රට එකම නීතියක් යටතට ගෙන ඒමට ඇති අවසන් අවස්ථාව මෙයයි – විමල් වීරවංශ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රට එකම නීතියක් යටතට ගෙන ඒමට ඇති අවසන් අවස්ථාව මෙයයි – විමල් වීරවංශ (විඩියෝ)

• ජනාධිපතිවරණය කැඳවීමේ බලය මැතිවරණ කොමිසමට – සභාපතිගෙන් ප්‍රකාශයක් (ඔඩියෝ)

• නූතන දස පනත – සම්මුතියේ මාලිමාව 16 එළිදකි (විඩියෝ)

• කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැඟිල්ල (සබීතාපාය) ගැනීමට මම උපදෙස් දුන්නේ නෑ – අගමැති (විඩියෝ)

• අධිවේගී ගංජිය රිමාන්ඩ්

• විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයෙනි ! කූඨ ලේඛණ වලට රැවටෙන්න එපා – මුදල් අමාත්‍යාංශය

• හම්බෙගමුව රෝහලේ අලුත්ම ගිලන් රියට පැන්න හරකා මියගිය හැටි

• සජිත්ට වල් අලි දමනය කරන්න පුළුවන් – එජාප නායක අලියා දමනය කරගන්න බෑ

• නෙළුම් කුළුණ විවෘත කිරීමේදී ජනාධිපතිගේ ප්‍රකාශය ගැන …

+++++++++++++++++++++++++++++++++++

රට එකම නීතියක් යටතට ගෙන ඒමට ඇති අවසන් අවස්ථාව මෙයයි – විමල් වීරවංශ

(15.09.2019 – 20:20 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි ජනාධිපතිවරණය යනු මේ රට එකම නීතියක් යටතට ගෙන ඒමට ඇති අවසන් අවස්ථාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කෙරෙන ජනහමු මාලාවක සමාරම්භයට එක්වෙමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයවීමෙන් සංවිධාන කෙරුණු ජනහමු දහසක වැඩසටහටනේ සමාරම්භය කැලණිය ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී අද පැවැත්වුණේ දේශපාලනඥයින්, සිවිල් සංවිධාන න නියෝජිතයින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

ජනාධිපතිවරණය කැඳවීමේ බලය මැතිවරණ කොමිසමට – සභාපතිගෙන් ප්‍රකාශයක්

(16.09.2019 – nethnews.lk)

ජනාධිපතිවරණය පැවැත්විය හැකි දිනය ප‍්‍රකාශයට පත්කීරීමේ පූර්ණ බලය මැතිවරණ කොමිසමට ලබා දී තිබෙනවා. ඒ ඊයේ (15) මධ්‍යම රාතී‍්‍ර 12.00 සිටයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන අනුව ඔක්තෝබර් 14 වැනිදාට පෙර ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළ යුතු වනවා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සිසිර ජයකොඩි මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කළේ “මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට ජනාධිපතිවරණය කැඳවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමේ හැකියාව අද දින සිට ආරම්භ වනවා. දැන් එතුමා මැතිවරණය ‘බෑඩ් වෙදර්’ කියලා තවදුරටත් කල් දාන්න උත්සහ කරනවා නම් එතුමා මෙතෙක් කල් කරපු පුරසාරම් පිළිබඳව ජනතාවට මහා විහිළුවක් වෙයි.”යනුවෙනි.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා ප‍්‍රකාශ කලේ එළඹෙන ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා තවමත් නිශ්චිත දිනයක් තීරණය කර නොමැති බවයි.

මේ අතර මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා අලුතින් ඡන්දදායකයින් දෙලක්ෂ තිස් එක් දහස් දෙසිය විසිනවයකට අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිසම පවසනවා. මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2018 ඡන්ද හිමි නාමලේඛනයට අනුවයි.

2018 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ලියාපදිංචි මුළු ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයදෙනෙක්. 2017 ඡන්ද හිමි නාම ලේඛනයේදී ජන්ද දායකයින් එක්කෝටි පනස් හත්ලක්ෂ 60 දහස් අටසිය හැට හත් දෙනකු ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියා ෴

***************************************

නූතන දස පනත – සම්මුතියේ මාලිමාව 16 එළිදකි

(16.09.2019 – 06:08 +0530 – lankaleadnews.com)

බඩ ගාන රට දෙපයින් සිටුවන්නට, රට රකින්නට, 56 සමාජ විප්ලවය ප්‍රතිනිර්මානය කරන්නට, පාලකයන්ට සහ ජනතාවට නොවරදින මග කියන, නුතන දස පනත – සම්මුතියේ මාලිමාව 2019.09.16 වන දින පෙ.ව 9 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි එළිදකි.

මෙම හමුවට මල්වතු පාර්ෂවයේ අනුනායක අතිපූජ්‍ය නියන්ගොඩ විජිතසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ, අස්ගිරි පාර්ෂවයේ අනුනායක අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි ස්වාමින්ද්‍රයන් වහන්සේ, අස්ගිරි පාර්ෂවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ස්වාමින්ද්‍රයන් වහන්සේ, කෝටිටේ ශ‍්‍රී කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින්ද්‍රයන් වහන්සේ, අමරපුර ශ‍්‍රී ධර්මරජෂිත නිකායේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ, අමරපුර ශ‍්‍රී ධර්මරජෂිත නිකායේ අනුනායක අතිපූජ්‍ය වටගෙදර විමල බුද්ධි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ,

ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය බලංගොඩ සෝභිත ස්වාමින්ද්‍රයන් වහන්සේ, මහාචාර්ය නාබිරිත්තන්කඩවල ඤානරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ, ආචාර්ය අකුරටියේ නන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ, ආචාර්ය මැදගම ධම්මානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ,ආචාර්ය වල්පොල පියනන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු විද්වතුන්, කලාකරැවන්, ව්‍යාපාරිකයින්ගේ සහබාගිත්වයෙන් පැවැත්විමට නියමිතය.

***************************************

කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැඟිල්ල (සබීතාපාය) ගැනීමට මම උපදෙස් දුන්නේ නෑ – අගමැති

(16.09.2019 – 12:04 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්)

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැඟිල්ල (සබීතාපාය) යොදාගන්නා ලෙස තමා උපදෙස් ලබා නොදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබේ.

පසුගිය සිව් වසර තුළ වත්මන් පාලනය යටතේ රජයේ ආයතනවල සිදුවු දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අග්‍රාමාත්‍යවරයා අද (16) පෙරවරුවේ පෙනී සිටියේය.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි කොමිෂන් කාර්යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා පැය එකහමාරක පමණ කාලයක් සාක්ෂි ලබා දුන් බව කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සුදුසු ගොඩනැගිල්ලක් යොදා ගන්නා ලෙස තමා උපදෙස් ලබා දුන්නද ප්‍රශ්නකාරී ගොඩනැගිල්ල (සබීතාපාය) සම්බන්ධයෙන් උපදෙස් ලබා නොදුන් බවයි.

අදාළ ගොඩනැගිල්ල වෙන්කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන් බව එවකට හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා වු දුමින්ද දිසානායක මහතා කොමිසම හමුවේ මීට පෙර ප්‍රකාශ කරතිබුණි.

මේ අතර පැය එකහමාරක පමණ කාලයක් ප්‍රකාශ ලබා දුන් අග්‍රාමාත්‍යවරයා පිටත්ව ගොස් ඇති අතර අද පස්වරුවේ යළි ප්‍රකාශ ලබා දීමට නියමිතයි.

+++++++++++++++++++++

කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ලෙන් රජයට පාඩු සිදුවු බව අගමැති පිළිගනියි

(16.09.2019 – 18:29 +0530 – sinhala.adaderana.lk)

කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යාම හේතුවෙන් අධික වැය බරක් දරන්නට සිදුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති කොමිසමේදී පිලිගෙන තිබේ.

කොමිෂන් සභාවේ හෙලි වී ඇති කරුණු හා එහි සාමාජිකයින් සිදුකරන ප්‍රශ්න කිරීම් අනුව තමාට ඒ බව පෙනී යන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පැය 5 කට අධික කාලයක් සාක්ෂි ලබා දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කර තිබේ.

අදාල ගොඩනැගිල්ල ලබා ගැනීමෙන් අපේක්ෂා කළ සාර්ථකත්වය මේ දක්වා ඉටු වී නොමැති බව ජනාධිපති කොමිසම හමුවේ අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොවිජන මන්දිරය පාර්ලිමේන්තු කාරක සභා සදහා ලබා ගැනීමට අමාත්‍යාංශය රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ල සදහා ගෙන ඒමේදී තමා එම ගොඩනැගිල්ල ලබාගත යුතු බවට කිසිඳු අවස්ථාවක ප්‍රකාශයක් හෝ දැනුම්දීමක් නොකල බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

එවකට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදාල ගොඩනැගිල්ල ලබා ගැනීම සදහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ඉදිරිපත් කරන බව සදහන් කර තිබුණ ද තමන් උපදෙස් ලබාදුන්නේ එම ගොඩනැගිල්ල ලබා ගැනීමට නොව සුදුසු ගොඩනැගිල්ලක් පරීක්ෂා කර බලා ලබාගන්නා ලෙස බව අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ කියා සිටියේය.

මේ අතර අදාල වංචාව සිදුවූ කාලවකවානුව තුළදී හවුල් ආණ්ඩුවක් පවත්වාගෙන යාම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ නායකයා ලෙස ඔවුන්ගේ ක්‍රියා කලාපයන් තමන් විසින් සොයාබලන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ ක්‍රියාකාරකම් සොයාබලා කටයුතු කිරීමේ වගකීම එහි නායකයා වශයෙන් ජනාධිපතිවරයාට පැවරෙන බව අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

***************************************

අධිවේගයේ ගංජා ප්‍රවාහනය කළ කාන්තාව රිමාන්ඩ්

(16.09.2019 – 13:04 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණි මෝටර් රථයකින් රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ගංජා තොගයක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් එම රථයේ හිමිකාරිය ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකාරිය බද්දේගම වැඩබලන මහේස්ත්‍රාත් තිලක්ෂි වාසනා සූරියආරච්චි හමුවට ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

පෙරේදා බද්දේගම පිවිසුමෙන් පිටවූ මෙම මෝටර් රථය පිළිබඳ සැක සිතී එහි පොලිස් නිලධාරින් එම මෝටර් රථයට නතර කරන ලෙස සංඥා කළ ද එය නොනවත්වා ධාවනය කර තිබුණා.

පසුව, ප්‍රදේශවාසියෙකු පොලීසියට දැනුම්දී තිබුණේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් ගමන් මළු 3 ක් බද්දේගම ක්‍රිස්තුදේව ප්‍රාථමික විද්‍යාලයට ගමන් කරන මාර්ගයේ කැළෑබද ප්‍රදේශයකට විසිකර දමා ගිය බවයි.

පසුව, පොලීසිය එහි ගොස් සිදුකළ පරීක්ෂාවේදී මේවා කේරළ ගංජා බවට අනාවරණ වූ අතර, වැඩිදුර පරීක්ෂාවේදී ගංජා කිලෝග්‍රෑම් 28 ක් සොයා ගැනුණා.

අනතුරුව, මෝටර් රථයේ අංකය පරීක්ෂා කිරීමේදී හෙළි වූයේ එය බද්දේගම පිවිසුමෙන් අණ නොතකා ධාවනය කළ ගෝනපීනුවල – මාජුවාන – කේරදේවල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවකට අයත් එකක් බවයි.

පසුව ඊයේ නිවසට පැමිණි අවස්ථාවේදී සැකකාරිය අත්අඩංගුවට ගත් අතර, ඇය පොලීසියට සඳහන් කර ඇත්තේ තමා අදාළ මෝටර් රථය තවත් පුද්ගලයෙකුට කුලියට ලබාදුන් බවයි.

එහෙත්, එලෙස කුලියට ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කිරීමට අපොහොසත් වීම මත සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි බද්දේගම පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

***************************************

විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයෙනි ! කූඨ ලේඛණ වලට රැවටෙන්න එපා – මුදල් අමාත්‍යාංශය

(16.09.2019 – 15:44 +0530 – sinhala.adaderana.lk)

විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් හට බදු සහන යටතේ වාහන ලබාගැනීම සඳහා බලපත්‍ර නිකුත් කරනු ලබන බවට මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය, එහි අධ්‍යක්ෂ ජනරාල් තනතුර සහ නම ව්‍යාජ ලෙස භාවිත කර කූඨ ලෙස සකස් කරන ලද ලිපි සංක්‍රමණිකයන් වෙත යවන බවට මුදල් අමාත්‍යාංශයට කරුණු වාර්තා වී ඇත.

තවද මෙම ලිපි මුහුණු පොත (Facebook) සහ වෙනත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සහ අනෙකුත් විවිධ මාධ්‍යයන් මගින් බෙදාහරිමින් සිදු කරනු ලබන වංචාවට නොරැවටෙන ලෙස මුදල් අමාත්‍යාංශය මහජනතාව ගෙන් ඉල්ලා සිටියි.

විදේශයන්හි සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයින් හට තීරුබදු සහන වාහන ලබා ගැනීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ යෝජනාවක් මුදල් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර නොමැති බව අවධාරණය කෙරේ.

එවැනි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වන බවට කරනු ලබන සියළු ප්‍රචාරයන් මහජනතාව නොමඟ යවන සුළු හා ව්‍යාජ ඒවා බව දැනුම් දෙනු ලැබේ.

මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව මගින් මහජනයා වෙත සපයනු ලබන එවන් සේවාවන් පිළිබඳව මහා භාණ්ඩාගාරයේ www.treasury.gov.lk නිල වෙබ් අඩවියේ විධිමත් පරිදි දැන්වීම් පළකරනු ලබන බැවින් තීරුබදු සහන වාහන පිළිබඳ සැබෑ තතු ඒ හරහා ලබාගත හැකිය.

තවද, තීරුබදු සහන බලපත්‍ර නිකුත් කිරීමට එම සේවාවන් සඳහා කවර ආකාරයක හෝ මුදල් අයකිරීමක් සිදු නොකරන බැවින් මේ වනවිටත් මුදල් ගරන වංචා කාරයන් වෙත ඔබ යම් මුදලක් ගෙවා ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා මෙන් මහජනතාව වෙත කාරුණිකව දැනුම් දෙනු ලැබේ ෴

***************************************

හම්බෙගමුව රෝහලේ අලුත්ම ගිලන් රියට පැන්න හරකා මියගිය හැටි

(16.09.2019 – gossiplankanews.com)

හම්බෙගමුව රෝහල් අලුතින්ම ගිලන් රියට ඊයේ (15) ගවයකු හැපීමෙන් දැඩි අලාභහානි සිදුවි ගවයාද මරණයට පත්ව ඇති බව තණමල්විල පොලිසිය කියයි. හම්බෙගමුව රෝහලේ සිට ඇඹිලිපිටිය දිසා මහ රෝහලට රෝගියකු බාරදී හම්බෙගමුව රෝහල වෙත ආපසු පැමිණෙමින් සිටිය දී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පැවැසුවේය.

මෙම ස්ථානයේ නිදැල්ලේ හැරදමා සිටින ගවයින් නිසා මීට සතියකට පමණ පෙර හම්බෙගමුව ද්විතීයික පාසලේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හදාරන ඩබ්ලිව්. ඉසුර දිල්ෂාන් නැමැති දාහත් හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු ඔහු පැදවූ යතුරුපැදිය පාරේ සිටි ගවයකුගේ සිරුරේ වැදී අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්වූ බවද පොලිසිය පැවසුවේය.

ගවහිමියන් හතර පස් දෙනකුගේ ගවයින් රාත්‍රී කාලයේ ගාල් නොකර නිදැල්ලේ සිටීමට හැරීම නිසා හම්බෙගමුව සහ බලහරුව හන්දිය අතර ප්‍රදේශයේ රාත්‍රී කාලයට අනතුරු සිදුවන බව ප්‍රදේශවාසීහු කියති. ගිලන්රථ අනතුර පහළොස්වන බවද ඔවුහු කීහ.

අනතුර නිසා මෑතකදී ලැබුණ අලුත්ම ගිලන් රථයට දැඩි ලෙස අලාභහානි සිදුව ඇති බවද පොලිසිය පැවැසුවේය. රියැදුරාට හෝ එහි ගමන්ගත් අයට හානි සිදුව නැත. රාත්‍රී කාලයේ පවතින අඳුර නිසා පාරේ ලැග සිටින ගවයින් දුරට නොපෙනීමත්, වාහන එළි දුටුවිට කැලේ සිට පාරට කඩාවදින ගවයින් නිසා රියැදුරන්, යතුරුපැදිකරුවන් මෙලෙස නිතර අනතුරට ලක්වන බවද ගම් හිමියන් ගවයින් රාත්‍රිකාලයේ නිදැල්ලේ නොයැවූ කාලයේ මෙවැනි අනතුරු සිදු නොවූ බවද ප්‍රදේශවාසීහු කියති ෴

***************************************

සජිත්ට වල් අලි දමනය කරන්න පුළුවන් – එජාප නායක අලියා දමනය කරගන්න බෑ

(16.09.2019 – 22:03 +0530 – sinhala.adaderana.lk)

නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් බුදු දහම විකෘතියට පත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (16) වන දින පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා :

“එජාපයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා පෙරේදා හරි අපූරු කතාවක් කිව්වා. ඒ තමයි ‘බුදු රජාණන් වහන්සේ නාලාගිරි ඇතා දමනය කලේ ගාථාවක් දේශනාකරලා’ කියලා. ඒක විහිළුවක් කියලා සිතනවා නම් එයත් එක්ක කලාවැව ලඟට යන්න ආවොත් වල් අලි දමනය කරලා පෙන්වනවා කියලාත් කිව්වා. සජිත් මැතිතුමාට වල් අලි දමනය කරන්න පුළුවන් වුණත් දශකයකට වැඩි කාලයක් එජාප නායක අලියා දමනය කර ගන්න බැරි වෙලා තිබෙනවා.

එතුමා අලියා ලකුණ දරණ පක්ෂයේ නායකත්වයට ඉව ඇල්ලුවත් නාලාගිරි දමනය පිළිබඳ පැවසුවේ මුසාවක්. බුදු රජාණන් වහන්සේ කිසිම තැනක මන්ත්‍ර වලින් ගාථා වලින් විස්කම් පාපු ඉන්ද්‍රජාලකයෙකු නොවේ. එතුමා අනුන් දමනය කලේ කරුණාව, මෛත්‍රිය, ඉවසීම සහ තර්කන හැකියාව වැනි බුදු ගුණ වලින්. නාලාගිරි දමනය ගැන අපට අසන්න ලැබෙන ගාථාව තිබෙන්නේ ජයමංගල ගාථා වලයි.

නාලාගිරිං ගජවරං අතිමත්ත භූතං
දාවග්ගි චක්ක මසනීව සුදාරුණං තං
මෙත්තම්බුසේක විධිනා ජිතවා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජයමංගලානි

සුරාවෙන් මත් වී දරුණු ලෙස පැමිණි නාලාගිරි නම් ඇතා බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය නමැති සිසිල් පැනින් දමනය කළා කියලායි ඒ ගාථාවේ කියන්නේ. ඒ කියන්නේ නාලාගිරි ඇතා දමනය කලේ මෛත්‍රිය පෑමෙන් මිස ගාථා කීමෙන් නොවේ. ඒජාපයේ ජනාධිපති අපේක්ෂකයා විතරක් නොවෙයි වත්මන් රජයේ සංස්කෘතික අමාත්‍යවරයා බුදු දහම විකෘති කරනවා නම් අද බුදු දහම මුහුණ පා ඇති අවාසනාවන්ත ඉරණමට මීටත් වඩා තවත් සාක්ෂියක් අවශ්‍ය නෑ.

ඒජාපයේ උදවිය විතරක් නොවෙයි අපිත් මාස තුනක් පුරා එජාප ජනාධිපති අපේක්ෂකත්වය සජිත් මැතිතුමාට ලබා ගන්න ලොකු සටනක් කරනවා. ඒ නිසා අඩුම ගණනේ නාමයෝජනා භාර දෙන තුරුවත් කට ප්‍රවේශම් කර ගන්න කියලා අපි සජිත් මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මොකද නොවැම්බර් මාසයේ තිබෙන්නේ රටේ ජනාධිපති තෝරන තරගය මිස ‘රජ ගෙදර කවටයා’ තෝරන තරගය නොවේ.” යනුවෙන් පැවසීය.

https://www.youtube.com/watch?v=lqJlirj919Q

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=8NuyCh9L-98

***************************************

නෙළුම් කුළුණ විවෘත කිරීමේදී ජනාධිපතිගේ ප්‍රකාශය : රු. බිලියන 2 ක අත්තිකාරම් මුදලක් සමග අතුරුදහන් උනයි කියන ALIT සමාගම ගැන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා …

16-09-2019

නෙළුම් කුළුණ විවෘත කිරීමේදී ජනාධිපතිතුමා විසින් රු. බිලියන 2 ක අත්තිකාරම් මුදලක් ALIT සමාගමකට ගෙවා ඇතත් එවැනි සමාගමක් චීන නොමැතිබව නිවැරදි තොරතුරු ලබා ගැනීමකින් තොරව ප්‍රකාශ කර ඇති බව පැහැදිලි වේ. නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග චීන සමාගම් දෙකක් ඒකාබද්ධ වී කටයුතු කරන ලදී එම සමාගම් දෙක නම් China National Electronics Import & Export Corporation (CEIEC) සහ Aerospace Long-March International Trade Co Ltd (ALIT). සමාගම් දෙකට ඉදිකිරීම සඳහා දෙදහස් 10 ඔක්තෝම්බර් 29 වෙනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. නෙළුම් කුලුනේ ඉදිකිරීම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා චීනයට ගිය අවස්ථා කිහිපයකදීම ALIT සමාගමේ සභාපති වරයා ඇතුළු සමාගමේ අනිකුත් සාමාජිකයන් සමඟ මොරටු විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් ද ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන්ට සාකච්ඡා කර ඇත. මේ පිළිබඳ සියලු දත්ත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතුව ඇති බව මම දනිමි. එහි නිලධාරීන් විසින් මෙය නිවැරදි කළ යුතු ඇත. ALIT සමාගමේ සභාපති වරයා ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති එවකට අධ්‍යාපනඅමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා සමඟ චීනයේ බීජිං නුවර ALIT ප්‍රධාන කාර්යාල තුළදී සාකච්ඡා කරන අවස්ථාවේ ගත් ඡායාරූපයක් ද මෙහි පළ කර ඇත.

මා විසින් ලියන ලද පෙර සටහනට වැඩිමනත් වශයෙනි. මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාම කොමිසන් සභාවේ වගකිවයුතු නිලධාරීන් කීප දෙනෙකුගෙන් වාචිකව විමසීම් කළෙමි. 2012 වර්ෂයේ මුල් අත්තිකාරම කැබිනට් අනුමැතිය සහ කොමිෂන් සභාවේ එකඟත්වය අනුව CEIEC සමාගමේ ගිණුම් අංකයට රු. බිලියන 2 ක මුදල ගෙවීම් කර ඇත. 2012 වර්ෂයේ සිට මේ දක්වා එනම් 2019 වර්ෂය දක්වානෙළුම් කුළුණ ඉදි කිරීම සම්බන්ධයෙන් කොන්ත්‍රාත්කරුවා ට ගෙවන ගෙවීම් සිදුකර ඇත්තේ ද. CEIEC සමාගමේ එකම බැංකු ගිණුමකට සහ එකම ගිණුම් අංකයකටය මුදල් ගෙවීමට පෙර මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතියද ලබාගෙන ඇත. මෙහිදී කිසිදු මුදල් වංචාවක් හෝ අවභාවිතාවක් සිදුනොවූ බව අදාළ නිලධාරීන් මා වෙත තහවුරු කළේය. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මට පැවසිය හැක්කේ අතිගරු ජනාධිපතිතුමාට වැරදි තොරතුරු ලබාදුන් නිලධාරීන් දැන්වත් ඉදිරියට පැමිණ මෙය නිවැරදි කළ යුතු බවය. චීන තානාපතිවරයා ඉදිරියේ චීනයට සිදු වූ අවමානය ගැන මට ඇත්තේ බලවත් කණගාටුවකි.

– Anusha Palpita FB
( https://www.facebook.com/anusha.palpita1 )

+++++++++++++++++++++

http://www.alitcn.com/

+++++++++++++++++++++

16-09-2019

+++++++++++++++++++++

16-09-2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *