පොතුවිල් මුහුදු මහා විහාරය ආශ්‍රිත මාර්ගවලටත් අරාබි නම් දාලා

(08.06.2019 – nethnews.lk)

පොතුවිල් මුහුදු මහා විහාරය ආශි‍්‍රත මාර්ග කිහිපයකට අරාබි නම් යොදා ඇතැයි පොතුවිල් මුහුදු මහා විහාරයේ විහාරාධිපති, නැගෙනහිර පළාතේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය වරකාපොල ඉන්දසිරි හිමියන් චෝදනා කරනවා.

මුහුදු මහා විහාරයේ පැරණි මාර්ගයටද අරාබි නමක් යොදා ඇති බවයි උන්වහන්සේ පැවසුවේ.

වහබ්වාදී සහ අන්තවාදී සංවිධානවලට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුද පොතුවිල් මුහුදු මහා විහාරය ආශි‍්‍රත ප‍්‍රදේශයේ සිටින බවයි උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.

+++++++++++++++++++++++++++++++++++

ජාතික ආරක්ෂාව සහ රටේ තත්වය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ස්ථිර කරමින් නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් (07.06.2019)

+++++++++++++++++++++++++++++++++++

විපක්ෂය පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේන් ඉවත් වුණේ එහි අරමුණ ඉටු නොවන නිසයි

(08.06.2019 – 19:41 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ අරමුණ ඉටු නොවන බවට වැටහුණු නිසා විපක්ෂයේ කණ්ඩායම මුලදීම ඉන් ඉවත් වු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ, අද (08) පාමංකඩ ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

අපවත්වී වදාල පාමංකඩ ශ්‍රි මහා විහාරාධිපති පූජ්‍ය හවුපේ සෝමානන්ද ස්වාමීන් වහන්සේගේ තෙමස් පූර්ණ ගුණානුස්මරණ පිංකමට අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහභාගි විය.

මේ අතර ආචාර්ය නාලක ගොඩහේවා විසින් රචිත මගේ චාරිකාව කෘතිය එළිදැක්වීම ඊයේ (07) පස්වරුවේ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදි පැවැත් වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

+++++++++++++++++++++++++++++++++++

මුස්ලිම් දේශපාලකයින් මේ ඉටුකරන්නේ සහරාන්ගේ බලාපොරොත්තුවද ?

(08.06.2019 – 19:21 +0530 – sinhala.adaderana.lk)

මුස්ලිම් අමාත්‍යවරු සිය ධුරයන්ගෙන් ඉවත් වීම තුළින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව එල්ලවූ චෝදනාවලින් මිඳීමට ඔහුට අවස්ථාව සලසාදුන් බව ජාතික නිදහස් පෙරමු‍ණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

අද (08) එම පක්ෂ මූලස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු සඳහන් කළේ එළඹෙන 11 වැනිදා රිෂාඩ් බදියුදීන්ගේ චෝදනාවලට එරෙහි සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

ලාංකීය ඉතාහිසයේ පළමුවතාවට මුස්ලම් අමාත්‍යවරු සියල්ල තම ධුරවලින් ඉවත්ව තිබෙන බවත්, වසර ගණනවාක් තිස්සේ සියලු ආණ්ඩු නියෝජනය කළ මෙම දේශපාලකයන් මුස්ලිම් ජනතාව වෙනුවෙන් අවම සාධාරණයවත් ඉටු කළේ නැති බවත් ඔහු එහිදි පැවසීය.

ඒ වෙනුවට මොවුන් සිදු කළේ ඔවුන්ගේ ඡන්දය කොල්ල කා මාරුවෙන් මාරුවට සියලු ආණ්ඩුවල තනතුරු වරප්‍රසාද දැරීම පමණක් බවත් මෙම මුස්ලීම් දේශපාලකයන් මේ මොහොතේ ඉටු කරමින් සිටින්නේ සහරාන්ගේ බලාපොරොත්තුව දැයි තමන් ප්‍රශ්න කර සිටින බවත් ඔහු එහිදි මාධ්‍යට පැවසීය.

***************************************

ක‍්‍රිකට් පන්දුවට හිසෙන් පහර දුන් අයෙක් ගැන මෑතක ලියූ පොතක් මං කියෙවුවා.. – සභාවක් සිනාගන්වමින් මහින්ද කියයි…

(09.06.2019 – 03:22 +0530 – lankacnews.com)

ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට ගොස් පන්දුවට පිත්තෙන් පහර නොදී හිසෙන් පහර දුන් අයෙකු ගැන ලියවුණු පොතක් මෑතකදී තමන් කියවූ බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසින් රචිත ‘මගේ චාරිකාව’ ග‍්‍රන්ථය එලිදැක්වීමේ උත්සවය අමතමින් රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

ඔහු විසින් සිදු කරන ලද සම්පූර්ණ දේශණය මෙසේය :

***************************************

ජවිපෙ අන්ත පරාද කරමින් අධ්‍යාපන සමූපකාර බලය පොහොට්ටුව ජයගනී.. ජවිපෙ කළුවරේම ගුරුගෙදරින් පැන දුවති..

(09.06.2019 – 08:40 +0530 – lankacnews.com)

අධ්‍යාපන සේවකයින්ගේ සමුපකාර සමිතිය සදහා ඊයේ දිනයේ පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ලද කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන ඇත.

වසර 12 ක පමණ කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම විසින් පාලනය කරන ලද මෙම සමුපකාර සමිතියට නිලවරණ පූර්න්‍ කාලයේදී බරපතල ලෙස වංචා-දූෂණ චෝදනා එල්ල කරන ලදි.

ජවිපෙ කාලය තුල එහි නිලවරණය සදහා වෙනත් කිසිදු පාර්ශවයක් තරග කිරීමක් නො කළේය.

නමුත් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සති දෙකක පමණ කාලයක් තුළදී සංවිධානය වී තරඟ වැදුණි.

ඊයේ දිනයේ පැවති නිලවරණයේදී ආසන 371 න් පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් ආසන 189 න් දිනගෙන ඇත. තවත් ස්වාධීන කණ්ඩායම්වලින් ජයගත් කිහිප දෙනෙකුද පොදුජන පෙරමුණ හා එක්වීමට එකගතාව පල කර ඇත.

ජවිපෙ නියෝජිතයන් අධ්‍යාපන සමුලකාර මූලස්ථානයෙන් ඊයේ රාත‍්‍රියේම ඉවත් වී ඇති බව වාර්තා විය ෴

***************************************

ගෝඨාභයට සිංගප්පූරු රෝහලකදී හෘද සැත්කමක්..

(09.06.2019 – 09:20 +0530 – lankacnews.com)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රෝහලක හෘද සැත්කමක් සිදුකර ඇත.

ඔහුගේ ප‍්‍රකාශකයෙකු සදහන් කලේ වෛද්‍ය පරීක්ෂණය කටයුත්තක් සදහා ගිය අවස්ථාවේදී හෘදයට රුධිරය සපයන නාල තුනක අවහිරතාවන් ඇති නිසා ඒවා සැත්කමක් මගින් ඉවත් වල යුතු බව වෛද්‍යවරුන් දැන්වූ බවයි.

ඒ අනුව රාජපක්ෂ මහතාට මෙම ශල්‍යකර්මය සිදුකර ඇත.

ශල්‍යකර්මය අවසන්ව දැනට සාමාන්‍ය වාට්ටුවක පසුවන ඒ මහතාට දෙසතියක පමණ කාලයක් විවේකයෙන් ගත කළ යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

ඉන් අනතුරුව හෘද සැත්මකදී සිදු කරන ආකාරයට මාස තුනක පමණ කාලයක් සුළු ව්‍යායාම සිදු කිරීමට නියම කර ඇතැයිද සදහන්ය.

ඉදිරියේදී වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ගෝඨාභය රාජපක්‍ෂ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවද ඉහත ප‍්‍රකාශකයා පැවසීය ෴

***************************************

දඹුල්ල විහාරයේ විහාරාධිපති හිමිගෙන් කෝටි 10 ක කප්පමක් ඉල්ලූ තිදෙනෙක් අත්අඩංගුවට

(09.06.2019 – 07:41 +0530 – sinhala.adaderana.lk)

දඹුල්ල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියන්ගෙන් රුපියල් කෝටි 10 ක මුදලක් බලෙන් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයන් තිදෙනෙක් දඹුල්ල පොලීයිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය මැයි 21 වනදා උන්වහන්සේට ජවාඩ් සංවිධානය නමින් දුරකථන ඇමතුමක් ලබා දී මරණ තර්ජන එල්ල කරමින් කෝටි 10 ක කප්පම් මුදල ඉල්ලා ඇත.

පසුව මේ පිළිබඳ විමර්ශන ආරම්භ කොට ඇති අතර ඒ අනුව සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී අපරාධයට යොදාගත් බව කියන ජංගම දුරකථන 3 ක් ද පොලිස් බාරයට ගෙන ඇත.

ඔවුන් වයස අවුරුදු 16, 25, 34 වයස්වල පසුවන්නන් බව අනාවරණය වී ඇත.

දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴

***************************************

ඌව මහ ඇමති ගෙන් ගුරුවරයෙකුට යළි තර්ජන

(08.06.2019 – 22:41 +0530 – hirunews.lk/sinhala)

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා යළිත් වරක් ගුරුවරයෙකුට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් ලුණුගල ප්‍රාථමික විද්‍යාලයෙන් වාර්තා වනවා.

ඒ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් විවෘත කිරීමට සූදානම් කර තිබූ එම විද්‍යාලයේ ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් අදාල ගුරුවරයා සමාජ මාධ්‍ය වෙබ් අඩවියක පළ කර තිබූ සටහනක් හේතුවෙන්.

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ලුණුගල ප්‍රාථමික විද්‍යාලයට ලැබුණු මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නිම කර තිබුණේ මීට වසර දෙකහමාරකට පමණ පෙරයි.

එම ගොඩනැගිල්ල පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කිරීමට සූදානම්ව තිබුණද එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් පාසලේ ගුරුවරයෙකු සාමාජ මාධ්‍ය වෙබ් අඩවියක පළ කර තිබූ සටහනක් හේතුවෙන් විවෘත කිරීම ප්‍රධාන අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අදාල ගුරුවරයා පසුගිය මැයි 28 වනදා සමාජ මාධ්‍යය සටහනක් තබමින් සඳහන් කර තිබුණේ බිත්ති ඉරි තැලී ‍ ගොඩනැගිල්ල අබලන් තත්ත්වයට පත්ව ඇති බවත් එයට පැලැස්තර දමා විවෘත කිරීමට සූදානම් වන බවයි.

ඔහු පෙන්වා දුන් පරිදි ඉරි තැලී ගොස් තිබූ ගොඩනැගිල්ලේ පැලැස්තර දමා තිබූ ආකාරය දැකගත හැකිවුණා.

කෙසේ වෙතත් විවෘත කිරීමේ උත්සවය සැලසුම් කර තිබූ පෙරේදා උදෑසන විද්‍යාලය වෙත පැමිණි පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අදාල ගුරුවරයාට බැණ වැදී තිබෙනවා.

අදාල ගුරුවරයා පවසන්නේ එහිදී ප්‍රධාන අමාත්‍යවරයා තමන්ට වහාම ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට නියෝගකර සිටි බවයි.

***************************************

08.06.2019

+++++++++++++++++++++++++++++++++++

අද ජාතික ආරක්ෂාව මෙහෙයවන අය මාළුවා ඇවිත් ඇම ගිලිනකම් බලාගෙන ඉන්නවා

(09.06.2019 – 19:31 +0530 – sinhala.adaderana.lk)

2015 ට පෙර මෙරට ජාතික ආරක්ෂාව මෙහෙයවූ පිරිස් දඩයක්කරුවන් මෙන් අවධානයෙන් ක්‍රියා කළ නමුත්, අද සිටින වගකිවයුත්තන් බිලී පිත්තට මසුන් පැමිණෙන තෙක් බලා සිටින ධීවරයන් මෙන් ක්‍රියාකරමින් සිටින බව අන්තර්ජාතික ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥ මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (08) මහනුවර පැවති සම්මන්ත්‍රණයකදීයී.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය :

“2015 සිට රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ව්‍යුහයේ තත්ත්වය පහළ දැම්මා. හමුදාවන් නැවත බංකර වෙත යොමු කළා. ඒකට හේතුව ආරක්ෂක අංශ විසින් ජාතිය ගොඩනැඟීම මෙහෙයවීම නොකළ යුතු බවට වන බටහිර සංකල්ප අපි අනුගමනය කරන නිසයි.

2015 පෙර සහරාන් පිළිබඳ අප සතුව ඇතැම් තොරතුරු තිබුණා. නමුත් ඒ සම්බන්ධයෙන් වන ප්‍රතිචාර අදට වඩා ලොකු වෙනසක් තිබුණා. මේ සිදුවීමේදී නායකයින් සිදු කළේ නිකම් අත්සනක් දාලා ලිපි හුවමාරු කළ එක විතරයි.

2015 ට පෙර ජාතික ආරක්ෂාව මෙහෙයවපු අයගේ මානසිකත්වය තිබුණේ දඩයම් කිරීමටයි. නමුත් අද ජාතික ආරක්ෂාව මෙහෙයවන අය හැසිරෙන්නේ ධීවරයෙක් වගේ. ඒ අය ඇම දාලා මාළුවා ඇවිත් ඇම ගිලිනකම් බලාගෙන ඉන්නවා.

මම කාදිනල් හිමිපාණන්ට කථා කළා. ඒ වගේම මම ගියා කොච්චිකඩේ දේවස්ථානට. ගිහින් එහි පියතුමන් මුණ ගැසුණා.ඒ අය මට කිව්වා දේවස්ථාන වලට තර්ජනයක් තිබෙන බවට කිසිකෙනෙක් දැනුවත් කළේ නෑ කියලා.

මෙය සමාව දිය නොහැකි වැරැද්දක්. මෙයට වගකිව යුතු අය නීතිය හමුවට ගෙන්විය යුතුයි. මේ අවස්ථාවේ මුස්ලිම් ප්‍රජාව විශාල අභියෝගයකට මුහුණ දෙමින් සිටිනවා සිදු වූ ප්‍රහාර හේතුවෙන්. ඒවගේම ඇතැම් මුස්ලිම් දේශපාලනඥයින් සිදුකරන මෝඩ නිවේදන හේතුවෙන්. ඒ නිසා මම ආයාචනා කරනවා සියලුම ආගමික නායකයින්ගෙන් මුස්ලිම් ප්‍රජාව ආරක්ෂා කරන්න.

හේතුව නොමඟ යවන මිනිසුන් විසින් මුස්ලිම්වරුන්ට පහර දිය හැකි නිසා. මුස්ලිම්වරු සහරාන්ගේ කණ්ඩායම සමග කටයුතු කළේ නෑ. මුස්ලිම් ප්‍රධානධාරවට විරුද්ධයි සහරාන්ලාගේ ක්‍රියාකලාපය. නමුත් මම ආයාචනා කරනවා මුස්ලිම් මිතුරන් ගෙන්, කරුණාකරලා සාම්ප්‍රදායික ඉස්ලාම් දහම අනුගමනය කරන්න.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *