වෛද්‍ය ෂාෆිට එරෙහිව අදත් පැමිණිලි 40 ක් – මුළු පැමිණිලි සංඛ්‍යාව 400 ඉක්මවයි

• කුරුණෑගල වේසිපුත්‍ර ‘සිසේරියන් සාපියා’ : පිටුව 06
පිටුව – [01][02][03][04][05][06][07]

(01.06.2019 – 13:41 +0530 – sinhala.adaderana.lk)

වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ල වී ඇති වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහිව අද (01) පෙරවරු කාලය තුළ පමණක් පැමිණිලි 40 ක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඉදිරිපත් වී ඇත.

වෛද්‍ය මොහොමඩ් ෂාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගැනීමෙන් පසු දරුඵල අහිමි වූ මව්වරුන් 40 දෙනෙකු අදත් කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කළේය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලට පමණක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 426 කි.

මේ අතර වෛද්‍ය මොහොමඩ් ශාෆිට එරෙහි පැමිණිලි විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය පත් කළ කමිටුවේ ඊයේ (31) රැස්ව ඇත.

අමාත්‍යංශයේ වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය අද දෙරණ කළ විමසීමකදී පැවසුවේ විමර්ශන කටයුතු පිළිබද අතුරු වාර්තාව ඊයේ ඔවුන් සකස් කර ඇති බවයි.

ඒ අනුව අතුරු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරිය වෙත, ලබන සඳුදා (03) බාර දීමට නියමිතව ඇති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය ෴

+++++++++++++++++++++

කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහිව, ජාත්‍යන්තර අධිකරණයට යාමට සූදානමින්

(01.06.2019 – 12:42 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයක නඩු පැවරීමට ‘දේශප්‍රේමී වෛද්‍යවරු’ නැමති සංවිධානය තීරණය කර තිබෙනවා.

එහි නියෝජිත වෛද්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය අනුව අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව සිදුකරන විමර්ශන පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බවයි.

මේ අතර වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව මේ වනවිට පැමිණිලි 505 ක් ලැබී තිබෙනවා.

කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි 418 ලැබී ඇති අතර, දඹුල්ල මූලික රෝහලට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 54 ක්. එමෙන්ම දඹුල්ල පොලීසිය වෙතද පැමිණිලි 33 ක් ලැබී ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම, වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුවේ අතුරු වාර්තාව ලබන සඳුදා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය වෙත භාරදීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා ෴

+++++++++++++++++++++

FB > Channa Jayasumana (30.05.2019)

+++++++++++++++++++++

ෂාෆි වෛද්‍යවරයා සිදු කළේ ගර්භාෂ යුද්ධයක්

(01.06.2019 – 18:16 +0530 – sinhala.adaderana.lk)

කුරුණෑගල රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය ෂාෆි සහබ්දීන් එක්සත් ජාතික පක‍ෂයේ මැතිවරණ අපෙක්ෂකයකු සේම එහි සිරිකොත මූලස්ථානයේ නඩත්තු කිරීමට මුදල් ලබාදෙන අයකු හෙයින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ කමිටුවලින් සිදුවන්නේ ඉහත වෛද්‍යවරයාට සුදුහුණු ගෑම පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ෂාෆිගේ ගර්භාෂ යුද්ධයේ ගොදුරු බවට පත් වූ මව්වරුන්ට යම් හෝ සාධාරණයක් ඉටු කළ හැක්කේ රෝහල් කාර්ය මණ්ඩලය ද නියෝජනය වන ලෙස ජනාධිපතිවරයා පිහිටුවනු ලබන ස්වාධීන කමිටුවකින් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අද (01) කුරුණෑගල රෝහලේ අධ්‍යක‍්ෂවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ වෛද්‍ය සාෆි සහබ්දීන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණ සිටි මව්වරුන් ද සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව රෝහල් පරිශ්‍රයේ සිටි මාධ්‍යවේදීන් අමතා විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

ඉහත වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්තම්වලට භාජනය කරන ලද මව්වරුන් 300 ක් පමණ පැමිණිලි කර ඇත්තේ එකම කරුණ බවත් එනම් තමන් හට සිදු කරන ලද සැත්කමින් පසු දරු ඵල අහිමි වූ බවත් යැයි පැවසූ විමල් වීරවංශ මහතා මෙය මේ රටේ ඉපදීමට සිටි දරුවන් මරා දැමීමක් නොවේදැයි විමසා සිටියේය.

ෂාෆි වෛද්‍යවරයා සිදුකර ඇත්තේ ගර්භාෂ යුද්ධයක් බවත්, සිංහල මව්වරුන් පමණක් ඉලක්කකර ගෙන සිදුකරන ලද හෙයින් එය ජනවාර්ගික සංහාරයක් ලෙසද හැඳින්විය හැකි බවත් වීරවංශ මහතා සඳහන් කළේය ෴

+++++++++++++++++++++

වෛද්‍ය ශාෆිට එරේහි චෝදනා 542 ක් දක්වා ඉහළට

(01.06.2019 – 19:21 +0530 – sinhala.adaderana.lk)

වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ලව සිටින සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ශාෆි වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි සංඛ්‍යාව 542කට ආසන්න වී තිබේ.

අදත් (01) කුරුණෑගල රෝහලට මව්වරුන් 46 දෙනකු සහ දඹුල්ල රෝහලට මව්වරුන් 56 දෙනෙකු පැමිණිලි ඉදිරිපත් කළේ, තමන්ට සීසේරියන් සැත්කම් සිදු කරගැනීමෙන් ගැබ් ගැනීමක් සිදු නොවූ බවට පවසමින්.

අද පෙරවරුවේ සිට කුරුණෑගල ශීක්ෂණ රෝහලට පැමිණි මව්වරුන් වෛද්‍ය ශාෆිට එරෙහිව විවිධ වර්ෂවලදී සිදුවූ සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් පැමිණිලි කළේය.

ඒ අනුව අද දිනයේදී පමණක් රෝහලට ලැබුණු පැමිණිලි ගණන 46 ක්.

වෛද්‍ය ශාෆිට එරෙහිව මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 486 ක්.

මේ අතර වෛද්‍ය මොහොමඩ් ශාෆිට එරෙහි පැමිණිලි විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය පත් කළ කමිටුව සිය අතුරු වාර්තාව සකස් කර තිබේ.

අප කළ විමසීමකදී අමාත්‍යාංශයේ වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සදහන් කළේ, අදාළ වාර්තාව ලබන සඳුදා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරියට භාර දෙන බවයි.

මේ අතර අද පෙරවරුවේ කුරුණෑගල ශික්ෂන රෝහල ඉදිරිපිට භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසක් නිහඬ විරෝධතාවක් පැවැත්වීමට උත්සාහ දැරුවද පොලිසීයේ මැදිහත්වීමෙන් එය අතහැර දැමුණි.

එමෙන්ම සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව දඹුල්ල මහ රෝහලට අද දිනයේදී මව්වරුන් 15 දෙනෙකු පැමිණිලි ඉදිරිපත් කළේය.

ඒ අනුව දඹුල්ල රෝහලට වෛද්‍ය ශාෆිට එරෙහිව මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 57 ක්.

මේ අතර කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයාට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරීමට ක්‍රියා කිරීමට දේශප්‍රේමී වෛද්‍යවරුන්ගේ සංවිධානය තීරණය කර ඇත.

+++++++++++++++++++++

01.06.2019

+++++++++++++++++++++

වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි 600 ඉක්මවයි

(02.06.2019 – 19:18 +0530 – sinhala.adaderana.lk)

පොලිස් අත්අඩංගුවේ පසුවන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ දඹුල්ල මහ රෝහලට අද වන විට පැමිණිලි 601 ක් ලැබී ඇත.

එමෙන්ම වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි විමර්ශනයට සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ කමිටුවේ අතුරු වාර්තාව හෙට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියට බාර දීමට නියමිතයි.

මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් පසු යළි පිළිසිඳ ගැනීමක් සිදුනොවු බව පවසමින් අදත් මව්වරු 50 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි කළේය.

මේ වන විට වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 486 කි.

මේ අතර මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව අද මව්වරු 08 දෙනෙකු දඹුල්ල මහ රෝහලට පැමිණිලි ඉදිරිපත් කළේය.

එම රෝහලට වෛද්‍ය ෂාෆිට එරෙහිව මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 65 කි.

වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි ඉදිරිපත් කිරීමට තවදුරටත් අවස්ථාව පවතින බව කුරුණෑගල ශික්ෂණ රෝහල පවසයි.

ඒ පිළිබඳ විමර්ශන ඉදිරි සතිවලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ආරම්භ කරන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවසුවේය.

වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි පැමිණිලි විමර්ශනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ කමිටුවේ අතුරු වාර්තාව හෙට (3) සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියට භාර දෙන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා අද දෙරණට සඳහන් කළේය.

මේ අතර වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි විමර්ශනයට සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කළ කමිටුව අහෝසිකර ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත්කරන්නැයි ඉල්ලා අද පෙරවරුවේ අම්බලන්ගොඩ තෙල්වත්ත ප්‍රදේශයේදී විරෝධතාවක් පැවැත්වුණි.

එම අවස්ථාවට සංඝරත්නය, ප්‍රාදේශීය දේශපාලකයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියේය.

මේ අතර මාවනැල්ල ප්‍රදේශයේ ද මෙවන් සිද්ධියක් සිදුව ඇති බවත් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා අද කියා සිටියේය ෴

+++++++++++++++++++++

03.06.2019

+++++++++++++++++++++

31.05.2019

+++++++++++++++++++++

• කුරුණෑගල වේසිපුත්‍ර ‘සිසේරියන් සාපියා’ : පිටුව 06
පිටුව – [01][02][03][04][05][06][07]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *