මුස්ලිම් දෙමළ ඡන්ද බහුතරයත් ගෝඨාභයටයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මුස්ලිම් දෙමළ ඡන්ද බහුතරයත් ගෝඨාභයටයි (විඩියෝ)

• නීති විරෝධී වැලි ගබඩාවක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට

• වවුනියාවේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් කරයි

• ඇල්ල – වැල්ලවාය මාර්ගය තාවකාලිකව වහයි (විඩියෝ)

• හටන් නැසනල් බැංකුවේ චන්ඩි සීසර්ලා මහ මගදී මිනිසුන්ට පහර දී වාහන උස්සන හැටි (විඩියෝ)

• කවුද මේ විමල් කියන ශ්‍රී ලාංකික ‘ලී ක්වාන් යූ’ සහ ශ්‍රී ලාංකික ‘මහතීර් මොහොමඩ්’ ? (විඩියෝ)

• මහින්ද – ගෝඨාභය සහෝදර බැම්ම නිසා රටටම ඇදුණු ‘ස්විප් එක’ ගැන විමල් අපි කාට කාටත් සිහිපත් කර දෙයි (විඩියෝ)

• ත්‍රස්තවාදය සුමනසිරිගේ – සහරාන්ගේ – ප්‍රභාකරන්ගේ නමින් ආවත් එය සුණුවිසුණු කළ හැකි නායකයා කවුද? විමල් අසයි (විඩියෝ)

• අහසින් ගිය අපිට වැරදුනේ ‌කොතැනද? ඕස්ටේ‍්‍රලියාවේ පැවැති ‘2020 ගෝඨාභය සමග’ සම්මන්ත‍්‍රණයේ දී නීතිඥ උදය ගම්මන්පිල මහතා කළ කතාව – 2019.10.20 (විඩියෝ)

• ප්‍රෙඩී, බන්දු, ටෙනිසන්, බර්ටි, ඇනස්ලි, සැමුවෙල් රොද්‍රිගු, එඩී ජයමාන්න, දොං සිරිසේන සියළු කවටයන් සජිත් අතින් පරාදයි..

• එජාප රැලියේදී ගුටි ඇන්නේ සන්දීප් හප්පා දැමීම ගැන චම්පිකගෙන් ප‍්‍රශ්ණ කරන්න ගිය යාළුවාට.. අද පවුලම බයභීත වෙලා..

+++++++++++++++++++++++++++++++++++

මුස්ලිම් දෙමළ ඡන්ද බහුතරයත් ගෝඨාභයටයි

(25.10.2019 – 16:54 +0530 – hirunews.lk/sinhala)

සිංහල බහුතර ඡන්දයකින් ජනාධිපති වන ගෝඨාභය රාජපක්ෂට, දෙමළ, මුස්ලිම් ජනතාවගේ බහුතර ඡන්දයද හිමි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පැවසුවේ හිරු ප්‍රවෘත්ති සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා :
“පසුගිය කාලයේ ජනාධිපතිවරු ලබාගත් ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගන්නවා. ඒ වගේම මේ මැතිවරණ ව්‍යාපාරයේදී සජිත් ප්‍රේමදාස ජනතාවට බොරු පොරොන්දු දෙනවා. එත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට පවසන්නේ රට හදන වැඩපිළිවෙලයි.”

සම්පුර්ණ සාකච්ඡාව පහතින් :

***************************************

නීති විරෝධී වැලි ගබඩාවක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට

(25.10.2019 – 19:15 +0530 – lankadeepa.lk)

හොරණ නගරයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය වැලි ගබඩාවක් වටලා රුපියල් ලක්ෂයකට ආසන්න වැලි තොගයක් සමඟ පුද්ගලයෙකු අද (25) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

මෙම සැකකරු සමඟ වැලි කියුබ් හතරකට අධික ප්‍රමාණයක් හා වැලි ප්‍රවාහනයට යොදා ගත් ටිපර් රථයක් පොලිසිය භාරයට ගෙන ඇත.

හොරණ පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකළ බව එම බලකායේ උසස් නිලධාරියෙක් පැවසීය.

වැලි ගබඩා කර තබා ගැනීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් නිකුත් කරන බලපත්‍රය ලබා නොගෙන වසර තුනකට අධික කාලයක් නීති විරෝධි අයුරින් වැලි ගබඩාව පත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

සැකකරු හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට සඳහා හොරණ පොලිසියට වෙත බාර දී ඇත ෴

***************************************

වවුනියාවේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් කරයි

(24.10.2019 – 15:37 +0530 – lankadeepa.lk)

වවුනියාව, ඕමන්ත මාළිගෙයි ප්‍රදේශයේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක හා නටඹුන් සහිත ස්ථානයක් කිසියම් පිරිසක් ඩෝසර් කර, එහි තිබෙන නටඹුන් සියල්ල ඉවත් කරමින් කෝවිලක් ඉදිකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වවුනියාව පුරාවිද්‍යා නිලධාරීන් විසින් ඕමන්ත පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

ඉපැරණි සඳකඩ පහනක් මත දේව ප්‍රතිමා තැන්පත් කර පුරාවිද්‍යා ස්මාරක සියල්ල ඩෝසර් කර ඇතැයි ද පුරාවිද්‍යා නිලධාරීන් ඕමන්ත පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ.

පැරණි ස්ථූප පාදම්, සිරිපතුල්ල ගොඩනැගිලි පාදම්, ගල් කණු, ගඩොල්, උළු ඇතුළු පුරාවිද්‍යා නටඹුන් සහිත ස්ථානයක් ‍කිසියම් පිරිසක් එලෙස ඩෝසර් කර ඇති බවත් පුරාවිද්‍යා ස්ථානයක් බවට නම්කර තිබූ ස්ථානයක් මෙලෙස හානිකර ඇති බවද වවුනියාව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කළේය.

එම පුරාවිද්‍යා ස්මාරක සහිත අක්කර හතකින් පමණ යුතු භූමිය පෞද්ගලික ඉඩමක් ලෙස වටකර ඇති බවත් ඒ අනුව කෝවිල ඉදිකිරීම් ආරම්භ කර ඇති බවද පුරාවිද්‍යා නිලධාරීහු පෙන්වාදෙති.

ඕමන්ත මාලිගෙයි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානය විනාශ කළ පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීම පමාවී ඇති අතර එම ස්ථානය විනාශ කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම ද පොලිසිය පැහැර හරිමින් සිටින බව වවුනියාව බෞද්ධ සංවිධාන පවසති.

බෞද්ධ සංවිධාන වැඩිදුරටත් පැවසූයේ විනාශය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වෙත නිලධාරීන් පැමිණිලි කළද මේ වනතෙක් විනාශය නැවැත්වීමට හෝ උත්සහයක් ගෙන නොමැති බවයි.

පැමිණිල්ල ඉදිරිපත් කර සති කිහිපයක් ගතවුවද මෙතෙක් පියවර නොගෙන ඇතැයි ද පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසියෙන් සිදුකළ විමසීමකදී උසස් නිලධාරියකු පවසා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

***************************************

ඇල්ල – වැල්ලවාය මාර්ගය තාවකාලිකව වහයි

(25.10.2019 – 15:36 +0530 – lankadeepa.lk)

නාය යාමත් සමඟ මාර්ගයට ගල් කඩා වැටීම හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමූ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසීය.

+++++++++++++++++++++

***************************************

හටන් නැසනල් බැංකුවේ චන්ඩි සීසර්ලා මහ මගදී මිනිසුන්ට පහර දී වාහන උස්සන හැටි

(25.10.2019 – nethgossip.lk)

ලංකාවේ ප්‍රකට පුද්ගලික බැංකුවකට සම්බන්ධ සීසර්වරුන් පිරිසක් පුද්ගලයෙකුට ආමනුෂිකව පහර දෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල මාධ්‍යන්හි හුවමාරු වෙමින් තිබෙනවා.

මහනුවර මුල්ගම්පොල ප්‍රදේශයේදී මෙය සිදුව ඇති අතර අදාළ සීසර්වරුන් පිරිස මෙලෙස පහරදී ඇත්තේ වාහනයක හිඟ වාරික ගෙවා ගත නොහැකිවූ එම වාහනයේ හිමිකරුටයි.

කෙසේ වෙතත් මෙම අමානූෂික පහරදීමට එතැන සිටි පිරිසක් විරෝධය පළකර ඇති අතර පසුව අදාළ සීසරුවරුන් පිරිස සිද්ධිය සමථයකට පත් කිරීමට උත්සහ කර තිබෙනවා.

වීඩියෝව පහතින් :

***************************************

කවුද මේ විමල් කියන ශ්‍රී ලාංකික ‘ලී ක්වාන් යූ’ සහ ශ්‍රී ලාංකික ‘මහතීර් මොහොමඩ්’ ?

කඩුවෙල විජයග්‍රහණයේ ජනරැලිය – 2019.10.22

+++++++++++++++++++++++++++++++++++

මහින්ද – ගෝඨාභය සහෝදර බැම්ම නිසා රටටම ඇදුණු ‘ස්විප් එක’ ගැන විමල් අපි කාට කාටත් සිහිපත් කර දෙයි

නාවලපිටිය විජයග්‍රහණයේ ජනරැලිය – 2019.10.23

+++++++++++++++++++++++++++++++++++

ත්‍රස්තවාදය සුමනසිරිගේ – සහරාන්ගේ – ප්‍රභාකරන්ගේ නමින් ආවත් එය සුණුවිසුණු කළ හැකි නායකයා කවුද? විමල් අසයි

මහියංගණය විජයග්‍රහණයේ ජනරැලිය -2019.10.24

***************************************

අහසින් ගිය අපිට වැරදුනේ ‌කොතැනද? ඕස්ටේ‍්‍රලියාවේ පැවැති ‘2020 ගෝඨාභය සමග’ සම්මන්ත‍්‍රණයේ දී නීතිඥ උදය ගම්මන්පිල මහතා කළ කතාව – 2019.10.20

+++++++++++++++++++++

ප්‍රෙඩී, බන්දු, ටෙනිසන්, බර්ටි, ඇනස්ලි, සැමුවෙල් රොද්‍රිගු, එඩී ජයමාන්න, දොං සිරිසේන සියළු කවටයන් සජිත් අතින් පරාදයි..

(27.10.2019 – 10:00 +0530 – lankacnews.com)

පිවිතරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

සජිත් ප්‍රේමදාස මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තමන් සමග විවාදයකට එන්න කියලා අභියෝගයක් කරලා. විවාදයන් තිබෙන්නේ සමානයන් අතරයි. ඒ නිසා මේ දෙන්නා වෙන වෙනම ගෙන අපි සංසන්දනය කරමු.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මුළු ලෝකයම පරාජය කරන්න බෑ කිව්ව ලොව ප්‍රබලම ත්‍රස්තවාදය ඉතාම සූක්ෂම සැලැස්මකින් පරාජය කරලා ඒ සඳහා කොළඹ විශ්ව විද්‍යාලයෙන් සම්මානිය ආචාර්ය උපාධියක් දිනා ගත් අයෙක්. ඒ වගේම පරිගණක විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් දිනා ගත් අයෙක්. සිංගප්පූරුවේ සහ චීනයේ විශ්ව විද්‍යාලවල ආරාධනයෙන් නාගරික සංවර්ධනය සහ ආරක්ෂක සැලසුම් පිළිබඳ පර්යේෂකයෙක් ලෙස කටයුතු කළ අයෙක්. ඒ වගේම විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්, වෛද්‍යවරුන්, නීතිඥයින් සහ ඉංජිනේරුවන් වැනි විද්වතුන් එක් වී ලංකා ඉතිහාසයේ බිහි වුණු දැවැන්තම විද්වතුන්ගේ සංවිධානය වියත් මගයි. ඒ වියතුන් තමන්ගේ නායකයා ලෙස තෝරා ගත්තේ ගෝඨාභය මැතිතුමායි. ඒ අනුව ගෝඨාභය මැතිතුමා කියන්නේ ලංකාවේ වියතුන් මැද මහ වියතාණන් කෙනෙක්.

සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ කවුද? ජනපතිවරණ ඉතිහාසයේ බිහි වුණු කවටම අපේක්ෂකයා. බොලඳ කතා හිස් වදන් මිස වැදගත් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට මෙතෙක් අසමත් වුණු එකම අපේක්ෂකයා. එතුමාට පුළුවන් රෑට රෑට හොරෙන් ගෙදරට එබිලා සතුටින් ද බලන්නම් වැනි හිස් පොරොන්දු දෙන්න විතරයි.

සජිත් ප්‍රේමදාස මැතිතුමා සියළු දෙනා පරදලා දැන් පෙරමුණේ කියලා මෑතක දී ජෝන් අමරතුංග ඇමතිතුමා කිව්වා. මමත් කලබල වෙලා බැලුවා මේ කතාව මොකද්ද කියලා. බැලින්නම් කතාව ඇත්ත. එඩී ජයමාන්න, දොං සිරිසේන, බර්ටි ගුණතිලක, ඇනස්ලි ඩයස්, සැමුවෙල් රොද්‍රිගු, ප්‍රෙඩී සිල්වා සිට බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ දක්වා ලංකා ඉතිහාසයේ සිටි සියළුම කවටයින් පරදා සජිත් ප්‍රේමදාස මැතිතුමා පෙරමුණට ඇවිත් තිබෙන බවයි ජෝන් ඇමතිතුමා කියා ඇත්තේ.

මෙවැනි විහිළුකාරයෙකු සමග විවාදයට ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි සුවිෂේශී බුද්ධිමතෙක් වියතෙක් යැවීමේ හැකියාව තියෙනවද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය වසර හතර පුරාවටම වියත්මග සහ එළිය සංවිධාන හරහා මේ රටේ බුද්ධිමතුන් සමග සංවාදයේ යෙදුනු චරිතයක්. එවැනි කෙනෙක්ව සජිත් ප්‍රේමදාස මහතා වැනි අධ්‍යාපණයක් නැති ප්‍රතිපත්තියක් නැති හිස්වදන් පවසන අයෙක් සමග විවාදයට යවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිරූපය විනාශ කරන්න අපි ඉඩ තබන්නේ නෑ.

මේ පිළිබඳ පංචතන්ත්‍රයේ අපූරු කතාවක් තිබෙනවා. දිනක් අසූචි වලක බැහැපු ඌරෙක් සිංහයාට තමන් සමග සටනට එන මෙන් අභියෝග කළාලු. එක පැත්තකින් ඌරා සමග සිංහයාට මොන සටනක් ද? අනිත් පැත්තෙන් අසූචි වලට බැහැලා අසූචි තවරා ගන්න සිංහයාට උවමනාවකුත් නෑ. ඒ නිසා “ඌරෝ මට සටන් ඕනෑ නෑ. උඹම දිනුම තියා ගනින්” කියලා සිංහයා යන්න ගියාලු. අපට සජිත් මැතිතුමාට කියන්න තිබෙන්නෙත් ඒ කතාව තමයි.

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++

එජාප රැලියේදී ගුටි ඇන්නේ සන්දීප් හප්පා දැමීම ගැන චම්පිකගෙන් ප‍්‍රශ්ණ කරන්න ගිය යාළුවාට.. අද පවුලම බයභීත වෙලා..

(27.10.2019 – 12:00 +0530 – lankacnews.com)

පිවිතරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

පසුගිය 22 දා මාලබේ එජාප රැස්වීමේ දී පා ච රණවක ඇමතිතුමන් කතාව පටන්ගත්තම ස්වාධීන මාධ්‍යවේදියෙකු ඇමතිතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න උත්සාහ කළා .ප්‍රශ්ණය ඇහුවත් එක්කම පා ච රණවක ඇමතිතුමාගේ මැරයෝ මේ තරුණයාට ඉතාම අමානුෂික අන්දමින් පහර දුන්නා.

අද වන විට ඒ පවුලම බියෙන් සලිත වෙලා. නිවසින් එළියට එන්න බිය වී ඉන්නවා. රෝහලකට ඇතුලත් වෙන්නත් බයයි. තමන්ගේ නිවසට පොලිස් ආරක්ෂාව ඉල්ලා තියෙනවා. අනාගතයේ බිහිකරනවා කියන ප්‍රේමදාස යුගයේ මාධ්‍යවේදියාගේ ඉරණම පිළිබද පෙරමග සලකුණුද මේ පෙන්වන්නේ.

සජිත් මැතිතුමා මාගේ සදාදරණීය පියාගේ අඩි පාරේ යනවා කියලා කියනවා. පියාගේ අඩි පාරේ යනවා කියන එකේ තේරුම නම් පියා කළ සෑම දෙයක්ම ඒ අයුරින්ම කරනවා කියන එකයි. ඒ කියන්නේ ඔබ බිහි කරන්නට යන්නේ රිචඩ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් අතුරුදහන් වන යුගයක් ද ? යූනුස් වැනි මාධ්‍යවේදීන් කපා කොටා දමන යුගයක් ද ?

පාච රණවක ඇමතිතුමා අනතුරකට ලක් කරලා පැනලා ගිය එම අනතුරින් ආබාධිත වෙච්ච සන්දීප් කියන තරුණයා සම්බන්ධයෙන් තමයි එම තරුණ මාධ්‍යවේදියා ප්‍රශ්න කරන්නට ගිහින් තිබෙන්නේ. ඔහු සන්දීප්ගේ මිතුරෙක් බවයි අපට වාර්තා වී තිබෙන්නේ.

තමන් අතින් වෙච්ච වැරැද්දක් පිළිබදව මාධ්‍යවේදිය ප්‍රශ්ණ කරන්නට යෑමේදී ඔහුට තඩි බෑම නම් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය සජිත් ප්‍රේමදාස යුගයක් යනු තව තවත් රිචඩ් ද සොයිසා යූනුස්ලා බිහිවන යුගයක් විදියටයි අප නම් දකින්නේ.

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++

(23.10.2019 – hirunews.lk/sinhala)
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *