සිංහල බෞද්ධ තරුණියන් ඉස්ලාම් කරන වැසිකිළි කැමරා සෙල්ලමක්

(14.06.2019 – mawbima.lk)

= සිංහල තරුණියන්ගේ ආගම වෙනස් කරන වැසිකිළි කැමරා සෙල්ලමක් =

සමාජ ජාල ඔස්සේ නිරුවත් ඡායාරූප ප්‍රචාරය කරන බවට පවසමින් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන සිංහල තරුණියන් බියගන්වා බෞද්ධ ආගමෙන් ඉස්ලාම් ආගමට හරවා ගන්නා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක දේශකයකු පිළිබඳව තොරතුරු වාර්තා වේ. ඔහු මේ වනවිටත් සිංහල තරුණියන් දෙදෙනකු බෞද්ධ ආගමෙන් ඉස්ලාම් ආගමට හරවාගෙන ඇති අතර මුස්ලිම් ආගමට හරවා ගැනීමෙන් පසු ඔවුන් දෙදෙනා සමඟ එම පුද්ගලයා විවාහ වී ඇත.

අදාළ පුද්ගලයා ඒ.සී.සී.ඒ. විභාග පවත්වන කොල්ලුපිටියේ ප්‍රමුඛතම ආයතනයක වෘත්තීය විභාග සඳහා දේශන පවත්වන ප්‍රධාන දේශකවරයකු වශයෙන් කටයුතු කර ඇති තැනැත්තෙකි.

ඔහුගේ ක්‍රියාකලාපයන් පිළිබඳව එම ආයතනයේ සිසුවියන්ගේ මවුපියන් අදාළ ආයතනයේ කළමනාකාරිත්වයට දැනුම්දීමෙන් පසු ඔහුව ඉන් ඉවත් කර ඇත. අදාළ පුද්ගලයා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු සහ එම සන්ධානයේ මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන ප්‍රබල මුස්ලිම් දේශපාලනඥයකුගේ මිනිපිරියකගේ ස්වාමිපුරුෂයායි.

ඊට අමතරව තව්හිද් ජමාත් සංවිධානයට සහාය දැක්වීම ඇතුළු පාස්කු ඉරිදා (ඉකුත් අප්‍රේල් මස 21 වැනිදා) බෝම්බ ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන්ට සහාය දක්වා ඇති බවට චෝදනා ලැබ සිටින මුස්ලිම් දේශපාලනඥයකුගේ සමීපතම ක්‍රියාකරුවෙකි.

සිංහල තරුණියන්ට තර්ජනය කර බියගැන්වීමෙන් පසු ඔවුන්ව ඉස්ලාම් ආගම සම්බන්ධ දේශනවලට සහභාගි කර ගනිමින් සිංහල තරුණියන් මුස්ලිම් ආගමට හරවාගෙන ඇත.

අදාළ අධ්‍යාපන ආයතනයේ හිමිකරුගේ දියණියගේ නිරුවත් ඡායාරූප වට්ස් ඇප් (Whats App) සමාජ ජාලය ඔස්සේ ප්‍රචාරය කරන බවට බිය ගන්වා තර්ජනය කිරීම සහ ඇයගේ ඡායාරූප එම සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කරන බවට ඇයගේ පියාට පවසමින් තර්ජනාත්මකව මුදල් ඉල්ලා සිටීම සම්බන්ධව සාපරාධී බියගැන්වීම, ලිංගික අතවර කිරීම, මුදල් බලෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන කොල්ලුපිටිය පොලිසිය විසින් ඊයේ (13 දා) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකරු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

ඒ සඳහා ඔහු සමඟ එක්ව එම ආයතනයේ දේශන පැවැත්වූ අදාළ සිද්ධියට ඔහුට සහාය දක්වා ඇති පුද්ගලයා ලක්ෂ 2 ක ඇප මත මුදාහරින ලෙසට මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙරිණි.

අදාළ තරුණියටද ඉස්ලාම් ආගමට හැරෙන ලෙසට එම පුද්ගලයා තර්ජනය කර ඇති අතර අදාළ තරුණිය එය ප්‍රතික්ෂේප කර ඇත. අදාළ ආයතනයේ හිමිකරුගේ දුව භාවිත කරන වැසිකිළියට කැමරාවක් සවිකොට ඡායාරූප ගෙන ඇති අතර ප්‍රචාරය කරන බවට තර්ජනය කර ඇත්තේ එම ඡායාරූපයි.

අගතියට පත් පාර්ශ්වය වන තරුණිය සහ පියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණය හමුවේ සැලකර සිටියේ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඔවුන්ටද අදාළ සැකකරු සමාජ ජාල ඔස්සේ තර්ජනය කරමින් ප්‍රකාශ නිකුත් කර ඇති බවය. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සජිත ජයවර්ධන, නීතිඥ අරවින්ද ගමගේ, නීතිඥ ප්‍රදීප් මංගල, නීතිඥ දීපාල් වන්නිආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් පෙනී සිටියහ ෴

+++++++++++++++++++++++++++++++++++

හිස්බුල්ලාට එරෙහිව වියාලේන්ද්‍රන්ගෙන් පොලිසියට පැමිණිලි 3 ක්

(14.06.2019 – mawbima.lk)

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාට එරෙහිව කාරණා තුනක් යටතේ පරීක්ෂණ අරඹන්නැයි පවසමින් මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. වියාලේන්ද්‍රන් මහතා විසින් පෙරේදා (12 දා) මඩකළපුව පොලිසියට පැමිණිලි තුනක් ඉදිරිපත් කරනු ලැබිණි.

හිස්බුල්ලා මහතාට එරෙහිව පැමිණිලි ගොනු කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් වියාලේන්ද්‍රන් මන්ත්‍රිවරයා කියා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් පසුව පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයක රාත්‍රියේ අරාබි ජාතිකයන් තිදෙනකු සමඟ කළ සාකච්ඡාව සම්බන්ධයෙනුත්, විනිසුරුවරුන් මාරු කර තමන්ට අවැසි ලෙස තීන්දු ලබා ගත් බවට ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනුත්, මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ පිහිටි කාලි කෝවිලට අයත් ඉඩම අත්පත් කරගෙන එම ස්ථානයෙහි සති පොළක් ඉදිකිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙනුත්, හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලාට එරෙහිව විමර්ශන අරඹන ලෙස පවසමින් තමන් මෙම පැමිණිලි ගොනු කරනු ලැබූ බවයි.

එමෙන්ම මෙම කාරණා තුන සම්බන්ධයෙන් තමන් සතුව පවතින ලේඛන හා විඩියෝ ඇමුණුම්ද විමර්ශන ආරම්භ කිරීමෙන් පසු පොලිසියට ඉදිරිපත් කරන බව මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසීය ෴

+++++++++++++++++++++++++++++++++++

බිරින්දෑවරුන් 4 දෙනකු හා දූදරුවන් 28 දෙනකු සිටින බවට පොලිස් අනාවරණ

(14.06.2019 – mawbima.lk)

බොදුබල සේනාවට සම්බන්ධ ලිපි ලේඛන සහ පසුගිය දිනවල ලංකාවේ සිදුවුණු බෝම්බ පිපිරීම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා යොදාගත් බවට විශ්වාස කළ හැකි මුද්‍රණ කඩදාසි ළඟ තබාගෙන සිටියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි මවුලවිතුමකු 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය පෙරේදා (12 දා) නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ කොච්චිකඩේ පෝරතොට ප්‍රදේශයේ පදිංචි යෙහෙය සිල්මි නමැති මවුලවිතුමකු බව කියයි.

මොහු කාන්තාවන් හතරදෙනකු විවාහ කරගත් දරුවන් 28 දෙනකු සිටින පියකු බව කියැවේ. පොලිස් පරීක්ෂණවලදී මෙම අය මවුලවිතුමකු බවද ස්ථිර රැකියාවක් නොකරන බවද අනාවරණය වී ඇත.

විදේශගතව සිට පසුගියදා (09 දා) කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණි මොහු අතපසුවීමකින් තම අත තිබූ බෑගයක් ගුවන්තොටුපළේ දමා නිවෙසට ගොස් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම බෑගය පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා ඉකුත්දා (09 දා) මොහු අත්අඩංගුවට ගෙන තිබිණි. එම බෑගය තුළ ඉහත ලිපි ලේඛන සහ මුද්‍රණ කඩදාසි තිබූ බව කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

මන්නාරමේ තවමත් අරාබි භාෂාවෙන් නාම පුවරු

(14.06.2019 – mawbima.lk)

ශ්‍රී ලංකාව තුළ ඇති අරාබි භාෂාවෙන් සඳහන් නාම පුවරු හා ස්ථාන නාම ඉවත් කිරීම පිළිබඳව ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබියදී මන්නාරමේ ඇති එම පුවරු ඉවත් නොකරන්නේ මන්දැයි මන්නාරම දිස්ත්‍රික් පුරවැසි කමිටුව ප්‍රශ්න කරයි.

මන්නාරමේ සිට තලෙයිමන්නාරම දක්වා දිවෙන මාර්ගයේද මන්නාරමේ සිට සිලාවතුර හරහා විල්පත්තුව දක්වා ගමන් කරන මාර්ගයේද අරාබි සහ වෙනත් භාෂාවෙන් ලියැවුණු පුවරු ඇති බව පුරවැසි කමිටුව සඳහන් කරයි.

මන්නාරම පළාතේ බොහෝ නිවාස ව්‍යාපෘතිවල ශ්‍රී ලංකාවේ භාවිත වන පොදු භාෂා තුනම නොමැති නාම පුවරු ඇති බව පෙන්වා දෙන මන්නාරම දිස්ත්‍රික් පුරවැසි කමිටුව, ඉදිරි දින කීපය තුළදී ඒවා ඉවත් නොකළහොත් අදාළ විෂය භාර අමාත්‍යවරයාට හා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දීමක් කරන බවද එම සංවිධානය සඳහන් කරයි ෴

***************************************

රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා කාර් එකක් තුළ සිදු කළ හැකි බව රනිල් ලෝකයට පෙන්නුවා ; අනාගතයේදී වැසිකිළියට යන එන ගමනුත් ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වන්න බැරි නෑ

(13.06.2019 – mawbima.lk)

රාජ්‍ය තාන්ත්‍රික ද්විපාර්ශ්වීය සාකච්ඡා කාර් එකක් තුළ සිදුකළ හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ ලෝකෙටම පෙන්වා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීවේය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (12 දා) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඉන්දීය අගමැති ලංකාවට ආ ගමනේ පරිවාර ඇමැති ලෙස නම් කරලා සිටියේ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා. ඔහු ඉන්දීය අගමැති සමඟ යන්න සූදානම් වෙද්දී ඔහු පසෙකට දමා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වාහනයට නැඟ වාහනය තුළ ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වූවා කියලා තමයි කියන්නෙ. මේ විධියට ගියොත් අනාගතයේදී වැසිකිළියට යන එන ගමනුත් ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වන්න බැරි නෑ.

අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන ආකාරයෙන් අගමැති තනතුරේත් රටේත් ගෞරවය නැති වෙනවා. ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණි වෙලාවේ කටුනායක ඉඳලා යා යුතු තැන්වලට යන්න තිබුණේ හෙලිකොප්ටර් එකකින්. ඒක වෙනස් කරලා අගමැතිට කතා කරන්න ඕනෑවට කාර් එකක යන්න ලෑස්ති කරලා. මේකෙන් වුණේ පාරේ අනෙක් වාහනවලට යන්න විධියක් නැතිව විශාල වාහන තදබදයක් ඇති වීමයි.

අපි රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව දින 40 ක් කල් දැම්මා. ආණ්ඩුව මේ යෝජනාව කල් නොදමා විවාදයට ගත්තා නම් රට තුළ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති වෙන්නෙ නෑ. රතන ස්වාමීන් වහන්සේට උපවාස කරන්න සිද්ධ වෙන්නෙත් නෑ. විශ්වාසභංග යෝජනාව කල් දාලා තේරීම් කාරක සභාවක් පත් කළා. පාර්ලිමේන්තුවේදී වුවත් නඩුවක් ඇති කරුණක් කතා කරන්න මන්ත්‍රිවරුන්ට අයිතියක් නෑ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පහක් විභාගයට ගන්න සූදානම්. එසේ තිබියදී කථානායකවරයා තේරීම් කාරක සභාව පත් කරලා සිද්ධිය පිළිබඳ කරුණු විමර්ශනය කරනවා. ඒක පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධයි. ආණ්ඩුව උත්සාහ කරන්නේ 21 දා ප්‍රහාරයේ වගකීම ජනපති මත පටවන්නයි. නමුත් දැනට ඉදිරිපත් වී තිබෙන කරුණු අනුව අගමැතිට මේ වගකීමෙන් මඟ හරින්න බෑ.

තේරීම් කාරක සභාව හරහා ආණ්ඩුව දේශපාලන වාසි ගන්න හදනවා. එහෙම වුණත් රිෂාඩ් බදියුදීන් අන්තවාදයට උදවු උපකාර කළා කියන්න අපි ළඟ ඕනෑ තරම් සාක්ෂි තියෙනවා. අපි ඒ නිසා තමයි රිෂාඩ් අමාත්‍යවරයාට චෝදනා එල්ල කළේ. ආණ්ඩුව රිෂාඩ් අයින් කරනවා වෙනුවට මුස්ලිම් මන්ත්‍රිවරුන්ට ආණ්ඩුවෙන් අයින් වෙන්න කීවා. දැන් මුස්ලිම් ඇමැතිවරු රජයෙන් ඉවත්වීම නිසා සියලු මුස්ලිම් ජාතිකයන් අන්තවාදියි කියලා සිංහල ජනතාව අතරේ මතයක් ඇති වෙමින් තිබෙනවා.

ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූ ඇමැතිවරු මල්වතු -අස්ගිරි මහ නායක හිමිවරු හමුවෙලා. උන්වහන්සේගේ ආශීර්වාදය ලබා ගෙන යළි ඇමැතිකම්වල දිවුරුම් දෙන්න බලාපොරොත්තු වුණා. ඒ අපේක්ෂාව ඉටු කර ගන්න බැරි වූ නිසා මුස්ලිම් නායකයෝ මාධ්‍යයට උත්තර නොදීම මඟහැර ගියා. නමුත් අපි අදත් මුස්ලිම් අමාත්‍යවරුන්ට කියනවා රිෂාඩ් ඇමැතිවරයා ආරක්ෂා නොකර ඔහු වෙනුවෙන් පෙනී නොසිට චෝදනා නැති අය ඇමැතිකම් භාරගන්න කියලා. එහෙම නැතිව මුස්ලිම් ඇමැතිවරු එකපැත්තක් වුණොත් පාර්ලිමේන්තුවේ සිංහල මන්ත්‍රිවරුන් කණ්ඩායම් හැදෙන්න පුළුවන්. ඒක හොඳ නෑ. ඒක වෙන්න ඉඩ දෙන්න එපා කියලා අපි ඉල්ලනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත මහතා :

අගමැති – ජනපති අර්බුදය නැවත උග්‍ර වී තිබෙනවා. ඒ අතරට දැන් ජනපති – කථානායක අර්බුදය එක්ව තිබෙනවා. මේ අර්බුද නිසා සතිපතා පවත්වන කැබිනට් මණ්ඩල රැස්වීම ජනපති අවලංගු කරලා. මේ සියලු කාරණාවලින් අසරණ වෙන්නේ මේ රටේ ජනතාවයි. ආර්ථිකය කඩා වැටිලා. කොටස් වෙළෙඳපොළ පහළට බැහැලා. සංචාරක කර්මාන්තය බිඳ වැටිලා. ව්‍යාපාර අඩපණ වෙලා. මෙවැනි පසුබිමක මේ රටේ ආණ්ඩුවක් නැති තත්ත්වයක් මතු වෙලා ෴

***************************************

බැඳුම්කර චූදිතයන් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට

(14.06.2019 – mawbima.lk)

මහ බැංකු බැඳුම්කර වෙන්දේසි හරහා සිදු කරන ලද බවට, බැඳුම්කර විමර්ශන කොමිසම හමුවේ හෙළිදරව් වූ වංචනික ක්‍රියා මඟින් සිදුකොට ඇති රුපියල් කෝටි 70 කට ආසන්න රාජ්‍ය මුදල් වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස් හා හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති පී. සමරසිංහ ඇතුළු 10 දෙනකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීම සඳහා අවසර ලබාදෙන ලෙසට ඉකුත් 07 වැනි දින නීතිපති දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීමකට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් ඊයේ (13 දා) සවස අනුමැතිය ලබාදෙන ලදී.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හා ඔහුගේ බෑනනුවන් වූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් හිමිකාර අර්ජුන් ඇලෝසියස් අතර හුවමාරු වූ රහස්‍ය තොරතුරු ඇසුරින් 2015 පෙබරවාරි 27 වැනි දින පැවැති මහ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී පමණක් රුපියල් බිලියන 10,058 ක්වූ බැඳුම්කර අයුතු ආකාරයෙන් බැහැර කිරීමෙන් රුපියල් මිලියන 688,762,100.00 ක අයුතු ලාභයක් එම සමාගමට හිමිවීම තුළින් රජයට සිදුකර ඇති මූල්‍ය පාඩුව හා හානිය සම්බන්ධයෙන් ඔවුන් තිදෙනාටත් එම සමාගම් සමූහයේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්, මහ බැංකුවේ එවකට සිටි නියෝජ්‍ය අධිපති පී. සමරසිංහ හා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ඇතුළු 10 දෙනකුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ 5 (1) වගන්තිය ප්‍රකාරව හා ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනතේ 56 වැනි වගන්තිය යටතේද නඩු පැවැරීමට නීතිපතිවරයා තීරණය කොට ඇත.

මෙම මහ බැංකු බැඳුම්කර වෙන්දේසි මාලාව හරහා රජයට සිදුකරන ලද අලාභය මෙතකැයි ගණනය කළ නොහැකි බව රජයේ විගණකාධිපතිවරයාද කොමිසම හමුවේ ප්‍රකාශ කොට ඇති බැවින්ද එමඟින් රටේ ආර්ථිකයට සිදුවූ හානියද මෙතකැයි ගණනය කළ නොහැකි බවට ආර්ථික විශේෂඥවරුන් විසින්ද කොමිසම හමුවේ ප්‍රකාශ කොට ඇති හෙයින්ද මෙය විශේෂ නඩු කටයුත්තක් සේ සලකා කඩිනමින් විභාග කොට වගකිවයුත්තන්ට සුදුසු දඬුවම් ලබාදීමටත්, එකී අලාභයන් ඔවුන්ගෙන් අයකර ගැනීමටත්, ක්‍රියාකළ යුතුව ඇති බැවින්ද, මෙම නඩුව විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ විමසිය යුතු බවට නීතිපති දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත දන්වා සිටියේ ඉකුත් 07 වැනි දිනය.

නීතිපතිවරයා ඉල්ලා සිටි පරිදිම එම ඉල්ලීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඊයේ (13 දා) සවස වන විටම එම ඉල්ලීම අනුමත කරමින් අදාළ අනුමැතිය සහිත ලිපිය නීතිපති දප්පුල ද ලිවේරා මහතාට යොමුකොට තිබිණි.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ ඉෂාරා ජයරත්න මෙනෙවිය අප්‍රමාදවම මෙම කරුණු අප වෙත ලබාදුන් බවද සඳහන් කළ යුතුමය ෴

***************************************

බාකෝඩ් බබ්බු

(14.06.2019 – mawbima.lk)

= ඉදිරියේදී උපදින සෑම දරුවකුටම බාකෝඩ් එකක් =

ඉදිරියේදී උපදින සෑම දරුවකු සඳහාම ඉදිරි සෞඛ්‍ය කටයුතු සඳහා බාකෝඩ් අංකයක් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පැවැසීය.

එම බාකෝඩ් අංකය පරිගණක මඟින් ජාලගත කරන අතර, එමගින් රජයේ සෑම රෝහලකින්ම වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේදී දරුවාගේ සෞඛ්‍ය සටහන් සම්බන්ධයෙන් සියලු තොරතුරු ලබාගත හැකි බවද සඳහන් කළේය.

එම අංකය සෞඛ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරන අතර බෝ නොවන රෝග පිළිබඳ තොරතුරුද එහි අන්තර්ගත වන බව සඳහන් කළේය. එම නියමු ව්‍යාපෘතිය කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතය ෴

***************************************

ඉස්ලාම් අන්තවාදය හා එක්සත් ජනපද උපායමාර්ග එකම වාහනයේ රෝද දෙකක් වගේ – විමල් වීරවංශ

(13.06.2019 – mawbima.lk)

පවතින ආණ්ඩුව කඩා වැටීමට පෙර තමන්ගේ සියලු වුවමනාකම් ඉටු කර ගැනීම ඇමෙරිකා එක්සත් ජනපදයේ උපාය මාර්ගය බව ජාතික නිදහස් පෙරමුණේ නායක පා.ම. විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

ඉස්ලාම් අන්තවාදය සහ එක්සත් ජනපදයේ උපාය මාර්ගය එකම වාහනයක රෝද දෙකක් මෙන් එකට කටයුතු කරන බවත් මන්ත්‍රිවරයා පැවැසුවේ ජාතික නිදහස් පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා (11 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුර අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද කීය :

සතොස ආයතනයේ වාහන භාවිතාව සම්බන්ධයෙන් අප කරන ලද ප්‍රකාශයට එම ආයතනය බිලියනක පමණ වන්දියක් ඉල්ලලා නඩු පවරන බවට ප්‍රවෘත්තියක් පළ වී තිබෙනවා. ඒ ආයතනයේ කුඩු ගෙනැල්ලා අහුවෙනකොට ආයතනයේ කීර්තිනාමයට කැළැලක් වෙලා නැහැ. රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා වෙන්න කලින් සතොස ඇතුළේ කුඩු තිබිලා අහුවෙලා නෑ. ඉස්ලාම් අන්තවාදයත් මත්ද්‍රව්‍ය ජාවාරමත් එකට බැඳිලා තියෙන්නේ. ගර්භාෂ යුද්ධයයි, මත්ද්‍රව්‍ය ජාවාරමයි, අන්තවාදයයි එකකට එකක් බැඳුණු ව්‍යාපෘති.

සතොස වාහන අන්තවාදී ක්‍රියාවලට පාවිච්චි කළා කියලා අපි කියනකොට අද නඩු පවරන්න සූදානම්. අපි එකින් එක වාහන පාවිච්චි වුණු විදිය තහවුරු කරන්න අධිකරණයේදී සූදානම්. රිෂාඩ් බදියුදීන්ට අපි කියන්නේ පුළුවන් නම් නඩු දාන්න. ත්‍රස්තවාදී වුවමනාවන් වෙනුවෙන් භාවිත කරපු වාහන විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් තහවුරු කරන්න සූදානම්.

අපි මේවා ගැන කිව්වා කියලා නඩු දානවා. අපි බොහෝම කැමැතියි උසාවියේදී මුණගැහිලා බදියුදීන්ගේ ඉතිරි රෙදි ටිකත් ගලවලා දාන්න.

ඒ විතරක් නෙවෙයි මාවනැල්ලේ බුදු පිළිමවලට පහර දුන්නට පස්සේ වනාතවිල්ලුවේ පුහුණු කඳවුර පවත්වාගෙන ගියේ කාගේ ගෝලයෝද, ඒ නගරාධිපතිතුමා අකැමැති වුණාම පුත්තලමේ අලි ශබ්රි කියන විපක්‍ෂ නායක කාගේ ගෝලයෙක්ද?

රිෂාඩ් බදියුදීන් තමයි අන්තවාදී දේශපාලනයේ නියම ගුරුවරයා. මැදපෙරදිගින් එන සල්ලිවලට වහ වැටිලා ධනය එක්රැස් කරගත්තු පාපතරයා. ආණ්ඩුව අපට කියනවා මාසයක් දෙන්නම් මාසයකින් කවුද හරි වැරැදි කියලා ඔප්පු කරන්නම් කියලා. කොයි රටේද මේ ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට උදවු දීපු අයව මාසයකින් හොයා ගත්තේ? රිෂාඩ් බදියුදීන් අද තොත්ත බබෙක් වෙන්න හැදුවට පාස්කු ඉරිදා ප්‍රහාරයේ මියගිය සියලු ජීවිත සම්බන්ධයෙන් වගකිව යුතුයි. කුරුණෑගල රෝහලේ ගර්භාෂ යුද්ධය කරපු කෙනා එයාගේ ගෝලයෙක්.

දැන් තේරීම් කාරක සභා නාඩගමක් නටනවා. අසාද් සාලි ගෙනැල්ලා කියනවා යුද හමුදා බුද්ධි අංශ හිටපු ප්‍රධානියෙක් මිලියන 500 ක්ද කොහෙද දෙන්න ඉදිරිපත් වුණාලු ඔහුට දේශපාලනයෙන් ඉවත් වෙන්න කියලා. ඇත්ත කතාව කවුරුත් දන්නවා. 2013 ඩේලිමිරර් පුවත්පතේ තියෙනවා අසාද් සාලි ඉන්දියාවේ ගිහින් කරපු සම්පූර්ණ කතාව. මුස්ලිම් ජනතාවට ආයුධ සන්නද්ධ වෙන්න වෙනවා කියලා ඔහු කිව්වේ. ඒ ගියේ ටී.එන්.ඒ. මන්ත්‍රිවරයෙක් සමඟයි. දෙමළ භාෂාව කතා කරන ජනයා දැන් සමඟි විය යුතුයි කියලා කිව්වේ. දෙමළ බෙදුම්වාදී ඉන්දියානු සංවිධානයේ රැස්වීමට ගිහින් තමයි අසාද් සාලි ඒ කතාව කිව්වේ. ඒ ප්‍රකාශය කරපු නිසා තමයි ඔහුව අත්අඩංගුවට ගත්තේ. අත්අඩංගුවට ගත්තට පස්සේ ඔහු දිවුරුම් ප්‍රකාශයක් දෙනවා මං කියපු දේ වැරැදියටයි ඒ සඟරාව වාර්තාව කළේ කියලා. එහෙම දුන්නට පස්සේ තමයි නිදහස් වුණේ. මේ රටේ බුද්ධි අංශය සහරාන්ටවත්, තව්හිද් ජමාත් සංවිධානයටත් මොන කල්ලියටවත් සතපහක් දීලා නැහැ. අපි ඉතා වගකීමෙන් කියනවා. අපි අභියෝග කරනවා ආණ්ඩුවේ ඕනෑම නායකයකුට යුද හමුදා බුද්ධි අංශය ඔය කියන අන්තවාදී සංවිධානවලට සතපහක් දීලා තියෙනවා නම් පුළුවන්නම් සාක්කි එක්ක ඉදිරිපත් කරන්න.

මේ රටේ බුද්ධි අංශවලට ගරහන, මේ රටේ ආරක්‍ෂක අංශ පාවාදෙන මේ තක්කඩි රැළට රටේ ජාතික ආරක්‍ෂාව සංතෘප්ත කරන්න බැහැ.

ඡන්දේ ඉල්ලන්න සහරාන් එක්ක ගිවිසුම් ගත වුණු හිස්බුල්ලා ඉන්නවා නිදැල්ලේ. සහරාන්ලාගේ පුපුරුවා ගැනීම්වලින් ජීවිතක්‍ෂයට පත්වුණු පවුල්වල දරුවෝ අඬනවා.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව සුළුතරය වුණාට ලෝකයේ බහුතරයයි කියලා කයිවාරු ගහනවා. මේ හිස්බුල්ලා ඇතුළු රැළ කිසිම කරදයක් නැතිව සමච්චල් කර කර මැරිච්ච මිනිසුන්ගේ වේදනාවන්ට ගරහමින් ඔවුන් නිරුපද්‍රිතව ඉන්නවා. දැන් රටේ ආණ්ඩුවක් නැහැ. ජනාධිපති කැබිනට් එක කැඳවන්නේ නෑ. මෙහෙම කරුමක්කාර ආණ්ඩුවක් හදපු ලක්‍ෂ 62 ට දෙයියන්ගේම පිහිටයි. මෙහෙම ආණ්ඩුවක් සමඟ ජීවත් වෙන්න මේ රටේ පුරවැසියට අයිතියක් නැහැ. මේ අල්ලපනල්ලේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාත් ලංකාවට එනවා. ආසියාවේ සංචාරයට රටවල් 4 ක් තෝර ගන්නකොට ලංකාව එකක් වෙන්න හේතුව මොකද්ද? ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ආසියාවේ සංචාරය කරනකොට ඔහුට වැදගත් වෙන රටවල් අතරේ ලංකාව කියන්නේ නිකන් නෙවෙයි. අර ‘දේශපාලන කටුස්සෙක්’ කියනවා ඇමෙරිකානු හමුදා එනවා කියලා බියට පත් කරනවා කියනවා. රනිල්ට ‍දොන් ජුවන් ධර්මපාල කියපු ඒ දේශපාලන කටුස්සා දැන් රනිල් දුටුගැමුණු කුමාරයා කියලා හිතාගෙන ඔහු එක්ක ලැගලා ඉන්නවා. ඒ තමයි නියම දේශපාලන කටුස්සෝ. ඇමෙරිකාව එහෙම ගෙන්නගෙන හුරතල් කරලා කොන්ත්‍රාත් ඉටු කරන්න හදා වඩා එවපු දිග උස හාදයා. සෞදියේ කුමාරයෙක් ඇමෙරිකානු රූපවාහිනි මාධ්‍යකදී කියනවා වහබ්වාදය අපි ප්‍රවර්ධනය කළේ බටහිර රටවල ඉල්ලීම අනුව කියලයි. මේවා එකිනෙකට බැඳිලා තියෙන්නේ. රිෂාඩ්ලගේ දේශපාලනයයි, අන්තවාදී ත්‍රස්තවාදයයි, ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ සංචාරයයි, ඇමෙරිකානු නීතිඥ සංගමයේ උප කාර්යාලයක් මෙහෙ විවෘත කිරීමට කැසකැවීමයි එකිනෙකට බැඳිච්ච දේවල්. අපි පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ අන්තර් සබඳතාව තේරුම් ගෙන මේ ව්‍යායාමය පරාජය කරන්න පෙළගැහෙන්න කියලා.

එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රිවරයා මෙසේද කීය :

මේක මරාගෙන මැරෙන අට දෙනෙක්ගේ වැඩක් නම් මොකටද සහරාන් එක්ක හිස්බුල්ලා ගිවිසුම්ගත වෙන්නේ? මේ අටදෙනකුට මේක කොටු කරලා අත පිහදගන්න දෙන්න බෑ.

මං ඉතා වැදගත් තොරතුරක් ඔබට කියන්නම්. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර මට මතක හැටියට අප්‍රේල් 18 වැනිදා, ලංකාවේ ඉන්න ඇමෙරිකානු තානාපතිනිය මඩකළපුවේ ගිහින් ආණ්ඩුකාර හිස්බුල්ලා සමඟ විවෘත කිරීම් දෙකකට සහභාගි වෙනවා. අල්මූර් කියන පාසලේ ගොඩනැඟිල්ලක් විවෘත කරනවා දාහකට විතර ඉන්න පුළුවන්. ඒ ගොඩනැඟිල්ල හදන්නේ ඇමෙරිකන් හමුදාව. ඒකේ ඉන්ජිනියරින් වැඩ කරන්නේ මැක්බෝ කියන පාකිස්තානු සමාගමක්. දැනගන්න තියෙන විධියට ඩොලර් දහස් ගණනක් යොදවලා තියෙනවා.

ඔවුන් දෙදෙනා ඊළඟට යන්නේ සෙයින්දමරුදුවලට. සෙයින්දමරුදුවල කාරියප්පා පාසලේත් ඒ විධියේ ගොඩනැඟිල්ලක් විවෘත කරනවා. පෙබරවාරි මාසේත් ඒගොල්ලෝ තවත් ගොඩනැඟිලි දෙකක් විවෘත කරලා තියෙනවා. හදිසි ආපදා තත්ත්වයක් ඇති වුණොත් ජනතාවට ආරක්‍ෂා වෙන්න තමයි හදන්නේ කියලයි කියන්නේ. ආපදා තත්ත්වයක් ගැන ඇමෙරිකාව වධ වෙනවා නම් ඒක මඩකළපුවේ විතරක් ඇති වෙන ආපදා තත්ත්වයක් වෙන්න බෑ.

ඇයි හිතුවද දකුණු ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට සිංහල ජනතාව විශාල ප්‍රහාරයක් එල්ල කරයිද? ඒ අයව බස්වලින් රැගෙන ගිහින් තියන්නද මේ ගොඩනැඟිලි හැදුවේ? ඇයි ඒ ප්‍රදේශයට විතරක් මේ ගොඩනැඟිලි හැදුවේ? ඔවුන් පූර්ව සූදානමකින් සැමවිටම කටයුතු කර තිබෙනවා.

– පහන් විජේසේකර

https://youtu.be/fvKRduks54Y
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *