ප්‍රවීන ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

(23.06.2019 – 16:24 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පි සිසිර සේනාරත්න මහතාගේ බිරිඳ වන ප්‍රවීන ගායන ශිල්පිනී ඉන්ද්‍රානි විජේබණ්ඩාර සේනාරත්න මහත්මිය අද (23) දහවල් කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වුණා.

දරුවන් 3 දෙනෙකුගේ මවක් වන ඇය මිය යන විට පසු වූයේ 83 වන වියේයි.

හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් මීට දින දෙකකට පෙර ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවයි පවුලේ ඥාතියෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සදහන් කළේ.

බුදු ස්වාමිනේ සිරිපා පියුම්, දගකාරයි මං, රතු පාට මල්, හිතන්නකෝ අයියේ, දැන්වත් හැදෙන්නකෝ අයියේ, මල් සූටික්කෝ සින්දු කියාපන් වැනි ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඇය සිය සැමියා වූ සිසිර සේනාරත්න සමඟ යුග ගායනා රැසකට ද සම්බන්ධ වී තිබෙනවා.

ඔවුන් දෙදෙනා ගැයූ ආදරෙයි මං, ආදරෙයි, ඈත අහසේ නැගී, ගයා ගීතයන් ගමේ වෙල් එළියේ වැනි ගීත රසිකයන් අතර තවමත් ජනප්‍රියයි.

සුදු සඳ එළියේ සහ වෙසක් කැකුළු යන ගීත රේඛාව චිත්‍රපටය වෙනුවෙන් ගායනා කරනු ලැබුවේ ද ඉන්ද්‍රානි සේනාරත්නයන් විසින්.

සිසිර සේනාරත්නයන්ට ‘රේඛාව’ චිත්‍රපටයේ පටිගත කිරීම් සඳහා ඉන්දියාවට යන ගුවන් ගමනේ ඉන්ද්‍රානි සේනාරත්න මහත්මිය හමුවී තිබුණා.

1957 වසරේ සිට ඉන්ද්‍රානි සේනාරත්න මහත්මිය ගැයූ සෑම ගීතයකම තනු නිර්මාණය කර තිබුණේ සිසිර සේනාරත්නයන් විසින්.

සිසිර සේනාරත්න මහතා සරසවි සම්මානයෙන් පිදුම් ලැබූ අවස්ථාවක ඉන්ද්‍රානි සේනාරත්න මහත්මිය දීපශිකා සම්මානයෙන් පිදුම් ලැබීම ද විශේෂත්වයක්.

සිසිර සේනාරත්නයන් අභාවප්‍රාප්ත වූයේ 2015 වසරේ පෙබරවාරි මස 4 වන දායි.

https://www.youtube.com/watch?v=tBe4LZdQuwE#t=5

+++++++++++++++++++++

ඉන්ද්‍රාණි සේනාරත්න සමුගනී

(23.06.2019 – 16:38 +0530 – lankadeepa.lk)

දශක ගණනාවක් දෙස් විදෙස් සංගීත රසිකයින්ගේ ජනාදරයට පත්ව සිට ගුවන් විදුලි හා චිත්‍රපට ප්‍රවීණ ගායන ශිල්පීනි ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය කොළඹ ජාතික රෝහලේ දී අද (23) සවස අභවප්‍රාප්ත වුවාය.

1936 ජුලි 15 වැනි දා ඇය උපත ලැබුවාය. ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයකු සහ ගායන ශිල්පියකු වු දිවංගත සිසිර සේනාරත්න මහතාගේ බිරිඳ වු ඇය මිය යන විට 83 වියේ පසුවුවාය. ඇය දරුවන් තිදෙනෙකුගෙන් යුත් මවකි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ එවකට ප්‍රචාරය වු කරුණාරත්න අබේසේකරයන් මෙහෙයවූ සරස්වතී මණ්ඩපය තුළින් ඉන්ද්‍රාණි විජේබණ්ඩාර නමින් ළමා ගායිකාවක් ලෙස සංගීත කේෂ්ත්‍රයට පිවිසි ඇය දශක හයකට ආසන්න කාලයක් සිය මයුර හඬින් සංගීත රසිකයන් පිනවුවාය.

රේඛාව, ප්‍රවේශම්වන්න, හඳපාන සෙනහස, සුදුසදේ, කළුවලා ඇතුළු චිත්‍රපට රැසක පසුබිම් ගායනයට එක්වෟ ඇය ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායිකාවක් ලෙසද ගීත රැසක් සංගීත කේෂ්ත්‍රයට දයාද කළාය.

ඇය ගැයු ගීත අතර රතුපාට මල් , වෙසක් කැකුළු අතුඅග හිඳ නටන විලාසේ, ආදරෙයි මම ආදරෙයි, ගයා ගීතයන්, සුදුසඳ එළියේ, හදපානේ මල් පිපුණා, හොඳ හොඳ ළමයින් අපි වාගේ, ඈත අහසේ යන ගීත වේ.

ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මියගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (27) දින සිදුකිරීමට නියමිතය.

+++++++++++++++++++++

ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්නගේ අවසන් කටයුතු 27 වෙනිදා

(24.06.2019 – 14:08 +0530 – sinhala.adaderana.lk)

අභාවප්‍රාප්ත ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්න කලා ශිල්පිනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 27දා සිදු කිරීමට නියමිතයි.

ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබේ.

ඉන්ද්‍රානි විජේබණ්ඩාර සේනාරත්න කලා ශිල්පිනිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (23) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණි.

මිය යන විට 83 වැනි වියේ පසුවූ ඇය ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සිසිර සේනාරත්නයන්ගේ ආදරණීය භාර්යාව වූ අතර දරුවන් තිදෙනෙකුගේ මවකි.

1936 වසරේ ජූලි 15 වන දින බොරැල්ලේදී උපත ලැබූ ඇය ගුවන් විදුලියේ ළමා පිටියෙන් සිය ගායන දිවිය ආරම්භ කළේය.

රේඛාව, ප්‍රවේශම්වන්න, හඳපාන, සුදුසඳේ කළුවලා ඇතුළු චිත්‍රපට රැසක පසුබිම් ගායනයට එක්වු ඇය ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායිකාවක් ලෙසද ගීත රැසක් සංගීත කේෂ්ත්‍රයට දයාද කර තිබේ.

ඇය ගැයු ගීත අතර රතුපාට මල් , වෙසක් කැකුළු අතුඅග හිඳ නටන විලාසේ, ආදරෙයි මම ආදරෙයි, ගයා ගීතයන්, සුදුසඳ එළියේ, හදපානේ මල් පිපුණා, හොඳ හොඳ ළමයින් අපි වාගේ, යන ගීත රසිකයින් අතර මහත් ජනාදරයට පත් ඇය සම්මාන රැසකින්ද පිදුම් ලැබුවේය.

අභාවප්‍රාප්ත ඉන්ද්‍රානි සේනාරත්න කලා ශිල්පිනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 27 දා බොරුල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=cwOsK29AirU#t=5

+++++++++++++++++++++

From : http://meemessasinhalasongs.com/

01. Adarei Mama Adarei
02. Atha Ahase Negee
03. Atha Epita Sanda Watakara
04. Atha Gaganathin
05. Budu Samine
06. Danga Kaari Man
07. Doi Doi Puthune
08. Doiyagan Ma Kirikatiya
09. Gala Yana Dole
10. Oba Gathin Ma
11. Giri Hisin Hisata
12. Goyam Pasila Kumbure
13. Hada Parana De
14. Hithannako Aiye Danwath
15. Honda Honda Lamayin Api Wage
16. Kulunu Gune Sudana Sene
17. Mal Ethano Kalu Ethano
18. Mal Sutikko
19. Me Wage Handa Pawu
20. Nadan Hadawatha Nadan
21. Namal Komali
22. Nil Paha Thuru Wal
23. Nila Guwana Sihina Lowaka
24. Niriduni Me Maha Seegiri
25. Oba Gathin Ma
26. Oba Nathi Me Bima
27. Obe Katahanda Thama Mathakai
28. Obe Nadaya Kowulo
29. Obe Pamula Bagapath Sihilaki
30. Olu Nelum Neriya Rangala
31. Pem Madirawe Jeevithe
32. Prasansa Keerthi Ha Ninda
33. Pun Chandra Paya Awa
34. Rathu Pata Mal
35. Ridee Kumari Seethala
36. Sadaharitha Thuru Sewane
37. Samugena Yannam
38. Sayura Wetha Ya Ganga
39. Sirima Bo Mula
40. Somnasa Ho
41. Sudu Sanda Eliye
42. Tibet Rate Ipadi
43. Udeta Lande Hamuwenawalu
44. Wana Mal Piyal Sala
45. Wasanthaye Nil Thana Bim
46. Wesak Kekulu
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *