ගෝටාට දැම්මේ බොරු නඩුවක්.. ඒ දේශපාලනය බලපැමෙන්.. මට නීතිය නමන්නත්.. කඩන්නත් පුළුවන්.. – අල්ලස් කොමිසමේ හිටපු ලොක්කී

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ගෝටාට දැම්මේ බොරු නඩුවක්.. ඒ දේශපාලනය බලපැමෙන්.. – අල්ලස් කොමිසමේ හිටපු ලොක්කී (විඩියෝ)

• ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 8 දෙනා නිදහස් කිරීමේ තීන්දුවේ පිටපතක් නොලැබීම නිසා ඇවන්ගාඩ් නඩුව 23 දක්වා කල් යයි

• උතුරේ පොහොට්ටු මෙහෙයුම් රෙජිනෝල්ඩ්ට පවරයි.. පත්වීම බැසිල් දෙයි..

• වත්තල සුසී නිමි ඇඳුම් හළ ගිනිගනී (විඩියෝ)

• දුම්රිය අකුරට වැඩ – කාර්යාල සේවකයින් රැසකට අපහසුතා

• ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක, ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි (විඩියෝ)

• ‘මැතිවරණ ප්‍රචාරණයට පොදු දේපළ භාවිතය’ ගැන දැනුම් දෙන්න – කොමිසම ජනතාවගෙන් ඉල්ලයි

• ක්‍රිකට් ආයතන සාමාජිකයෙකු, ඇමති සුජීවට අල්ලස් දීමට තැත් කිරීම ගැන, පරීක්ෂණයක් (විඩියෝ)

• ආනයනික කසල කන්ටේනර්වලින් නියැදි ලබාගෙන වාර්තාවක් දෙන්නැයි රජයේ රස පරීක්ෂකට නියෝග

• හදිසි කැබිනට් රැස්වීම කැඳවන්න උවමනාව තිබ්බේ ජනපතිට – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන (විඩියෝ)

• හකීම්ගේ ප්‍රකාශයට එජාපයෙන් පිළිතුරු (විඩියෝ)

• අගමැති අද නැවත හුදකලා වෙලා – ලක්ෂ්මන් යාපා (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ගෝටාට දැම්මේ බොරු නඩුවක්.. ඒ දේශපාලනය බලපැමෙන්.. – අල්ලස් කොමිසමේ හිටපු ලොක්කී (විඩියෝ)

(20.09.2019 – 09:20 +0530 – lankacnews.com)

ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව නඩු දැමීම ගැන තමන් කණගාටු වන බවත් නැවතත් ඔහුට නඩු දානෙ නැති බවත් අල්ලස් හා දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.

තමනට මේ ආකාරයේ බොරු නඩු දැමීමට සිදුවූයේ කරුමක්කාර දේශපාලනය නිසා බවද සඳහන් කරන ඇය නීතිය කඩන හැටිත් නීතිය හදන හැටිත් යන දෙකම තමන් දන්නවා යැයි ද සඳහන් කරයි.

ඇවන්ගාඩ් සමාගමේ වාර්තා ගණනාවක් තමන් විසින්ම අධ්‍යනය කළ බවත් එහිද නඩු නඩු නිමිත්තක් නැති බවද ඇය සඳහන් කර තිබේ.

අදාළ වීඩියෝ නිස්සංක සේනාධිපති මහතා විසින් සමාජ ජාල මත මුදාහැර ඇත.

+++++++++++++++++++++++++++++++++++

කෙහෙළිය ආන්දෝලනාත්මක දුරකථන සංවාදයක් හෙළිකරයි

(20.09.2019 – 20:23 +0530 – hirunews.lk/sinhala)

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ආණ්ඩුවේ දේශපාලන වුවමනාවන් ඉටු කිරීම වෙනුවෙන් සිය රාජකාරිය මෙහෙයවා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා චෝදනා කරනවා.

ඒ සම්බන්ධයෙන් වන දුරකථන සංවාදයක් ද රඹුක්වැල්ල මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි මාධ්‍යයට අනාවරණ කළා.

+++++++++++++++++++++++++++++++++++

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 8 දෙනා නිදහස් කිරීමේ තීන්දුවේ පිටපතක් නොලැබීම නිසා ඇවන්ගාඩ් නඩුව 23 දක්වා කල් යයි

(20.09.2019 – 11:02 +0530 – hirunews.lk/sinhala)

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අල්ලස් කොමිසම පැවරූ නඩුව නැවත සැප්තැම්බර් 23 වන දා කැදවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් සදහන් කළේ අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර ඇති ආකාරය නීතිවිරෝධී බවට අභියාචනාධිකරණය මේ වන විටත් තීන්දු කර ඇති බවයි.

මෙහිදී අභියාචනාධිකරණය මගින් නිකුත් කළ නියෝගයේ පිටපතක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මෙතෙක් ලැබී නොමැති බව දැනුම් දීම හේතුවෙන් නඩුව ලබන 23 වන දා යළි කැදවීමට නියෝග කෙරුණු අතර, එදිනට අදාළ නියෝගයේ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළා ෴

***************************************

උතුරේ පොහොට්ටු මෙහෙයුම් රෙජිනෝල්ඩ්ට පවරයි.. පත්වීම බැසිල් දෙයි..

(20.09.2019 – 08:02 +0530 – lankacnews.com)

උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පොදුජන පෙරමුණේ නීත්‍යානුකූල සාමාජිකත්වය එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතින් ලබාගනු ලැබීය.

ඔහු සමඟ කළුතර දිස්ත්‍රික්කයේ ආගමික නායකයින්, දේශපාලන නායකයින්,සමජ ක්‍රියාධරයින් ඇතුළු පිරිසක් එක් වී සිටියහ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා උතුරු පළාතේ සියලු සංවිධාන කටයුතු වෙනුවෙන් හිටපු උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා පත් කරනු ලැබීය.

– වජිර කොඩිතුවක්කු

***************************************

වත්තල රෙදිපිළි වෙළෙඳසැලක් ගිනි ගනී

September 20, 2019 08:10 am

අද (20) උදෑසන 06:40 ට පමණ වත්තල පොලිස් වසමේ හේකිත්ත හන්දිය ආසන්නයේ පිහිටි රෙදිපිළි වෙළඳ සැලක ගින්නක් හට ගෙන තිබේ.

මෙම ස්ථානයේ පිහිටි මහල් 3 කින් සමන්විත මෙම රෙදිපිළි වෙළඳසැලේ ගින්න ඇති වීමත් සමඟ වත්තල පොලීසිය වහාම ක්‍රියාත්මක වී තිබේ.

වත්තල නගර සභාවේ ගිනි නිවීමේ රථ 2 ක් හා වැලිසර නාවික හමුදා කඳවුරේ ගිනි නිවීමේ රථයක් කැඳවා මේ වන විට ගින්න මැඩ පවත්වා තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

වත්තල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

+++++++++++++++++++++

වත්තල – හේකිත්ත රෙදිපිළි අලෙවිසැලක ඇති වූ ගින්න පාලනයට ගිනි නිවන රථ 5 ක්

(20.09.2019 – 10:32 +0530 – hirunews.lk/sinhala)

වත්තල – හේකිත්ත මං සන්ධියේ රෙදිපිළි අලෙවිසැලක ඇති වූ ගින්න මැඬ පැවැත්වීමේ කටයුතු තවදුරටත් සිදුවන බව පොලීසිය පවසනවා.

මහල් 3 කින් සමන්විත රෙදිපිළි වෙළදසැලක අද උදෑසන 06}30 ට පමණ මෙම ගින්න හට ගත් අතර, ගින්න මැඬ පැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ සහ පෑලියගොඩ නගර සභාවේ ගිනි නිවන රථ 5 ක් පමණ යොදවනු ලැබුවා.

ඊට අමතරව වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන්, වත්තල පොලීසිය සහ ප්‍රදේශවාසීන් මේ සඳහා එක්ව සිටින බව සඳහන්.

ගින්න හේතුවෙන් කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ද හට ගත්තා.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න ඇති වන්නට ඇති බවට සැක කරන බවයි පොලීසිය පැවසුවේ.

+++++++++++++++++++++

වත්තල සුසී නිමි ඇඳුම් හළ ගිනිගනී

(20.09.2019 – gossiplankanews.com)

වත්තල හේකිත්ත ප්‍රදේශයේ පිහිටි සුසී (Zuzi) නවතම නිමි ඇඳුම් සාප්පු සංකීර්ණය අද (20) උදෑසන හදිසි ගින්නකට හසුවීම නිසා විනාශයට පත්විය. මහල් තුනකින් සමන්විත සුසී සාප්පු සංකීර්ණය විවෘත කර තිබුනේ මීට වසර 2 කට පෙර 2017 පමණ මෑත වකවානුවේය.

ගින්න ඇතිවූ හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර උදෑස 6.40 ට පමණ ගින්න පිළිබඳ ලද ආරංචි මත ගිනි නීවීම් ඒකක ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ යොමු කර තිබේ. වත්තල නගර සභාවේ ගිනි නිවන රථ 2 ක් හා වැලිසර නාවික හමුදාවට අයත් ගිනි නිවන රථයක් මේ සඳහා යොමු කළ බව පොලිසිය දන්වා ඇත.

***************************************

දුම්රිය අකුරට වැඩ – කාර්යාල සේවකයින් රැසකට අපහසුතා

(20.09.2019 – 13:15 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය සංඥා පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් සහ දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේ මේ දක්වා කාලය තුළ කොළඹට පැමිණෙන සහ කොළඹින් පිටවන සියලු දුම්රිය ධාවනය වී ඇත්තේ ප්‍රමාදවයි.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ අද උදෑසන කාලයේ පමණක් මෙලෙස ප්‍රමාද වී ධාවනය වූ දුම්රිය අතර කාර්යාල දුම්රිය 50 ක් පමණ වන බවයි.

අද උදෑසන 5.55 ට කොළඹ – කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රිය පැය දෙකකට අධික කාලයක් ප්‍රමාද වී ධාවනය වී තිබෙනවා.

කොටුව සිට මහනුවර බලා ධාවනය වූ පොඩිමැණිකේ දුම්රිය පැය 04 ක පමණ කාලයක් ප්‍රමාද වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර, පිට පළාත්වල සිට කොළඹ – කොටුව දක්වා පැමිණෙන දුම්රිය නියමිත වේලාවට ගමන් ආරම්භ කල ද, සංඥා දෝෂය හේතුවෙන් මරදාන දෙසට පැමිණිමට නොහැකිව ආසන්න දුම්රිය ස්ථානවල නතර කිරීමට සිදුවුණා.

කැළණිවැලි මාර්ගයේ කොළඹ කොටුව දක්වා වන දුම්රිය ධාවනය ද බේස්ලයින් දුම්රිය ස්ථානය දක්වා සීමා කෙරුණු අතර, රාගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ දෙසට කිසිදු දුම්රියක් ධාවනය නොවූ බවයි වාර්තා වන්නේ.

මේ අතර, කොළඹ – නුවර මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වු දුම්රිය කිහිපයක් අද පෙරවරුවේ එඩෙරමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ එක් මං තීරුවක නතර කර තිබෙනු දක්නට ලැබුණු බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම මුහුදුබඩ මාර්ගයේදී බෙලිඅත්ත, ගාල්ල සහ මාතර සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රිය කොම්පඤ්ඤවිදීය සහ කොල්ලූපිටිය යන දුම්රිය ස්ථාන අතර කොළඹ දෙසට වන මං තීරුවේ එක පෙළට නවතා තිබෙනු දක්නට ලැබුණා.

මේ හේතුවෙන් මගීන් දුම්රියෙන් බැස ප්‍රධාන මාර්ග වලට පිවිස බස්රථ වලින් සිය ගමන් පහසුකම් සලසා ගැනීමට කටයුතු කළ බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත්, දුම්රිය ගමනාගමන අධිකාරි වී.එස්. පොල්වත්තගේ සඳහන් කළේ මේ වන විට සංඥා දෝෂය යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

අද පස්වරුවේ දුම්රිය ධාවනය සාමන්‍ය පරිදි සිදුකිරිමට හැකිවනු ඇති බවයි ඔහු කියා සිටියේ.

සංඥා දෝෂය හේතුවෙන් ඇති වූ දුම්රිය ප්‍රමාදය තවදුරටත් පවතින බව හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ප්‍රකාශ කර සිටියා.

මේ අතර, දුම්රිය ප්‍රමාදය හේතුවෙන් කෝපයට පත් මගීන් පිරිසක් දුම්රිය රියදුරන්ට සහ කාර්ය මණ්ඩලයට පහරදීමක් සිදුකර ඇති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ කැදවුම්කරු ඉන්දික දොඩංගොඩ ප්‍රකාශ කළා.

මේ අතර, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා අත්තනෝමතිකව ක්‍රියාකරන බව පවසමින් සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය පාර්ලිමේන්තු වටරවුම අසල මේ වන විට විරෝධතාවක නිරත වනවා.

මේ හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගයේ රථවාහන තදබදයක්ද පවතින බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

ජාතික විද්වත් වියත් පවුර ද, සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය සමග එක්ව පාර්ලිමේන්තු වටරවුම අසල සිය විරෝධය දක්වනු ලැබුවා ෴

***************************************

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක, ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි

(20.09.2019 – 12:28 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් එහි නියෝජිතයින් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් තැන්පත් කළා.

එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

+++++++++++++++++++++

***************************************

‘මැතිවරණ ප්‍රචාරණයට පොදු දේපළ භාවිතය’ ගැන දැනුම් දෙන්න – කොමිසම ජනතාවගෙන් ඉල්ලයි

(20.09.2019 – 11:41 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිලි රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවට හෝ දිවයිනේ සියළුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබාදිය හැකි බව එම කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මේ වනවිටත් පැමිණිලි ලැබෙමින් පවතින බවයි මැතිවරණ කොමිසමේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.

මේ වනවිට ලැබී ඇති පැමිණිලිවලට අදාළව නියෝග කිහිපයක්ද නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

නාමයෝජනා දිනය ගැසට් පත්‍රයේ පළ කිරීමේ සිට ඡන්ද විමසීම අවසන් වී ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම අවසන් වීම දක්වා වූ කාලසීමාව ඡන්ද විමසීම් කාලසීමාවයි.

මේ වනවිට මැතිවරණ නීතිය බලාත්මක අතර, මැතිවරණ වැරදි, දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් ඡන්ද විමසීම් පනතේ 66 වන වගන්තියේ සිට 85 වන වගන්තිය දක්වා තිබෙනවා.

ඒ සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඒ වගන්තියට අනුව ඡන්ද විමසීම් කාලයක් ප්‍රකාශයට පත් වූ අවස්ථාවකදී තහනම් වනවා.

ඒ අනුව මේ වනවිටත් මැතිවරණ කොමිෂන් සභාවට රාජ්‍ය දේපළ භාවිත කිරීම, පත්වීම් ලබාදීම ආදිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බවයි එම කොමිසමේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ. ඊට අදාළව අත්හිටුවීමේ නියෝග ලබාදී ඇති බවද ඔහු සඳහන් කළා ෴

***************************************

ක්‍රිකට් ආයතන සාමාජිකයෙකු, ඇමති සුජීවට අල්ලස් දීමට තැත් කිරීම ගැන, පරීක්ෂණයක්

(20.09.2019 – 07:36 +0530 – hirunews.lk/sinhala)

කෝප් කමිටු සාමාජිකයෙකු වන රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහකාර ලේකම්වරයෙකු වන ක්‍රිෂාන්ත කපුවත්ත නැමැත්තා අල්ලස් ලබාදීමේ සූදානමක් සම්බන්ධයෙන් පළ වූ වාර්තාවක් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඊයේ කෝප් කමිටුවට දැනුම් දුන්නා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් තරඟ විකාශන අයිතිය ලබාදීමේදී සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා කෝප් කමිටුව හමුවට ඊයේ කැඳවූ අවස්ථාවේදීයි.

මේ සඳහා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටි නමුත්, ප්‍රමාණවත් කෝප් කමිටු සාමාජිකයන් සංඛ්‍යාවක් නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යළි කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කෙරුණා.

***************************************

ආනයනික කසල කන්ටේනර්වලින් නියැදි ලබාගෙන වාර්තාවක් දෙන්නැයි රජයේ රස පරීක්ෂකට නියෝග

(20.09.2019 – 15:06 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ සහ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පෞද්ගලික සමාගමකට අයත් භූමියක ගොඩගසා ඇති විදෙස් රටවල අපද්‍රව්‍ය අඩංගු සෑම කන්ටේනරයකින්ම නියැදි සාම්පල ලබාගෙන අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළා.

ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ද්වීපුද්ගල විනිසුරු මණ්ඩලය විසින්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකර තිබුණා.

මීට අමතරව, පසුගිය ජූලි මස 31 වනදා මෙම කසල දිවයිනේ වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම තහනම් කරමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඔක්තෝම්බර් මස 21 වනදා දක්වා දීර්ඝ කිරීමට ද අභියාචනාධිකරණය මෙහිදී තීරණය කරනු ලැබුවා ෴

***************************************

හදිසි කැබිනට් රැස්වීම කැඳවන්න උවමනාව තිබ්බේ ජනපතිට – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

(20.09.2019 – 14:21 +0530 – sinhala.adaderana.lk)

හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවමින් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාවයක් මත නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (20) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ, කැබිනට් මණ්ඩලය රැස් කිරීම හා එහි ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයා බවයි.

එහිදී ඊයේ පැවති කැබිනට් රැස්වීම ද ඔහු විසින් කැඳවා ඇතැයි පැවසු මන්ත්‍රිවරයා, අගමැතිවරයාගෙන් කළ විමසීමක දී ඔහු පවසා සිටියේ ජනාධිපතිවරයා විසින් ජනාධිපතිධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඔහුට ඇති කැමැත්ත හේතුවෙන් මෙම රැස්වීම පවත්වන බව දැනුම් දී තිබු බවයි.

එනිසා මෙම කැබිනට් මණ්ඩල රැස්වීම කැඳවීමේ අවශ්‍යතාවය හා උවමනාව තිබුණේ ජනාධිපතිවරයාට බවද කාවින්ද ජයවර්ධන මහතා මෙහිදී තරයේ කියා සිටියේය.

ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබුණි.

ඒ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

එහිදී අමාත්‍යවරුන් බහුතරයක් අදාළ යෝජනාවට අකමැත්ත ප්‍රකාශ කර තිබුණි.

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පැවසුවේ කිසිවෙකු හෝ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට උත්සාහ කරන්නේ, ජනාධිපතිවරණය පරාජයට පත්වේය යන බියෙන් බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසන්නේ, අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඊයේ (19) පැවැති හදිසි කැබිනට් මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන් අද අරලියගහ මන්දිරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස අදහස් පලකළේය.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

හකීම්ගේ ප්‍රකාශයට එජාපයෙන් පිළිතුරු

(20.09.2019 – 13:10 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රවුෆ් හකීම් මාධ්‍ය වෙත ඊයේ සිදුකළ ප්‍රකාශය පිළිබඳ පරීක්ෂණයක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසනවා.

අරලියගහ මන්දිරයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රවුෆ් හකීම් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම කඩකර ඇති බවයි.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට ඊයේ ඉදිරිපත් වූ යෝජනාව අමාත්‍ය රවුෆ් හකීම්, විවේචනය කළේ ඒ පිටුපස අග්‍රාමාත්‍යවරයාද සිටින බවට චෝදනා කරමින්.

මේ අතර, එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ එහිදී දැනට මතුව තිබෙන ජනාධිපති ධූර අපේක්ෂකත්ව ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

+++++++++++++++++++++++++++++++++++

අගමැති අද නැවත හුදකලා වෙලා – ලක්ෂ්මන් යාපා

(20.09.2019 – 13:46 +0530 – sinhala.adaderana.lk)

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ඊයේ පැවති හදිසි කැබිනට් මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබුණේ සිය ධුරය රැකගැනීමේ අපේක්ෂාවෙන් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.

අද (20) පෙරවරුවේ එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන විට ජනපති, අගමැති ඇතුළු සියලු දෙනා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් කැඳවා එය සිදු කිරීමට සහය ඉල්ලු බවයි.

එයට පොරොන්දුවක් ලෙස 20 වන සංශෝධනය ගෙන එන බවද පැවසු බව සඳහන් කර සිටි ලක්ෂ්මන් යාපා මන්ත්‍රීවරයා, නමුත් 20 වන සංශෝධනය නොගෙන 19 වන සංශෝධනය ගෙනැවිත් රට අරාජික කළ බවත් පැවසීය.

21 වන දා සිදුවු පාස්කු ප්‍රහාරයට හදිසි කැබිනට් රැස්වීමක් කැඳවිය නොහැකි ආණ්ඩුවක් හදිසියේ රැස්වීමක් කැඳවා විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න උත්සහ ගන්නා බවත් පැවසු මන්ත්‍රිවරයා, මෙය අගමැතිවරයා ආරක්ෂා වීමට ගත් පියවරක් බවද කියා සිටියේය.

ඊයේ දිනයේ දි එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා, මෙය අගමැතිවරයා විසින් ඉදිරිපත් නොකළ බවත් පැවසු බව කියාසිටි මන්ත්‍රීවරයා, නමුත් රවුෆ් හකීම් අමාත්‍යවරයා ඉතා පිළිකුල් ලෙස අගමැතිවරයා මෙය ඉදිරිපත් කිරීම ගැන පැවසීම සම්බන්ධයෙන් ස්තූති වන්ත වන බවත් පැවසීය.

අගමැතිවරයා මේ තුළින් ආරක්ෂාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වු බවත් එය අද වන විට නැති වී ගොස් ඇති බවත් පැවසු මන්ත්‍රීවරයා, එතුමා අද නැවත හුදකලා වී ඇතැයි සඳහන් කළේය.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසා සිටියේ, ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී බව පවසමින් බොහෝ පුරසාරම් දොඩනා බවයි.

නමුත් මෙයින් අන්ත දක්ෂිණාඅංශයේ ඇති ඒකාධිපති ස්වරූපය පෙනී යන බවත් කියා සිටි මන්ත්‍රීවරයා, හුඟ දෙනෙක් මෙය තේරුම් නොගන්නා බවත් පැවසු මන්ත්‍රීවරයා, ප්‍රජාතන්ත්‍රවාදී යන නාමයෙන් මෙම ඒකාධිපතීත්වය ඇති කරන බවත් පැවසීය.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

  • Dilrukshige papochcharanaya …. ahahha….. thama ranil vanduraage balal atha lesa pawichchikara goataabaya kos ata ginnen baaganna haduwaalu. Mehem ewunmada neda mahendran balal atha pawichchikara madhyama bankuwe saha janathaawage visraama watup lesa thibuna maha jana mudal goda baa gaththe. Balalaage singappooruwe thiyena banku ginum pareekshaakaranna kaalya awith pamank nowey , paarlimentuwe inna mulu vanduru parapurama unge attalayen bimata thallu kara athugaa dameemata kaalya awith atha. Emanisaa mahajanyaa daenma ohunge chandaya kalpanaawen paawichchi kala yuthuya

  • me papochcharanaya assey athukoraala vandiriyage puka rathwee atha. kal mareema sandhaa balal papochhranaya daen pareeksha kala yuthya kiyamin thawamath attalaye laginna me vandirieya dangalanawaalu. aliyan saha vanduan athara wenasa daen mahajanayaata hondin peneda?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *