ශ්‍රී ලංකා පොළොව අභ්‍යන්තරයේ දැවැන්ත රත්තරං නිධියක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

ශ්‍රී ලංකා පොළොව අභ්‍යන්තරයේ දැවැන්ත රත්තරං නිධියක් (විඩියෝ)

• තිලංග සුමතිපාල ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් නියෝගයක්

• මුලතිව් නයාරු විහාරස්ථා‍නයේ CCTV සවි කිරීමට පොලිස් බල්ලන් ගෙන් බධා

• ජාතික සංවිධාන නියෝජිත මහා සම්මේලනයේදී ගෝඨාට කොන්දේසි විරහිතව සහාය දෙන ඓතිහාසික සම්මුතියකට එළඹෙයි! (විඩියෝ)

• GMOA විසි වැදෑරුම් යෝජනාවලිය මද්දුමබණ්ඩාර අතට (විඩියෝ)

• හූ කියන අය ගැන විමසිල්ලෙන් ඉන්න – උදය ගම්මන්පිළ (විඩියෝ)

• ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 25 වනදා

• ජනපතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් 58 දහසක් ප්‍රතික්ෂේපිතයි (විඩියෝ)

• කොළඹ මහ නගර සභාව සමාව ගනී

• වැට් බද්ද සියයට 8 දක්වා අඩු කළ යුතුයි – ගෝඨාභය රාජපක්ෂ (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකා පොළොව අභ්‍යන්තරයේ දැවැන්ත රත්තරං නිධියක්

(15.10.2019 – 18:05 +0530 – hirunews.lk/sinhala)

= ලොවම මවිත කරමින් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයෙන් සුවිශේෂ හෙළිදරව්වක් =

දීර්ඝකාලීනව සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ පොළොව අභ්‍යන්තරයේ දැවැන්ත රත්තරං නිධියක් ඇති බවට භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය අද හෙළිදරව්වක් සිදුකලා.

එම කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවල මහතා අද (15) ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ එම රත්‍රං නිධිය සේරුවාවිල ප්‍රදේශයේ පොළොව අභ්‍යන්තරයේ පිහිටා ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවල මහතා :

***************************************

තිලංග සුමතිපාල ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් නියෝගයක්

(15.10.2019 – 15:20 +0530 – hirunews.lk/sinhala)

හිටපු ක්‍රිකට් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලට එහි පරිපාලන කටයුතුවලට සහභාගිවීමට නොහැකිවන ලෙස තාවකාලික තහනමක් පැනවීමට ද, මීට පෙර නොවැම්බර් මස 10 වනදා ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගත්තා.

ඒ, ක්‍රීඩා පනතින් ලැබී ඇති බලතලවලට අනුවයි.

එහිදී තිලංග සුමතිපාලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතුවලට සම්බන්ධවීමට හැකිදැයි සොයාබලා මසක් ඇතුළත වාර්තාවක් සැපයීම සඳහා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කළා ෴

***************************************

මුලතිව් නයාරු විහාරස්ථා‍නයේ CCTV සවි කිරීමට පොලිස් බල්ලන් ගෙන් බධා

(15.10.2019 – 16:43 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්)

මුලතිව්, නයාරුගුරුකන්ද රජමහා විහාරස්ථා‍නයේ ආරක්ෂාව වෙනුවෙන් විහාරාධිපති පුජ්‍ය මිහිදුපුර රතනදේවකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරයේ ආවාස ගෙය ඇතුළු විහාර සීමාවේ අද (15) සි.සි.ටි.වි කැමරා සවි කිරීමට කටයුතු කර ඇත.

එම අවස්ථාවේදි මුලතිව් පොලිස් නිළධාරීන් පැමිණ එලෙස කැමරා සවිකළ නොහැකි බවට පවසා කැමරා ගලවාදමන ලෙසට නියෝග කළ බව විහාරස්ථානයේ තාවකාලික භාරකරු පවසා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

විහාරස්ථානයේ තාවකාලික භාරකරුවන කැළුම් බංඩාර මහතා පැවසුවේ විහාරයේ සි.සි.ටි.වි කැමරා සවි කිරිමට ‍වැලිඔය ප්‍රදේශයේ සිට දෙන්නෙක් එනු ඇති බවත් ඔවුන්ට ඒ සඳහා උපකාර කරන ලෙසටත් විහාරාධිපති හිමියන් පැවසු බවයි.

විහාරාධිපති හිමියන් පිරිවෙ‍නේ රාජකාරි කටයුත්තක් සඳහා වැඩම කර සිටි බැවින් විහාරයේ කටයුතු තාවකාලිකව තමන් බලා ගන්නා බවද ඒ මහතා පවසා තිබේ.

කැමරා සවි කරමින් සිටි අවස්ථාවේදි පොලිසියෙන් පැමිණ එය වලක්වන ලෙසට සිය පිරිසට අණ කළ බවද ඒ මහතා පවසයි.

පසුව එම උපකර සියල්ල නැවතත් ගලවා දැමිමට කටයුතු කල බවද ඔහු අද දෙරණ වාර්තාකරුට සඳහන් කර තිබේ.

එහිදි වැඩිදුරටත් අදහස් දැකුව විහාරස්ථානයේ තාවකාලික භාරකරුවන කැළුම් බංඩාර මහතා,

“දෙමළ ජාතික සන්ධාන‍ය ඇතුළු පිරිසක් අපේ පන්සලේ කෝවිලක් තිබෙනවා කියලා විවිධ බලපෑම් කරනවා.

ඒක හින්දා තමයි ලොකු හාමුදුරුවෝ පන්සලේ සි.සි.ටි.වි කැමරා හයි කරන්න කියලා කිව්වේ.

ඒත් දැන් ඒකට පොලිසියත් බාධා කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් විහාරස්ථ දායක සභාව පැවසුවේ විහාරයේ සි.සි.ටි.වි කැමරා හයි කරලා විහාරයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනකොට පොලිසිය මැදිහත්වෙලා ඒකට බලපෑම් කිරීම කණගාටුවට කරුණක්.”

මීට දින කිහිපයකට ඉහතදී විහාර භූමියේ පවතින ‍කෝවිලේ පුජාවක් වෙනුවෙන් පැමිණි දෙමළ ජාතික සන්ධාන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී ටි.රවිහරන් මහතා ඇතුළු පිරිසක්ද විහාරයේ භාරකරු වෙත තර්ජනය කරනු ලැබු බව විහාරස්ථ දායක සභාව පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසියෙන් සිදුකළ විමසීමකදී පොලිසිය පවසා ඇත්තේ අදාළ විහාරස්ථාන සීමාවේ හා කෝවිලේ ඉදිකිරීම් වළකාලමින් අධිකරණයේ නඩුවක් පවතින බැවින් අදාළ උපදෙස් ලබාදි විහාරයේ සි.සි.ටි.වි කැමරා ගලවා දමන ලෙසට දැනුම්දි ඇති බවයි ෴

+++++++++++++++++++++

ගුරුකන්ද විහාරයේ CCTV කැමරා පද්ධතිය ගලවා දමයි – මුලතිවු පොලීසියේම වැඩක් !

(16.10.2019 – nethgossip.lk)

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ ආරක්ෂාවට සවිකරණ ලද සීසීටීවී කැමරා පද්ධතිය 15 දා මුලතිව් පොලීසියේ නිලධාරීන් විසින් ගලවා ඉවත් කොට තිබෙන බව වාර්තා වේ.

මේ විහාරස්ථානයේ අළුතින් විහාරාධිපති ධූරයට පත්වූ පූජ්‍ය මිහිදුපුර රතනදේවකිත්ති හිමියන් විසින් අන්තවාදී ආක්‍රමණයට මුහුණ පා සිටින විහාරස්ථානයේ ආරක්ෂාවට මෙම කැමරා පද්ධතිය සවි කිරීමට තීරණය කොට ඇත.

ඒ අනුව අදාල සමාගමකට ඒ බව දන්වා සිසීටීවී කැමරා පද්ධතියක් විහාරස්ථානයේ සවි කරණ මෙන් මුදල් ගෙවා විහාරස්ථානයේ බාරකරුට ඔවුන්ට සහය වන මෙන් දැණුම් දී තිබේ.

එම අවස්ථාවේදි මුලතිව් පොලීසියේ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ එලෙස කැමරා සවිකළ නොහැකි බවට පවසා කැමරා ගලවා දමන ලෙසට නියෝග කළ බව විහාරස්ථානයේ බාරකරු කැලුම් බංඩාර පවසනවා..

“දෙමළ ජාතික සන්ධාන‍ය ඇතුළු පිරිසක් අපේ පන්සලේ කෝවිලක් තිබෙනවා කියලා විවිධ බලපෑම් කරනවා. පන්සලට නිතරම කරදර කරනවා. හාමුදුරුවෝ නිතරම පන්සලේ නැති නිසා ආරක්ෂාවට තමයි මේ කැමරා සවි කරන්න සූදානම් වුණේ. ඒකට පොලීසිය ඉඩ දුන්නේ නැහැ. ඒවා ගලවලා අයින් කළා.”

මුලතිව් පොලීසියෙන් මේ පිළිබදව විමසූ විට එහි නිලධාරියෙකු කියා සිටියේ අධිකරණයේ නියෝග වලට අනුව මේ ස්ථාන දෙකෙහිම ආගමික කටයුතු හැර වෙනත් කිසිම ඉදිකිරීමේ කටයුත්තක් හෝ සවි කිරීමක් සදහා අවසර ලබා දිය නොහැකි නිසා එම කැමරා පද්ධතිය ඉවත් කිරීමට සිදු වු බවයි.

+++++++++++++++++++++++++++++++++++

නන්දා මාලනී දේවිය

***************************************

ජාතික සංවිධාන නියෝජිත මහා සම්මේලනයේදී ගෝඨාට කොන්දේසි විරහිතව සහාය දෙන ඓතිහාසික සම්මුතියකට එළඹෙයි!

(15.10.2019 – 23:48 +0530 – lankaleadnews.com)

‘සුරක්ෂිත මව්බිමක් – සභ්‍යත්වය රකින ආණ්ඩුවක්!’ වෙනුවෙන් ජාතික සංවිධාන ජාතියේ පොදු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂයන් වෙනුවෙන් කොන්දේසි විරහිතව සහාය දීම සදහා ඓතිහාසික සම්මුතියකට එළඹ තිබේ.

මේ රටේ ජාතික බලවේගය ලෙස ජාතියේ පොදු අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ ජය තහවුරු කරන ජාතික සංවිධාන නියෝජිත මහා සම්මේලනය ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ පස්වන විධායක ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) සවස කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.

ත්‍රෛනිතායික අනුනායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ සියළුම ජාතික සංවිධාන නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම අවස්ථාවට ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

+++++++++++++++++++++

***************************************

GMOA විසි වැදෑරුම් යෝජනාවලිය මද්දුමබණ්ඩාර අතට

(16.10.2019 – 09:50 +0530 – sinhala.adaderana.lk)

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් සකස් කරන ලද විසි වැදෑරුම් යෝජනාවලිය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත භාරදී තිබේ.

ඊයේ (15) පස්වරුවේ එම සංගමයේ විධායක සභාවේ සාමාජිකයින් විසින් එම යෝජනාවලිය අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබුවේය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ඉතාමත් ඵලදායි යෝජනා ඉදිරිපත් කර ඇති බව ඒ සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේදී ඒ මහතා හමුවී සිය විසි වැදෑරුම් යෝජනාවලිය ඉදිරිපත් කළේය.

***************************************

හූ කියන අය ගැන විමසිල්ලෙන් ඉන්න – උදය ගම්මන්පිළ

(16.10.2019 – 09:35 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 25 වනදා එළිදැක්වීමට තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පවසයි.

ඊයේ (15) පස්වරුවේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකබද්ධ විපක්ෂයට ගොනු වී සිටින පක්ෂ සියල්ල එක්ව බිහිකරන නව සන්ධානය ඔක්තෝම්බර් මස 31 ක් වන දා එළිදක්වන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණ අතර ඇති සමගිය කැඩීම සඳහා කුමන්ත්‍රනයක් ක්‍රියාත්මක වන බවත් හූ කියන පුද්ගලයන් ගැන විමසිල්ලෙන් සිටිය ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියි.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සහ ඒකාබද්ධ විපක්ෂයට සහාය පල කරන පක්ෂ වල නායකයන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ හමුවුණේ විපක්ෂ නායක නිල නිවසේදීයි.

+++++++++++++++++++++

ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 25 වනදා

(16.10.2019 – 07:09 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 25 වනදා එළිදැක්වීමට තීරණය කර තිබේ.

ඊයේ (15) රාත්‍රී විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹි බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසුවේය.

මේ අතර, වර්තමානයේ රටේ ස්වෛරීභාවයට විශාල තර්ජනයක් එල්ල වි ඇතිබව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පදනම් ආයතනයේ පැවති ජාතික සංවිධාන සම්මේලනය ඊයේ (15) පස්වරුවේ අමතමින් ගෝඨාභය රාපජක්ෂ මහතා මේ බව පැවසීය ෴

+++++++++++++++++++++

***************************************

ජනපතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් 58 දහසක් ප්‍රතික්ෂේපිතයි

(16.10.2019 – 12:46 +0530 – hirunews.lk/sinhala)

මෙවර ජනාධිපතිවරණයේදී ජන්දය ප්‍රකාශ කිරීම සියයට 85 ක මට්ටමක පැවතිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ එම කොමිෂන් සභා පරිශ්‍රයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල පමණක් ප්‍රකාශ කිරීමට කටයුතු කරන ලෙසද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉල්ලීමක් කළා.

මේ අතර ජනාධිපතිවරණයේදී තැපෑලෙන් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් හය ලක්ෂ 59 දහස් 514 (659,514) දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ලබන මස 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී රාජ්‍ය සේවකයන්ගෙන් තැපැල් ජන්ද අයදුම්පත් හත් ලක්ෂ 17 දහස් 918 ක් (717,918) ලැබී ඇති අතර ඉන් අයදුම්පත් 58 දහස් 404 ක් (58,404) ප්‍රතික්ෂේප වී ඇති බවයි එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

කෙසේ වෙතත් ඔවුන්ට ජනාධිපතිවරණ දිනයේදී ජන්දය භාවිතා කළ හැකි බවද ඔහු කියා සිටියා.

තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත මළු අනිද්දා රාජ්‍ය ආයතනවලට නිකුත් කෙරෙනු ඇති.

රාජ්‍ය ආයතනවල සහ හමුදාවන්හි තැපැල් ජන්ද හිමියන්ට මේ මස 31 වනදා සහ නොවැම්බර් මස 01 වනදා තැපැල් ජන්ද සලකුණු කළ හැකියි. එමෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිසියේ නිලධාරීන්ට තැපෑලෙන් ජන්දය සලකුණු කිරීම සඳහා නොවැම්බර් මස 04 වනදා අවස්ථාව හිමි වන අතර එම දිනවල තැපැල් ජන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ජන්ද හිමියන්ට ලබන මස 07 වනදා තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලවලදී තැපැල් ජන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

+++++++++++++++++++++

***************************************

කොළඹ මහ නගර සභාව සමාව ගනී

(16.10.2019 – 12:53 +0530 – hirunews.lk/sinhala)

කොළඹ පුරපතිණි රෝසි සේනානායක අරුවක්කාලු කසල ව්‍යාපෘතිය විවේචනය කිරීමේ වරද පිළිගන්නා බවට මහා නගර සභාව ලිපියක් මගින් දැනුම් දීමත් සමඟ අද පෙරවරුවේ අත්හිටුවනු ලැබූ කසල රැගෙන යාමේ කටයුතු පස්වරුවේ සිට යලි ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

Rosy the Mayor

එහි ලේකම් නිහාල් රූපසිංහ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසිමකදි කියා සිටියේ මේ සම්බන්ධයෙන් කොළඹ මහා නගර සභාව අද පෙරවරුවේ ලිපියක් මගින් සිය අමාත්‍යාංශය දැනුම්වත් කර තිබූ බවයි.

ඉංග්‍රීසි පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මෙම ව්‍යාපෘතිය අසාර්ථක සහ පොරොන්දු ඉටු කර ගැනීමට නොහැකි වූ ව්‍යාපෘතියක් ලෙස නගරාධිපතිනි රෝසි සේනානායක ප්‍රකාශ කර තිබුණා.

මෙම කරුණ මුල් කර ගනිමින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ ලිපියක් මඟින් ඊයේ කොළඹ මහානගර සභාවේ කොමසාරිස්වරයා වෙත දැනුම් දෙනු ලැබුවේ අද සිට අරුවක්කාලූ අංගනය වෙත කසළ රැගෙන යාම තාවකාලිකව අත්හිටවු බවයි.

දිනකට කොළඹ කසළ මෙටි‍්‍රක් ටොන් 400 ප්‍රමාණයක් ලොරි රථ 28 කින් අරුවක්කාලු කසළ අංගනය වෙත රැගෙන යනු ලබනවා ෴

***************************************

වැට් බද්ද සියයට 8 දක්වා අඩු කළ යුතුයි – ගෝඨාභය රාජපක්ෂ

(16.10.2019 – 12:58 +0530 – hirunews.lk/sinhala)

සරළ බදු ක්‍රමයක් හඳුන්වාදී වැට් බද්ද සියයට 8 දක්වා අඩු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

තේ කර්මාන්තකරුවන් සමඟ ඊයේ (15) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එමෙන්ම වියත් මග සංවිධානය කොළඹ අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද එක්ව සිටියා.

එහිදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් වැඩපිලිවෙලක් සහිත නායකයෙකු බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *