රටේ තියෙන්නේ තලෙයිබාන් ආණ්ඩුවක්දැයි සැකයි? වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය

(28.06.2019 – 19:34 +0530 – lankaleadnews.com)

රටේ මේ වන විට ක්‍රියාත්මක වන්නේ තලෙයිබාන් ආණ්ඩුවක් දැයි සැකයක් පවතින බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය අද සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළ අතර තවත් මහජන නියෝජිතයන් ද එහිදී අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය උදය ගම්මන්පිල මහතා :

“බුර්කා තහනම නිල වශයෙන් සිදුව නැහැ. ඊළඟ බෝම්බේ හඬින් තමයි ආණ්ඩුව අවදි වන්නේ. අන්තවාදී කිව්වේ එක මන්ත්‍රීවරයෙකුට පමණයි. සාමාන්‍ය ජනයා සහ අන්තවාදීන් වෙන් කළ ඉර. මුස්ලිම් නායකයෝ මකලා දැම්මා”

මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි :

“ෂාෆිගේ ක්‍රියාකාරකමට එරෙහිව. පැමිණිලිකරුවන් වැරදිකරුවන් කරන්න පෙනීසිටිනවා. ආණ්ඩුව වහාබ් වාදයට පක්ෂපාතී. හිතාගන්න බෑ රටේ තියෙන්නේ. තලෙයිබාන් ආණ්ඩුවක්ද කියලා”

මෙම මාධ්‍ය හමුවට මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, පා.ම විමල් වීරවංශ, පා.ම උදය ගම්මන්පිල ඇතුළු වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය නියෝතයන් පිරිසක් සහභාගී වී සිටියහ.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++

බදියුදීන් ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ නැතැයි වැඩබලන පොලිස්පති පාර්ලිමේන්තුවට දන්වයි

(28.06.2019 – 18:26 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පාස්කු ඉරිදා ප්‍රහාරයට හෝ ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නොමැති බව රහස් පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණ වී ඇති බව වැඩබලන පොලිස්පතිවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දන්වා තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බලන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, අද එම තේරීම්කාරක සභාව රැස්වූ අවස්ථාවේ මේ බව කියා සිටියා.

ඊට අදාළව වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලැබුණු ලිපියක් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමුකර ඇති අතර, තේරීම්කාරක සභාවේ විමර්ශන ඇමුණුමක් ලෙස එය සටහන් කරන බවයි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි සදහන් කළේ.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් අද පස්වරුවේ තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සාක්ෂි ලබාදීමෙන් පසු අමාත්‍ය අබ්දුල් හලීම්ගේ සොහොයුරා වන ෆායිම් එම්. හෂීම් සාක්ෂි ලබාදුන්නා.

+++++++++++++++++++++

පාස්කු බෝම්බ කමිටුව පැරදවූ එකම සාක්‍ෂිකරු බදියුදීන් බවට පත් වෙයි.. සියළු කුණු හෝදාගෙන ජය කොඩිය ඔසවා බදියුදීන් යන්න යයි..

(29.06.2019 – 00:02 +0530 – lankacnews.com)

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ඊයේ (28) දිනයේ හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා කැඳවනු ලැබීය.

හමුදාපතිවරයාට දුරකථනයෙන් තුන්වරක් ඇමතු හේතුව, අත්අඩංගුවේ පසුවන මොහොමඩ් ඊබ‍්‍රාහීම් සමග ඇති සබදතා ගැන එහිදී කමිටු සාමාජිකයක් ප‍්‍රශ්න කල අතර ඒවාට බදුර්දීන් මහතා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය.

කෙසේ වෙතත් මෙම කමිටුව විසින් බදුර්දීන් මහතාගෙන් ප්‍රශ්න කළ ආකාරය සම්බන්ධයෙන් සමාජ ජාලාවක් පළ වන්නේ විවේචනාත්මක අදහස්ය.

බදුර්දීන් මහතා ද ආණ්ඩුව නියෝජනය කරන අතර කමිටුවේ සිටි ජවිපෙ මන්ත්‍රීවරයා හැර සෙසු සියළු දෙනා ආණ්ඩුව නියෝජනය කරති.

සමාජ ජාලයන්ට ඇතමුන් මත පළකර ඇත්තේ කමිටුව විසින් කැදවූ රාජ්‍ය නිලධාරීන්ගෙන් අසන ලද අසීරු හරස් ප්‍රශ්න ආකාරයේ ප‍්‍රශ්න කිරීම් බදුර්දීන් මන්ත‍්‍රීවරයාගෙන් කිසිදු අවස්ථාවක සිදු නොකල බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *