සීගිරි අභය භූමියට හෝටලයකින් අපද්‍රව්‍ය

සීගිරි අභය භූමියට හෝටලයකින් අපද්‍රව්‍ය


සීගිරි අභය භූමියට හෝටලයකින් අපද්‍රව්‍ය

(25.03.2026 – lankadeepa.lk)

සීගිරි හෝටලයකින් මුදා හරින අපද්‍රව්‍ය සීගිරි අභය භූමියට මුදා හළ බව කියන සිගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක සහකාර කළමනාකාරවරයකු, ඉන්ජිනේරුවරයකු සහ උද්‍යාන පාලකවරයකු අත්අඩංගුවට ගත්බව සිගිරිය වනජීවී නිලධාරීහු පවසති.

සීගිරියේ අභය භූමියේ වන සතුන්ට හානි කිරීම, අපද්‍රව්‍ය අභූමියට මුදා හැරීම, සිගිරි පව්ව ඉදිරිපිට ඇති සුන්දර වැවට අසූචි මිශ්‍ර ජලය මුසු කිරීම , අසුචි පිරවූ බෑග් යොදාගෙන වන සතුන් දඩයක් කිරීම ආදී බරපතල පරිසර දූෂණයක් සිදු කළ බවට සැකපිට එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරක්මත වන ජීවී නිලධාරීන් සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළු දෙපාර්තමේන්තු සේවකයන් පනස් දෙනකු (50) පමණ යොදවා ගෙන අද (25) දහවල් විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරිමට සීගිරිය වනජීවී කාර්යාලයේ ප්‍රධානි වනජීවී අඩවි ආරක්ෂක එස්.එස්. මලින්ත මහතා පියවර ගත්තේය.

හෝටලය පිටුප සීගිරිය අභය භූමියට අයත් වනාන්තරය අභය භුමිය පරීක්ෂාවට ලක් කළ අතර එහිදී අභයභූමිය තුළට හෝටලයෙන් ඉවතලන සෑම අපද්‍රව්‍යයක් ම යොදවා ඇති අයුරුත් ඒවා වන සතුන් වන අලින් ආහාරයට ගෙන ඇති ආකාරයත් නිරීක්‍ෂණය වු බව සිගිරිය වනජීවී නිලධාරීහු පවසති.

+++

+


“මේක රු. කෝටි 900 ක වංචාවක් මේ ආයතන හතරක් (4) එක්ක මහ බැංකුවත් මේකට සම්බන්ධයි” (25.03.2026)

+


මේක අනුර කුමාරගේ මහා ගොන් අදහසක් – ජේ.ආර්.ට වෙන්කරපු කාමරේ එයා කවදාවත් හිටියේ නෑ (25.03.2026)

+


පොහොට්ටුවේ චානක අද ආණ්ඩුවට රිදෙන්නම දෙයි (25.03.2026)

+


ඇමරිකාවේ සිද්ධියයි – ඉරාන නැවේ සිද්ධියයි දෙකක් – මුජිබර්ගෙන් රටම කැලඹෙන ප්‍රකාශ රැසක් (25.03.2026)

+


ඉරාන නැවේ සිද්ධිය ජී.එල්.යළිඅදී|ඉරාන තානාපතිගේ කතාවත් ඇදලා අරන් ජී.එල්. ආණ්ඩුව බිත්තියටම හේත්තු කරයි (25.03.2026)

+


දැන් ඉන්නේ කංචන නෙවෙයි ඉන්නේ අනුර – දැන් පුළුවන් කංචනට යන කොමිස් ‍රු.50 අඩු කරන්න (25.03.2026)

+


රටටම එක ඇදක් පූජා කල අපේ කාලයේ ජනපති උතුමාණෝ (25.03.2026)

+


කිං කෝබ්‍රාගේ නොනවතින නයි ඇරිල්ල (25.03.2026)

+

ඊයා අනුර, මොක්කුද ඔය යූටියුබ් ගෝතයෝ… ඕකුන්ට පුලුවන්ද ආණ්ඩු රකින්ඩ ? (25.03.2026)

+


කෙහෙළිය නඩුවේ සාක්ෂිකාරයෝ රට පැනලා. චෝදනා කරපු බෙල්ලන ගෙදර, හොරකාපු සෞඛ්‍ය ලේකම් තාම පුටුවේ (25.03.2026)

+


අනුරගෙ ඇදේ නිදාගන්න ආසද? මේක අහල ඉන්න (25.03.2026)

+

වරුණට වැරදුන වාදපිටිය සහ ආන්ඩුවට වැරදුන ටෙන්ඩරේ (25.03.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *