ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය රාත්‍රි දහයට පෙර

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය රාත්‍රි දහයට පෙර (විඩියෝ)

• ජනාධිපතිවරණයෙන් ආරක්‍ෂක ඇමති ලෙස ෆොන්සේකා පත් කරයි.. ඒත් අගමැති නම් නොකරයි..

• ආර්. ප්‍රේමදාස යුගය ගැන මන්ත්‍රී එස් බී කතා කරයි (විඩියෝ)

• සැබෑ ජනමතය හෙට (11) තීරණය කළ හැකි බව පොදුජන පෙරමුණ කියයි (විඩියෝ)

• මහ මැතිවරණයේදී නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ පුටුව ලකුණින් (විඩියෝ)

• බදියුදීන් එක්ක එකම වේදිකාවේ ඉන්නේ රෙද්දක් ඇඳගෙනද ? හිරු බලයේදී ෂෙහාන්ගේ ප්‍රශ්නයෙන් එජාපෙ අප්පුහාමි හාන්සියි (විඩියෝ)

• සජිත් ප්‍රේමදාස අයතා ලෙස භාවිතා කල 1326 කෙටි දුරකථන අංකය අත්හිටුවයි

• ගෝටාට සියලු බාධක අවසන්.. කෞතුකාගාර නඩුව දෙසැ. 10 තෙක් අත්හිටුවයි

+++++++++++++++++++++++++++++++++++

ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය රාත්‍රි දහයට පෙර

(11.10.2019 – 06:46 +0530 – hirunews.lk/sinhala)

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම අද උදෑසන 7 ට ආරම්භ වුණා. ඡන්ද විමසීම අවසන් වන්නේ පස්වරු 04 ටයි.

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඡන්දදායකයින් 53,384 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

කොට්ඨාශ 17 ක් අයත් අතර ඡන්ද මධ්‍යස්ථාන 47 ක් එහි ස්ථාපිත කර ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 28 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිත අතර, ඒ සඳහා කොට්ඨාශ මට්ටමින් 17 දෙනෙකු සහ සමානුපාතික නියෝජනය යටතේ 11 දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි.

ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ වැඩිදුරටත් කියා සිටියේ රාත්‍රී 10 ට පෙර සමස්ථ ප්‍රතිඵලය ලබාදිය හැකි බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=XFebk98C7fU#t=6

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ක් දක්වා ඉහලට

(11.10.2019 – 12:20 +0530 – hirunews.lk/sinhala)

ඇල්පිටිය – ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ඡන්දදායකයන් සියයට 50 කට ආසන්න ප්‍රතිශතයක් මේ වන විට සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම, මේ දක්වා ඡන්ද විමසීම සාමකාමී අයුරින් පැවැත්වෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අද උදෑසන 7 ට ඡන්ද මධ්‍යස්ථාන 47 කදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ආරම්භ වුණා.

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයන් 53,384 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

කොට්ඨාශ මට්ටමින් මහජන නියෝජිතයන් 17 දෙනෙකු සහ සමානුපාතික නියෝජනය යටතේ මහජන නියෝජිතයන් 11 දෙනෙකු තෝරා ගැනීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ද අද ඇල්පිටිය ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

අද දිනය තුළ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා ක්‍රියාත්මක කර ඇති ආරක්ෂක වැඩපිළිවෙල පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් විමසා සිටියා.

ඔහු කියා සිටියේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියළුම ඡන්ද මධ්‍යස්ථානවලට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි.

එමෙන්ම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජංගම පොලිස් මුර සංචාර 18ක් යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා ෴

+++++++++++++++++++++

ඇල්පිටියේ ඡන්ද විමසීම අවසන්

(11.10.2019 – 16:03 +0530 – hirunews.lk/sinhala)

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම මීට ටික වේලාවකට පෙර අවසන් වුණා.

පස්වරු 3.45 පමණ වනවිට සියයට 70 ක ඡන්ද දායකයින් ප්‍රමාණයක් සිය ඡන්දය භාවිත කර බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ.

අද පෙරවරු 7 ට ඡන්ද මධ්‍යස්ථාන 47 කදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ආරම්භ වූ අතර, මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයන් 53,384 දෙනෙකු සුදුසුකම් ලබා සිටියා.

මෙහිදී කොට්ඨාශ මට්ටමින් මහජන නියෝජිතයන් 17 දෙනෙකු සහ සමානුපාතික නියෝජනය යටතේ මහජන නියෝජිතයන් 11 දෙනෙකු තෝරා ගැනීමටයි නියමිතයි.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=AhhpfA9fMJs#t=6

***************************************

ජනාධිපතිවරණයෙන් ආරක්‍ෂක ඇමති ලෙස ෆොන්සේකා පත් කරයි.. ඒත් අගමැති නම් නොකරයි.. රනිල්ට ගෝල්ෆේස් රැලියේදී සජිත්ගෙන් ප‍්‍රහාරයක්…

(11.10.2019 – 10:40 +0530 – lankacnews.com)

තමන් ජනාධිපති වූ පසු මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ ඇයි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ගෝල්ෆේස් පිටියේ දී පොරොන්දු වෙද්දී එම වේදිකාවේ රිෂාද් බදුර්දීන් ඇමතිවරයාද සිටි බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

පසුගිය පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරකයන්ට බෝම්බ නිෂ්පාදනය සඳහා තඹ ලබා දුන්නේ යැයි ඔහුට චෝදනා ඇති බවත් ඇතැම් බෝම්බකරුවන් නැවතී සිටියේ ද බදුර්දින් ඇමතිවරයා ගේ සහෝදරියගේ නිවසේ බවද මුසම්මිල් මහතා පැවසීය.

වේලාසනම ආර්යාවද නම්කර ඇති සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේ ආරක්ෂක ඇමතිවරයා ද නම් කිරීමට කටයුතු කළ නමුත් තම ආණ්ඩුවක අගමැතිවරයා කවුදැයි පැහැදිලිවම ප්‍රකාශ නොකරන බවත් එම ප්‍රශ්ණය විමසද්දී පැන යන බවත් ඒ මහතා පැවසීය.

තම තේජස පෙන්වා ජනාධිපති අපේක්ෂකත්වය බලෙන් ගත්තේයැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීමෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ට අපහාසයක්ද එහිදී සිදුකළ බවත් එහිදීද එජාප අර්බුදය එලියට පැන්න බවත් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේය ෴

***************************************

ආර්. ප්‍රේමදාස යුගය ගැන මන්ත්‍රී එස් බී කතා කරයි

(10.10.2019 – 20:12 +0530 – hirunews.lk/sinhala)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දූෂණයෙන් භීෂණයෙන් තොර අපේක්ෂකයෙකු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සමග අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතාගේ පියාණන්ගේ යුගය දූෂණයෙන්, භීෂණයෙන් පිරුණු රණවිරුවන් ද පාවාදුන් යුගයක් බවයි.

***************************************

සැබෑ ජනමතය හෙට (11) තීරණය කළ හැකි බව පොදුජන පෙරමුණ කියයි

(10.10.2019 – 19:52 +0530 – hirunews.lk/sinhala)

සැබෑ ජනමතය රැඳී තිබෙන්නේ ගෝල්ෆේස් පිටියේ ද, ඇල්පිටියේ ද යන්න හෙට (11) දිනයේදී තීරණය කළ හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා සඳහන් කළා.

***************************************

මහ මැතිවරණයේදී නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ පුටුව ලකුණින්

(10.10.2019 – 19:22 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණය වෙනුවෙන් වන අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කොළඹ පදනම් ආයතනයේදී අත්සන් තැබුවා.

අනතුරුව, අදහස් දැක්වූ නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ මහ මැතිවරණයේදී පුටුව ලකුණින් තරග කිරීමට ද දෙපාර්ශවය එකඟත්වයකට පැමිණි බවයි.

කරුණු 20 කින් සමන්විත අවබෝධතා ගිවිසුම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවය වෙනුවෙන් එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අත්සන් තබනු ලැබුවා.

එළඹෙන මහ මැතිවරණයකදී දෙපාර්ශවය පොදු ලකුණකින් තරග කිරීම, දෙපාර්ශවය එක්ව ගොඩනගන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සීමා කිරීම ඇතුළු කරුණු රැසක් මෙම අවබෝධතා ගිවිසුමට ඇතුළත්.

එම අවස්ථාවට පක්ෂ දෙක නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දක්වන අනෙකුත් පක්ෂවල නායකයන් ද එක්වුණා.

***************************************

බදියුදීන් එක්ක එකම වේදිකාවේ ඉන්නේ රෙද්දක් ඇඳගෙනද ? හිරු බලයේදී ෂෙහාන්ගේ ප්‍රශ්නයෙන් එජාපෙ අප්පුහාමි හාන්සියි

(11.10.2019 – colombotoday.com)

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කිරීම ඇතුළු අන්තවාදීන්ට දේශපාල රැකවරණ ලබාදුන් රිෂාඩ් බදූදීන් අමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවේ සිටීම ගැන රෙද්දක් ඇඳගෙන කතෝලික ජනතාවට කතා කිරීමට හැකිද කියා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ගෙන් කල විමසීමකදී අප්පුහාමි මහතා දැඩි අසරණ තත්පවයට පත්වී කලබල විය.

+++++++++++++++++++++

Hiru TV – Balaya – Episode 314 – 2019-10-10 – 120 min.s

***************************************

සජිත් ප්‍රේමදාස අයතා ලෙස භාවිතා කල 1326 කෙටි දුරකථන අංකය අත්හිටුවයි

(11.10.2019 – colombotoday.com)

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ලබා ගෙන ඇති 1326 දරණ කෙටි දුරකතන අංකය පිළිබදව විදුලි සංදේශන කොමිෂන් සභාව වෙත පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පැමිණිලි කිරීමෙන් පසුව එම අංකය අත්හිටුවා තිබෙනවා.

නීති විරෝධි ආකාරයට සිය මැතිවරණ ව්‍යාපාරය සදහා සජිත් ප්‍රේමදාස මහතා විසින් 1326 අංකය යොදාගැනීම හේතුවෙන් එම කෙටි දුරකතන අංකය විදුලි නියාමන කොමිෂන් සභාව විසින් අත්හිටවූ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා වෙත දන්වා ඒවා තිබෙනවා.

+++++++++++++++++++++++++++++++++++

සජිත්ගේ 1326 කෙටි දුරකථන අංකය ගැන පැමිණිලි කල රංජිත් විතානගේට තර්ජන

(11.10.2019 – colombotoday.com)

ජනාධිපති අපේක්ෂක සජිත් පේමදාස ලබා ගෙන ඇති 1326 දරණ කෙටි දුරකතන අංකය පිළිබදව විදුලි සංදේශන කොමිෂන් සභාව (TRC) වෙත පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පැමිණිලි කිරීමෙන් පසුව එම අංකය අත්හිටුවීමට විදුලි සංදේශන කොමිෂන් සභාව (TRC) ඊයේ (10) සවස කටයුතු කරන ලදි.

එම අත්හිටුවීමෙන් පසුව තමාට යම් අනතුරක් කිරීමට සැලසුම් කරන බවට විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණු බව රංජිත් විතානගේ මහතා Colombo Today වෙත ප්‍රකාශ කර සිටියා. මේ පිළිබඳව අද පොලීසියට සහ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, කෙතරම් තර්ජන පැමිණියද නීති විරෝධී කටයුතුවලට එරෙහිව ජනතාවගේ පාර්ශවය වෙනුවෙන් තමන් සටන් කරන බවද හෙතෙම අප වෙත ප්‍රකාශ කර සිටියා.

නීති විරෝධි ආකාරයට සිය මැතිවරණ ව්‍යාපාරය සදහා සජිත් පේමදාස මහතා විසින් 1326 අංකය යොදාගැනීම හේතුවෙන් එම කෙටි දුරකතන අංකය විදුලි නියාමන කොමිෂන් සභාව විසින් අත්හිටවූ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ වෙත ඊයේ (10) දන්වා ඒවා තිබුනද එම කෙටි අංකය තවමත් ක්‍රියාත්මකව පවතිනවා.

***************************************

ගෝටාට සියලු බාධක අවසන්.. කෞතුකාගාර නඩුව දෙසැ. 10 තෙක් අත්හිටුවයි.. දැන් ඔහුට ජනාධිපතිවරණයෙන් මෙපිට නඩු නෑ..

(11.10.2019 – 14:10 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවක් දෙසැම්බර් මස 10 වන දින දක්වා අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියෝග කර තිබේ.

පසුගිය රජය සමයේ ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වරයාව සිටිමින් රාජ්‍ය මුදල් අවභාවිතය කරමින් ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකලේ යයි චෝදනා කරමින් මෙම නඩුව පවරා ඇත.

අදාල නඩුව නඩු විභාගය කිරීමට මෙම අධිකරණයට බලයක් නැති බව ප්‍රකාශ කරමින් රාජපක්ෂ මහතා විසින් ගොනුකර තිබූ අභියාචනයක් සලකා බලමින් එම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව රාජපක්ෂ මහතාගේ නඩුව කැඳවනු ඇත්තේ මීළඟ ජනාධිපතිවරණයෙන් පසුවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *