මුස්ලිම් තරුණයන් පිටරට යවා ත්‍රස්ත පුහුණුව දුන් ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායකයා අත්අඩංගුවට

(27.08.2019 – 10:33 +0530 – lankaleadnews.com)

ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායක හජ්ජුල් අක්බර් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මාවනැල්ලේදී පෙරේදා (25 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පසුගිය දිනවල රට පුරා බුදු පිළිම කඩා විනාශ කළ අන්තවාදී මුස්ලිම් කල්ලිය මෙහෙය වූ පුද්ගලයා බව විමර්ශනවලින් හෙළි වී ඇත.

අජ්ජුල් අක්බාර් යැයි කියා ගන්නා මෙම පුද්ගලයා අන්තවාදී මුස්ලිම් තරුණයන් රැසක් පසුගිය කාල සීමාවේදී තුර්කිය, සිරියාව, ලිබියාව, ඇෆ්ගනිස්තානය වැනි රටවලට යවා ඔවුන් ත‍්‍රස්තවාදී පුහුණුවීම් සඳහා යොමු කර ඇති බවද අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු මාවනැල්ල ප‍්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි. මොහු ගේ සොහොයුරාගේ දරුවන් සහ තවත් මුස්ලිම් තරුණයන් පිරිසක් අරාබි රටවලට යවා ඔවුන්ට අන්තවාදී ත‍්‍රස්තවාදී පුහුණුවක් ලබාදී ඇති බව පොලිසිය කළ විමර්ශනවලදී හෙළිදරව් වී ඇත.

පසුගිය දිනවල මාවනැල්ල ඇතුළු ප‍්‍රදේශ ගණනාවක විහාරස්ථානවල බුදු පිළිම කඩා විනාශ කිරීම සඳහා අන්තවාදී අදහස් දරන මුස්ලිම් තරුණයන් යොමු කර ඇත්තේ ද මොහු විසින් බව පොලිසිය පවසයි.

මුස්ලිම් තරුණයන් ත‍්‍රස්තවාදී පුහුණුවීම් සඳහා අරාබි රටවලට යැවීමට මුදල් වැය කර එම කටයුතු සම්බන්ධීකරණය කර ඇත්තේ ද මොහු විසින් බව හෙළි වී ඇත.

ලංකාවට ප්‍රථමවරට ඉස්ලාමිය ත්‍රස්තවාදය හදුන්වා දුන්නේ ජමාත්තේ ඉස්ලාමි සංවිධානය විසින්ය. 80 දශකයේ සිට ජිහාත් පුහුණුව සඳහා ඇෆ්ගනිස්තාන්, පාකිස්තාන් වැනි රටවල්වලට තරුණ සාමාජිකයන් මෙම සංවිධානය විසින් යවා ඇත.

ජමාත්තේ ඉස්ලාමි සංවිධානයට අයිති මාදම්පේ ඉස්ලාහියා මද්‍රසා පාසලේ ප්‍රථම විදුහල්පති වන A.G.M නතීර් මව්ලවි, පාකිස්තාන් රටට ජිහාත් පුහුණුව සඳහා තමා ගිය බව ගුවන්විදුලි වැඩසටහනකදී පිළිගෙන ඇත.

එම වැඩසටහනදී නතීර් මව්ලවි මෙසේ පවසා ඇත,

ජමාත්තේ ඉස්ලාමි සංවිධානයේ අවසාන ඉලක්කය වන්නේ ලංකාවේ ඉස්ලාම් රාජ්‍යක් පිහිටුවීම බව එම සංවිධානයේ පුහුණු කඳවුර වල හා දේශනාවල පැවසුවා. 1996 වසරේදී මම සහභාගීවූ නේවාසික පුහුණු කඳවුරක හජ්ජුල් අක්පර් විසින්ම එම කරුණු අපහට උගන්වනු ලැබුවා, තවද රටේ නීතියට යටත්වෙලා ජීවත් වීම අල්ලාහ් දෙවියන්ට විරුද්ධව කරන ලොකුම පවක් ලෙසත් අපහට උගන්වනු ලැබුවා.

ජමාත්තේ ඉස්ලාමි සංවිධානයේ සාමාජික තරුණයන් සෑහෙන පිරිසක් මෑත කාලයේදී තුර්කි රටට ගියා , සාහිඩ් අබ්දුල්ලාහ් හක් ද, එලෙස සිරියාවට ගිහින් ISIS ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක්.

ජමාත්තේ ඉස්ලාමි සංවිධානයේ එදා සිට අද දක්වා කාලය ඇතුළත ක්‍රියා පටිපාටිය පිළිබඳව සම්පූර්ණ පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම ආරක්ෂක අංශවල වගකීමයි.

***************************************

මුහුදු මහා විහාරයට මුස්ලිම් ආක්‍රමණයක්… විහාරයේ ඉඩමෙන් පොතුවිල් ප්‍රා.සභාව බලෙන් වැලි කපයි – බලධාරීන් නිදි

(28.08.2019 – 02:14 +0530 – lankaleadnews.com)

මුහුදු මහා විහාරයේ වසර 50 ක පමණ කාලයක් තිස්සේ සිදුවන මුස්ලිම් ආක්‍රමණය පිළිබදව ජනප්‍රිය සංගීතවේදී ඉරාජ් වීරරත්න විසින් වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කර තිබේ.

මෙම වාර්තා වැඩසටහන සදහා සහභාගීවී සිටින අවස්ථාවේදී පහරදීමට යකඩ පොලු රැගෙන පිරිසක් පැමිණ ඇති අතර විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේට පහරදීමට උත්සාහ කරන අවස්ථාවක්ද වීඩියෝ පටයේ රූප රාමු අතර පටිගතව ඇත.

එමෙන්ම මුහුදු මහා විහාරයේ පුදබිමේන් අනවසරයෙන් වැලි කැපිමට පැමිණි පොතුවිල් ප්‍රාදේශීය සභාවේ ලොරි යන මාර්ගය අවහිර කරමින් විරෝධය දක්වා ඇති විහාරාධිපති පුජ්‍ය උඩලමත්තේ රතනප්‍රිය ස්වාමීන් වහන්සේගේ පින්තූර කිහිපයක්ද පසුගිය දිනවල මාධ්‍ය මගින් දැකගතහැකි විය.

මෙම අනවසර වැලි පැටවිම කලක සිට සිදුකරන බවත් බලදරයන් නිහඬ බවත් පක්ෂ විපක්ෂ කිසිවෙකුත් මේ වෙනුවෙන් අදාල නීති ක්‍රියාත්මක කිරීමට මැදිහත් නොවන බවත් මුහුදු විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය උඩලමත්තේ රත්නප්‍රිය ස්වාමීන් වහන්සේ පවසයි.

එම වාර්තා වැඩසටහන පහතින් :

+++++++++++++++++++++++++++++++++++

***************************************

කිරිපිටිවල ෆාම් ඔයිල් අඩංගු බව තහවුරුවෙයි – හෘද රෝග වැඩිවීමටත් හේතුව එයයි

(26.08.2019 – aruna.lk)

ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළේ අලෙවි වන සම්පූර්ණ යොදය සහිත කිරිපිටි සම්බන්ධයෙන් යුරෝපයේදී සිදු කළ තත්ත්ව පරීක්ෂණ වාර්තාව පදනම් කරගනිමින් විද්වත් මණ්ඩලයක් විසින් සකස් කළ කිරිපිටි සම්බන්ධ විද්‍යාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට නියමිතය.

මෙම විද්‍යාත්මක වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම ලබාදී ඇත.

කිරිපිටිවල සත්ත්ව තෙල් අඩංගු වී ඇත්දැයි සොයා බැලීම සඳහා වෙළෙඳ පොළේ අලෙවි වන කිරිපිටි වර්ගවල සාම්පල යුරෝපයේ ප්‍රතීතන රසායනාගාරයදී පරීක්ෂාවට ලක් කරන ලදී. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ හතකි.

එම වාර්තාව පදනම් කරගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෛද්‍යවරුන්, මහාචාර්යවරු, පෝෂණවේදීන්, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, ප්‍රමිති ආයතන නිලධාරීන් ඒකාබද්ධව පිටු 200 ක විද්‍යාත්මක වාර්තාවක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

එම විද්‍යාත්මක වාර්තාවට අනුව කිරිපිටි ඉතා අවදානම් ඛාණ්ඩයට අයත් වන අතර කිරිපිටි දේශීය වෙළෙඳ පොළේ අඩු මිලට අලෙවි කිරීම සඳහා ෆාම් තෙල් එකතු කරන බව දැක්වෙයි. ෆාම් තෙල් එකතු කිරීම නිසා ‘ෆාමටික් ඇසට්’ හේතුවෙන් ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රතිශතය ඉහළ ගොස් හෘද රෝග ඇතිවීම වැඩිවී ඇති බවද එම වාර්තාවේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල සම්පූර්ණ යොදය ඉවත් කර ෆාම් තෙල් මිශ්‍ර කර ඇති බව කිරි පිටි පැකට්වල සඳහන් නොකර තිබේ. කිරිපිටිවල ගුණාත්මක භාවය වර්ධනය කිරීම සඳහා නිර්දේශ සහ යෝජනා හැටහතරක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය රජයට යෝජනා කර තිබේ ෴

***************************************

“එජාපයේ තියුණුම අර්බුදය මෙයයි. කවුරුන් අපේක්ෂකයා වුවත් ජනාධිපතිවරණයට එන්න වෙන්නේ පක්ෂයේ පලුවක් අහිමි කරගෙනයි” – ජානිපෙ නායක විමල් වීරවංශ (2019-08-27)

***************************************

ජාතික ආරක්ෂාව ගැන ශක්තිමත් තීන්දුවක් ගත හැකි අයෙක් ඕනේ – මහින්ද රාජපක්ෂ

(28.08.2019 – 14:03 +0530 – sinhala.adaderana.lk)

සියලු ජාතීන්ට ආරක්ෂාව ලබා දිය හැකි අපේක්ෂකයෙක් රටේ නායකත්වයට පත්විය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (27) පැවති ඉන්දියානු සාගර කලාපීය වෙරළ හා පාරිසරික සමුළුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉන්දියානු සාගර කලාපීය වෙරළ හා පාරිසරික දර්ශනය යන මැයෙන් මහින්ද රාජපක්ෂ මධ්‍යස්ථානය මඟින් සංවිධානය කරනු ලැබූ මෙම සමුළුව ඊයේ පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයට පිළිතුරු දෙමින් කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා කවුරුන් ද යන්න කිසිවෙකුත් නොදන්නා බවයි.

ඉදිරි ජනාධිපතිවරයා සතු විය යුතු වැදගත්ම ගුණාංගය කුමක් ද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, ඒ ආරක්ෂාව ගැන ශක්තිමත් තීරණයක් ගත හැකි පුද්ගලයෙක් විය යුතු බවයි.

ඔහුට සියලු ජාතීන් එකතු කිරීමේ හැකියාව තිබිය යුතු බවත් එතුමා පැවසීය.

මෙම අවස්ථාවට එක් වු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ මෙවන් අදහසකි.

“ජ.වි.පෙ.න් ඉදිරිපත් වන තුන්වන අපේක්ෂකයාට හැමකාලෙකම මිලියන භාගයක විතර ඡන්ද ප්‍රමාණයක් තියෙනවා.

මෙවර එහි වැඩිවීමක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මූලික ප්‍රතිඵලයට තුන්වැනි අපේක්ෂකයගේ බලපෑමක් වෙන්න පුළුවන්.

ඒක අනිවාර්යෙන්ම අභියෝගයක් බවට පත් වනවා වගේම අපි ඒ ගැන හොඳින් දැනගෙන ඉන්නේ. ඒ නිසාම අපි අපේ අවධානය යොමු කරලා තියෙන්නේ මේ බලපෑම කොහොමද කළමනාකරණය හෝ මෙහෙයවන්නේ කියන කාරණය ගැන.”

මෙම අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා ද මෙසේ අදහස් පළ කළේය :

“1982 ඉඳන් ජනාධිපතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරල බැලුවොත් තුන්වැනි බලවේගයකට අපේ රටේ කවදාවත් ඉඩක් ලැබිලා නැහැ. ජනතාව අවසන් මොහොතෙදි කඳවුරු දෙකකට බෙදෙනවා.

ඒ නිසා මම හිතන්නේ මේ වතාවෙත් මිනිස්සුන්ට වෙනසක් අවශ්‍ය වෙලා තියෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුකූලවන සංකල්පමය වෙනසක් සිදුකරන්න.”

***************************************

රනිල් ගෙනා ඇමෙ‍රිකානු මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට අනුමැතිය ලබා දීම ජනපති මෛත්‍රී සිවුවෙනි වරටත් ප්‍රතික්ෂේප කරයි.!

(28.08.2019 – nethgossip.lk)

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අනුමැතිය ලබාදීම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27) ප‍්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.

එම ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීම තව සති දෙකකින් කල් දැමීමටද කැබිනට් මණ්ඩලය ඒ අනුව තීරණය කර ඇත.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අදාළ කැබිනට් පත‍්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද හතරවැනි අවස්ථාව මෙය බව ද වාර්තා වේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර ජනපතිවරයා විසින් මෙම අවස්තා හතරේදීම එම යෝජනාවට අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කළේය.

මෙරට ඇමෙරිකානු බලපෑම් උත්සන්න කිරීමටත්, මෙරට ඉඩම් අයිතිය ඇමෙරිකාවට ලබා ගැනීමටත් මෙම මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හරහා ඇමෙරිකාවට ඉඩ ලැබෙන බවට පසුගිය සමයේ විපක්ෂ දේශපාලඥයන්, වෘත්තියවේදීන් ඇතුලු බොහෝ දෙනෙක් චෝදනා කළහ ෴

***************************************

නොපෙනෙන ලෝකය ගැන අසාමාන්‍ය හෙළිදරව්වක් (25-08-2019)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *