මඩකලපු විරෝධයට පොලීසියෙන් කඳුළු ගෑස්

(27.08.2019 – 23:06 +0530 – sinhala.adaderana.lk)

මඩකලපුව, කල්ලියක්කාඩු පොදු සුසාන භූමිය ආසන්නයේ පැවති විරෝධතාවයක් පළවා හැරීමට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මඩකලපුව ‍සියෝන් දේවස්ථානයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීයාගේ හිස ඊයේ (26) දිනයේ දී මිහිදන් කිරීමත් සමඟ මෙම විරෝධය හට ගෙන ඇත.

මඩලපුව, කල්ලියක්කාඩු හින්දු සුසාන භූමියේ මෙම ගෙළ ප්‍රදේශය මිහිදන් කිරීමට අධිකරණ ‍නියෝගයක් ලබා දී තිබුණි.

කෙසේ වෙතත් හින්දු සුසාන භූමියක් මෙම ‍මාරගෙන මැරෙන බෝම්බකරුගේ හිස මිහිදන් කිරීම සම්බන්ධයෙන් නොයෙක් මත පළ වෙමින් තිබී ඇති අතර අද (27) සවස 5 ට පමණ 100 ක පමණ පිරිසක් සුසාන භූමිය ඉදිරිපිටට පැමිණ තිබේ.

පසුව එම පිරිස කලහකාරී ලෙස හැසිරී ඇති අතර, තත්ත්වය පාලනය කිරීමට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

අප වාර්තාකරු පවසා සිටියේ, එම අවස්ථාවේ දී විරෝධතාකරුවන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතා ද එක්ව සිටි බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

මඩකළපු විරෝධතාවයෙන් සිව් දෙනෙකුට තුවාල

(28.08.2019 – 09:25 +0530 – sinhala.adaderana.lk)

මඩකලපුව, කල්අඩි පාලම අසල ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ (27) පස්වරුවේ පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

පොලීසිය පැවසුවේ ඒ අවස්ථාවේ ඇති වු නොසන්සුන්තාවය හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු (04) තුවාල ලබා ඇති බවයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ගේ ශරීර කොටස් මඩකළපුව,කල්ලියන්කාඩු සුසාන භුමියේ මිහිදන් කිරිමට එරෙහිව අදාල විරෝධතාව පැවැත්විය.

මඩකලපුව, කල්අඩි පාලම අසලට ඊයේ (27) පස්වරුවේ රැස්වූ ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත විය.

ඒ පාස්කු ඉරුදින ප්‍රහාරයේදී මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුගේ හිස කොටස කල්ලියන්කාඩු සුසාන භුමියේ මිහිදන් කිරිමට එරෙහිවයි.

අදාල බෝම්බකරුගේ හිස කොටස මෙතෙක් රෝහල් මෘත ශරිරාගාරයේ තබා තිබූ අතර එය පෙරේදා (26) අදාල සුසාන භුමියේ මිහිදන් කර ඇති බව සඳහන් වෙයි.

දහවල් සිට විරෝධතාවයේ නිරතව සිටි පිරිස පස්වරුවේ කල්අඩි පාලම අසලින් මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත විය.

පොලීසිය පැවසුවේ එය විසුරුවාහැරිම සදහා ඊයේ (27) රාත්‍රියේදී කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවයි.

විරෝධතාව විසුරුවා හැරිමට කටයුතු කරන අතරතුර ඇති වූ නොසන්සුනතාව හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු (04) තුවාල ලබා ඇති බවද පොලීසිය සඳහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++

***************************************

‘බස්එක කන්කසන්තුරේ යද්දි කොන්දොස්තර දෙවුන්දරට ටිකට් කඩනවා’ – රෙජිනෝල්ඩ් කුරේ

(27.08.2019 – 22:02 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින ඇතැමුන් එම පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සමග එක්කිරීමේ වුවමනාවකින් කටයුතු කරන බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා චෝදනා කරයි.

අද (27) මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඊ‍ටත් වඩා රාජපක්ෂවරු සමඟ ප්‍රශ්න සාදා ගත් වෛරයෙන් සිටින බව පෙනී යන ඇතැම් මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වීමේ ලොකු උවමනාවක සිටි බවද දිසානායක මහතා මෙහිදී පැවසීය.

තවත් සමහරු කෙලින්ම එක්සත් ජාතික පක්ෂයට නොයා හෙළ උරුමයට ගිහින් ඒ තුළින් ‍එජාප පෙරමුණට එකතු වීමේ උත්සහයක් ගනිමින් සිටි බවද පැවසු මන්ත්‍රීවරයා, ඊයේ (26) දිනයේ දී ශ්‍රීලනිප භාණ්ඩාගාරික ලෙස පත්වු ලසන්ත අලගියවන්න මහතා පෙන්වා දිය හැකි බවත් කියා සිටියේය.

ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමේ දී මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට ජනාධිපතිවරයා නම් කළ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කල බවද දිසානායක මහතා පැවසීය.

මෙම මාධ්‍ය හමුවට එක් වු හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන වටිනා පක්ෂ‍ය බස් රථයක් බවයි.

එහි රියදුරු බස් රථය කන්කසන්තුරේ දක්වා ධාවනය කරන බවත් පැවසු ඒ මහතා, කොන්දොස්තරවරයා ටිකට් කඩන්නේ දෙවුන්දරට යැයි ද පැවසීය.

එනිසා බස් රථය නවත්වන සෑම නැවතුමකින්ම කීප දෙනෙක් බසයෙන් බැස යන බවත් රෙජිනෝල්ඩ් කුරේ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමාගේ දිසාව හා ප්‍රතිපත්ති අවුල් කර ගෙන ඇති බැවින් ස්වභාවික මරණයකට මුහුණ දෙමින් තිබෙන බවද කුරේ මහතා වැඩිදුරටත් පැවසීය.

ඔළුව නොමැතිව කඳ සටන් කරන ශ්‍රීලනිපයක් පමණක් ඉතිරිව ඇති බවත්, එහි පදනම දෙදරා ගොස් අවසන් බවත් පැවසු ඒ මහතා, තමා පැහැදිලි ලෙසම පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගන්නා බවද සඳහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

රුසියාවේ නිෂ්පාදිත විශේෂ යන්ත්‍රයක් ජනපතිට

(27.08.2019 – 20:09 +0530 – sinhala.adaderana.lk)

රුසියාවේ විද්‍යාඥයෙකු විසින් නිර්මාණය කරන ලද පුපුරණ ද්‍රව්‍ය, විකිරණ සහ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාවෙත පිළි ගැන්වීම අද (27) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

ඇමරිකන් ඩොලර් 50,000 ක් පමණ වටිනා මෙම නව තාක්ෂණික උපකරණය ආචාර්ය Evgeny Usachev මහතාගේ නිර්මාණයකි.

ආචාර්ය Evgeny Usachev මහතා විසින් යන්ත්‍රය ජනාධිපතිවරයාවෙත පිළිගැන්වු අතර රුසියානු විද්‍යාඥ OlgoUsacheva ශ්‍රී ලංකාවේරුසියන් තානාපති sYury B.Materiy සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සේනක අබේගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දවුලාගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

***************************************

සුප් වෙළඳසැලේ හිමිකරු එකම පවුලේ දරුවන් දෙදෙනෙක් කපා කොටා ඝාතනය කරයි

(27.08.2019 – 19:32 +0530 – sinhala.adaderana.lk)

වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේදී 19 හැවිරිදි තරුණියක් සහ 8 හැවිරිදි පිරිමි දරුවෙකු අද (27) කපා කොටා ඝාතනය කර තිබේ.

කලක් තිස්සේ පැවති ඉඩම් ආරවුලක් මෙම ඝාතනයට හේතුව වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙන්නප්පු වයික්කාල ප්‍රදේශයේදී මෙම ද්විත්ව ඝාතනය සිදුව තිබෙන්නේ අද පෙරවරු 10 ට පමණ.

මෙලෙස අවසනාවන්ත ලෙස ඝාතනයට ලක් වූයේ 19 හැවිරිදි ගාල්ල පතිරණගේ ගිම්හානි සෙසලි රූපසිංහ සහ ඇගේ අට (08) හැවිරිදි සහෝදරයා වන සහන් මෙත්සර රූපසිංහයි.

ඝාතන සිදු කර ඇත්තේ 28 හැවිරිදි වර්ණකූලසූරිය මිගෙල් කුට්ටිගේ ඉෂාන් ප්‍රදීප් නැමැති එක් දරු පියෙක්.

ඝාතනයට ලක් වූ අයට අයත් නිවසක් තවත් පිරිසකට කුලී පදනම මත ලබා දී ඇති අතර එම කුලී නිවසට යාබදව මෙම සැකකරු කන්ටේනර් පෙට්ටියක් තුළ සුප් වෙළෙඳසැලක් පවත්වාගෙන ගොස් තිබේ.

එම තාවකාලික වෙළෙඳසැලෙන් පිටවන ජලය කුලී නිවසට කාන්දු වීමේ සිද්ධියක් මුල්කරගෙන දෙපිරිස අතර කලක සිට ආරවුල් හටගෙන තිබේ.

මේ පිළිබඳ අවස්ථා කිහිපයකදී වෙන්නප්පුව පොලිසියටද නිවෙස් හිමියන් පැමිණිලි කර ඇතැයි ද වාර්තා වෙයි.

මේ අතර අද උදෑසන සැකකරු, නිවෙස් හිමියන් පදිංචි නිවසට කඩුවක්ද රැගෙන පැමිණ ඇති අතර එම අවස්ථාවේ දරුවන්ගේ මව සිට ඇත්තේ නිවසේ උඩු මහලෙයි.

අනතුරුව සැකකරු පහත මහලේ සිටි තරුණිය සහ ඇගේ සොයුරා කපා කොටා ඝාතනය කර ඇති අතර ඝාතන සිදු කළ පුද්ගලයා, පහරදීමට යොදාගත් කඩුවද සමඟ වෙන්නප්පුව පොලිසියට භාරවී තිබේ.

මෘත දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ මීගමුව මහ රෝහලේදී සිදු කෙරෙයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

ශ්‍රී ලංකා රේගුව හරහා සිදුවන හොර බඩු ජාවාරම හරහා රජයට අහමිවන බදු ආදායම ගැන අනාවරණයක්

(27.08.2019 – 20:37 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රේගුව හරහා සිදුවන මහා පරිමාන හොරබඩු ජාවාරම හරහා රජයට අහමිවන බදු ආදායම් සම්බන්ධයෙන් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණයක් සිදු කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *