කතානායකට නැති අවසරයක් ගැන තිලංග කියයි

(13.06.2019 – 18:13 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා යොමු කරන ලිපියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටීමේ අවසරයක් කතානායකවරයාට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළකළා.

+++++++++++++++++++++++++++++++++++

නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙයි

(13.06.2019 – 17:10 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි විසින් අද පාර්ලිමේන්තුවේදී මෙම සාක්ෂි විමසීම ආරම්භ කරනු ලැබුවා.

එමෙන්ම, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි, ද අද සාක්ෂි ලබාදීම සිදුකළා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

රාජ්‍ය සේවක ඇඳුම් ගැන චක්‍රලේඛය නිසා තේරීම් කාරක සභාව උණුසුම්

(13.06.2019 – 21:40 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි සහ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු අද සාක්ෂි ලබාදුන්නා.

කෙසේ වෙතත් අද දිනයෙත් සාක්ෂි විමසීම සිදුවුණේ ජනාධිපතිවරයා අදාළ තේරීම් කාරක සභාවට දැඩි විරෝධය පළ කර ඇති පසුබිමක වීම විශේෂත්වයක්.

අද පස්වරු 3.45 ට පමණ සාක්ෂි විමසීම ආරම්භ වූ අතර එහිදී ප්‍රථමයෙන් සාක්ෂි විමසීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා කැඳවා තිබුණා.

එහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම්වරයාගේ අත්සනින් යුතුව පසුගිය මස 31 වැනිදා රජයේ නිලධාරීන්ගේ නිල ඇඳුම සම්බන්ධයෙන් නිකුත් කර තිබූ චක්‍රලේඛයක් පිළිබඳ ප්‍රශ්න කෙරුණා.

ඒ එම චක්‍රලේඛනය මගින් කාන්තාවන්ට සාරිය හෝ ඔසරියකින් සැරසී පැමිණෙන ලෙස කර තිබූ දැනුම්දීම පිළිබඳවයි.

+++++++++++++++++++++++++++++++++++

සහරාන්ගේ රහසිගත සාකච්ඡාවක වීඩියෝවක් එළියට

(13.06.2019 – 20:07 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් පැවැත්වූ රහසිගත සාකච්ඡාවක දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

සහරාන් සිදුකළ දේශන සම්බන්ධයෙන් උද්ගත වූ මතභේදයක් මුල් කරගෙන අදාළ සාකච්ඡාව පවත්වා ඇති බවයි එම දර්ශන සනාථ කරන්නේ.

ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය සංවිධානය කළ රැස්වීමක් අතරතුර මේ සිදුවීම හටගත් බවයි වාර්තාවන්නේ.

එහිදී සහරාන් සහ ඔහුගේ දේශන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය වෙත යොමු කළ ලිපියක් ඉලක්ක කර සහරාන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිනවා.

+++++++++++++++++++++

(13.06.2019 – sinhala.adaderana.lk)

+++++++++++++++++++++++++++++++++++

බදියුදීන්, සාලි සහ හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි 27 ක්

(13.06.2019 – nethnews.lk)

රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි සහ එම් එල් ඒ එම් හිස්බුල්ලා යන අය සම්බන්ධයෙන් මේවනවිට පැමිණිලි 27 ක් ලැබී ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

ඉකුත් 04 වනදා සිට ඊයේ දින දක්වා කාලය තුළදී මෙම පැමිණිලි ලැබී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

අදාළ පැමිණි වලින් වැඩිම ගණනක් ලැබී ඇත්තේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඩ් බදියුදීන්ට එරෙහිවයි.

ඒ, පැමිණිලි 12 ක්, බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව පැමිණිලි 05 ක්ද, නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි 02 ක්ද ලැබී තිබෙනවා.

මොවුන් 03 දෙනාටම එරෙහිව තවත් පැමිණිලි 08 ක් ලැබී ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ ෴

+++++++++++++++++++++++++++++++++++

බදියුදීන්ගේ ජාතිවාදී පත්වීම් ගැන රතන හිමිගෙන් ප‍්‍රකාශයක්

(13.06.2019 – nethnews.lk)

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විසින් සිදු කෙරුණු වංචා සහ දූෂණ ගණනාවක් දැන් අනාවරණ වෙමින් ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ ඒ බව පැවසුවේ වව්නියාවේ අද පැවැති ජන හමුවකදීයි.

රැකියා සඳහා පුද්ගලයින් බඳවා ගැනීමේදී ද, රිෂාඞ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා දූෂිතව කි‍්‍රයාකර ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

තමන් වහන්සේ මෙලෙස වව්නියාවට පැමිණීයේද හින්දු, බෞද්ධ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමේ අදහසින් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිදී වැඩිදුරටත් පැවසුවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *