හෝටල් 3 ක බෝම්බ පුපුරලා එකක විතරක් පිපිරුවේ නැත්තේ ඇයි? දයාසිරි කමිටුවෙන් ප්‍රශ්න කරයි

(10.07.2019 – 15:44 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනා තොරතුරු දැන සිටි බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් ප්‍රතික්ෂේප කරයි.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බ පිපිරීමක් සිදු නොවීම පිළිබඳ තමාටද ගැටළුක් පවතින බවත් එය ජනතාවටද ගැටළුවක් බව නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙයි.

පසුගිය පාස්කු දින ප්‍රහාරයෙදී ලංකාවේ හෝටල් දෙකක බෝම්බ පිපිරීමටත් තවත් හෝටලයක් තුළ බෝම්බ පිපිරීමක් සිදු නොවීමටත් හේතුව පාර්ලිමෙන්තු කාරක සභාව විසින් සොයා බැලිය යුතු බව ඒ මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බ පිපිරීමක් සිදු නොවීම පිළිබඳ නිසි සොයා ගැනීමක් සිදු නොකර ඇති බවයි.

මන්ත්‍රීවරයා අනුව මේ වන විට කාරක සභාවේ සාමාජිකයින් විසින් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන අතර දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව කාරක සභාවේ වැඩි අවධානයක් යොමුව තිබේ.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බ පිපිරීමක් සිදු නොවීමට කිසියම් කාරණයක් හේතුවූ බව මන්ත්‍රීවරයා 360 වැඩසටහනේදී සදහන් කර තිබුණි.

ටි.වි.දෙරණ ඔස්සේ විකාශය වු 360 කාලීන සජීවි සංවාදී මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධව මන්ත්‍රීවරයාගෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද දින ප්‍රශ්න කරයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

හිටපු නීතිපති අත්අඩංගුවට ගන්න ඕන නැද්ද?

(10.07.2019 – 21:34 +0530 – sinhala.adaderana.lk)

වසර දෙකකට පෙර සහරාන් පිළිබඳ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ඉදිරිපත් කළ ලිපිගොනුව සම්බන්ධයෙන් පියවර නොගැනීමට එරෙහිව හිටපු නීතිපතිවරයාට ක්‍රියාමාර්ග ගත යුතු බව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසයි.

උන්වහන්සේ අද (10) නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවී ඒ ගැන විමසා සිටියේය.

සිංහල රාවය සංවිධානය මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව පැවසීය.

“සහරාන් හා අනුගාමිකයින්ගේ ත්‍රස්තවාදී ක්‍රියා ගැන. ලිපිගොනුවක් 2017 දී නීතිපතිට එවලා. ඊට උපදෙස් ලබා නොදුන්නේ ඇයි. පොලිස්පති හා හිටපු ආරක්ෂක ලේකම් අත්අඩංගුවට ගන්න නීතිපති දෙපාර්ත්මේන්තුව නියෝග නිකුත් කරනවා.

හිටපු නීතිපතිතුමා අත්අඩංගුවට ගන්න ඕන නැද්ද? හිටපු ආරක්ෂක ලේකම්ට චෝදනාව තියෙන්නේ තොරතුරු දැනගෙන ඊට ක්‍රියාමාර්ග නොගැනීම. එතුමන්ලාට ඒ තොරතුරු එන්නේ 2019 වසරේ.

නීතිපතිට මේ වාර්තාව එන්නේ 2017 වසරේ. මෙය සඟවා තියෙන්නේ කාව රකින්නද? ලිපි ගොනුවට මොකද වුණේ කියලා රටට කියන්න.”

සහරාන් සම්බන්ධයෙන් ත්‍රස්ථ විමර්ශන කොට්ඨාසය 2017 වසරේදී නීතිපති උපදෙස් සඳහා ඉදිරිපත් කළ ලිපිගොනුව සම්බන්ධයෙන් ගැනුණු පියවර පිළිබඳ කරුණු විමසා පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අද නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය.

+++++++++++++++++++++

***************************************

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයාගේ ජයග්‍රහණය නියතයක්

(10.07.2019 – 20:12 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ ජයග්‍රහණය නියතයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂනායක කාර්යාලයේ අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදීය.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ආණ්ඩුවේ වියදමින් ආරම්භ කර ඇති බවයි.

ලංකාවේ දුප්පත්කම නැතිකිරීමේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වුණ සමෘද්ධි ව්‍යාපාරය මේ වන විට ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින්ට පමණක් සහනාධාර ලබා දෙන ව්‍යාපෘතියක් බවට පත්කර ඇති බවද මන්ත්‍රීවරයා පවසයි.

+++++++++++++++++++++

***************************************

මහා සංඝරත්නය තමයි අනාගතේ රට යන අත තීරණය කරන්නේ – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

(09.07.2019 – 14:51 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය පාලනය සඳහා නොවෙනස් වන ඒකීය ප්‍රතිපත්තියක් සකස් කර ගැනීම සඳහා ජාතික විද්වත් භික්ෂු සංසදය විසින් පත් කරන ලද කොමිෂන් සභාවේ පස්වැනි ජනතා හමුව අද (09) පැවැත් විය.

අද එම කොමිසම හමුවේ අදහස් දැක්වූයේ විවිධ භික්ෂු සංවිධාන නියෝජනය කරන භික්ෂූන් වහන්සේයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් කියා සිටියේ, අතීතයේ සිට වසර 2500 ක් පැරණි ඉතිහාසය පුරා සමාජයේ සැබෑ නියාමකයින් බවට පත්ව ඇත්තේ භික්ෂූන් වහන්සේ බව ද පැවසීය.

අනාගතයේ දී රටේ අනාගතය ගමන් කරන්නේ කොයි පැත්තට ද යන්න තීරණය කරනු ලබන්නේ, භික්ෂූන් වහන්සේලා බවත් ඔවුන්ගේ අදහස්වලින් තොරව කිසිදු දෙයක් සිදු කළ නොහැකි බව ද අභයතිස්ස හිමියන් පැවසීය.

එවැනි ක්‍රියාවලියක් නැතිව දස පනතේ ඇති කරුණු උපාය මාර්ගිකව ඉදිරිපත් කළ නොහැකි බව ද උන්වහන්සේ සඳහන් කළේය.

ජනතා සම්මුතියකින් තොරව, පාලනයට පැමිණ රට කඩා විසුරුවන පාලකයින්ට වඩා ජනතාව සමඟ සම්මුතියකින් බැඳුන පාලකයින් පත් කර ගත යුතු බව ද උන්වහන්සේ පැවසීය.

මෙම කොමිෂන් සභාවේ දී අදහස් දක්වමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසා සිටියේ, අගමැතිවරයා ලංකාවේ පැල්පත් නිවාස නැති බව පසුගිය දා පවසා ඇති බවත්, සංචාරකයින්ගේ උවමනාව මත පමණක් කීපයක් ඇති බව පවසා ඇති බවයි.

මෙම පුද්ගලයින් ලංකාවේ ඉන්න පුද්ගලයින් ද යන්න අද වෙන විට ගැටළුවක් වී ඇතැයි ද සෝභිත හිමියන් පැවසීය.

එනිසා මෙම පාලකයින් ගෙන්වා භික්ෂූන් සමඟ මුහුණට මුහුණ සාකච්ඡා කළ හැකි වාතාවරණයක් සැකසිය යුතු බව ද උන්වහන්සේ මෙහිදී කියා සිටියේය.

තවදුරටත් මෙම අවස්ථාවට එක් වු පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පැවසුවේ, සියම් මහා නිකායේ පාර්ශව 6 ක් එකතු වීමට සාකච්ඡා කරමින් සිටින බයයි.

කෙසේ වෙතත් මෙහිදී අදහස් දක්වමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසා සිටියේ, මෙම ප්‍රහාරයන් පිටුපස ලෝක බලවතුන් සිටිනවා ද යන්න පිළිබඳව සංවාදයක් තුළින් සම්මුතියකට පැමිණිය හැකි බවයි.

ඒ තුළින් පමණක් මෙයට උත්තරයක් සොයා ගත හැකි බවත් පැවසු උන්වහන්සේ, අද වන විට ලෝකයේ බල අරගලය ආරම්භ වී ඇත්තේ ආසියාවේ චීනයේ හා ඇමෙරිකාව අතර බව ද පැවසීය.

එය ඉතා දරුණු අරගලයක් බවත්, ඕමානයේ සිට පකිස්තානයකට බිලියන 50 චීනය ආයෝජනය කල බවත්, පසුව පාකිස්ථානය පුරා බෝම්බ පිපිරුණු බව ද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.

අද චීන්නුත් එක්ක සටහන් කරන්න කිසිවෙකුට හැකියාවක් නැති බවත්, එවන් පසුබිමක ඕනාවට වඩා චීනයට ගැති වුවහොත් එහි බලපෑම නිසැකයෙන්ම අපට ලැබෙන බව ද රතන හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.

+++++++++++++++++++++

***************************************

ජනාධිපතිගේ සංශෝධනත් නොතකා ඉඩම් සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්න ආණ්ඩුව සුදානම් – දයාසිරි ජයසේකර

(09.07.2019 – 14:50 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරයාගේ සංශෝධනද නොතකා ඉඩම් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (09) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීයී.

කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් නොමැතිවම අදාල පනත ඇතුලත් ගැසට් පත්‍රය 2019.03.22 වනදා නිකුත් කර ඇති බවද මන්ත්‍රීවරයා පවසයි.

මෙම පනත වසර 7ක් සඳහා ක්‍රියාත්මක වීමට නියමිතව තිබු අතර එයට ජනාධිපතිවරයා විරෝධ වු බවත් ඒ සඳහා සංශෝධන ඉදිරිපත් කළ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මෙම කෙටුම්පත එළබෙන 12 වනදා පාර්ලිමේන්තුවෙදි දෙවනවර කියවීම සිදු කිරීමට නියමිත බවට වාර්තා වී ඇති බවද මන්ත්‍රීවරයා පවසයි.‍

අදාල ඉඩම් සංවර්ධන ආඥා පනතේ ඉඩම් ප්‍රධාන විශේෂ විදි විධාන පනත සංශෝධනයට විරුද්ධව මේ වන විටත් නඩුවක් ක්‍රියාත්මක වෙමින් පවතින බවදත් එසේ තිබියදි ආණ්ඩුව මෙලෙස කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

+++++++++++++++++++++

රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් පාර්ශවයේ කරුණු දැක්වීම අනිද්දට (11)

(09.07.2019 – 15:39 +0530 – sinhala.adaderana.lk)

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලුවේය.

බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙනිය යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම සලකා බැලීම සිදු කෙරුණේය.

මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් සිසිර ජයකොඩි සහ උදය ගම්මන්පිල යන ඒකාබද්ධධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම නීතීඥ ප්‍රේම්නාත් දොලවත්ත මහතා සහ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින්ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබුණේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරීම සිදුකළ අතර වැඩිදුර කරුණු දැක්වීම අනිද්දාට (11) කල් දැමුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ විදේශිකයින්ට මෙරට භූමියේ අයිතිය පවරා දීම සඳහා වත්මන් රජය විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

මෙම පනත් කෙටුම්පත හරහා මෙරට පවතින ඕනෑම ඉඩමක් නිදහසේ විකුණා දැමීමට ජනතාවට අවකාශ සැලසෙන බව පෙන්වා දෙන ඔවුන් එය දැඩි අනතුරුදායක තත්ත්වයක් බව කියා සිටියි.

ඉඩම් විෂයට අදාළ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දිවයිනේ සියලු පළාත් සභා වලින් ඒ පිළිබඳව අදහස් ලබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිදුකළ යුතු අත්‍යවශ්‍ය කටයුත්තක් වුවද එසේ පළාත් සභාවලින් අදහස් ලබා ගැනීමට රජය කටයුතු කර නොමැති බව ඔවුන් චෝදනා කළේය.

ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි ලෙස ඉදිරිපත් කර තිබෙන මෙම පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයකින් මූලික අයිතීන් උල්ලංඝනය වන බව පෙන්වාදෙන පෙත්සම්කරුවන් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලා තිබේ ෴

+++++++++++++++++++++

***************************************

මහින්ද ගැන ‘කරුණා අම්මාන්’ ගෙන් සහතිකයක්

(10.07.2019 – 20:07 +0530 – sinhala.adaderana.lk)

ත්‍රස්තවාදය පාලනය කළ හැක්කේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, විපක්ෂ නායකවරයා සමග අද (10) පැවති හමුවකදියි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී අද පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහද් දැක්වූ විනයාගමූර්ති මුරලිදරන් මහතා මේ පවැසීය.

“මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය ඉවර කළාට පස්සේ රටට බෝම්බ ප්‍රහාර එල්ල වුණේ නැහැ. මේ රජය ආවට පස්සේ එයාලා වෙන වෙන දේවල්වලට අවධානය යොමු කරලා ජාතික ආරක්ෂාව ගැන බැලුවේ නැහැ.

හමුදා බුද්ධි අංශ විනාශ කළා. හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් බෝම්බ ප්‍රහාර එල්ල වෙනවා. කටුවාපිටියේ, මඩකලපුවේ ප්‍රහාර වලින් වැඩිපුර මැරුණේ දෙමල මිනිස්සු.

මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා එයි කියලා. දැන් කතාවක් පැතිරෙනවා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයට තරග කරනවා කියලා.

මමත් ඒක පිළිගන්නවා. මිනිස්සු විශ්වාස කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා විතරයි. ඔහුට විතරයි ත්‍රස්තවාදීන් පාලනය කරන්න පුළුවන්. මිනිස්සුන්ට දැන් සල්ලි නැහැ. ඒ නිසා සියදිවි නසාගන්නවා. ගිහින් බලන්න උතුරේ හා නැගෙනහිර අද තත්ත්වය.

මේ දවස්වල මඩකලපුවේ උත්සවයක් තියෙනවා. මිනිස්සු බයයි ඒකට සහභාගි වෙන්න. මට මේ වෙලාවේ හුඟාක් වැඩ කරන්න පුළුවන්. දෙමල ජනතාව හැමෝම ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඕන කියලා.”

***************************************

රාජිතට එරෙහිව FCIDයට පැමිණිල්ලක්

(10.07.2019 – 17:39 +0530 – sinhala.adaderana.lk)

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යටතේ ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ඊට අනුබද්ධ ආයතනවල සිදුව ඇතැයි තහවුරු වී ඇති මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව විධිමත් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද පැමිණිල්ලක් භාරදුන්නේය.

අදාළ තොරතුරු ඇතුළත් ලේඛන සහ ඇමුණුම්ද ඔවුන් විසින් බාරදෙනු ලැබුවේය.

2015 වසරේ සිට ගත වූ වසර හතරක කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය , රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය තුළ සිදු වූ බරපතළ ලෙස සැක උපදවන කරුණු පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය පැමිණිල්ලෙන් අවධානයට ලක් කර තිබුණි ෴

***************************************

ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයෙන් චෝදනාවක්

(10.07.2019 – 21:05 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකානු වුවමනාව මත මෙරට කම්කරු නිති සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා චෝදනා කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ තවත් වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් සමග කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

නීති විරෝධී ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

(10.07.2019 – 20:16 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව කැළණිය දුම්රියපොළ පාරේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ඖෂධ නිශ්පාදනාගාරයක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි තිබී නිශ්පාදනය කරල ලද වේදනා නාශක, දරුවන්ට ලබාදෙන බෙහෙත් වර්ග මෙන්ම කල් ඉකුත්වූ ප්‍රතිජීවක ඖෂධ සහ ශක්තිජනක ආහාරමය පිටි වර්ගද සොයාගෙන තිබෙනවා.

ජාතික ඖෂක නියාමන අධිකාරියේ නිලධාරීන් සහ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් පිරිසක් එක්ව ලද තොරතුරක් මත ඊයේ දිනයේදී මෙම වැටලීම සිදු කර තිබෙනවා.

මේ අතර වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් විසින් මව්වරුන් 11 දෙනෙකුට, නීතිවිරෝධී ලෙස එල්.ආර්.ටී සැත්කම් සිදු කර ඇති බවට චෝදනා කරමින් සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් හා අගතියට පත් මව්වරුන් පිරිසක් අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත පැමිණිල්ලක් සිදු කළා.

https://www.youtube.com/watch?v=EPWAAT7Y7Ck#t=5

+++++++++++++++++++++

10.07.2019

+++++++++++++++++++++

FB > Channa Jayasumana (11.07.2019) :

රටපුරා ෆාමසි ජාලයක් හිමි කෝටිපති ව්‍යාපාරිකයාගේ ඇණවුමට ව්‍යාජ ලෙස නිපදවූ ඖෂධ සහ කල් ඉකුත් වූ ඖෂධ නැවත ඇසුරුම් කිරීමේ ජාවාරමක් අනාවරණය විය. මෙය තුච්ඡ නිවට ජාවාරමකි. සිය දරුවාගේ අසනීපයට නොකා නොබී දහසින් බැදී පියලි වැය කරමින් බෙහෙත් මිළදී ගන්නා අසරණ දෙමාපියන්ට කාගේ සරණක්ද?

මේ පිටුපස තිබුනේ මුදල් ඉපයීමේ අරමුණ පමණක්ද? ඉන් එහා ගිය අරමුණක් තිබුණි ද? ව්‍යාජ ලෙස නිපද වූ ඖෂධ කරල්,පෙති, සිරප් වල සැබෑ සංයුතිය කුමක්ද? යන්න අප්‍රමාදීයව සොයා බැලිය යුතුය.

මෙකී ෆාමසි ජාලය අදත් කිසිදු වෙනසක් නොදක්වා සිය වෙළදාම් කටයුතු සිදු කරන අයුර මම අද උදෑසන දුටුවෙමි. මහා බැංකුව සොරා කෑ පුද්ගලයන් නිදැල්ලේ සිටියදී මේ අධම ව්‍යාපාරිකයාට නීතිය ක්‍රියාත්මක වේයැයි අපේක්ෂා කළ හැකිද?

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=FWCDBeiSPMg
11.07.2019

***************************************

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් වාර්තා රහස් පොලීසියට

(10.07.2019 – 20:01 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකුගේ බැංකු ගිණුම් වාර්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද රාජ්‍ය සහ පෞද්ගලික බැංකු කිහිපයකට නියෝග කළා.

ඒ අනුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉම්රාන්, ඔහුගේ බිරිඳගේ සහ ඔහු සමඟ ඇසුරු කළේ යැයි කියන සැකකරුවන් කිහිපදෙනෙකුට අයත් බැංකු ගිණුම් විස්තර මෙලෙස ලබාදෙන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

මේ අතර මුස්ලිම් කාන්තා ඡායාරූප සහිත ස්මාට් වර්ගයේ ජංගම දුරකථන 2 ක් දිවුලපිටිය – මීරිගම මාර්ගයේ පොත්තෙවෙල ප්‍රදේශයේ තිබී පොලිසිය අද සොයාගනු ලැබුවා.

මාර්ගය දෙපස පිරිසිදු කරමින් සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසකට පාර්සලයක් හමුවී ඇති අතර, පසුව ඔවුන් ඒ බව පොලීසියට දැනුම්දී තිබෙනවා.

අනතුරුව සිදුකළ පරීක්ෂාවේදී අදාළ ජංගම දුරකථන දෙක හමුවී ඇති අතර, එම පාර්සලය ජලය නොයන සේ ඇසුරුම් කර තිබූ බවයි පල්ලෙවෙල පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

සිම්පත් නොතිබූ දුරකථන ක්‍රියාකාරී මට්ටමේ පැවති බවද එම නිලධාරියා සඳහන් කළා.

දැනට පොලිස් භාරයේ සිටින සහරාන්ගේ බිරිඳ කළ ප්‍රකාශයකට අනුව ඇය විසිකර දැමූ බව කියන දුරකථන කොටස් කිහිපයක් සොයා පොලිස් විශේෂ කාර්ය බලකාය පසුගියදා මෙම මාර්ගයේ සෝදිසි කිරීමක්ද සිදුකළා.

මෙම දුරකථන දෙක වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *