අගමැති සෝෆා ගිවිසුම එළියට දමයි

(10.07.2019 – nethnews.lk)

රටේ ස්වෛරීත්වයට හෝ පරමාධිපත්‍යට හානි වන කිසිදු යෝජනාවකට කිසි විටකත් එකග නොවන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මතභේදයට ලක්ව ඇති සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. සෝෆා ගිවිසුම මගින් අමෙරිකාවට ලැබෙන බව කියන වරප‍්‍රසාද කිහිපයක් පිළිබද සහ මෙම ගිවිසුමට අදාලව ආණ්ඩුවේ ස්ථාවරය පිළිබද මන්තී‍්‍රවරයා මෙහිදී පැහැලිදි කිරීමක් ඉල්ලා සිටියා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මීට පිළිතුරු ලබා දුන්නේ සෝෆා ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ද කටයුතු කරමින්.

සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් ඇතැම් අය මතුකරන සැක සංකා ව්‍යාජ ඒවා බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදි කියා සිටියා.

සාකච්ඡාවලදී ඉදිරිපත් වී ඇති එකග විය නොහැකි යෝජනා මොනවාදැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා අග‍්‍රාමාත්‍යවරයාගෙන් මෙහිදී වැඩිදුරටත් විමසා සිටියා. පසුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊටද ප‍්‍රතිචාර දැක්වූවා.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කෙරුණු ආණ්ඩු විරෝධි විශ්වාසභංග යෝජනාව පිළිබද විවාදය ද පාර්ලිමේන්තුවේදී අද ආරම්භ වුණා. මෙම විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව පරාජය කර පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් ද ගෙන ඒම සිය අපේක්ෂාව බවයි එහිදි අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ.

ආණ්ඩුව වෙනුවෙන් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම විවාදයට එක් වුණා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර මහතා ද මෙම විවාදයට එක්වෙමින් අදහස් දැක්වූවා.

විශ්වාසභංගය පිළිබද පාර්ලිමේන්තු විවාදය හෙටත් පැවැත්වෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

ඇමති මංගලට චෝදනාවක් : මංගල කියන්නේ මේ ආණ්ඩුවේ ඉන්න දූෂිතම ඇමති කෙනෙක්

(10.07.2019 – 18:53 +0530 – hirunews.lk/sinhala)

සෝෆා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පසුපස සිටින්නේ අමාත්‍ය මංගල සමරවීර බව සමගි බලවේගය සංවිධානයේ සභාපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

පාර්ලිමේන්තුවෙත් ගල් පැලෙන බොරු කියන අගමැති කෙනෙක් තවදුරටත් තියා ගන්නවා ද? – විමල් වීරවංශ (11.07.2019)

***************************************

මයික්‍රෝවේව් උඳුන් නිෂ්පාදනය හා අලෙවි කිරීම සඳහා වාරණයක් දැමීමට ලෝක ප්‍රජාවේ අවධානය

(11.07.2019 – mawbima.lk)

මයික්‍රෝවේව් උඳුන් හේතුවෙන් ශරීර සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ. මේ වන විට මයික්‍රෝවේව් උඳුන් නිෂ්පාදනය, භාවිත කිරීම හා අලෙවි කිරීම සඳහා වාරණයක් දැමීමට ලෝක ප්‍රජාවේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව මේ වන විට ජපාන රජය මයික්‍රෝවේව් උඳුන් භාවිතය තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර භාවිත කරන්නන්ට දඩ හා දඬුවම් නියම කිරීමට යොමු වී ඇති බවද වාර්තා වේ. මේ හේතුවෙන් මේ වන විට එරට මයික්‍රෝවේව් උඳුන් නිෂ්පාදනය නතර වී ඇති අතර එම නිෂ්පාදන කර්මාන්තශාලා ආදියද මේ වන විට වසා දමා ඇති බව වාර්තා වේ.

එරට හිරෝෂිමා විශ්වවිද්‍යාලය කළ පර්යේෂණයකින් පවා තහවුරු වී ඇත්තේ මයික්‍රෝවේව් උඳුන් භාවිතය හිරෝෂිමා. නාගසාකි හි පරමාණු බෝම්බයටත් වඩා හානිකර බවය. එසේම පිළිකා වැළැක්වීම පිළිබඳ කාෂිරා පිළිකා මධ්‍යස්ථානයේ පැවැත්වූ සමුළුවක් අවසානයේ නිකුත් කළ නිර්දේශයන් අතරද මයික්‍රෝවේව් උඳුන් භාවිතය පිළිකාවලට අතවැනීමක් බව සදහන් කර ඇත.

මයික්‍රෝවේව් කිරණවලට නිරාවරණය වීමෙන් ලේවලටත්, ලේ නහරවලටත් බලපෑම් සිදුවන බවත් ඇසේ සුද ඇතිවීම වැනි අක්ෂි රෝගවලට ගොදුරු වීමට මේ කිරණ බලපාන බවත් මේ වන විට සොයාගෙන තිබේ.

එසේම මයික්‍රෝවේව් උඳුනක රත් කරන ලද ආහාරවල සෞඛ්‍යයට අහිතකර විකිරණ සහ කම්පන සහිත බවද වාර්තා වේ. මයික්‍රෝවේව් උඳුනෙන් ශරීර සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ලවන බව තහවුරු වීමෙන් අනතුරුව දකුණු කොරියාවද 2021 වර්ෂය වන විට සම්පූර්ණයෙන්ම මයික්‍රෝවේව් උඳුන් නිෂ්පාදනය නතර කිරීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

එසේම චීනයද වර්ෂ 2023 වන විට මේ තාක්ෂණය අතහැර දැමීමට සැලසුම් කරමින් සිටින බවට විදෙස් වාර්තා සඳහන් කරයි.

– හර්ෂනී අර්සකුලරත්න

+++++++++++++++++++++

මයික්‍රෝවේව් උඳුන් භාවිතය ඇත්තටම හොඳ නැද්ද ? මෙන්න..සියල්ල දැන ගන්න
http://niroga.lk/microwave/

***************************************

ජිනීවා අභියෝගය ජය ගැනීමට නම් මේ නිවට ආණ්ඩුව පලවා හැරිය යුතුයි

(11.07.2019 – mawbima.lk)

ජිනීවා මානව හිමිකම් අභියෝගය ජය ගන්නට වත්මන් නිවට ආණ්ඩුව පලවාහැරිය යුතු බවත් ඊළඟට බලයට පත්වන ආණ්ඩුව 30/1 යෝජනාවලින් ඉවත්විය යුතු බවත් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පැවැසීය.

හෙතෙම එම අදහස් පළ කළේ පෙරේදා (09දා) ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාව රාජගිරියේ දී පැවැත්වුණු මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.

එහිදී බැල්ලන්තුඩාව මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය :

“ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාව මෙවරත් ජිනීවා ගිහිල්ලා අපේ රණවිරුවන් වෙනුවෙන් කතා කරනවා. මේ ආණ්ඩුව සම දායකත්වය ලබාදුන් රණවිරුවන් දංගෙඩියට යවන 30/1 යෝජනාවට එරෙහිව කතා කරනවා. ඒ වගේම අපි ජනාධිපතිතුමන්ට කියනවා මේ කරුණු ගැන සොයා බලා රණවිරුවන්ට සාධාරණයක් කරන්න කියලා. එතකොට තමයි රණවිරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුන්ගේ ඇහැට සතුටු කඳුළක් එන්නේ.

මෙවර ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමේ 41 වැනි සැසිවාරයට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාව නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගි වෙනවා. අපි මෙවර සමාන්තර සැසිවාරයක් සහ මහ සභාව අමතා කෙටි දේශන හතක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

රට වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය කළ යුතු වගකීමට තමා අප උරදී සිටින්නේ. 2015 ජනවාරි 08දා බලයට පත් වුණු මෛත්‍රිපාල – වික්‍රමසිංහ ආණ්ඩුව අත් දෙක උස්සලා දණගහලා ස්වෛරී රටක් හැටියට තිබූ අපගේ ස්වාධිපත්‍යය සහ රණවිරුවන් පාවා දීලා තමා 30/01 යෝජනාවට සම දායකත්වය දැක්වූයේ. 30/01 යෝජනාවෙන් පැහැදිලිව උපදෙස් දීලා තියෙනවා අපේ හමුදාව ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. ඒකට බ්‍රිතාන්‍යය පවුම් දහස් ගණනාවක් වියදම් කරනවා. අපේ හමුදාව ප්‍රතිව්‍යුහගත කරන්න ඇමෙරිකාවට, බ්‍රිතාන්‍යයට තියෙන අමාරුව මොකක්ද? බුද්ධි අංශ දුර්වල කරලා යුද්ධයට නායකත්වය දුන්න රණවිරු නායකයන්ට දඬවුම් කරන්න මේ යෝජනාවලියෙන් අපි බැඳී ඉන්නවා. එක්නැලිගොඩගේ සිද්ධිය, කීත් නොයාර් හා උපාලි තෙන්නකෝන් සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. අවුරුද්දකට වඩා රඳවලා තිබ්බා. අවුරුදු 4 ක් ගිහිල්ලා තාම නඩුවක් දාගන්න බැරි වුණා. ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදය පරාජයට පත් කරපු හමුදාව මෙහෙම අඩපණ කිරීමේ අවසාන අරමුණ ශ්‍රී ලංකාව අනාරක්‍ෂිත දුර්වල රාජ්‍යයක් කිරීමයි.

අපේ නිවට ආණ්ඩුව මෙහෙම කරන කොට තෙරේසා මේ බ්‍රිතාන්‍ය අගමැතිතුමිය ඉරාකයේ යුද අපරාධ චෝදනා ලබපු බ්‍රිතාන්‍ය සෙබළුන්ට වන්දිත් දීලා පරිස්සම් කළා. ‘බ්රෙක්සිට් පාර්ට් 2’ කියලා තෙරේසා මේ යුරෝපා මානව හිමිකම් නීතියත් පයින් ගහලා විසි කළා.

30/01 යෝජනාවලියත් ඊට පස්සේ ආපු 40/01 යෝජනාවෙනුත් අපිට බල කළා ත්‍රස්තවාදය අවසන් කිරීමේ පනත අහෝසි කරන්න කියලා. ඒ එකඟතාව නිසා තමා රනිල් වික්‍රමසිංහ සෑහෙන්න මහන්සියක් ගත්තේ ප්‍රතිත්‍රස්ත පනත ගේන්න. මහ සංඝරත්නයේ හා ජාතික සංවිධානවල විරෝධතාව මත ඒ පනත අන්තිම මොහොතේ අකුළ ගත්තත් ආයේ කොයි මොහොතේ හරි ඒක ගේනවා මේ ආණ්ඩුව.

මෛත්‍රිපාල – වික්‍රමසිංහ ආණ්ඩුව බුද්ධි අංශ අඩපණ කරලා හමුදාව දුර්වල කරපු වටපිටාවක තමා සහරාන්ගේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වෙන්නේ. මේ සියලුදේට මූලය වුණේ මේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය වෙච්ච 30/01 යෝජනාවලියයි. ඒ නිසා ජිනීවා යෝජනාව පරාජයට පත් කරන සටන් බිම වෙන කොහෙවත් නෙවේ. මේ මවුබිම තුළමයි. ඒ සටනට භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ සියලු ජනතාව පෙරට ආ යුතුයි.

රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා :

“අපි දැක්කා මීට දවස් 2 කට පමණ පෙර මාධ්‍ය හමුවක් තියලා මංගල සමරවීර ඇමැතිතුමා කියනවා මේ ආණ්ඩුව රණවිරුවන්ට හොඳට සැලකුවා කියලා. පඩි වැඩි කළා කියලා. පසුගිය ආණ්ඩුවට වඩා රණවිරුවන්ට ගෞරව කළා කියලා.

එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක්. අද වනතුරු ජනාධිපතිවරයා පොරොන්දු වුණත් ආබාධිත රණවිරුවන්ට අවුරුදු 55 පස්සේ ඔවුන්ගේ වැටුප ලැබෙන්නේ නැහැ. මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් අවුරුදු 55 න් පස්සේ වැටුප ලැබෙන්නේ නැහැ.

මේ රජය තමා ආබාධිත රණවිරුවන් තමන්ගේ වැටුප ගැන උද්ඝෝෂණය කරන කොට කඳුළු ගෑස් ගහලා ප්‍රහාර එල්ල කළේ.

ඒ වගේම තමා මේ මංගල සමරවීර ඇමැතිවරයා අග්‍රාමාත්‍යවරයාගේ අනුදැනුම මත ජිනීවා නුවර රණවිරුවන් යුද අපරාධ කළා කියලා රණවිරුවන් නොකරපු වැරැදි ජිනීවාවල පිළිඅරගෙන රණවිරුවන්ට එරෙහිව ගෙන ආ යෝජනාවට සම අනුග්‍රහය ලබාදුන්නේ.”

***************************************

USAID වුවමනාවට කම්කරු නීති 4 ක් අහෝසි කරන්න පිඹුරුපත් හදලා

(11.07.2019 – mawbima.lk)

ඇමෙරිකානු ආධාර ආයතනයේ (USAID) ව්‍යාපෘතියක වුවමනාවට ආණ්ඩුව කම්කරු නීති හතරක් සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට පිඹුරුපත් සකසා ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා චෝදනා කරයි.

ඒ අනුව පඩිපාලක සභා ආඥා පනත, (ආයතන 43 ක් ඇතුළත්) සාප්පු හා කාර්යාල සේවක පනත, තරුණ කාන්තා හා තරුණයන් රැකියාවේ යෙදවීමේ පනත සහ ගර්භණී කාන්තාවන්ගේ පහසුකම් ලබාදීමට අදාළ පනත යන පනත් හතර සම්පූර්ණයෙන් අහෝසි වන බව සමරසිංහ මහතා පැවැසීය.

කම්කරු රාජ්‍ය ඇමැති රවීන්ද්‍ර සමරවීර විසින් මීට අදාළ කැබිනට් පත්‍රිකාව 2018 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ඇමැති මලික් සමරවික්‍රමගේ වුවමනාවට බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඒ මහතා පැවැසුවේ මෙම කම්කරු අණපනත් අහෝසි කිරීමට එරෙහිව වෘත්තීය සමිති ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන විට එවැනි දෙයක් ක්‍රියාත්මක නොවන බව පවසා ඊට මාස හතරකට පසු මෙය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් මීට එරෙහිව රාජ්‍ය, අර්ධ රාජ්‍ය. වතු, පෞද්ගලික යන වෘත්තීය සමිති පෙළගස්වන බවත්ය.

ඔහු මේ බව පැවැසුවේ ඊයේ (10 දා) මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Just be careful about this “sofa” agreement document. Ranil is good at faking the dcoument released to the public while keeping the actual agreement in his hands. Do not be misled, look at the dates, details and appendices. Always remember, Ranil was the one that had a secret agreement with Norwegians to divide the country and give half to Prabhakaran. I would not ever trust Ranil to keep the country independent and unitary. All beware!!!

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *