පුටින්ට දේශප්‍රේමී රුසියානුවන් 76.6% ජනවරම මෙන් ජනවරමක් ගෝටාභයටත් ඉල්ලයි..

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• පුටින්ට දේශප්‍රේමී රුසියානුවන් 76.6% ජනවරම මෙන් ජනවරමක් ගෝටාභයටත් ඉල්ලයි.. (විඩියෝ)

• හෙළ උරුමය කඩාගෙන ‘හෙළ උරුම විකල්පය’ බිහිවේ.. ගෝටාට සහාය දෙන බව කියයි..

• නානුඔයේදී ගිලන් රථයක් අඩි 150 ක් ප්‍රපාතයකට

• කාත්තන්කුඩියේ, විදේශීය තහනම් සංවිධානයක් ගැන අනාවරණයක්

• ගාලු පාරේ කහව සිට තෙල්වත්ත දක්වා කොටසේ ගමනාගමනයට බාධා (විඩියෝ)

• වත්මන් රජයේ කිසිවෙකුට මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව යළිත් තහවුරු කරන්න බැහැ – ෆයිසර් මුස්තාෆා (විඩියෝ)

• පාස්කු ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන ජනතා මතය (විඩියෝ)

• හිටපු ඇමති ෆවුසිගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් (විඩියෝ)

• FCID හිටපු ප්‍රධානියාගේ හෙළිදරව්ව ගැන විවිධ අදහස් (විඩියෝ)

• ගෝඨාභය සමඟ විවාදයකට සජිත් සුදුස්සෙකු නොවේ – උදය ගම්මන්පිල (විඩියෝ)

• මාදුළුවාවේ සෝභිත හිමියන් ගැන වල්පොල පියනන්ද හිමියන් කියයි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

පුටින්ට දේශප්‍රේමී රුසියානුවන් 76.6% ජනවරම මෙන් ජනවරමක් ගෝටාභයටත් ඉල්ලයි..

(27.10.2019 – 08:40 +0530 – lankacnews.com)

2018 පැවති රුසියානු ජනාධිපතිවරණයෙන් ව්ලැඩ්මීර් පුටින්ට එරට ජනතාව 76.6% ජනවරමක් ලබා දුන් බවත් ශ්‍රී ලාංකිකයන් මෙවර ජනාධිපතිවරනයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට එවන් ජනවරමක් ලබා දිය යුතු බවත් මහාචාර්ය චන්න ජයසුමන මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ දී ශ්‍රී ලාංකිකයන් අමතමින් පැවසීය.

එළඹෙන ජනාධිපතිවරණයේ දී මව්බිමට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ඩුබාහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සංවිධානය කරන නියෝජිතයන් අමතමින් ඒ මහතා එසේ පැවසීය.

“ගෝඨාභය මැතිතුමා දිනන බව ඕනෑම කෙනෙක්ට තේරෙන දෙයක්. එත් එතුමාව 51% චන්දෙකින් දිනවල වැඩක් නෑ. අපි ලබන මාර්තු මාසේ ජිනීවා යන්න ඕන. එතුමා දැනටමත් කියල තියෙනවා මංගල සමරවීරගේ මහා පාවා දීම එහෙම නැතිනම් “සමඅනුග්‍රාහිකත්වය” රටේ අනුමැතියක් රහිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අත්සන් කළ දෙයක් බව. ඒ මහා පාවා දීම ආපස්සට හරවන්නනම් ලෝකයට අප පෙන්වන්න ඕනා ශ්‍රී ලංකාවේ මිනිස්සු සාතිශය බහුතරයක් ගෝඨාභය සමග සිටිනවා, එතුමාගේ අදහසත් එක්ක එකඟයි කියල. ඒක පෙන්වන්න තියෙන අගනා අවස්ථාව තමයි මේ ජනාධිපතිවරණය. ඒකයි අප ඔබලාට ආරාධනය කරන්නේ මහන්සි බලන්නේ නැතිව මේ පාර ලංකාවට ඇවිත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය දෙන්න කියලා.

මුළු බටහිර ලෝකයම විරුද්ධ වෙද්දී පුටින්ට කෙලින් වැඩ කරන්න පුළුවන් වුනේ රුසියානුවන් එතුමත් එක්ක හිට ගත්ත නිසා. අපත් මේ වෙලාවේ රුසියානුවෝ පුටින්ට දීපු සහාය ගෝඨාභයට ලංකාවේදී දෙන්න ඕනා. මහාචාර්ය ජයසුමන මහතා වැඩි දුරටත් පැවසීය.

ඊ. ජයතුංග ඩුබාහි සිට

***************************************

හෙළ උරුමය කඩාගෙන ‘හෙළ උරුම විකල්පය’ බිහිවේ.. ගෝටාට සහාය දෙන බව කියයි..

(27.10.2019 – 18:48 +0530 – lankacnews.com)

‘ජාතික හෙළ උරුමයේ විකල්ප කණ්ඩායම’ මෙවර ජනාධිපතිවරණයේ දි ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට තීරණය කළ බව ‘ජාතික හෙළ උරුමය විකල්ප කණ්ඩායමේ’ කැදවුම්කරු රොෂාන් ජයසිංහ මහතා සදහන් කළේ ය.

ඔහු පෙන්වා දුන්නේ මේ රට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට හැකියාව ඇත්තේ මහින්ද රාජපක්ෂ – ගෝඨාභය රාජපක්ෂ සුසංයෝගයට පමණක්යැ’යි තම කණ්ඩායම විශ්වාස කරන බව යි.

ජාතික හෙළ උරුමය විකල්ප කණ්ඩායම මෙවර ජනාධිපතිවරණයේ දී ගනු ලබන ස්ථාවරය පැහැදිලි කිරීම සදහා මිනුවන්ගොඩ දී පැවැති මාධ්‍ය හමුවක දී ජයසිංහ මහතා මේ බව සදහන් කළේ ය.

මෙහි දි වැඩි දුරටත් අදහස් දැක් වු ජයසිංහ මහතා :

“ජාතික හෙළ උරුමය බිහිවුණේ සෝම හිමියන්ගේ දර්ශනය අනුවයි.නමුත් එය පසුකාලීනව පා.ච රණවක මහතාගේ තනි බූදලයක් බවට පත් වුණා. ඔහු පක්ෂය හැසිරෙව්වේ ඒකාධිපතියෙක් වගේ. ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස පෙනී සිටියාට පක්ෂය තුළ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තේ නෑ.

2015 දී ඇමති පාඨලී චම්පික රණවක මහතා ලෙන් දොර බිදලා ගියේ වැරදි ගමනක්. ඔහු රනිල් ව හැදින්වුයේ නූතන දොන් ජුවන් ධර්මපාල විදිහට. ඒ නූතන දොන් ජුවන් ධර්මපාල සමග එකතු වෙලා බෙදුම්වාදය රට තුළ ස්ථාපිත කරන්නයි චම්පික ඇමතිතුමා 2015 දී රනිල් – මෛත්‍රී අශුද්ධ හවුලට එකතු වුණේ. එදා අපි මේ රටට වෙන්න යන විනාශය දැක්කා. ඒ නිසා අපි පාඨලී චම්පික ඇමතිවරයාව අතහැර දැමුවා. එදා පිරිසිදු ජාතික හෙළ උරුමයේ සියලු දෙනා චම්පික ඇමතිතුමාව අතහැර දැමුවා. 1 % ක් වගේ පිරිසක් තමයි චම්පිකට පක්ෂව ඉන්නේ.

පාඨලි චම්පික රණවක ඇමතිතුමා සුදු පිරුවට ඇන්දට ඔහු අන්ත දූෂිතයෙක් බව මා පෞද්ගලිකවම දන්නවා. ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටේ ජනාධිපතිවරයා වෙන්න. ඒ නිසයි ඔහු එක්සත් ජාතික පක්ෂයට ගියේ. එක්සත් ජාතික පක්ෂය හරහා රටේ නායකත්වයට ඒමේ අරමුණ මතයි ඔහු කටයුතු කරන්නේ. ඔහුගේ දේශප්‍රේමය ව්‍යාජ දේශප්‍රේමයක්. ඔහු සැබැ දේශප්‍රේමියෙක් නෙවෙයි. ඇත්තටම පාඨලී චම්පික රණවක දේශප්‍රේමියෙකු ලෙස පෙනී සිටිමින් මේ කරන්නේ තමන්ගේ පටු අරමුණු ඉටු කරගැනීමට උත්සහ කිරීමයි. වත්මන් යහපාලන ආණ්ඩුව ජාතික ආරක්ෂාව අනතුරේ හෙලද්දී ඔය මහා දේශප්‍රේමී පා.ච රණවක හිටියේ බුදියගෙන. අපි අභියෝග කරනවා පුළුවන්නම් ජාතික හෙළ උරුමය ලකුණින් ඊළඟ මැතිවරණයේ දී වෙනම තරඟ කරලා පාර්ලිමේන්තු එන්න කියලා. අපි කොහොමත් ඊළග මැතිවරණයේ දී මේ බොරු දේශප්‍රේමියාගේ සුදු පිරුවට ගලවන්න කටයුතු කරනවා.

අපිට ඡන්ද ලක්ෂ 05 ක් පමණ තියෙනවා. දිවයින පුරාම හැම ආසනයකම අපේ නියෝජිතයෝ ඉන්නවා. අපි එකාවන් ව මෙවර ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන්න කටයුතු කරනවා.

ජාතික හෙළ උරුමය විකල්ප කණ්ඩායමේ ගම්පහ දිස්ත්‍රික් ආසන සංවිධායකවරු ද මෙ‍ම අවස්ථාවට එක්ව සිටිය හ.

– හේරත් LR

***************************************

නානුඔයේදී ගිලන් රථයක් අඩි 150 ක් ප්‍රපාතයකට

(27.10.2019 – 19:37 +0530 – hirunews.lk/sinhala)

නානුඔය – බංගලාහත ප්‍රදේශයේ දී ගිලන් රථයක් අඩි 150 ක් පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් එහි ගමන් කළ රියදුරු සහ රිය සහයක බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ආගරපතන – ඩයගම ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඩයගම සිට රෝගීන් කිහිප දෙනෙකු නුවරඑළිය මහරෝහල වෙත රැගෙන ගොස් අද (27) අලුයම යළි පැමිණෙමින් සිටියදියි.

මාර්ගය හරහා මාරු වූ වන සතෙකු බේරීමට යාමේදී ගිලන් රථය පාලනය කර ගත නොහැකිව මෙලෙස ප්‍රපාතයට පෙරළී තිබෙනවා ෴

***************************************

කාත්තන්කුඩියේ, විදේශීය තහනම් සංවිධානයක් ගැන අනාවරණයක්

(27.10.2019 – 19:33 +0530 – hirunews.lk/sinhala)

ෂයිපුල්ලා නම් සටන් කලාවට මුවා වී කාත්තන්කුඩි ප්‍රදේශයේ සහරාන් වැනි ත්‍රස්ත කල්ලි බිහි කිරීමේ සූදානමක් පවතින බව නව මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාඩ් මාරූස් මහතා පවසනවා.

කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා අද (27) පොලිස් මූලස්ථානය වෙත පැමිණ අමාත්‍ය රවුෆ් හකීම්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළා ෴

***************************************

ගාලු පාරේ කහව සිට තෙල්වත්ත දක්වා කොටසේ ගමනාගමනයට බාධා

(27.10.2019 – 15:56 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ (ගාලු පාරේ) කහව සිට තෙල්වත්ත දක්වා ප්‍රදේශයට මුහුදු රළ සමඟ වැලි සහ අපද්‍රව්‍ය පැමිණීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය සහ පොලීසිය එක්ව මේ වන විටත් බැකෝ යන්ත්‍ර සහ ලොරි රථය උපයෝගී කර ගනිමින් මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

***************************************

වත්මන් රජයේ කිසිවෙකුට මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව යළිත් තහවුරු කරන්න බැහැ – ෆයිසර් මුස්තාෆා

(26.10.2019 – 23:24 +0530 – hirunews.lk/sinhala)

මුස්ලිම් ජනතාවගේ ජීවිත අනතුරට පත් කළ වත්මන් ආණ්ඩුවේ කිසිවෙකුටත් යළි ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැද කොළඹ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

***************************************

පාස්කු ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන ජනතා මතය

(26.10.2019 – 21:19 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව පිළිබඳවයි අද ජනතා මතය විමසා බැලෙන්නේ.

***************************************

හිටපු ඇමති ෆවුසිගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

(26.10.2019 – 21:14 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ, පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් සිදුකළ ප්‍රකාශයක් හිරු ටී.වී. ඔස්සේ වාර්තා කළ ආකාරය සම්බන්ධයෙන් අද (26) මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර, සිංහළේ සංවිධානය සහ රාවණා බලය සංවිධාන අද (26) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

***************************************

FCID හිටපු ප්‍රධානියාගේ හෙළිදරව්ව ගැන විවිධ අදහස්

(26.10.2019 – 21:05 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ කටයුතු සඳහා දේශපාලන බලපෑම් එල්ල වූ බවට එහි හිටපු ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතා ඊයේ (25) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අද මෙලෙස අදහස් පළ කළා.

***************************************

ගෝඨාභය සමඟ විවාදයකට සජිත් සුදුස්සෙකු නොවේ – උදය ගම්මන්පිල

(26.10.2019 – 20:40 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය සජිත් ප්‍රේමදාස සමඟ විවාදයකට පැමිණෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුකළ ආරාධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ විවාද සිදුකිරීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස සුදුස්සෙකු නොවන බවයි.

පසුගිය දා මාළඹේ ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ රැළියකදී තරුණයෙකුට සිදුවූ පහරදීම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා එහිදී අදහස් පළ කළා.

***************************************

මාදුළුවාවේ සෝභිත හිමියන් ගැන වල්පොල පියනන්ද හිමියන් කියයි

(26.10.2019 – 20:30 +0530 – hirunews.lk/sinhala)

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සිදුකිරීමට බලාපොරොත්තු වූ රාජ්‍ය පාලනයේ වෙනස සිදුකර ගැනීමට නොහැකි බව උන්වහන්සේ අපවත්වීමට පෙර දැන සිටි බව ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය වල්පොළ පියනන්ද හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කෝට්ටේ ශ්‍රී නාගවිහාරයේ අද පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *