ප්‍රගීත් එක්නැළිගොඩ සිද්ධිය පිළිබඳ හඬ පටයක් ගැන හෙළිදරව්වක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ප්‍රගීත් එක්නැළිගොඩ සිද්ධිය පිළිබඳ හඬ පටයක් ගැන හෙළිදරව්වක් (විඩියෝ)

• කංචන විජේසේකරගෙන් ජනපතිට ඉල්ලීමක් (විඩියෝ)

• FCID හිටපු ප්‍රධානියා ඇතුළු කිහිපදෙනෙකුට කළ බලපෑම් ගැන හෙළිවන රන්ජන්ගේ තවත් හඬපට එළියට (විඩියෝ)

• රන්ජන් ළඟ තිබී හමුවූ හඬපට, ගිනි අවිය සහ, පතොරොම් ගැන රස පරීක්ෂක පරීක්ෂණ ඇරඹේ

• රන්ජන් සමඟ දුරකථන සංවාද කළ රජයේ නිලධාරීන්ට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළයුතුයි (විඩියෝ)

• විනිසුරුවරුන්ට සහ CIDයට බලපැම් කරන රන්ජන්ගේ ඇමතුම් ගැන අදත් විවිධ අදහස් (විඩියෝ)

• රන්ජන් සහ දිල්රුක්ෂි වික්‍රමසිංහගේ හඬපටයකුත් එළියට (විඩියෝ)

• විමර්ශන සිදුකිරීමට ප්‍රතිපාදන පවතින බව නීති විශාරදයන් කියයි (විඩියෝ)

• දේශපාලන බලපෑම්වලට ලක්වූ චූදිතයින්ගේ නඩු පිළිබද යළි විමර්ශනයක් අවශ්‍යයි – නීතිඥ සංවිධාන එකමුතුව (විඩියෝ)

• රන්ජන්ගේ ආන්දෝලනාත්මක දුරකතන සංවාද ගැන අනිද්දා සිට විමර්ශන ආරම්භයි

• 2020 ජනවාරි 7 වන දින පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් (විඩියෝ)

• “හඬපට එළියට – සළුපට අහසට” යහපාලනයෙන් අන්තිමේදී නීතියේ කන්‍යාවියගේ තනපටයත් ගැලවුණා… – විමල් වීරවංශ (08.01.2020) (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ප්‍රගීත් එක්නැළිගොඩ සිද්ධිය පිළිබඳ හඬ පටයක් ගැන හෙළිදරව්වක්

(11.01.2020 – 20:05 +0530 – hirunews.lk/sinhala)

ප්‍රගීත් එක්නැළිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවූ දුරකථන හඬ පටයක් පිළිබඳ ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා අද (11) හෙළිදරව්වක් සිදුකළා.

ප්‍රදීප් එක්නැළිගොඩ සහ කර්නල් දයා රත්නායක මරාදමනු ලැබූවේ චම්¤ක !

+++++++++++++++++++++

කංචන විජේසේකරගෙන් ජනපතිට ඉල්ලීමක්

(11.01.2020 – 20:15 +0530 – hirunews.lk/sinhala)

රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට වලින් අනාවරණ වූ කරුණු අනුව පසුගිය වසර 5 දී අධිකරණය ලබාදුන් තීන්දු පිළිබඳ නැවත සලකා බලා අසාධාරණයට ලක්වූවන්ට සාධාරණයක් ඉටුකරන ලෙස රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

මාතරදී පැවති ජන හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතරල රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට සම්බන්ධයෙන් තවත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.

+++++++++++++++++++++

FCID හිටපු ප්‍රධානියා ඇතුළු කිහිපදෙනෙකුට කළ බලපෑම් ගැන හෙළිවන රන්ජන්ගේ තවත් හඬපට එළියට

(11.01.2020 – 19:15 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර අතර සිදුවූ දුරකථන සංවාදයක හඬ පටයක් නව ‘සිංහල රාවය’ සංවිධානය අද (11) මාධ්‍ය වෙත අනාවරණ කළා.

එහිදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරවීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අදහස් පළ කරන අතර, කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව හෙළිදරව් කළේ නව ‘සිංහල රාවය’ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින්.

මේ අතර, ‘සිංහල රාවය’ සංවිධානය ද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ ස්විස්ටර්ලන්තයට පලා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අතර සිදුවූ දුරකථන සංවාදයක් ඇතුළත් හඬ පටයක් අද (11) මාධ්‍ය වෙත අනාවරණ කළා.

+++++++++++++++++++++

රන්ජන් ළඟ තිබී හමුවූ හඬපට, ගිනි අවිය සහ, පතොරොම් ගැන රස පරීක්ෂක පරීක්ෂණ ඇරඹේ

(11.01.2020 – 12:42 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ අත්අඩංගුවට ගත් හඬ පට, බලපත්‍ර රහිත ගිනි අවිය සහ ජීව පතොරොම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අධිකරණයෙන් නියෝගයක් ලබාදුනහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ද හඬ පරීක්ෂාවක් සඳහා සිය දෙපාර්තමේන්තුව වෙත කැදවීමට බලාපොරොත්තු වන බවයි.

මෙම හඬ පට, ගිනි අවිය සහ ජීව පතොරොම් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පසුගිය 9 වන දා භාර දී තිබුණා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඒ අනුව කඩිනමින් එහි වාර්තාවක් අපේක්ෂා කරන බවයි.

රන්ජන් රාමනායක සතුව තිබී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාර දුන් හඬ පට එහි පරිඝනක අපරාධ අංශය මගින් ද බලපත්‍ර රහිත ගිනි අවිය සහ ජීව උණ්ඩ, ගිනි අවි අංශය මගින් ද විමර්ශණය කරනු ලබනවා.

හඬ පට අදාළ පුද්ගලයින්ට සම්බන්ධ නිවැරදි ඒවා ද යන්න තහවුරු කර ගැනීම සඳහා සහ බලපත්‍ර රහිත ගිනි අවිය අපරාධවලට යොදාගෙන ඇත්දැයි යන්න මෙහිදී විමර්ශනය කෙරෙන බවයි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා සඳහන් කළේ.

ඒ අනුව අදාළ විමර්ශන සිදුකර ඒ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබන 17 වන දාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මාදිවෙල පිහිටි නිවසේ තිබී සොයාගත් හඬ පට සහිත දෘඪ තැටි 9 ක්, ඩී.වී.ඩී. තැටි 162 ක්, ලැප්ටොප් පරිඝනක යන්ත්‍රයක්, බලපත්‍ර රහිත ගිනි අවිය මෙන්ම පතොරොම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල පසුගිය 8 වන දා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කරනු ලැබුවා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අවස්ථාවේදී පොලීසිය ක්‍රියා කළ ආකාරය පිළිබද පරීක්ෂණයක් කර වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නියෝගයක් කර තිබුණා.

මොහුව අත්අඩංගුවට ගැනීමට නිවසට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු වැළද ගැනීම සහ නිවස පරීක්ෂා කිරීමේ අවස්ථාව මුහුණුපොත ඔස්සේ සජීවීව විකාශනය කිරීමේදී පොලීසිය ක්‍රියා කළ ආකාරය ද මෙහිදී විමර්ශනය කෙරෙනවා ෴

+++++++++++++++++++++

රන්ජන් සමඟ දුරකථන සංවාද කළ රජයේ නිලධාරීන්ට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළයුතුයි

(10.01.2020 – 21:15 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමඟ දුරකථන සංවාද පැවැත්වූ රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළයුතු බව දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (10) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

+++++++++++++++++++++

විනිසුරුවරුන්ට සහ CIDයට බලපැම් කරන රන්ජන්ගේ ඇමතුම් ගැන අදත් විවිධ අදහස්

(10.01.2020 – 20:04 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ විනිසුරුවරුන්ට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට බලපැම් සිදුකරමින් රංජන් රාමනායක මන්ත්‍රීවරයා ලබාගත් දූරකථන ඇමතුම් සම්බන්ධයෙන් අදත් (10) පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.

+++++++++++++++++++++

රන්ජන් සහ දිල්රුක්ෂි වික්‍රමසිංහගේ හඬපටයකුත් එළියට

(10.01.2020 – 19:26 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක මෙන්ම හිටපු සොලිසිටර් ජනරාල්වරියක වන ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අතර සිදුවූ දුරකතන සංවාදයක හඬ පටයක් අද (10) ‘සිංහලේ සංවිධානය’ මාධ්‍ය වෙත අනාවරණ කළා.

එහිදී අල්ලස් කොමිසමේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න සම්බන්ධයෙන් ද ඔවුන් සංවාදයේ යෙදෙන අතර, කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවකදී සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා විසින්.

එමෙන්ම, සිංහලේ සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් එම මාධ්‍ය හමුවේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ රන්ජන් රාමනායක අතර සිදුවූ දුරකථන සංවාදයක හඬපටයක් ද මාධ්‍ය වෙත අනාවරණ කළා.

+++++++++++++++++++++

විමර්ශන සිදුකිරීමට ප්‍රතිපාදන පවතින බව නීති විශාරදයන් කියයි

(10.01.2020 – 18:59 +0530 – hirunews.lk/sinhala)

ආන්දෝලනයකට තුඩුදී තිබෙන රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් පටිගත කර ඇති හඬපට සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකිරීමට මෙරට නීතියේ අවශ්‍ය ප්‍රතිපාදන පවතින බව ජ්‍යෙෂ්ඨ නීති උපදේශක මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පෙන්වා දෙනවා.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කොළඹදී අද (10) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

+++++++++++++++++++++

දේශපාලන බලපෑම්වලට ලක්වූ චූදිතයින්ගේ නඩු පිළිබද යළි විමර්ශනයක් අවශ්‍යයි – නීතිඥ සංවිධාන එකමුතුව

(10.01.2020 – 13:11 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය සමයේ දේශපාලන බලපෑම් මත අගතියට පත් සියළු චූදිතයන්ගේ නඩු පිළිබඳ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් හරහා යළි විමර්ශනයක් සිදුකළ යුතු බව නීතිඥ සංවිධාන ජාතික එකමුතුව පවසනවා.

කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි එහි සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා මේ බව කියා සිටියේ.

නීතිය, දේශපාලන අතකොලූවක් ලෙස යොදාගෙන දඬුවම් ලබාදී ඇති සියළු පුද්ගලයන්ට යළි සාධාරණයක් ඉටු විය යුතුය යන මතයේ තම නීතිඥවරුන් පසුවන බව ඔහු එහිදී අවධාරණය කළා.

එමෙන්ම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක ලබාදුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අනුමත කර තිබියදී ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නොහැකි බවට විවිධ පිරිස් ප්‍රකාශ සිදුකරන්නේ නීතිය පිළිබදව නොදැන බවයි නීතිඥ මනෝජ් ගමගේ මහතා එහිදී පෙන්වා දුන්නේ.

අභියාචනයකදී සිදුවන්නේ ඉහළ අධිකරණය ලබාදුන් තීන්දුවේ නීතිමය කරුණු පිළිබදව විවාදයක් පමණක් බව සඳහන් කළ නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේ අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කර විමර්ශන නිලධාරීන් විනිසුරුවරුන් ද සම්බන්ධ කරගෙන තීන්දු ලබාදී ඇත්නම් එම චූදිතයන්ට නැවත නඩු විභාගයකින් සාධාරණයක් ඉටු කළ හැකි බවයි.

+++++++++++++++++++++

රන්ජන්ගේ ආන්දෝලනාත්මක දුරකතන සංවාද ගැන අනිද්දා සිට විමර්ශන ආරම්භයි

(11.01.2020 – 23:54 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තුමන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකතන සංවාද ඇතුලත් හඩපට සම්බන්ධයෙන් අනිද්දා (13) දිනයේ සිට විමර්ශන කටයුතු ආරම්භ කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සතුව තිබී සොයාගත් දුරකතන සංවාද ඇතුලත් සී.ඩී. තැටි හා පරිඝණක ඇතුළු උපකරණ රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත්කර වාර්තාවක් ලබා ගන්නා ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් කොළඹ අපරාධ කොට්ඨාසයට පසුගිය 9 වනදා නියෝග කළේය.

ඒ අනුව අදාල හඩපට ඇතුලත් සී.ඩී. තැටි කොළඹ අපරාධ කොට්ඨාශය විසින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

මීට අමතරව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මාදිවෙල නිවසේතිබී සොයාගත් බලපත්‍රය කල්ඉකුත්වූ ගිනිඅවිය ද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.

ඒ අනුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ අදාල හඩපට සහ ගිනිඅවිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සදහන් කළේය.

එම හඩපටවල අඩංගු සංවාද කුමක්ද යන්නත්, එම හඩපටවල අනුපිටපත් හා ඒ සදහා භාවිත කල පරිඝණකවල දත්ත පිළිබඳව නිශ්චිතව අධිකරණයට කරුණු වාර්තාකිරිම අදාල විමර්ශනය මගින් සිදු කිරීමට නියමිතව තිබේ.

මේ අතර ආන්දෝලනාත්මක දුරකතන සංවාද කිහිපයක් අද (11) දිනයේදීත් මාධ්‍ය වෙත නිකුත් වී තිබේ ෴

+++++++++++++++++++++

2020 ජනවාරි 7 වන දින පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්

https://www.youtube.com/watch?v=32WAvCf8QwY
07-01-2020
07-01-2020
07-01-2020

+++++++++++++++++++++

“හඬපට එළියට – සළුපට අහසට” යහපාලනයෙන් අන්තිමේදී නීතියේ කන්‍යාවියගේ තනපටයත් ගැලවුණා… – විමල් වීරවංශ (08.01.2020)

12 min.s
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *