ජාත්‍යන්තර බලවේග ශ්‍රී ලංකාවේ ගෙල සිරකරලා – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ජාත්‍යන්තර බලවේග ශ්‍රී ලංකාවේ ගෙල සිරකරලා – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි (විඩියෝ)

• ප්‍රධාන දේශපාලන පක්ෂ ගැන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි කථා කරයි (විඩියෝ)

• ස්වාධීන තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසම කියයි

• එස්.බී., ඩිලාන්, ඇතුළු පස්දෙනාගේ නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් (විඩියෝ)

• තලවිල වන්දනාවේ ගිය බස් රථයක් අනතුරක – 20 ක් රෝලට – 4 කට බරපතළයි

• අද දෙරණ උකුස්සා : පොලිසියේ සහායත් ලැබුණු රැකියා ජාවාරමක් (විඩියෝ)

• ව්‍යාජ ටිකට්පත් අලෙවිකළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

• දරුවන් 6 ක් ජීවත් කරවීමට වෙර දරන මව් පිය යුවළ (විඩියෝ)

• දෙමටගොඩ පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බව හෙළි වෙයි (විඩියෝ)

• යාපනය අරියාලෙයි උණුසුම්.. STF වෙඩි තබයි..

+++++++++++++++++++++++++++++++++++

ජාත්‍යන්තර බලවේග ශ්‍රී ලංකාවේ ගෙල සිරකරලා – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(14.09.2019 – 20:17 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර බලවේග මේ වනවිට දැඩි ලෙස ශ්‍රී ලංකාවේ ගෙල සිරකර ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

අද ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 155 වන ඡන්ම දින සැමරුම් උත්සවයට එක්වෙමින් උන්වහන්සේ මේ අදහස් පළ කළා.

ශ්‍රිමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 155 වන ඡන්ම දින සැමරුම නිමිත්තෙන් සිරි ධම්පල් අභිනන්දන පුන්‍ය මහෝත්සවය අද පස්වරුවේ පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=O2rsbk0v2dE#t=5

***************************************

ප්‍රධාන දේශපාලන පක්ෂ ගැන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි කථා කරයි

(14.09.2019 – 19:54 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන දේශපාලන පක්ෂ උතුරේ දේශපාලනඥයන්ගේ අවශ්‍යතා මත ජනාධීපති අපේක්ෂකයන් තෝරාගන්නා තත්ත්වයක් දක්නට ලැබෙන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ප්‍රකාශ කළා.

ඒ, නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දැන් පැවැත්වෙන එම සංවිධානයේ තරුණ සමුළුව අමතමින්.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=JVROJb8nGNw#t=5

***************************************

ස්වාධීන තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසම කියයි

(14.09.2019 – 19:42 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව මැතිවරණ කොමිසම ස්වාධීන තීරණයක් ගන්නා බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

ඒ, මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් පළවන විවිධ අදහස් පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින්.

මේ අතර ජනාධිපතිවරණය කැදවීමට අදාළ නිළ නිවේදනය මේ මස අග නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළා.

ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ජනාධිපතිවරණ පනතට අනුව පසුගිය 10 වන දා සිට ජනාධිපතිවරණය කැදවීමේ බලතල මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරුණු බවයි.

එහෙත් කොමිෂන් සභාව එම බලතල ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්නේ ලබන සඳුදායින් පසුව බව ද ඔහු කියා සිටියා.

එසේම ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස 20 වනදා සහ 30 වන දා අතර දිනක පැවැත්වීමට බොහෝදුරට ඉඩකඩ පවතින බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග අනාවරණ කළා.

මේ අතර මේ මස 27 වනදා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතුවලට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීමේ කාලය ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

එසේම ඇල්පිටිය ප්‍රදේශයේ ඊයේ (13) පැවති ජන හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම කල් දැමීමේ සූදානමක් පවතින බවයි.

එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය, ඇල්පිටිය මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයට තිත තැබීමේ සටන ඇල්පිටියෙන් ඇරඹෙන බවයි.

***************************************

එස්.බී., ඩිලාන්, ඇතුළු පස්දෙනාගේ නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම්

(14.09.2019 – 15:59 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂවලට සහය දැක්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5 දෙනාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර චෝදනා පත්‍ර ඉදිරියේදී යොමු කරන බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.

මාතලේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පක්ෂයට අගතියක් සිදුකරන ක්‍රියාවලින්ට සම්බන්ධ සියලු පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මීට පෙර පසුගිය 4 වනදා දින 7 ක් තුළ කරුණු දක්වන ලෙස දන්වමින් මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක, ඩිලාන් පෙරේරා, ඒ.එච්.එම් ෆවුසි, විජිත් විජයමුණි සොයිසා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන එම මන්ත්‍රීවරුන්ට එරෙහිව නිදහස් පක්ෂය ලිපි යොමුකළා.

කෙසේ වෙතත් විනය පියවර පදනම් කර ගනිමින් සිය මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සඳහා දීර්ඝ කාලයක් ගතවන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කියා සිටියේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

තලවිල වන්දනාවේ ගිය බස් රථයක් අනතුරක – 20 ක් රෝලට – 4 කට බරපතළයි

(14.09.2019 – 22:27 +0530 – sinhala.adaderana.lk)

මුන්දලම, සෙම්බැට්ට ප්‍රදේශයේ දී අද (14) රාත්‍රීයේ සිදුවු බස් අනතුරකින් විසි දෙනෙකු තුවාල ලබා ඇති බවත් එයින් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව මුන්දලම පොලීසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ ගම්පහ සිට තලවිල දේවස්ථානය වෙත පැමිණි බැතිමතුන් පිරිසක් රැගත් බස් රථයක් බව වාර්තා වෙයි.

මෙම බස් රථයේ ගම්පහ, වැලිවේරිය, දිවුලපිටිය, මිනුවන්ගොඩ, නාත්තන්ඩිය, වලහපිටිය පදිංචිකරුවන් පිරිසක් බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම වන්දනාකරුවන් රැගත් බස් රථය ගම්පහ සිට තලවිල දක්වා ඊයේ (13) පැමිණ ඇති බවත් නැවත ගම්පහ දක්වා පිටත්ව යමින් සිටියදී අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

ගම්පහ දක්වා ගමන් කරමින් තිබු බස් රථ සෙබ්බැට්ට ප්‍රදේශයේදී යතුරු පැදියක් ඉස්සර කිරීමට යාමේදී හලාවත දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක් අදාළ බස් රථයේ ගැටීම වැලැක්විමට යාමේදී ත්‍රිරෝද රථයද අනතුරට ලක්කරමින් බස් රථය පෙරළි ගොස් ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

අනතුරින් තුවාල ලැබු පිරිස ප්‍රදේශවාසින් විසින් පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර සිද්දිය සම්බන්ධව මුන්දලම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් පරික්ෂණ අරම්භ කර තිබේ ෴

***************************************

අද දෙරණ උකුස්සා : පොලිසියේ සහායත් ලැබුණු රැකියා ජාවාරමක්

(14.09.2019 – 18:59 +0530 – sinhala.adaderana.lk)

මෙරට ප්‍රමුඛ පෙළේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල විවිධ රැකියා ලබා දෙන බව පවසමින් තරුණයින් රවටන ජාවාරමක් පිළිබඳව උකුස්සාට කුරුණෑගලින් තොරතුරු අනාවරණ වුණි.

‍විසඳුම රැකියා නැමැති අදාල ආයතනය එලෙස ඉල්ලුම්පත් යොමුකරන එක් තරුණයකුගෙන් රුපියල් 500 ක මුදලක් ලබාගෙන ලියාපදිංචි කර, අනතුරුව තවත් රුපියල් 5000 ක මුදලක් ලබා ගැනීම සිදු කරන බව එහිදී වැඩිදුරටත් වාර්තා වුණි.

අනතුරුව උකුස්සා රැකියාවක් ලබා ගැනීමට අපේක්ෂා කරන මුවාවෙන් එම ස්ථානයට ගියේය.

පසුව එහි සිටි සේවිකාවක් සිත් ඇදගන්නා සුළු ආකාරයෙන් කරුණු පැහැදිලි කළේය.

මෙම අවස්ථාවේ තවත් තරුණයින් පිරිසක් පැමිණ තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ආයතනයේ සේවකයින් පිරිසක් සමඟ සංවාදයක නිරත වුණි.

ඒ අනුව මේ පිළිබඳව අප කුරුණෑගල පොලිසියට පැමිණිලි කළ විට ලැබුණේ “ඕක සිවිල් ආරවුලක්නේ. පොලිසියට ඕකට ඇක්ෂන් ගැන්න බෑ.” යනුවෙන් ප්‍රතිචාරයකි.

පොලිසියත් සිටින්නේ ජාවාරම්කරුවන්ට සහාය දක්වන තත්ත්වයක නම් මේ ජාවාරම නීතියේ රැහැනට හසුකරගන්නේ කෙසේද ?

පොලිස් දෙපාර්තමේන්තුව මේ පුවතින් පසුව ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර දෙස අද දෙරණ උකුස්සා අවධානයෙන්.

https://www.youtube.com/watch?v=dswKwUHn5S8#t=5

***************************************

ව්‍යාජ ටිකට්පත් අලෙවිකළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

(14.09.2019 – 14:47 +0530 – lankadeepa.lk)

‘සිඟිති දැරියකගේ ජිවිතය බේරා ගනිමු’ යනුවෙන් ව්‍යජ ලෙස මුද්‍රණය කල ටිකටිපත් බලහත්කාරයෙන් ජනතාවට අලෙවි කර මුදල් ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු සැප්තැම්බර් (17) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් ඒ.එම්.එස්.මැණිකේ මහත්මිය අද (14) දා නියෝග කළාය.

කහවත්ත වැල් අදුර ප්‍රදේශයේ පදිංචි 17 සහ 20 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අසාධ්‍ය තත්වයෙන් පසුවෙන 7 හැවිරිදි දැරියකට පිහිට වන ලෙස බලන්ගොඩ නගරයේදී මොවුන් විසින් ටිකට්පත් බලහත්කාරයෙන් ජනතාවට අලෙවි කෙරෙන බවට පොලීසියට ලද තොරතුරකට අනුව බලන්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් දෙදෙනා අද (14) පෙරවරුවේදී අත්අඩංගුවට ගනු ලැබීය. එම ටිකට් පත් වල සඳහන් බැංකු ගිණුම් වල මුද්‍යණය කර ඇති නම් ගම් පරීක්ෂා කිරීමේදී ඒවා ව්‍යාජ ඒවා බවට පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත. මෙම සැකකරුවන් අධික ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වු තරුණයන් බවට පොලිසිය විසින් සිදුකළ මූලික පරික්ෂණ වලදී අනාවරණය කරගෙන තිබේ. බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති ලෝරන්ස් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි ෴

***************************************

දරුවන් 6 ක් ජීවත් කරවීමට වෙර දරන මව් පිය යුවළ (විඩියෝ)

(14.09.2019 – 22:55 +0530 – hirunews.lk/sinhala)

කුඩා දරුවන් 6 දෙනෙකු ජීවත් කරවීම සඳහා දැඩි වෙහෙසක් දරන මවක සහ පියෙකු පිළිබඳ පුවතක් නාඋල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

වේලක් ඇර වේලක් හෝ තම දරුවන්ගේ බඩකට පිරවීමට දරුවන්ගේ පියාට සිදුව ඇත්තේ කුලී රැකියාවක නිරතවීමෙන්.

සුබ නැකත් බලා මේ දරුවන්ගේ මේ දරුවන්ගේ කන් විද තිබුනද අද ඒ කන් පාලුවට ගොස් ඇත්තේ මේ පවුල වෙලාගත් ද්‍රරිද්‍රතාවය නිසාමයි.

ජීවත්වීමට තමන්ගේම කියා නිවසක් නොමැති මෙම පවුල දැනට ජීවත්ව සිටින්නේ ඥාතියෙකු විසින් ලබාදුන් තාවකාලික නිවසකයි.

නූපන් දරුවන් මෙලොව එළිය දකින්නට පෙර මරා දමන යුගයක, උපදින දරුවන් මහ මඟ දමා යන යුගයක, ධරිද්‍රතාවයෙන් මිරිකෙන මේ මවගේ පැතුම ඒ අන් කිසිවක් නෙවෙයි.

***************************************

දෙමටගොඩ පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බව හෙළි වෙයි

(15.09.2019 – 10:32 +0530 – sinhala.adaderana.lk)

දෙමටගොඩ මහවිල පටුමඟ ප්‍රදේශයේ නිවසක අද උදෑසන සිදුවු පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවුවක් බව අනාවරණය වී ඇත.

ගෑස් සිලින්ඩරයක ගෑස් කාන්දුවක් පැවති අවස්ථාවක ගිනි දැල්වීමට ගත් උත්සාහයකදී මෙම පිපිරීම සිදුව ඇති බව වාර්තා වෙයි.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=fR3eQ-iTWLU#t=6

***************************************

යාපනය අරියාලෙයි උණුසුම්.. STF වෙඩි තබයි..

(15.09.2019 – 12:00 +0530 – lankacnews.com)

යාපනය අරියාලෙයි නෙඩුංකුලම් ප්‍රදේශයේදී නීතිවිරෝධීව වැලි ජාවාරමේ නිරත වූවන් පිරිසක් ගමන්ගත් ට්‍රැක්ටරයකට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (14) රාත්‍රියේ සිදු කල වෙඩිතැබීමකින් එක් අයෙකු තුවාල ලබා රෝහලගත කල බවට යාපනය පොලීසිය පවසයි.

නෙඩුංකුලම් ප්‍රදේශයේදී සිදු කරන ලද නීතිවිරෝධී වැලි ජාවාරමක් සම්බන්ධයෙන් යාපනය පොලිස් විශේෂකාරය බලකා නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් අදාල ස්ථානය වටලා ඇති අතර එහිදී වැලි ජාවාරමේ නිරත පුද්ගලයින් 10 දෙනෙකු පමණ පොලිස් විශේෂකාර්ය බලකා සෙබලුන් දැක ට්‍රැක්ටරයෙන් පලා යාමට උත්සහ දරා ඇත.

ට්‍රැක්ටරයෙන් පලායන පිරිසට නවතින ලෙසට නියෝග කල සිටියද එය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරියෙකු ට්‍රැක්ටරයේ රෝදවරට සිදු කල වෙඩි තැබීමකදී ට්‍රැක්ටර ධාවනය කරවූ රියදුරුගේ පාදයට වෙඩි පහරක් වැදී ඇති අතර එහිදී සෙසු ජාවාරම් කරුවන් පලා ගොස් ඇත.

එහිදි තුවාල ලැබූ රියදුරු අත්අඩංගුවට ගෙන යාපනය රෝහලට ඇතුලත් කිරීමට පොලිස් විශේෂකාර්ය බලකා සෙබලුන් විසින් පියවර ගෙන ඇති අතර වෙඩිපහරින් තුවාල ලබා ඇත්තේ 20 හැවිරිදි කේ.රජීවන් නැමති තරුණයෙක් වන අතර යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Regarding Ven Alley Gunawansa Thero’s comments, the solution is simple in my opinion: mobilize the voters to get rid of the current treacherous and disaffected government in power, and confiscate all the assets of people in power, politicians, senior civil servants and adminstrators and thousands of courtiers that have hanged on to corrupt politicians like leaches. It is these people that have betrayed the country to foreigners, making it in debt to them, but the corrupt individuals reaping the benefits as commissions, backhands and graft. There should be no mercy against the traitors like this and I do hope that we will get a leader that dispense justice and take the country to prosperity, remove the enormous tax burden that has been put on law abiding, innocent citizens.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *