මංගලයා ගෙන් තවත් අවමංගල ප්‍රකාශයක්

“අගරදගුරුතුමන් රතන හිමිගේ සුවදුක් විමසීම ජාතින් අතර වෛරී ගිනි දැල් පැතිරවීමක්” ඇමති මංගල ගෙන් තවත් ප්‍රකාශයක්

(03.06.2019 – 15:26 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට මංගල සමරවීරයා පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් හුඟ දෙනෙකුගේ කතාබහට ලක්වුණා.

මේ අතර මංගලයා සිය ට්විටර් ගිණුමේ තැබූ සටහනක් පිළිබඳවද යම් කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (03) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක නිරතව සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීම එම ස්ථානයට පැමිණිම සම්බන්දයෙනුයි.

ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ අගරදගුරුතුමන් සිවුරක් දරා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමිගේ සුවදුක් විමසීමට එම ස්ථානයට පැමිණිම බෙදුම්වාදී සහ ජාතින් අතර ඇති වෛරී ගිනි දැල් වලට පවන් සලන බවයි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අසාද් සාලි , එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරු එම ධුරවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතරක් මුල්කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේ ඉකුත් සිකුරාදායි.

මංගලයාගේ අවමංගල ට්විටර් පණිවිඩය පහතින්…

“උපවාසයේ යෙදී සිටින සිවුරුකාර පාර්ලිමේන්තු මංත්‍රී රතනව බැහැදැකීමට යෑමෙන් කාදිනල් මැල්කම් රංජිත් (සිදුකර ඇත්තේ) බෙදුම්වාදී සහ ජාතින් අතර ඇති වෛරී ගිනි දැල් වලට පවන් සැලීමයි. වතිකානුව අවධානය යොමුකරන්න.”

+++++++++++++++++++++

ඇමති මංගලගේ ට්විටර් පණිවුඩයට නිමල් ලන්සාගෙන් රතු එළියක්

+++++++++++++++++++++

අගරදගුරුට අපහාස කල ඇමති මංගල අත්අඩංගුවට ගන්නැයි කියයි..

(04.06.2019 – 16:40 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි :

ඇමති මංගල සමරවීර සමාජ මාධ්‍ය ජාල අඩවි භාවිතා කරමින් ආගමික නායකයන්ට අපහාස වන අන්දමින් පණිවිඩ නිකුත් කිරීම ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස තරයේ හෙලා දකින අතර එම පුද්ගලයා විසින් මැල්කම් රංජිත් කාදිනල් තුමන්ට හා රතන හිමියන්ට අපහාස වන අන්දමේ Twitter පණිවිඩයක් ඔහුගේ පෞද්ගලික Twitter ගිණුමෙන් යාවත්කාලීන කිරීම ජනතාව කුපිත කිරීමට කටයුතු කිරීමක් ලෙස ඉතා පැහැදිලිවම දැකගත හැකිය.

පසුගිය දිනවල සරසවි ශිෂ්‍යයෙකු සමාජ මාධ්‍යවල ජනතාව කුලප්පු කිරීමක් සිදුකරා යැයි පවසා සිරභාරයට ගත් අතර මෙලෙස අමු අමුවේ ප්‍රසිද්ධියේ පසුගිය දිනවල ජනතාවගේ අවධානය දිනාගත් ආගමික නායකයින් දෙපලකට අපහාස කරනා Twitter පණිවිඩයක් තම Twitter ගිණුම මගින් නිකුත් කිරීම මගින් රටේ වගකිවයුතු ඇමතිවරයෙකු ලෙස ජනතාව කුපිත කොට ඔවුන්වෙත ලබාදෙන්නේ වැරදි පූර්වාදර්ශයක් නිසා වහාම නිතිය ක්‍රියාත්මක කරන අංශ මේ පිලිබදව තම අවධානය යොමු කොට තරාතිරම නොබලා නීතිය මෙවැනි පුද්ගලයන්ට ක්‍රියාත්මක කල යුතු බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස අවධාරණය කරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

+++++++++++++++++++++

අවමංගලයාගේ ප්‍රකාශයට අගරදගුරු සංසදයේ විරෝධය

(04.06.2019 – 16:55 +0530 – lankadeepa.lk)

මංගලගේ ප්‍රකාශයට අගරදගුරු සංසදයේ විරෝධය

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාගේ සාම ක්‍රියාදාමයට පහර ගැසීම සම්බන්ධයෙන් මංගල සමරවීර ඇමතිවරයාට දැඩි විරෝධය දක්වන බව ‘කොළඹ අගරදගුරු පදවි කතෝලික පූජක සංසදය’ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කොළඹ අගරදගුරු පදවි කතෝලික පූජක සංසදයේ ලේකම් ජූඩ් ෆ්‍රීලි මුතුකුඩාරච්චි පියතුමා නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *