ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ධජය නිර්මාණය කරයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ධජය නිර්මාණය කරයි (විඩියෝ)

• පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය හෙට (20)

• මෙවර ඡන්ද ප්‍රතිඵලය බුද්ධිමත්ව විශ්ලේෂණය කළ යුතුයි – දිලුම් අමුණුගම (ඔඩියෝ)

• ජනාධිපති ගෝඨාභය ජාතිය අමතා කළ ප්‍රකාශය ගැන අස්ගිරි පාර්ශ්වයෙනුත් ප්‍රකාශයක් (ඔඩියෝ)

• මාර්ග සංවර්ධනයේදී නාම පුවරුවලින් දේශපාලක රුව, නම ගලවයි… ජනපතිගෙන් නියෝගයක් (විඩියෝ)

• අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද වැඩ භාර ගනී – නව ජනපති ලේකම්, ආචාර්ය පී. බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

• නව ජනපති ගෝඨාභය රාජපක්ෂ වැඩ බාර ගැනීමේ උත්සවය ඇරඹෙයි

• ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ අරඹයි (විඩියෝ)

• 2020 අනාගත ලෝකයට ගෝඨාභය මහතාගේ සැලසුම් මෙන්න – ප්‍රවීන රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා (17.11.2019) (විඩියෝ)

• ඉදිරි කටයුතු ගැන කථානායකගෙන් නිවේදනයක්

• Derana 360 with Udaya Gammanpila (18-11-2019) (විඩියෝ)

• ශ්‍රී ලංකා ධරණීතලය තුළ සිදුවන අග්‍රතම පුණ්‍යකර්මය – රුවන්වැලි මහසෑ රජුන් මත පාදම සහිත නව චූඩා මාණික්‍යය පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවය සිදුකෙරෙයි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ධජය නිර්මාණය කරයි

(18.11.2019 – 20:42 +0530 – hirunews.lk/sinhala)

පාරිශුද්ධත්වයේ සංකේතය වන සුදු නෙළුම් මල තේමාව කර ගනිමින් මෙරට 7 වන විධායක ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ධජය නිර්මාණය කර තිබෙනවා.

කොඩියේ ප්‍රධාන වර්ණය ලෙස යොදාගෙන ඇත්තේ කුරහන් ධාන්‍යයේ වර්ණය වන තද දුඹුරු පැහැයයි.

ජනාධිපති ධජයේ නෙළුම් මලෙන් පාලකයා සතු නිර්මලභාවයත්, පිවිතුරු පාලනයත් පිළිඹිබු කෙරෙනවා.

නෙළුමේ කලංකයේ සිට සිව් දිශාවන්ට විහිදෙන සුත්‍රිකා මගින් නිරූපණය වන්නේ කීර්තිය සැම අත පැතිරී යෑමයි.

ඒ වටා ඇති කහ පැහැති රවුමෙන් ප්‍රඥාව ද සුදු පැහැති රවුමෙන් සත්‍යවාදී බවද නිරූපණය කෙරෙනවා.

සිව් කොන පිහිටි බෝපත් හතරෙන් බුද්ධාගම සහ ඉන් ජාතියට ලැබුණු ආභාෂයත් උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා සහ සමජීවිතා යන ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ සඳහන් මෙලොව යහපතට හේතු වන කරුණු 4 නිරූපණය වනවා.

සිව්කොන පිහිටි නාමල් සතරෙන් ජාත්‍යන්තර සබදතා නිරූපණය වන අතර, එහි තැඹිලි පැහැයෙන් දෙමළ ජනතාව ද කොළ පැහැයෙන් මුස්ලිම් ජනතාව ද නිරූපිතයි.

එකිනෙකා අභිමුඛව පිහිටුවා ඇති වී කරල් සහ ඒ අතර ඇති කුරහන් මල් සහිත රාමුවෙන් නිරුපණය වන්නේ සශ්‍රිකත්වයයි.

කොඩියේ ප්‍රධෘන වර්ණය ලෙස කුරහන් ධාන්‍ය යේ වර්ණය වන තද දුඹුරු පැහැය යොදාගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා පැවත එන කෘෂිකාර්මික පදනම මුල්කරගත් ජන මූල පාරම්පරික නායකත්වය සංකේතවත් කිරීමේ අරමුණින්.

එක සමාන පළලකින් යුත් සුදු පටිය මගින් සියලු අතින් සලසන ආරක්ෂාව නිරූපණය කෙරෙනවා.

ඊට පිටතින් ඇති කහ පටිය මගින් නිරූපණය කෙරෙන්නේ ජාතීන් අතර එකමුතුව, සාමය සහ අන්‍යෝන්‍ය අවබෝධයත් ඒ තුළ පවත්නා ජීව ගුණයයි.

නව ජනාධිපති ධජය නිර්මාණය කර තිබෙන්නේ ප්‍රවීන නිර්මාණකරුවෙක් වන ජගත් ජයසිංහ මහතායි.

***************************************

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය හෙට (20)

(19.11.2019 – 05:28 +0530 – lankaleadnews.com)

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී හෙට (20 වැනිදා) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණය ගැනීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (18 වැනිදා) පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී රජයේ ඉදිරි පැවැත්ම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට හිතවත් මන්ත්‍රීවරුන් මෙහිදී පෙන්වා දී තිබේ. ඊට විරෝධය පළ කළ අමාත්‍ය සජිත් ප්‍රේමදාසට හිතවත් මන්ත්‍රීවරුන් සඳහන් කර ඇත්තේ ලබන වසරේ මාර්තු වන තුරු රජය පවත්වාගෙන යා යුතු බවයි.

රජය නව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට භාරදීම, කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා තනි තනිව නොව කණ්ඩායමක් ලෙස රජයෙන් ඉවත් වීම යන යෝජනාවලින් සුදුසු යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී ප්‍රකාශ කර තිබේ. එම අදහස අනුමත කළ අග්‍රාමාත්‍යවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ පක්ෂ නායක රැස්වීමේදී ගන්නා තීන්දුවට අනුව කටයුතු කළ යුතු බවයි.

රජය පවත්වාගෙන යාම පිළිබඳව තමන් නව ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා සමගද සාකච්ඡාවක් පැවැත්වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ. එම කණ්ඩායමද රජය භාර ගැනීම පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

සාකච්ඡාව පැය එකහමාරක වැනි කාලයක් පැවැති අතර මන්ත්‍රීවරුන් 62 ක් එක්ව සිටියහ ෴

***************************************

මෙවර ඡන්ද ප්‍රතිඵලය බුද්ධිමත්ව විශ්ලේෂණය කළ යුතුයි – දිලුම් අමුණුගම

(19.11.2019 – nethnews.lk)

මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය පිළිබඳ බුද්ධිමත්ව විශ්ලේෂණය කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසනවා.

බෙදුම්වාදී සහ අන්තවාදී පාර්ශ්වයන්ට ජනතාව මෙවර ජනාධිපතිවරණයේදී කදිම පිළිතුරක් ලබාදුන් බවයි ඔහු සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් මෙලෙස කරුණු දැක්වූවා.

***************************************

ජනාධිපති ගෝඨාභය ජාතිය අමතා කළ ප්‍රකාශය ගැන අස්ගිරි පාර්ශ්වයෙනුත් ප්‍රකාශයක්

(19.11.2019 – nethnews.lk)

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජාතිය අමතමින් රුවන්වැලි මහා සෑය අභියස ඊයේ (18) සිදුකළ ප්‍රකාශය ඓතිහාසික ප්‍රකාශයක් බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන් පවසනවා.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියාසිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන් සඳහන් කළේ ඉදිරියේදී දේශපාලනය කරන දේශපාලනඥයින්ට හොඳ පූර්වාදර්ශයක් මෙවර මැතිවරණයෙන් ලැබී ඇති බවයි.

***************************************

මාර්ග සංවර්ධනයේදී නාම පුවරුවලින් දේශපාලක රුව, නම ගලවයි… ජනපතිගෙන් නියෝගයක්

(19.11.2019 – colombotoday.com)

රට පුරා මාර්ග සංවර්ධනයේදී ම නාම පුවරු වල මාර්ගයේ නම පමණක් යොදන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා තිබේ.

එම පුවරුවල කිසිදු දේශපාලඥයෙකුගේ නම් හෝ පින්තුර ඇතුලත් නොකරන ලෙසද ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇත.

රාජ්‍ය ආයතන වලද ජනාධිපතිවරයාගේ පින්තූරය ප්‍රදර්ශනය නොකරන ලෙසත් රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙසත් දන්වා තිබේ ෴

+++++++++++++++++++++

***************************************

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද වැඩ භාර ගනී – නව ජනපති ලේකම්, ආචාර්ය පී. බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

(19.11.2019 – 07:28 +0530 – hirunews.lk/sinhala)

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

ඒ අනුව අද (19) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා සිය ධුරයේ වැඩ භාර ගනු ඇති.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (18) රුවන්වැලි මහසෑරඳුන් අභිමුව ඇති දුටුගැමුණු රජුන්ගේ පිළිරුව අභියසදී දිවුරුම් දුන්නා.

එමෙන්ම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (20) දිනයේදී මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැද පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීමට ද නියමිතයි.

මේ අතර, නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස මෙන්ම එහි ආර්ථික විද්‍යාඥයෙකු ලෙස ද සේවය කළ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඇමරිකා එක්සත් ජනපදයේ පශ්චාත් උපාධිධාරියෙක්.

මීට පෙර ඔහු මුදල් අමාත්‍යාංශයේ මෙන්ම මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස කටයුතු කර තිබෙනවා.

එමෙන්ම නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතායි. ඔහු මෙරට පැවති යුද්ධය අවසන් කිරීමේ අවසන් සටනේ පුරෝගාමී සෙන්පතියෙක්.

53 වන බල සේනාවේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළ මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා බ්‍රසීලයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිවරයා ලෙස ද කටයුතු කළා.

මහා භාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එස්. ආර්. ආටිගල මහතා පත්කර තිබෙනවා

***************************************

නව ජනපති ගෝඨාභය රාජපක්ෂ වැඩ බාර ගැනීමේ උත්සවය ඇරඹෙයි

(19.11.2019 – 09:57 +0530 – sinhala.adaderana.lk)

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ භාරගැනීමේ උත්සවය මේ වන විය ආරම්භ කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ධුරයේ වැඩ භාරගැනීමට නියමිතයි.

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ වැඩ භාරගැනීමට නියමිතව තිබේ.

එමෙන්ම නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි. බි. ජයසුන්දර මහතා පත් කිරිමට නියමිත බව වාර්තා වෙයි.

ආරක්ෂ ලේකම් ධුරය සඳහා මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා බොහෝ දුරට පත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ පත් කිරීම් සිදුකිරීමට නියමිතයි.

+++++++++++++++++++++

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ අරඹයි

(19.11.2019 – 10:55 +0530 – hirunews.lk/sinhala)

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) සිය ධුරයේ රාජකාරි ආරම්භ කළා. ඒ, අද පෙරවරු 10.51 ට යෙදී තිබූ සුබ මොහොතින් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

සක් බෙර හඩ මධ්‍යයේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා විසින්.

අනතුරුව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවා. ඉන් පසු ජනාධිපතිවරයා වෙත ආචාර වෙඩි මුර උත්තමාචාරයක් පිරිනැමූ අතර, අනතුරුව ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් ද, පැවැත්වුණා.

ඉන් අනතුරුව මහා සංඝරත්නය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සෙත් පිරිත් සජ්ඣයනා කරමින් විශේෂ ආශිර්වාද පූජාවක් සිදුකළා.

ඉන් අනතුරුවයි ජනාධිපතිවරයා මහා සංඝරත්නයේ ආශිර්වාදයේ මධ්‍යයේ සිය ධුරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවේ.

https://www.facebook.com/AdaDeranaLive/videos/2365909807058404/

+++++++++++++++++++++

https://www.facebook.com/hirunews/videos/2500981909970566/

***************************************

2020 අනාගත ලෝකයට ගෝඨාභය මහතාගේ සැලසුම් මෙන්න – ප්‍රවීන රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා (17.11.2019)

***************************************

ඉදිරි කටයුතු ගැන කථානායකගෙන් නිවේදනයක්

(19.11.2019 – 11:07 +0530 – sinhala.adaderana.lk)

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා ඇතුළු සෙසු පක්ෂ නායකයන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ද කථානායකවරයා සමඟ සාකච්ඡා කළ බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව, බොහෝ දෙනාගේ මතය වූයේ රටේ පාලනය පිළිබඳව පැහැදිළි ජනමතයක් ප්‍රකාශ වී ඇති බැවින් එයට අනුව කටයුතු කළ යුතු බව ලෙසද එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව පහත සඳහන් විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව මේ වනවිට අවධානය යොමුව ඇති බව පැවසේ.

  1. ව්‍යවස්ථානුකූලව සිදුවිය යුතු පරිදි 2020 මාර්තු මස 01 දින පාර්ලිමේන්තුව විසිරුවාහැර අප්‍රේල් මස පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අවකාශය සැළසීම.
  2. මන්ත්‍රීවරු විසින් ස්වෙච්ඡාවෙන් 2/3 බහුතරය ලබා දී පාර්ලිමේන්තුව විසිරුවාහැර වහාම මහ මැතිවරණයකට යොමු වීම.
  3. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය සිය කැමැත්තෙන් ඉවත්ව අභිනව ජනාධිපතිවරයාට මහ මැතිවරණයකට එළැඹෙන තුරු භාරකාර කැබිනට්මණ්ඩලයක් පත් කිරීමට ඉඩ අවකාශ සැළසීම.

සාකච්ඡාවන්හිදී අවධානය යොමු කරන ලද ඉහත ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සතිය තුළ පක්ෂ නායක රැස්වීමක් කැඳවා අවසන් තීරණයකට එළැඹීමට නියමිතය.

ඉහත කරුණු පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා ස්වකීය පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර කථානායකවරයා දැණුවත් කළ වහාම අවසන් තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සියළු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කථානායකවරයා විසින් කැඳවනු ඇත ෴

***************************************

‘Derana 360’ with Udaya Gammanpila (18-11-2019) (102 min.s)

+++++++++++++++++++++++++++++++++++

18-11-2019

+++++++++++++++++++++++++++++++++++

https://www.youtube.com/watch?v=IOCMckw7pD0
17-11-2019

***************************************

ශ්‍රී ලංකා ධරණීතලය තුළ සිදුවන අග්‍රතම පුණ්‍යකර්මය – රුවන්වැලි මහසෑ රජුන් මත පාදම සහිත නව චූඩා මාණික්‍යය පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවය සිදුකෙරෙයි

(18.11.2019 – 18:07 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර සුපිහිටි ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේට පළඳවන රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය මහජන ගෞරවය සඳහා ප්‍රදර්ශනය කිරීම සහ එකි රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය අතිපූජනීය ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේට පැළඳවීමේ මහා පුණ්‍යෝත්සවය මේ වන විට සංවිධානය කොට තිබෙනවා.

ඒ අනුව මේ ශත වර්ෂයෙහි ශ්‍රී ලංකා ධරණීතලය තුළ සිදුවන අග්‍රතම පුණ්‍යකර්මය ලෙස සැලකිය හැකි මේ මහා පුණ්‍ය මංගල්‍යය පහත සඳහන් කාල සටහනට අනුව සිදු කිරීමට නියමිතයි.

නොවැ. 18, 19, 20 තෙදින පුරා පෙ.ව. 6.00 සිට එම උතුම් රන් පාදම සහිත චූඩා මාණික්‍යය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිව්දෙසින් පැමිණෙන සැදැහැවතුන් වෙත දැක බලා වන්දනාමාන කරගැනීමට අවස්ථාව සැලසෙනවා.

නොවැ. 21 වන දින – කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිට කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයට මහා පුද පෙළහර මධ්‍යයේ වැඩමවීම සහ එදින සන්ධ්‍යා වේදී සැදැහැවතුන් හට දැක බලා වන්දනාමාන කිරීමට අවස්ථාව සැලසෙනවා.

නොවැ. 22 වන දින – උදෑසන 6.00 සිට දහවල් 12.00 දක්වා කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේදී මහජන වන්දනාමාන සඳහා අවස්ථාව සලසා දීම සහ සහ සවස් භාගයේදී මහා පුදපෙළහර මධ්‍ය යේ අනුරාධපුරයට වැඩම කරවීම සිදුකෙරෙනවා.

නොවැ. 23, 24, 25 තෙදින – එම උතුම් පාදම සහිත චූඩා මාණික්‍යය අනුරාධපුර රුවන්වැලි මහසෑ මළුවෙහි මනරම් මණ්ඩපයක තැන්පත් කොට සැදැහැවතුන් හට දැකබලා වන්දනා කිරීමට අවස්ථාව සැලසෙනවා.

නොවැ. 25 දින සවස – රන් පාදම සහිත චූඩා මාණික්‍යය මහසෑ රජුන් මත පැළඳවීමේ මහා පුණ්‍යෝත්සවය සිදුකෙරෙනවා.

නොවැ. 26 දින උදෑසන – රන් පාදම සහිත චූඩා මාණික්‍යය දරණ රන් ආලේපිත කොත් වහන්සේ නිරාවරණය කිරීමේ මහා පුණ්‍යෝත්සවය පැවැත්වීමට නියමිතයි.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලෙගම සිරිනිවාස හිමියන් සහ අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ විහාරාධිකාරී පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අවවාධ අනුශාසනා මධ්‍යයේ හිරු ටීවී මාධ්‍ය අනුග්‍රහයෙන් සිදුකෙරෙනවා.

මෙම අති දුර්ලභ මහා පින්කමට පිං කැමති ඔබටත් සහභාගී විය හැකියි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *