය තතත්වයක පසු වී නොමැති බවයි.

දේව මෙහෙය අවසානයේ පුජකයා පැමිණ සිටි 200 ත් 250 ත් අතර සියලු දෙනා වැළදෙගෙන ආශිර්වාද කර ඇති අතර මෙය බරපතල තත්ත්වයකි.

නල්ලූර් ප්‍රාදේශීය සභා බල පෙදෙසට අයත් අරියාලේදී මෙම දේව මෙහෙය පවත්වා ඇත්තේ රජය කිසිදු හේතුවක් නිසාවත් ජනතාවට එක් රොක් නොවන ලෙස දන්වා සිටියදී වීමද ගැටලු කාරීය.

අදාල පූජකයා දිවයිනේ ගත කළ කාලයේ ගමන් කළ තැන් :

මාර්තු 10 :
• උදේ 9.00 ට කටුනායක ගුවන්තොටුපොල
• එදිනම අනුරාධපුර මැන්ගෝ මැන්ගෝ හෝටලය සහ යාපනය, අරියාලෙයි පල්ලිය

මාර්තු 13 :
• යාපනය HNB සිග්නල් හන්දියේ කන්කසන්තුර පාරේ මාකට් එක

මාර්තු 15 :
• යාපනය philadelphia පල්ලියේ දේව යාඥාව
• යාපනයෙන් රාත්‍රී 10 ට කුලී රථයකින් පිටවී ඇත. එන අතරතුර , රාත්‍රියේ රියදුරු මුරුකන්ඩි පන්සල අසල නවතා ගිමන් හැර ඇත.

මාර්තු 16 :
• උදේ 5.30 ට පමන ඩුබායි බලා පිටත්ව ගොස් ඇත

මොහු සමග ගැටුනු කෙනෙක් වේ නම්, වහාම සෞඛ්‍ය අංශ අමතන්න ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතියෙන් පසු පැය 2 ක් වත් බැංකු අරින්න – මහ බැංකුවෙන් ඉල්ලීමක්

(22.03.2020 – gossiplankanews.com)

හෙට (23) දිනය තුල පොලිස් ඇදිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභි විශේෂිත බැංකු ශාඛා අවම වශයෙන් පැය 2 ක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අදාල බැංකුවලින් ඉල්ලීමක් කරයි.

මහජනතාවට අත්‍යවශය බැංකු සේවා සැපයීම වෙනුවෙන් මෙම කාලය තුල බැංකු විවෘතව තබන ලෙසයි මහ බැංකුව ඉල්ලා ඇත්තේ.

කෙසේවෙතත් හැකි සෑම අවස්ථාවකම ගෙවීම් ඇතුලු බැංකු කටයුතු සඳහා අන්තර්ජාල සේවා භාවිත කරන ලෙසත් මුදල් ගැනීම සඳහා තදබදය අඩු ස්ථානවල පිහිටි ඒ ටී එම් යන්ත්‍ර භාවිත කරන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම් දෙයි.

සේවා ලබා ගැනිම සහ ලබා දීමේදී සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙස ද මහ බැංකුව සියලු පාර්ශව වලින් ඉල්ලා සිටී ෴

+++++++++++++++++++++++++++++++++++

ඇදිරි නීතියෙන් පසු විවෘත කිරීම ගැන කාගීල්ස් – කීල්ස් – ආර්පිකෝ – ලාෆ්ස් – ස්පාර් – ග්ලොමාර්ක් නිවේදන

(22.03.2020 – gossiplankanews.com)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *