ආණ්ඩුකාර හිස්බුල්ලාගේ ආන්දෝලනාත්මක හමුවක CCTV දර්ශණ එළියට

(02.06.2019 – 20:10 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වූ දිනට පසු දින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයකට පැමිණ සෞදි ජාතිකයින් පිරිසක් හමුවන දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

https://www.youtube.com/watch?v=7gZmabgWFac#t=5

+++++++++++++++++++++

හිස්බුල්ලාගේ වීඩියෝව ගැන සි.අයි.ඩී. පරීක්ෂණ

(03.06.2019 – 20:52 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයකදී සෞදි ජාතිකයින් පිරිසක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ සිද්ධිය වාර්තා වුණේ, අප්‍රේල් 22 වනදායි.

https://www.youtube.com/watch?v=gdReu5iqp5A#t=5

***************************************

දින 5කට පෙර කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණා ඇතැයි, ජවිපෙන් චෝදනා

(02.06.2019 – 19:10 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව මීට දින 5කට පෙර කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණා දමා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කළා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මේ බව කියා සිටියේ කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ රටේ ආර්ථික මර්මස්ථාන සම්බන්ධයෙන් ආණ්ඩුවට වගකීමක් නොමැති බවයි.

***************************************

දෙහිවල, ගල්කිස්ස සහ වැල්ලවත්ත වෙරළ පිරිසිදු කිරීම හෙටට කල් දැමේ

(02.06.2019 – 17:08 +0530 – hirunews.lk/sinhala)

තෙල් තට්ටුවක් හේතුවෙන් අපවිත්‍ර වී තිබූ දෙහිවල, ගල්කිස්ස සහ වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු හෙට (03) දිනය දක්වා කල් දමා තිබෙනවා.

ඒ, වර්ෂාව නිසා එම කටයුතුවලට බාධා එල්ලවීම හේතුවෙන්.

ඉන්ධන තට්ටුවක් මුහුදේ සිට වෙරළට ගොඩගසා තිබීම හේතුවෙන් වෙරළ ආරක්ෂක බලකාය, නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පිරිස් එක්ව එම වෙරළ තීර පිරිසිදු කිරීම සිදුකෙරුණා.

***************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *