ෂාෆිවාදීන්ගේ වසන්තය අවසන්.. ෂාෆිගේ සියළු කෙරුවාව හෙලිවෙයි.. කුරුණෑගල රෝහල් විමර්ශන වාර්තාව මෙන්න…

(04.07.2019 – 00:02 +0530 – lankacnews.com)

මොහොමඩ් ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා පිලිබඳ කුරුණෑගල රෝහල සිදුකළ පරීක්ෂණයේ වාර්තාව මේ වන විට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එම වාර්තාවට අනුව ෂාෆි වෛද්‍යවරයා සිතා මතාම සිංහල මව්වරුන්ට අගතියක් වන ආකාරයට කටයුතු කර ඇති බව හෙළි වී ඇත.

මේ සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය සාකච්චාවක දී කරුණු අනාවරණය කළ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා වෛද්‍ය විද්‍යාව ගැන දැනුමක් නැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ සාවද්‍ය කරුණු පිළිගන්නේ ද, වෛද්‍යවරුන් මුලික වී සිදුකළ මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල පිළිගන්නේ ද යන්න ජනතාවට බාර බව ප්‍රකාශ කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට දින කිහිපයකට පෙර පැවසුවේ ෂාෆි වරදක් කර ඇති බව සොයා ගැනීමට තමන්ට නොහැකි වූ බවයි. ඒ සමගම ඉස්ලාම් අන්තවාදීන්, නිරාගමිකයන් සහ මාක්ස්වාදීන් ෂාෆි වෙනුවෙන් ඉදිරියට පැමිණ සමාජ ජාලාවල ඉතා ක්‍රියාකාරීව අදහස් දක්වන්නට විය.

කුරුණෑගල රෝහල සිදුකළ පරීක්ෂණය අනුව වෛද්‍ය ශාෆි සිසේරියන් සැත්කම් 4372 ක් සහ සාමාන්‍ය දරු ප්‍රසුති 79 ක් සිදු කර ඇත. මේ අතුරින් සිංහල මව්වරුන් 3479 ක්, මුස්ලිම් මව්වරුන් 860 ක් සහ දෙමල මව්වරුන් 33 ක් ඔහු යටතේ සිසේරියානු සැත්කම්වලට භාජනය වී ඇත.

විමර්ශනයෙන් හෙළි වූ වැදගත් කරුණු :

  • ශල්‍යාගාරයේ කාර්ය මණ්ඩලය තුළ අනවශ්‍ය පීඩනයක් ඇතිවන ආකාරයේ කලබලයකින් සහ වේගයකින් ෂාපි වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් සිදු කර ඇත.
  • සිංහල මව්වරුන්ට ඉතා අඩු කාලයකින් සිසේරියන් සැත්කම් සිදු කර ඇත. මුස්ලිම් මව්වරුන්ට ඊට වඩා සැලකිය යුතු කාලයක් ගත කර ඇත.
  • සිසේරියන් සැත්කම්වලදී සිංහල මව්වරුන්ගේ ගර්භාෂය මැසීමට එක ස්ථරයක් ලෙස මැහුම් යොදයි. මුස්ලිම් මව්වරුන්ට ස්ථර දෙකක මැහුම් යොදයි. කෙසේ වෙතත් රෝහලේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු ගර්භාෂය මැසීමට ස්ථර 2 ක් මැහුම් යොදයි.
  • සිසේරියන් සැත්කමේදී ගර්භාෂය මැසීමෙන් පසුව පෙරිටෝනියම් කුහරය අනෙක් වෛද්‍යවරුන්ට වඩා රළු ආකාරයට පිරිසිදු කරයි.
  • ෂාපි වෛද්‍යවරයාගේ සිසේරියන් සැත්කම්වලින් පසු මුත්‍රවාහිනී හානි වීම්, ගර්භාෂ ඉවත් කිරීම් හා පසු රුධිර වහනයවීම් වැනි සංකුලතා ඉහලය. ඒවා සාතිශය බහුතරය සිංහල මව්වරුන් සදහාම සිදු වී ඇත.
  • මවගේ හෝ පියාගේ අනුමැතියකින් තොරව මව්වරුන් 11 දෙනකුට නීතිවිරෝධී ආකාරයට LRT සැත්කම් සිදු කර ඇත. ඒ බව ඇද ඉහපත් වාර්තා මගින් සනාථ වී ඇත.

+++++++++++++++++++++

+++++++++++++++++++++

Page 1 of 3
Page 2 of 3
Page 3 of 3

+++++++++++++++++++++

සී.අයි.ඩීයේ වැඩ ගැන රතන හිමිගෙන් සොයාබැලීමක්

(03.07.2019 – 16:45 +0530 – lankadeepa.lk)

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාෆි වෛද්‍යවරයා පිළිබඳ ලැබුණු පැමිණිලි පිළිබඳ රෝහල් කාර්ය මණ්ඩලයෙන් ප‍්‍රකාශ ලබා ගැනීමේ දී ඔවුන් බිය ගන්වා තොරතුරු ලබාදීම වළක්වා ඇතැයි සිද්ධිය පිළිබඳ සොයා බැලීමේ දී හෙළි වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

ප‍්‍රකාශ සටහන් කර ගන්නා අවස්ථාවේ පොලිස් අධිකාරි තිසේරා මහතා විසින් ‘සැත්කම සිදුකරන මොහොතේ ඒ පිළිබඳව නොකීවේ ඇයි? දැන් කියලා අමාරුවේ වැටෙයි. අපට සිදුවෙනවා ඔබලාට විරුද්ධව ක‍්‍රියා කරන්න’ ආදී වශයෙන් පවසා රෝහල් කාර්ය මණ්ඩලය බිය ගන්වා ඇතැයි දැනගන්නට ලැබුණු බව සදහම් සෙවනේ අද (3) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඒ හිමියෝ පැවසූහ.

රෝහල මඟින් සිදුකළ විමර්ශනයේ දී කාර්ය මණ්ඩලය ලිඛිතව තොරතුරු ලබා දී ඇතැයි පැවසූ රතන හිමියෝ යම් පරීක්ෂණයක් සිදුකරන අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කරුණු හෙළිදරව් කරගැනීමට කටයුතු කළයුතු වුවද මෙම පරීක්ෂණයේ කරුණු වසන් කිරීමට උත්සාහ දරා ඇති බව නිරීක්ෂණය වන බව ද පැවැසූහ.

මෙම වෛද්‍යවරයා විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු සිංහල මව්වරුන්ට ඇති වූ සංකූලතා කිසිම මුස්ලිම් මවකට ඇතිවී තිබේද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තොරතුරු රැස්කිරීමක් සිදුකර නොමැති බවත් ස්වාධීන විමර්ශන නිලධාරීන්ගේ ආචාර ධර්මවලට එය එකඟ නොවන බවත් කී උන්වහන්සේ රෝහල වෙත ලැබී ඇති පැමිණිලි 850 අතරින් 11 ක් සෟජුවම නීත්‍යානුකූල නොවන වඳ සැත්කම් සම්බන්ධයෙන් වන ඒවා බව ද පැවැසුහ.

කැමැත්තකින් තොරව එසේකිරීම ඉතා බරපතල වරදක් යැයි ද මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවධානය යොමුකර නොමැති බව ද පෙන්වා දුන් රතන හිමියෝ වඳ සැත්කම් සඳහා සිංහල / දමිළ මව්වරුන් පොළඹවන බවට ද චෝදනාවක් ඇතැයි කීහ.

මොහමෙඞ් ෂාෆි වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් සිදුකිරීමේදී සිංහල හා දෙමළ මව්වරුන් සඳහා ඉතා අඩු කාලයක් වැය කරන බවටත් මුස්ලිම් මව්වරුන් සදහා වැඩි වේලාවක් ගතකරන බවටත් රෝහලේ තොරතුරු මගින් සනාථ වී ඇති බවද මේ පිළිබවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවධානය යොමුකර නැතැයි ද උන් වහන්සේ කීහ.

මෙම වෛද්‍යවරයා විසින් සිදුකරන සිසේරියන් සැත්කම්වලදී මැහුම් දැමීමේදී සිංහල හා දෙමළ මව්වරුන් සඳහා එක් මැස්මකුත්, මුස්ලිම් මව්වරුන් සඳහා මැහුම් දෙකකුත් යොදමින් දෙයාකාරයකින් කටයුතු කරන බවට තොරතුරු ඉදිරිපත් වී ඇතැයි කී රතන හිමියෝ මැහුම් දැමීමේදී අනුගමනය කරන ක‍්‍රියාපටිපාටියද මදසරුභාවය ඇතිවීමට බලපෑ හැකිබවට වෛද්‍යවරුන් පවසා සිටින බව ද පැවැසූහ.

ඉහත තොරතුරු අනුව මෙම වෛද්‍යවරයා විසින් සිදුකල සැත්කම්වලින් මව්වරුන්ගේ ගර්භාෂයට හානිවීම් සිදුකර ඇති බවට විද්‍යාත්මක සාධක ලැබී ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකර නැති බව නිරීක්ෂණය වී යැයි උන්වහන්සේ තවදුරටත් කීහ.

තවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා මූලික විමර්ශනයේ දී එක්තරා වෛද්‍යවරයකු තමා හමුවේ හැගීම්බර ප‍්‍රකාශයක් කළ බව පවසමින් නිලධාරියා ද හැගීම්බරව අදහස් ඉදිරිපත් කරමින් අධිකරණයේ අවධානය වෙනතකට යොමු කිරීමට උත්සහ ගන්නා බවක් දක්නට ලැබුණු බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ ෴

+++++++++++++++++++++

03.07.2019

+++++++++++++++++++++

වෛද්‍ය සාෆිට එරෙහිව මව්වරුන්ගෙන් සංවිධානයක්

(06.07.2019 – 19:28 +0530 – hirunews.lk/sinhala)

මව්වරුන්ට බලහත්කාරයෙන් වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ට එරෙහිව අගතියට පත් මව්වරුන් පිරිසක් අද සංවිධානයක් පිහිටුවා ගනු ලැබුවා.

ඒ කුරුණෑගල ඇත්කඳ විහාරයේදීයි.

ඒ සඳහා නීතිඥවරුන් කිහිපදෙනෙකුගේ ද සහය හිමිවී තිබෙනවා.

වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් සේවය කළ කුරුණෑගල, දඹුල්ල ඇතුළු රෝහල් කිහිපයකදී සිදුකළ සිසේරියන් සැත්කම් අතරතුරදී මව්වරුන්ට වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වුණේ පසුගිය මැයි මාසයේදීයි.

ඒ අනුව ඔහුට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් කිහිපයකට ඉදිරිපත් වූ පැමිණිලි සංඛ්‍යාව දහස ඉක්මවනවා.

ඉන් මව්වරුන් පිරිසක් මෙලෙස අද දිනයේ ‘යුක්තිය උදෙසා මව්වරුන්’ නමැති සංවිධානයක් පිහිටුවා ගනු ලැබූ අතර, එහිදී ඔවුන් මාධ්‍ය හමුවක් ද කැඳවා තිබුණා.

එහි නියෝජිතයින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ පිලිබඳව එහිදී අප්‍රසාදයෙන් අදහස් පළ කළා.

මේ අතර, වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ට එරෙහි නඩුව පිළිබඳව තොරතුරු විමසීම සඳහා රාවණා බලය සහ සිංහලේ ජාතික සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් අද කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා හමුවුණා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

සාෆිට එරෙහිව වෛද්‍ය සභාවට පැමිණිල්ලක්

(10.07.2019 – 13:29 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගෙන සිටින වෛද්‍ය සාෆි මොහොමඩ් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සංවිධාන කිහිපයක් අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ගොනුකළා.

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ නීතිඥවරු පිරිසක් මෙන්ම සිවිල් සංවිධාන කිහිපයක් විසිනුයි අදාළ පැමිණිල්ල ගොනුකරනු ලැබුවේ.

මේ අතර, සිංහල රාවය සංවිධානය නියෝජනය කරන භික්ෂුන් වහන්සේ පිරිසක් අද නීතිපති දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම පිළිබදව ගත යුතු පියවර සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය එවක නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබියදී ඊට ප්‍රතිචාර දැක්වීමට කටයුතු නොකලේ මන්දැයි තොරතුරු දැන ගැනීම සදහායි.

ඒ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලා ලිපියක් ද භාරදීමට කටයුතු කළ බවයි සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ෴

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • කෝ වාර්තාව. කෝ සංඛ්‍යාලේඛන. ‘වැඩි, බහුතර’ වැනි වචන වාර්තාවල යොදනවානම් සමීක්ෂණ සංඛ්‍යාලේඛනද ප්‍රසිද්ධ කල යුතුයි. රෝහල් ලිපි ශීර්ෂයක රෝහල් අධ්‍යක්ෂක හෝ විමර්ශනය කළ නිලධාරියාගේ අත්සන සහිතව ඉදිරිපත්කරන්න. මවුවරුන් 11 දෙනෙකුට නීතිවිරෝදී ලෙස සැත්කම් කර ඇත්නම් සෞඛ්‍ය අමාත්‍යංශය වන්දිගේවිය යුතුයි. සාෆිට අපරාධ නිතිය යටතේ දඩුවම් කල යුතුයි. එම නීතිවිරෝධි සැත්කම් වලට සහභාගී වූ අනෙත් නිලධාරීන්ටද දඩුවම් කල යුතුයි. Medical council සහ nursing council මේ පිලිබඳ විධිමත් පරීක්ෂනයක් කර වරදකරුවන්ට සුදුසු දඩුවම් දිය යුතුයි.

prabath වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *