රංජන් සහ තවත් විනිසුරුවරයෙකු අතර සිදුවූ දුරකථන සංවාදයක හඬ පටයක් එළියට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රංජන් සහ තවත් විනිසුරුවරයෙකු අතර සිදුවූ දුරකථන සංවාදයක හඬ පටයක් එළියට (විඩියෝ)

• රන්ජන්ගේ තවත් පටිගත කිරීම් කිහිපයක් මාධ්‍යයට (විඩියෝ)

• රංජන්ගේ හඬපට ගැන විවිධ අදහස් (විඩියෝ)

• පසුගිය ආණ්ඩු සමයේ සිදුකළ කුමන්ත්‍රණ ගැන මහින්දානන්ද හෙළි කරයි (විඩියෝ)

• රන්ජන් ගැන තීරණයක් ගන්නා බව එජාපය කියයි (විඩියෝ)

• බැදුම්කර හොරුන්ගේ හඬපටත් මා සතුයි.. අවශ්‍ය වුනොත් එලියට දානවා.. – එජාප බොටුව මිරිකමින් රන්ජන් තර්ජනය කරයි.. (විඩියෝ)

• රන්ජන්ගේ හඬපට ගැන කොළඹ අපරාධ කොට්ඨාශය පරීක්ෂණ අරඹයි (විඩියෝ)

• ආන්දෝලනාත්මක හඬපට ගැන නීතිය ක්‍රියාත්මක විය යුතුයි – පා.ම. ඩිලාන් පෙරේරා (විඩියෝ)

• රන්ජන්ගේ දුරකථන සංවාද හරහා අධිකරණයේ විශ්වාසය පළුදු වෙලා. – පා.ම. වීරකුමාර (විඩියෝ)

• ශානි අබේසේකරට විදෙස් ගමන් තහනම් (විඩියෝ)

• රන්ජන්ගේ හඬපට ජනමාධ්‍යට නිකුත් වුණේ පොලීසිය හරහා නොවෙයි – මහින්දානන්ද අලුත්ගමගේ (විඩියෝ)

• රන්ජන්ගේ හඩ පට වලින් දේශපාලක පුතුන්ගේ කැරැට්ටුවත් ලීක් වෙයි (විඩියෝ)

• රංජන්ගේ හඬපට වලින් ‌එළිවුණේ පසුගිය ආණ්ඩුවේ නිරුවතයි – ප්‍රසන්න රණතුංග

• අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමේ වගකීම අපට තියෙනවා – අගමැති

• අධිකරණයේ විශ්වසනීයත්වය තහවුරු කරන්න අගවිනිසුරු පියවර ගත යුතුයි – බන්දුල ගුණවර්ධන (විඩියෝ)

• රන්ජන් ටික ටික හිරවෙයි.. හඬ පට ගැන ඩයලොග් සමාගමට නියෝගයක්..

+++++++++++++++++++++++++++++++++++

රංජන් සහ තවත් විනිසුරුවරයෙකු අතර සිදුවූ දුරකථන සංවාදයක හඬ පටයක් එළියට

(08.01.2020 – 15:54 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ තවත් විනිසුරුවරයෙකු අතර සිදු වූ දුරකථන සංවාදයක හඬ පටයක් සම්බන්ධයෙන් නව සිංහල රාවය සංවිධානය අද (08) අනාවරණයක් කළා.

කළුතර දී අද (08) මාධ්‍ය හමුවක් කැදවමින් එහි සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කර සිටියේ මෙලෙසයි.

+++++++++++++++++++++

කාලෝ මාමයි උගෙ ගොන්ජා බෑණයි බූරු ජජත් එක්ක මොනවද මේ කියවන්නෙ … ?

+++++++++++++++++++++

රන්ජන්ගේ තවත් පටිගත කිරීම් කිහිපයක් මාධ්‍යයට

(08.01.2020 – 21:39 +0530 – sinhala.adaderana.lk)

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පැවැත්වූ තවත් ආන්දෝලනාත්මක දුරකතන සංවාද හා දර්ශන කිහිපයක්ද අද (08) මාධ්‍ය හමුවේ අනාවරණ කෙරුණේය.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමග පැවැත්වූ දුරකතන සංවාදවලින් ශ්‍රී ලංකා පොලිස් සේවය අපකීර්තියට පත්කිරීමේ හේතුව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ වැඩ තහනම් කිරීමට පොලිස් කොමිෂන් සභාව ඊයේ (07) පියවර ගත්තේය.

එමෙන්ම ඔහුට ඇති චෝදනා සම්බන්ධයෙන් වහාම මූලික විමර්ශනයක් සිදුකර සති 02 ක් ඇතුළත වාර්තා වක් ලබාදෙන්නැයි එම කොමිෂන් සභාව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත දැනුම් දී තිබේ.

මේ අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග පැවැත්වූ දුරකතන සංවාදවලට අදාළ හඬපට සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (08) නිවේදනය කළේය.

ඒ අනුව එම කොට්ඨාසය විසින් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ශානි අබේසේකර මහතාගේ විදෙස් ගමන් වළක්වාලමින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබේ.

මේ අතර සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අද (08) කළුතරදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් හිටපු අමාත්‍ය ඒ එච් එම් ෆවුසි මහතා වාහනයක් අවභාවිත කිරීමේ නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අතර සිදුවූ දුරකථන සංවාදයක හඩපටයක් මාධ්‍යයට අනාවරණය කළේය.‍

එමෙන්ම පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා හා එම නඩුවේ විමර්ශන නිලධාරියෙකු අතර වූ සංවාදයක් ද මේ වන විට සමාජ මාධ්‍යවෙත නිකුත් වි තිබේ.

මෙවන් පසුබිමක සිංහලේ සංවිධානය අද (08) පෙරවරුවේ අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත කරුණු කිහිපයක් යටතේ පැමිණිල්ක් ගොනු කළේය.

ධම්මික හේමපාල හා ගිහාන් පිලපිටිය යන විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන්.

මේ අතර නීතිය ක්‍රියාත්මක කරන ආයතන උපයෝගී කරගනිමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සිදුකළ දේශපාලන දඩයම පිළිබඳව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලා මහජන යුතුකම් කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව කිහිපයක් අද (08) ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශ භාරදුන්නේය.

මේ අතර රන්ජන් රාමනායක මහතාගේ නිවසේ තිබී පොලිස් භාරයට ගත් සංයුක්ත තැටිවල අන්තර්ගත සංවාද ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම අපරාධ නඩු විධාන සංග්‍රහයට හා අධිකරණ ක්‍රියාපටිපාටියට විරුද්ධ බව පවසමින් ඊට එරෙහිව පියවර ගන්නැයි ඉල්ලා රන්ජන් රාමනායක මහතා අද (08) නීතිඥවරුන්ගේ මාර්ගයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

+++++++++++++++++++++

රංජන්ගේ හඬපට ගැන විවිධ අදහස්

(08.01.2020 – 20:16 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ නිවසින් හමුවූ හඬපට සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් අදත් අදහස් පළ කළා.

+++++++++++++++++++++

පසුගිය ආණ්ඩු සමයේ සිදුකළ කුමන්ත්‍රණ ගැන මහින්දානන්ද හෙළි කරයි

(08.01.2020 – 20:04 +0530 – hirunews.lk/sinhala)

රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකතන සංවාද මඟින් අනාවරණ වන්නේ එවක විපක්ෂයේ මන්ත්‍රීවරුන් මර්ධනය කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස් පසුගිය ආණ්ඩු සමයේ සිදුකළ කුමන්ත්‍රණ බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද (08) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

+++++++++++++++++++++

+++++++++++++++++++++

රන්ජන් ගැන තීරණයක් ගන්නා බව එජාපය කියයි

(08.01.2020 – 19:24 +0530 – hirunews.lk/sinhala)

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් තම පක්ෂය අද හෝ හෙට තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++

බැදුම්කර හොරුන්ගේ හඬපටත් මා සතුයි.. අවශ්‍ය වුනොත් එලියට දානවා.. – එජාප බොටුව මිරිකමින් රන්ජන් තර්ජනය කරයි..

(09.01.2020 – 03:22 +0530 – lankacnews.com)

පසුගිය බැඳුම්කර වංචාවේ දී එම පාර්ශව අල්ලස් දීමට තමන්ට කතා කළ හඬපට තමන් සතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

අර්ජුන් ඇලෝසියස් ගේ හඬ පටද තමා සතුව ඇතැයිද පැවසූ ඔහු මේ ආකාරයෙන් හඬ පට තබාගැනීම නුවනක්කාර ක්‍රියාවක් නොවේදැයි මාධ්‍යවේදීන් ගෙන්ද ප්‍රශ්න කළේය.

ඔහු මේ බව කියා සිටියේ තමන්ගේ තම හඬපට මාධ්‍ය විසින් ප්‍රචාරය කිරීම වලකන ලෙස ඉල්ලමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ගොනු කිරීම සඳහා පැමිණ සිටි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් චෝදනා එල්ල වන්නේ එක්සත් ජාතික පක්‍ෂ නායකයා ඇතුළු පිරිසකට වන අතර රාමනායක මන්ත‍්‍රීවරයාගේ මේ අනියම් තර්ජනය ඔවුන් වෙත යයි සිතිය හැක්කේ මන්ත‍්‍රීවරයාට විරුද්දව එජාපයෙන් විනය පරීක්‍ෂණ ආරම්භ කර තිබීම හේතුවෙනි ෴

https://www.facebook.com/headlinenewslk/videos/1058565127828644/
බ්ලැක්මේල් ගොන්ජා

+++++++++++++++++++++

රන්ජන්ගේ හඬපට ගැන කොළඹ අපරාධ කොට්ඨාශය පරීක්ෂණ අරඹයි

(08.01.2020 – 19:12 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකතන හඬපටවලට අදාළව හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක සම්බන්ධයෙන්ලැබී ඇති පැමිණිලිවලට අදාළව අධිකරණ සේවා කොමිසම ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තාවනවා.

මීට අදාළ හඬ පටය අධිකරණ සේවා කොමිසම වෙත ලැබී ඇති අතර, ඒ ඔස්සේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.

ඊයේ (07) දිනයේදී හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ලබාදුන් නඩු තීන්දුව ඇතුළු අනෙකුත් තීන්දු ශූන්‍ය කළ යුතු බවට වන පැමිණිලිද අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කෙරුණා.

ඒ, නව සිංහල රාවය සහ නව සිංහලේ ජාතික සංවිධානය විසින්.

මේ අතර මෙම සියලු හඬපට සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේ.

වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලබාදුන් උපදෙස් මත මෙම පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී තිබෙනවා.

මේ අතර තම නිවසින් අත්අඩංගුවට ගත් සී.ඩී. තැටිවල තිබූ හඬ පට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් තමන් අගතියට පත්ව ඇති බව පවසමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අද (08) නුගේගොඩ මහේස්ත්‍රාත් යූ.කේ. පැල්පොල ඉදිරියේ නීතීඥවරියක් මාර්ගයෙන් මෝසමක් ගොනු කළා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.facebook.com/LankaLeadNews/videos/1852265668238631/

+++++++++++++++++++++

ආන්දෝලනාත්මක හඬපට ගැන නීතිය ක්‍රියාත්මක විය යුතුයි – පා.ම. ඩිලාන් පෙරේරා

(08.01.2020 – 19:36 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ අන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++

රන්ජන්ගේ දුරකථන සංවාද හරහා අධිකරණයේ විශ්වාසය පළුදු වෙලා. – පා.ම. වීරකුමාර

(08.01.2020 – 13:11 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන හඩපට මගින් මෙරට අධිකරණය සහ පොලීසිය පිළිබද ජනතා විශ්වාසය පළුදු වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (08) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

+++++++++++++++++++++

ශානි අබේසේකරට විදෙස් ගමන් තහනම්

(08.01.2020 – 10:39 +0530 – hirunews.lk/sinhala)

වැඩ තහනමකට ලක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශය නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් යූ.කේ. පැල්පොලගෙන් කරුණු ලැබූ ඉල්ලීමකට අනුවයි අද (08) මෙම නියෝගය නිකුත් කෙරුණේ.

ජාතික පොලිස් කොමිසමේ නියෝගයකට අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගේ වැඩ තහනම් කරනු ලැබුවේ ඊයේ (07) පස්වරුවේයි.

ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශණවලට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමඟ පැවැත් වූ දුරකතන සංවාදයෙන් පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට ලක් කිරීම හේතුවෙනුයි මොහුගේ සේවය අත්හිටුවා ඇත්තේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය රජය සමයේ සිදුකළ ඇතැම් පරීක්ෂණ පක්ෂග්‍රාහීව සිදුකර ඇති බවට එල්ල වූ චෝදනා මත ජාතික පොලිස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කර එම විමර්ශනයට අදාළව ශානි අබේසේකර මීට මාසයකට පමණ පෙර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර වශයෙන් මාරු කර යවා තිබුණා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ ආන්දෝලනාත්මක ජංගම දුරකතන හඬපට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මන්ත්‍රීවරයා විවිධ පුද්ගලයින් සමඟ පැවැත් වූ දුරකතන සංවාද ඇතුළත් මතභේදාත්මක හඬපට රැසක් මාධ්‍ය වෙත නිකුත් වූ අතර ඊට අදාළව පොලිසියට, අධිකරණ සේවා කොමිසන් සභාවට සහ ජාතික පොලිස් කොමිසමට ද පැමිණිලි ඉදිරිපත් වුණා.

ඒ අනුව මෙම සියලු හඩපට සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි පී.ජේ. නන්දන කියා සිටියේ.

වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලබාදුන් උපදෙස් මත මෙම පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී තිබෙනවා.

+++++++++++++++++++++

රන්ජන්ගේ හඬපට ජනමාධ්‍යට නිකුත් වුණේ පොලීසිය හරහා නොවෙයි – මහින්දානන්ද අලුත්ගමගේ

(08.01.2020 – 22:10 +0530 – sinhala.adaderana.lk)

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවැත්වූ ආන්දෝලනාත්මක දුරකතන සංවාදවල හඬපට ජනමාධ්‍යට නිකුත් වූයේ පොලීසිය හරහා නොවන බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අද (08) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදි මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්නවලට පිලිතුරු දුන් රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා,

ප්‍රශ්නය – කොලොප්පමට වගේ අහන්නේ කවුද මරන්න ඉන්නේ කියලා. රන්ජන් නිකන් විහිළුවට වගේ කියන්නේ මහින්දානන්ද මරන්න ට්‍රයි කරනවා කියලා. ඒ වගේ බොහොම ලයිට්..ලයිට්..

පිලිතුරු – පිස්තෝලයකින් මිස්ෆයර් වෙන්නේ නැහැ ලෝඩ් කරලා ෆයර් කරන්න ඕනේ , මහින්දානන්දට වෙඩි තියන්න, ප්‍රැක්ටිස් කරනවා කියනවා, එතකොට එහාපැත්තේ හිනාවෙනවා, මොනවද කතා කරන්නේ අහන්න තිබුණා, ඔබතුමාට ලයිට් වුණාට මගේ දරුවන්ට හාර්ඩ්.

ප්‍රශ්නය – ජනාධිපතිතුමාගෙනුයි අගමැතිතුමාගෙනුයි ඉල්ලුවා කිව්වා ජනාධිපති කොමිසමක් දාන්න. මොකක්ද ඒකට ප්‍රතිචාරය ?

පිලිතුරු – එතුමා ඒකට එකඟ වුණ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

රන්ජන්ගේ හඩ පට වලින් දේශපාලක පුතුන්ගේ කැරැට්ටුවත් ලීක් වෙයි

(08.01.2020 – colombotoday.com)

හිටපු නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකගේ දුරකථන සංවාද ඇතුළත් හඩ පට තොගයක් ප්‍රසිද්ධියට පත්වීමත් සමග නීතියේ ආධිපත්‍යයට සහ යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය දේශපාලන හස්ථය විසින් කෙළෙසා දැමූ ආකාරය මෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයන් සහ ඇතැම් දේශපාලකයන්ගේ ද පුද්ගලික ජීවිතවල රහස් රැසක්ද සමාජය හමුවේ නිරාවරණය වී ඇත.

එලෙස ප්‍රසිද්ධියට පත්වූ, රන්ජන් රාමනායක හිටපු ඇමතිවරයා හා නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි නමැත්තිය අතර සිදුවූ දුරකථන සංවාදයක කබීර් හෂීම් හිටපු ඇමතිවරයා සහ මුසම්මිල් ආණ්ඩුකාරවරයාගේ පුතුන් මත්කුඩු භාවිතා කිරිම හා මිතුරන් සමග මත් ජාවාරමේ නිතර වි සිටින ආකාරයද කතා බහට ලක්වෙනු ඇසේ.

එම හඩ පටය :

+++++++++++++++++++++

රංජන්ගේ හඬපට වලින් ‌එළිවුණේ පසුගිය ආණ්ඩුවේ නිරුවතයි – ප්‍රසන්න රණතුංග

(08.01.2020 – colombotoday.com)

පසුගිය යහපාලන ආණ්ඩුවේ තිබූ ‘අධිකරණයේ ස්වාධිනත්වය’ අද රංජන් රාමනායක හිටපු නියෝජ්‍ය ඇමතිවරයාගේ රෙද්ද පල්ලෙන් බේරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ රංජන් රාමනායක හිටපු නියෝජ්‍ය ඇමතිවරයා සතුව තිබු හඬපට වලින් පසුගිය ආණ්ඩුවේ සැබෑ නිරුවත හෙළි වන බවයි.

උඩුගම්පල ශ්‍රී ලංකා පොදුජන කාර්යාලයේ දි අද (08) පැවති රැස්විමක දි රණතුංග මහතා මේ බව සදහන් කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග මහතා :

“පසුගිය යහපාලන ආණ්ඩුව බලයට පත් වුයේ මේ රටේ ජනතාවට බොරු කප්පරක් කියලයි. ඔවුන් කිව්ව ලොකුම බොරුව තමයි රටට ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස දෙනවා කියන එක. මාධ්‍ය නිදහස, අධිකරණයේ ස්වාධිනත්වය ආරක්ෂා කරනවයි කියලා මේ අය දහ අතේ පොරොන්දු වුණා. හැබැයි අද රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා ළඟ තිබුණු හඬපට ඇහුණාම තේරෙනවා ආණ්ඩුව කොහොමද කටයුතු කරලා තියෙන්නේ කියලා. තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් පළිගන්න මේ අය අධිකරණයේ ස්වාධිනත්වය අමු අමුවේ උල්ලංඝනය කරලා.

දේශපාලන ප්‍රතිවාදින්ගෙන් පළිගැනීම එක්සත් ජාතික පක්ෂයේ ජන්ම ගතියයි. ඔවුන් බලයට පත්වු හැමවිටම සිය දේශපාලන ප්‍රතිවාදින්ට අඩන්තේට්ටම් කරනවා. පසුගිය ආණ්ඩුව සමයේ මේ දේ කරලා තියෙන්නේ නීතියත් අවභාවිතයන් කරමින්. මේ වගේ සිද්ධීන් වලට එරෙහිව දැඩි පියවර ගත යුතුයි. අපි පසුගිය ආණ්ඩුව වගේ ‘එදාවේල ටුවර්ස්’ අණ්ඩුවක් නෙමෙයි. අපි වැඩ කරන්නේ සැලැස්මකට.

ඊළඟ මහා මැතිවරණයේ දි එක්සත් ජාතික පක්ෂයට යන එන මං නැතිව යනවා. සජිත් ප්‍රේමදාස මහතා දැන් නැවත විහිලු කතා කියන්න පටන් අරන්. සජිත් හිතවාදීන් කියනවා ගෝඨා ජනපති – සජිත් අගමැති කියලා. මේ රටේ ජනතාව ඕවට රැවටෙන්නේ නෑ. ජනාධිපතිවරයා සමග වැඩකළ හැකි අගමැතිවරයෙක් තමයි පත්කරගන්න ඕනෑ. නැත්නම් ආපහු මේ රට දෙපැත්තට අදියි. ඒ නිසා අපේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාව මේ රටේ ජනතාව ඊළග මැතිවරණයේ දි අගමැති පුටුවේ වාඩි කරවන එක ඒකාන්තයි. එතකොට මේ රටේ නැවත මහින්ද – ගෝඨාභය සුසංයෝගය බිහිවෙනවා. ඒක තමයි යහපාලනය විනාශ කරපු මේ රට ගොඩ ගත හැකි එකම සුසංයෝගය. ඒක මේ රටේ ජනතාව දන්නවා. ඒ සුසංයෝගය තමයි වසර 30 ක් පැවති යුද්ධයෙන් මේ රට බේරා ගන්තේ. ඔවුන් දෙදෙනා එකතු වෙලා මේ රට නැවත ගොඩනගනවා. ඒක ස්ථිරයි.”

+++++++++++++++++++++

අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමේ වගකීම අපට තියෙනවා – අගමැති

(09.01.2020 – 15:57 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තුව, දේශපාලනය මඩ ගැසීම් තත්ත්වයෙන් ඉවත් කර දේශපාලනික සහ සමාජයීය ප්‍රශ්න විවාද කර ස්ථාවරයකට ගෙන ඒමට හැකි තැනක් බවට නැවත පත් කරීමට රජය සූදානම් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (09) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවති පුවත්පත් කතුවරුන්ගේ හමුව අමතමින් අග්‍රාමාත්‍ය වරයා මේ බව සඳහන් කළේය.

වර්තමානයේදී ආන්දෝලනයට හේතු වුණු හඬ පට නිකුත් වීම නිසා පසුගිය රජයේ දේශපාලඥයින් අධිකරණයට කෙතරම් බලපෑමක් එල්ල කළේද යන්න පැහැදිලි වන්නේ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා :

“මේ තත්ත්වය අනුව අධිකරණ තීන්දු පිළිගන්නෙ කොහොමද කියල අද වෙනකොට ජනතාව අපෙන් ප්‍රශ්න කරනවා.

මේ අධිකරණයට එල්ල වූ ප්‍රහාරයේ ප්‍රතිඵල බරපතළයි.

අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමේ වගකීම අපට තිබෙනවා.

අධිකරණයේ විශ්වාසය නැති වීමත් එක්ක රට තුළ අරාජික තත්ත්වයක් ඇති වෙලා. දැන් අධිකරණයේ හැම තීන්දුවක් දෙසම සැකයෙන් බලන තත්ත්වයක් සමාජයේ ඇති වෙලා තිබෙනවා.

ඒ කාලේ අපේ අයට සමහර නඩු දාලා තියෙන්නේ වාහන භාවිතා කිරීම වගේම වාහන භාවිතා කරන්න අවසර දීම වගේ දේවල් වලට.

මගේ අමාත්‍යංශ වල මුදල් ගනුදෙනු පිළිබඳව මේ දවස්වල සොයාගෙන යනවා. කෝටි ගණන් වියදම් කරලා තියෙනවා. ඒ පිළිබඳ කිසිම තහවුරු වීමක් සිදුවෙලා නැහැ.

සංස්කෘතික අරමුදල සම්පූර්ණයෙන්ම විනාශ කරල දාලා.”

+++++++++++++++++++++

අධිකරණයේ විශ්වසනීයත්වය තහවුරු කරන්න අගවිනිසුරු පියවර ගත යුතුයි – බන්දුල ගුණවර්ධන

(09.01.2020 – 13:40 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳව අපක්ෂපාති සහ ජනතාව තුළ විශ්වසනීයත්වයක් ඇති වන ආකාරයේ විසඳුමක් ලබාදීමට අගවිනිසුරුවරයා ඇතුළු පාර්ශ්වයන් යම් පියවරක් ගනු ඇතැයි අපේක්ෂා කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (09) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ගැටුමක් ඇති නොවන ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණයේ ‍ගෞරවය ආරක්ෂා කිරීම සඳහාත්, අධිකරණ පද්ධතිය තුළ මහජන විශ්වාසය යළිත් තහවුරු කිරීම සඳහාත්, කඩිනමින් පියවරක් ගනු ඇතැයි රාජ්‍ය නායකත්වය බලාපොරොත් වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසීය.

“උසස් අධිකරණ පද්ධතිය පිළිබඳ ඇති වෙලා තිබෙන ප්‍රශ්නය ගැන තේරීම් කාරක සභාවක් පත් කරලා පාර්ලිමේන්තුව තමයි විභාග පැවැත්වීම කරන්න ඕනේ. අපි එයට ඉක්මන් වෙන් කැමති නෑ මක් නිසාදයත් එය ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ගැටුමක් බවට පත් වෙන්න.

ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා ඇතුළු තමන්ගේ අධිකරණ පද්ධතියට ඇතිවෙලා තිබෙන දේශපාලන බලපෑම සම්බන්ධයෙන් අපක්ෂපාතී ලෙස හා රටේ ජවනතාව තුළ විශ්වාසයක් ඇති වෙන ලෙස යම් පියවරක් ගනී කියලා බලාපොරොත්තු වෙනවා.”

+++++++++++++++++++++

රන්ජන් ටික ටික හිරවෙයි.. හඬ පට ගැන ඩයලොග් සමාගමට නියෝගයක්..

(09.01.2020 – 18:48 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ජංගම දුරකතන ඇමතුම් ඇමතුම් සම්බන්ධ පූර්ණ විශ්ලේෂණ වාර්තාවක් ලබාදෙන ලෙස ඩයලොග් දුරකතන සමාගම වෙත දැනුම් දී තිබේ.

ඊයේ (08) දිනයේ කොළඹ අපරාධ විමර්ශන අපරාධ කොට්ඨාසය විසින් මෙම දැනුම් දීම එම සමාගමට සිදු කර ඇත.

රංජන් රාමනායක මහතා සතුව තිබිණි අද සංයුක්ත තැටි 132 ක්, වීඩියෝ පට 32 ක්, දෘඩ තැටි 09 ක් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය බාරයේ පවතී.

ඉදිරි විමර්ශන කටයුතු ද එම කොට්ඨාශය විසින් සිදුකරමින් ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *