රනිල්ට ඇලෝසියස්ගෙන් රු. මිලියන 75 ක්

(26.08.2019 – mawbima.lk)

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මහා වංචාවේ ප්‍රධාන සැකකරු වන අර්ජුන් අලෝසියස් එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රුපියල් මිලියන හැත්තෑපහක් ඔහුගේ පෞද්ගලික නිවෙසටම ගොස් භාරදීමේ සිද්ධියක තොරතුරු ‘මව්බිම’ට වාර්තාවේ.

වාර්තා වන අන්දමට මේ මුදල අඩංගු බෑගය ඇලෝසියස් විසින් භාරදී තිබෙන්නේ 2015 ජූලි 23 වැනිදා කොළඹ 03 පස්වැනි පටුමඟේ පිහිටි වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවෙසේදීය. මෙදින රාත්‍රි 8.00 ට පමණ අර්ජුන් ඇලෝසියස් මහතා එම නිවෙසට පැමිණෙන බව දැනුම් දීමෙන් පසුව ඔහුට කෙළින්ම තම නිවෙසට පැමිණීමට ඉඩ දෙන ලෙසට ආරක්ෂක අංශවලට ද දැනුම් දී තිබුණු බව වැඩිදුරටත් අනාවරණය වෙයි.

‘මව්බිම’ට ලැබී ඇති තොරතුරුවලට අනුව ඇලෝසියස් මහතා වික්‍රමසිංහ මහතාගේ නිවෙසට යන අවස්ථාවේ තවත් පුද්ගලයකු එහි සිට ඇති අතර, වික්‍රමසිංහ මහතා ඇලෝසියස් මහතා නිවෙසේ වෙනත් කාමරයකට කැඳවාගෙන ගොස්, මිලියන හැත්තෑපහක මුදල් බෑගය ලබාගෙන තිබේ. පැය භාගයකට පමණ පසුව ඇලෝසියස් මහතා වික්‍රමසිංහ මහතාගේ නිවෙසින් පිටව ගොස් ඇත.

මේ ගනුදෙනුවට අදාළ සියලු තොරතුරු ‘මව්බිම’ සතුව තිබේ.

මේ අතර, මහ බැංකු බැඳුම්කර වංචාවේ තවත් ප්‍රධාන සැකකරුවකු වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් (අර්ජුන් ඇලෝසියස්ගේ මාමණ්ඩිය) මේ ගනුදෙනු සම්බන්ධයෙන් බොහෝ තොරතුරු සිංගප්පූරුවේ සිට අනාවරණය කිරීමට සූදානමින් සිටින බව අපේ ආරංචිමාර්ග සඳහන් කරයි ෴

+++++++++++++++++++++++++++++++++++

Mathinta (Api UNP) – Iraj (An edited version)

+++++++++++++++++++++++++++++++++++

සමලිංගික ජනතා(වගේ) විමුක්ති පෙරමුණේ ජනාධි අපේක්‍ෂක ගෙන් විශේෂ නිවේදනයක්

සමරිසි ප‍්‍රජාව පිලිගන්නා බවත් ඔවුන්ගේ අයිතිවාසිකම් පිලිගන්නා බවත් ඊට අදාල ලෙස දණ්ඩ නීති සංග‍්‍රහයද වෙනස් කරන බවටත් ‘සමලිංගික ජවිපෙ’ ජනාධි අපේක්‍ෂක අනුරදිසා සිය ට්විටර් ගිණුමේ සටහනක් පල කර ඇත.

සමරිසි ප‍්‍රජාවගේ දුක් ගැනවිලි ආමන්ත‍්‍රණය කිරීමටත්, ඔවුන්ගේ ආරාක්‍ෂාව තහවුරු කිරීමටත් බලය ලත් ලේකම් කාර්යාලයක් ස්ථාපිත කරන බවද එහි දැක්වෙයි.

ශිශ්-ගුද පුවත් සේවය (27.08.2019)

***************************************

වහබ්වාදී උලමා සභාවේ බලහත්කාරය නවත්වන ක්‍රමය ඥානසාර හිමි කියති

(26.08.2019 – colombotoday.com)

වහබ්වාදී උලමා සභාවේ බලහත්කාරය නවත්වන තුරු මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන ලෙස සියලු සිංහලයන්ගෙන් තමන් වහන්සේ ඉල්ලා සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (25) නාඋල මහජන ක්‍රීඩාංගනයේ පැවති බොදු බල සේනා සමුළුවක් අමතමින් සඳහන් කර සිටියා.

මුහුණ වැසීම රජයෙන් තහනම් කල බවත් දෙහිවල මුජහිදීන් පල්ලියේදී උලමා සභාව ඇතුළු වහබ්වාදී කල්ලි රැස්වී මුහුණ වැසීම ඉවත් නොකරන බව පැවසූ බවත් ඔවුන්ගේ බලහත්කාරය නැවත්වීම සඳහා සියලු දෙනා එකතුවී මේ දේ සිදු කලයුතු බවත් උන්වහන්සේ අවධාරණය කර සිටියේය.

***************************************

හිස්බුල්ලාගේ ෂරියා ගිණුමේ කෝටි 443 ක් පිට-පිටම ඇදලා

(27.08.2019 – mawbima.lk)

ගිණුමට 2016 වසරේ සිට මේ දක්වා රුපියල් හාරසිය හතළිස් තුන් කෝටි හැට දෙලක්ෂ අසූ දෙදහස් හාරසිය විසිහයයි ශත හැත්තෑවක (4,436,282,426.70) මුදල් ප්‍රමාණයක් බැර වී ඇති අතර එයින් 3,640,939,488.72 මුදලක් අවස්ථා දෙකකදී සෞදි අරාබියේ Inheritance Ali Abdulla Aljufally Jedda නමැති ආයතනය විසින් බැර කර ඇති බවත් මෙම සියලු මුදලින් රුපියල් තිස්හයදහස් දෙසිය හතළිස් අටයි ශත හතළිස් අටක (36,248.48) ශේෂයක් මේ වනවිට එම ගිණුමේ ඉතිරි කර, රුපියල් 4,436,246,122.24 ක මුදලක් අවස්ථා අටසිය විසි අටකදී (828) ගිණුමෙන් ලබාගෙන ඇති බවත් මෙලෙස මෙම මුදල් ලැබී ඇති ආකාරය හා වියදම් කර ඇති ආකාරය පිළිබඳව විමර්ශනයක් සිදු කරන බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ ඊයේ (26 දා) ප්‍රකාශ කළේය.

එමෙන්ම ‘බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ්, බැටික්ලෝ කැම්පස් කොලේජ් ප්‍රයිවට් ලිමිටඩ්, මලික් අබ්දුල්ලා යුනිවර්සිටි ප්‍රයිවට් ලිමිටඩ්, යුනිවර්සිටි කොලේජ් බැටික්ලෝ හා ශ්‍රී ලංකා හීරා පදනම’ යන ආයතන නමින් සැකකටයුතු ලෙස ගිණුම් පවත්වාගෙන යන බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2019.07.22 දින වාර්තා එවා ඇති බවත් ඒ අනුව විමර්ශන සිදු කරන බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව බැංකු 13 ක වාර්තා ලබා ගැනීම සඳහා නියෝගයන් නිකුත් කරන මෙන්ද මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉකුත් අධිකරණ නියෝග මත ‘බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ්’ ආයතනයේ කොල්ලුපිටිය ලංකා බැංකුවේ අධිශ්‍රේණි ශාඛාවේ අංක 78445137 දරන ගිණුමට අදාළව ගිණුම් ප්‍රකාශ, හර හා බැරපත්, චෙක්පත්, මැන්ඩේට් පත්‍ර, අස්සන් කාඩ්පත් හා ගනුදෙනු කිරීමට බලය පවරා ඇති පුද්ගලයන් සම්බන්ධ තොරතුරු ලබාගත් බවත් එම විමර්ශනයන්ට අනුව මෙම ගිණුම 2016.01.04 දින ‘බැටික්ලෝ කැම්පස් කොලේජ් (පෞද්ගලික) සමාගම’ විසින් ශ්‍රී ලංකා රුපියල් මඟින් ගනුදෙනු කරන ජංගම ගිණුමක් ලෙස ආරම්භ කර ඇති බවත්, එම ගිණුම ආරම්භ කිරීම සඳහා එම සමාගම වෙනුවෙන් එහි සභාපති එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, අධ්‍යක්ෂ මොහොමඩ් හිරාඩ් හිස්බුල්ලා හා එම සමාගමේ ලේකම්වරුන්ද සම්බන්ධ වී ඇති බැව් හෙළි වූ බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

මෙම සමාගමේ වර්තමාන අධ්‍යක්ෂවරු වන මොහොමඩ් හිස්බුල්ලා, අහමඩ් හිරාත් හිස්බුල්ලා, මොහොමඩ් සහබ්දීන් මොහොමඩ් අක්‍රම් හා අහමඩ් මුෆ්රි යන අයගේ පමණක් කොළඹ කොටස් හුවමාරුවේ ¤¤¤ ගිණුම් පවත්වාගෙන යන බව අනාවරණය වී ඇති බවත් මොවුන් කොළඹ කොටස් හුවමාරුවේ ආයෝජන කටයුතු සඳහා යොදවාගෙන ඇති මුදල් සපයාගෙන ඇති ආකාරය හා එම මුදල් ලබාගත් ආකාරය පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මඩකළපුව පූනානි ජයන්තියාය ග්‍රාමයේ පිහිටි අක්කර 35 ක ඉඩමක් අංක 10/18, ලේක් ඩ්‍රයිව්, කොළඹ 08 ලිපිනයේ පවත්වාගෙන යන ‘ශ්‍රී ලංකා හීරා පදනම’ වෙත ලබාදී ඇති බවත් පසුව එම ඉඩම ‘බැටික්ලෝ කැම්පස්’ ආයතනය වෙත ලබාදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ බවත් ඒ අනුව මෙම ඉඩම බැහැර කිරීම සම්බන්ධව ඇති පාර්ශ්වකරුවන් වන මහවැලි අධිකාරියේ මහවැලි කලාපයේ නේවාසික කළමනාකරු සමන්ත තුෂාර, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ දික්වැල්ල ආරච්චිගේ අසන්ත උදය කුමාර, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ව්‍යාපෘති සංවර්ධන නිලධාරි හේරත්වාසල මුදියන්සේලාගේ වසන්ති රම්‍යලතා යන අයගෙන් ලබාගත් ප්‍රකාශ අනුව බොහෝ තොරතුරු හෙළිවූ බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු දැක්වීය.

ඒ අනුව හිස්බුල්ලා මහතාගේ ‘බැටික්ලෝ කැම්පස්’ ආයතනය ස්ථාපිත කර ඇති ඉඩම සම්බන්ධ බදු ගිවිසුම 2013 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම බදු ගිවිසුම ජනාධිපතිවරයා විසින් 2018 වර්ෂයේදී අස්සන් කොට ඇතැයිද සිදු කළ විමර්ශනවලදී හෙළි වූ බව මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

එමෙන්ම ‘ශ්‍රී ලංකා හිර්ජා පදනම’ පිළිබඳ සමාජසේවා දෙපාර්තමේන්තුවේ විමර්ශනයන් සිදුකළ බවත් එම පදනමේ ලියාපදිංචිය තහවුරු කිරීමට මුදල් අයැදුම්පත්‍රය සමඟ ගොනුව ඉදිරිපත් කිරීමට සමාජසේවා දෙපාර්තමේන්තුව මේ වන තෙක් අපොහොසත් වී ඇති බවත් ඒ පිළිබඳ වැඩිදුරටත් විමර්ශනයක් සිදුකරන බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

අංක 10/18 ලේක් ඩ්‍රයිව්, කොළඹ 08 ලිපිනයෙහි පවත්වාගෙන යන 2015.07.14 සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ¤¤¤ 106989 යටතේ ලියාපදිංචි කර ඇති ‘බැටික්ලෝ කැම්පස් කොලේජ් ප්‍රයිවඩ් ලිමිටඩ් සමාගම’ සම්බන්ධ විමර්ශනයක් සිදුකර ඇති අතර එහි අරමුණු ලෙස තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගයෙන් ජාතික වෘත්තීය සුදුසුකම් සහිත ඩිප්ලෝමා මට්ටමේ කාර්මිකයන් බිහිකිරීම, එය රජයේ හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යටතේ විද්‍යාලයක් ලෙස පිහිටුවීම හා ප්‍රාථමික හා ද්විතික අධ්‍යාපනය ලබා නොදීම යන කරුණු අනාවරණය වී ඇති බවත් පසුව ‘බැටික්ලෝ කැම්පස් කොලේජ් ප්‍රයිවට් ලිමිටඩ්’ ආයතනය ‘බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ්’ ලෙස වෙනස් කර එහි ව්‍යවස්ථාවද වෙනස් කරගෙන ඇති බවත් ඒ අනුව එහි අරමුණු දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම ලෙස එක්කරගෙන ඇති බවත් සිදුකළ විමර්ශනයන්වලදී හෙළිවූ බවත් දක්වමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු දැක්වීය.

එමෙන්ම අංක 10/18 ලේක් ඩ්‍රයිව්, කොළඹ 08 ලිපිනයේ පවත්වාගෙන යනු ලබන මෙම සමාගම පිළිබඳ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ තොරතුරු පරීක්ෂා කළ බවත් එහිදී 2014.12.10 එම සමාගම ¤¤ 2991 යටතේ ලියාපදිංචි කර ඇති බවත් එම සමාගම සීමිත සමාගමක් බවත් එහි ව්‍යවස්ථා අරමුණු ලෙස තරුණ හා නිපුණතා කටයුතු අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව වෘත්තීය පුහුණු හා තාක්ෂණ ආයතනය ස්ථාපිත කිරීම, දුප්පත් හා විවිධ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට හා දරුවන්ට උදවු කිරීම, දුප්පත් හා අඩු ආදායම්ලාභී අවශ්‍යතා ඇති ළමයින්ගේ හා තරුණයන් සඳහා අවශ්‍ය වෘත්තීය පුහුණුව නඟාසිටුවීම, දුප්පත් හා අඩු ආදායම්ලාභී පුද්ගලයන්ගේ පානීය ජලය, සනීපාරක්ෂාව, සෞඛ්‍ය පහසුකම් සඳහා මැදිහත් වීම, ජනතාවගේ සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහා උදවු කිරීම, ජාතික ආපදා හා සිවිල් ගැටුම්වලදී උදවු හා පුනරුත්ථාපන කටයුතු සඳහා ක්‍රියාකාරීව මැදිහත්වීම දක්වා ඇති බවට අනාවරණය වූ බව මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට ප්‍රකාශ කළේය.

සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය බැංකු 13 වෙත වාර්තා ලබා ගැනීම සඳහා නියෝග නිකුත් කළ අතර සියලුම විමර්ශනයන් සිදුකර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසද මූල්‍ය බුද්ධි ඒකකයට නියෝග කළාය ෴

+++++++++++++++++++++

අනිවාර්යයෙන්ම හිස්බුල්ලා හිරගෙට යන්න ඕනේ – පූජ්‍ය අතුරලියේ රතන හිමි

(27.08.2019 – 19:02 +0530 – sinhala.adaderana.lk)

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතාට සෞදි අරාබියෙන් මුදල් ලබාදීම සම්බන්ධයෙන් වන නඩුව විශේෂ නඩුවක් සේ සලකා ඉක්මණින් එහි කටයුතු ආරම්භ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඉල්ලීමක් කරයි.

අද(27) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ අවධාරණය කළේ කිසිසේත්ම බැටිකලෝ කැම්පස් ආයතනය විවෘත කිරීමට ඉඩ නොදෙන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රතන හිමියන් කියා සිටියේ, හිස්බුල්ලා මහතාගේ කෝටි එක්දාහස් 700 ගණනක මුදලක් ඔහුගේ ගිණුම්වල ඇති බවත්, ඒ මුදල් ලබා ගත් ආකාරය ගැන ගිණුම් වාර්තා සහිතව නඩුවක් ගොනු කර තිබු බවයි.

මේ නඩුව අධිකරණය තුළ විමර්ශනය කරන්නේ නැත්තේ යනුවෙන් ප්‍රශ්න කර සිටි උන්වහන්සේ, ත්‍රස්තවාදය සඳහා අවශ්‍ය පදනම සවුදියේ මුදල්වලින් නිර්මාණය වු බවත් කියා සිටියේය.

මේ මුදල් සම්බන්ධයෙන් තිබෙන ගැටළුව 2017 දී අගමැතිවරයා විසින් විශේෂ මුදල් පනතක් ලෙස විදේශීය මුල්‍ය පනත සම්මත කළ බවත් පැවසු රතන හිමියන්, මෙම පනතේ ඇති ද්‍රෝහිකම හේතුවෙන් අද දවසේ හිස්බුල්ලා ගෙන එන කිසිදු මුදලක් ගැන සොයා ගැනීමට නොහැකි වු බව පැවසිය.

ත්‍රස්ත විමර්ශන ඒකකය පවසන ආකාරයට මෙම ගිණුම තුළ මේ මොහොතේ ඉතිරිව ඇත්තේ රුපියල් 36,298 ක් පමණක් බවත් පැවසු රතන හිමියන්, මේ කාලය තුළ කෝටි 444 ක මුදල් එළියට ගෙන ඇතැයි ද සඳහන් කළේය.

මෙම නඩුව විශේෂ නඩුවක් ලෙස විභාග කිරීම ආරම්භ කරන ලෙසද රතන හිමිහන් පවසා සිටියේය.

ප්‍රශ්නය : ඔබවහන්සේලා කොච්චර කතා කළත් ජනවාරි බැටික්ලෝ කැම්පස් එක විවෘත කරනවා කියලා තමයි ඔවුන් කියන්නේ දිගින් දිගටම ?

පූජ්‍ය අතුරලියේ රතන හිමි : හිස්බුල්ලාට ඕන විදියට කැම්පස් විවෘත කල හැකි නම් මෙය රටක් නොවන බවත්, ජනවාරියේ මෙය කිසිසේත් ආරම්භ කිරීමට ඉඩ නොදෙන බවත් උන් වහන්සේ මෙයට පිළිතුරු දෙමින් පැවසීය.

සිදුව ඇති මුදල් වංචා සම්බන්ධයෙන් නිසැකයෙන්ම හිස්බුල්ලා සිරගත විය යුතු බවද රතන හිමියන් කියා සිටියේය.

+++++++++++++++++++++++++++++++++++

හකීම්ගේ ක්‍රියාකලාපය කැබ්නට් ඇමැතිවරු විවේචනය කරති

(27.08.2019 – 20:20 +0530 – lankadeepa.lk)

‘බැටික්ලෝ කැම්පස්’ ආයතනය රජයට පවරා ගන්නැයි යෝජනා කරමින් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික කාරක සභාවෙන් දුන් වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබදව අද (27) පැවති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් කිහිපදෙනෙකු ඇමැති රාවුෆ් හකීම් මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කර ඇතැයි වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් නොගෙන දවසින් දවස ප්‍රමාද කරන බවට ද ඇමැතිවරුන් කිහිපදෙනෙකු එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.

මෙම වාර්තාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට වාර්තාව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කර තිබියදී ඒ ගැන කමිටු පත්කරමින් කල්මරන බවටද ඇමැතිවරුන් චෝදනා කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති ඇමැති පාඨලී චම්පික රණවක මහතා බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් තීන්දුවක් නොගෙන ප්‍රමාද කිරිමෙන් සිදුවන්නේ තවත් සයිටම් විරෝධයක් වැනි තත්වයක් ඇති කර ගැනීම බව පවසා ඇත.

එබැවින් වහාම මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගත යුතු බවද ඇමැති රණවක මහතා පවසා ඇතැයි දැනගන්නට තිබේ ෴

***************************************

තවුහිද් ජමාත් සහ ජමාතේ මිලාතේ තවත් සාමජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

(27.08.2019 – 14:57 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු මත ජාතික තවුහිද් ජමාත් සහ ජමාතේ මිලාතේ ඉබ්‍රාහිම් සංවිධාන සමඟ සම්බන්ධව කටයුතු කළ පුද්ගලයින් දෙදෙනෙකු අම්පාර ප්‍රදේශයේදී පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් එක් අයෙකු මහනුවර – පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, අබු අනස් නැමති ඔහු නුවරඑළිය කඳවුරේ පුහුණුව ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු මාවනැල්ලේ පදිංචි හම්බන්තොට කඳවුරේ පුහුණුව ලැබූවෙකු වන අතර, ඔහුව හඳුන්වා ඇත්තේ අබු රාවා යන නාමයෙන් ෴

+++++++++++++++++++++++++++++++++++

ජමාතේ ඉස්ලමික් සංවිධානයේ ලොක්කා අත්අඩංගුවට

(27.08.2019 – 07:36 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල – මුරුතවෙල ප්‍රදේශයෙන් පසුගිය දා අත්අඩංගුවට ගත් 60 හැවිරිදි රෂීඞ් අක්බාර් නැමැති පුද්ගලයා ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලමික් සංවිධානයේ නායකයා බවට අනාවරණ වී තිබෙනවා.

දැනට ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ පසුවන අතර, ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසුවයි මේ පිළිබදව අනාවරණ වී ඇත්තේ. එමෙන්ම, ඔහු මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියට ප්‍රධාන සැකකරු බවට ද අනාවරණ වී ඇති බව සඳහන්.

මීට අමතරව ඔහු තවත් රටවල් කිහිපයක් සමඟින් සමීප සබඳතා පවත්වා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

තහනම් සංවිධානවලට ආධාර අනුබල දීමේ චෝදනාවට මෙම සැකකරු මාවනැල්ල – මුරුතවෙල ප්‍රදේශයේදී පසුගිය 25 වන දා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා ෴

***************************************

පහත්ගම පස් ව්‍යාපාරිකයා ඝාතනයට පෙර, දුරකථනයෙන් මරණ තර්ජන

(27.08.2019 – 12:50 +0530 – hirunews.lk/sinhala)

හංවැල්ල – පහත්ගම – විද්‍යාල මාවතේ පිහිටි නිවසක් තුළ දී වෙඩි තබා ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයාට සිද්ධිය වූ දින උදෑසන කාලයේදී කිසියම් පුද්ගලයෙකු දුරකථනයෙන් මරණ තර්ජන සිදුකර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

පෙරේදා රාත්‍රියේ මුහුණු ආවරණය කර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් තිබූ අතර, ඉන් 43 හැවිරිදි විජිත් ප්‍රේමලාල් හෙවත් සුමේධ නැමති ව්‍යාපාරිකයාගේ රියදුරු ද ජීවිතක්ෂයට පත්වුණා.

අදාළ ව්‍යාපාරිකයා අවිස්සාවේල්ල හා කඩුවෙල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පස් කපා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

එසේම ඔහු මීට වසර කිහිපයකට පෙර සිදුවූ පුද්ගල ඝාතනයක සැකකරුවෙකු ද වන බවයි විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ.

සැකකරුවන් නිවසට පැමිණි අවස්ථාවේ ව්‍යාපාරිකයාගේ බිරිඳ, ඇගේ මව සහ සහෝදරයා මෙන්ම තවත් දරුවෙකු ද නිවසේ රැදී සිට තිබෙනවා.

ඔවුන් එම කාන්තාවගේ සහෝදරයා කැදවා තවත් පුද්ගලයෙකුට වීඩියෝ දුරකථන ඇමතුමක් ලබාදී විමසා ඇත්තේ මේ, එම පුද්ගලයා ද යන්නයි. එහිදී දුරකථනයට සම්බන්ධ වූ අය මොහු එම පුද්ගලයා නොවන බවට ප්‍රකාශ කර ඇති බව සඳහන්.

අනතුරුව මොවුන් මිය ගිය ව්‍යාපාරිකයාගේ බිරිඳගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කර ඇත්තේ දරුවාට අසනීප බව පවසා කඩිනමින් සැමියා නිවසට කැදවන ලෙසයි.

අනතුරුව මිය ගිය පුද්ගලයින් නිවසට පැමිණෙන තුරු එහි රැදී සිටි සැකකරුවන් ඔවුන් දෙදෙනා නිවසට පැමිණීමේදී වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා ඇති අතර, දුරකථන පණිවුඩ දත්ත උපයෝගී කර ගනිමින් සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවයි පරීක්ෂණ සිදුකරන උසස් පොලිස් නිලධාරියා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, බදුරලිය – තරුණ ගොවි ජනපදය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මිය ගිය පුද්ගලයා සහ තවත් අයෙකු අතර ඊයේ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 72 හැවිරිදි පන්දොල – කෙලින්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඝාතනය සිදුකළ 59 හැවිරිදි සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

එජාපයේ අර්බුදය කිසිවෙකුටත් විසඳිය නොහැකියි

(27.08.2019 – 10:52 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂය තුල පවතින අර්බුදය සහ බෙදීම කිසිවෙකුටත් විසඳිය නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ අදහස් පළකළේ මාතර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++

26-08-2019

***************************************

තමන් සමස්ත ජාතියේම හමුදාපතිවරයා බව නව යුද හමුදාපති කියයි

(26.08.2019 – 20:13 +0530 – hirunews.lk/sinhala)

තමන් එක් ජනවර්ගයක් සඳහා නොව සමස්ත ජාතියේම හමුදාපතිවරයා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කොළඹ පැවැත්වීමට නියමිත කොළඹ ආරක්ෂක සමුළුව පිළිබද දැනුවත් කිරීම සදහා අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තමාට එල්ල වන චෝදනාවලට ද ඔහු පිළිතුරු ලබාදුන්නා.

***************************************

විල්පත්තුව ගැන තවත් අනාවරණයක්

(26.08.2019 – 19:19 +0530 – hirunews.lk/sinhala)

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පවතින ශාන්ත අන්තෝනි දේවස්ථාන පරිශ්‍රය පුළුල් කිරීමේ උත්සාහයක් හේතුවෙන් රක්ෂිතයේ ජෛව විවිධත්වයට හානි සිදුවෙමින් පවතින බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය චෝදනා කරනවා.

ඊට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවටයි කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සඳහන් කළේ.

***************************************

දිස්ත්‍රික්ක 4 ක ඉඩම් විකිණීමට හැකි පනතක් ගැන ඒකාබද්ධයෙන් හෙළිදරව්වක්

(27.08.2019 – 16:58 +0530 – sinhala.adaderana.lk)

මෙරට දිස්ත්‍රික්ක හතරක ඉඩම් දේශිය හා විදේශිය ආයෝජකයින්ට විකිණිය හැකි වන ලෙස සකස් කළ පනත් කෙටුම්පතක් පසුගිය සතියේ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

එලෙස ඉදිරිපක් කළ පනත් කෙටුම් පත ශ්‍රි ලංකා රුහුණ ආර්ථික සංවර්ධන සංස්ථාව නම් පනත් කෙටුම්පත බවත් එම පනත් කෙටුම්පත තුළින් රජයේ සහ පුද්ගලික අංශයට අයත් ඉඩම් දේශිය හා විදේශිය ආයෝජකයින්ට විකිණිය හැකි වන ලෙස සකස් කළ ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

අද (27) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ එම පනත් කෙටුම්පතට එරෙහිව අද දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන බවයි.

මේ අතර මිලේනියම් චැලේන්ජ් වැඩසටහන තුලින් 2050 දී එම ඉඩම් අයිතිය විජාතිකයින්ට හිමිකර ගැනීමට සැලැස්මක් සකස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *