අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ දුරකථන අංක 1800 ක් ගැන CID පරීක්ෂණ

(30.05.2019 – 16:06 +0530 – sinhala.adaderana.lk)

පසුගිය අප්‍රේල් මස 21 දින සිදුවු බෝම්බ ප්‍රහාරයන් හා සම්බන්ධයෙන් බෝම්බකරුවන් පාවිච්චි කල දුරකථන අංක 1800 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන අරඹා තිබේ.

අද (30) කොළඹ පැවති, ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මේ බව පැවසීය.

එහිදී ප්‍රහාරකයින් විසින් භාවිතා කල දුරකථන අංක ඇතුළුව වරින් වර භාවිතා කරන ලද හා වෙනත් අංකයන් සමඟ සබඳතා පැවැත් වු මෙම දුරකථන අංක සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්ලේෂණය කරමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සිදු කරනු ලබන විමර්ශන කටයුතු ඉතා සාර්ථකව සිදු කෙරෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් සැකකාරියන් 7 ක් ඇතුළු සැකකරුවන් 66 දෙනෙක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ හා සැකකාරියන් 2 ක් ඇතුළු සැකකරුවන් 21 ක් මේ වන විට ත්‍රස්ථ විමර්ශන කොට්ඨාශය බාරයේ ද රඳවා ගෙන විමර්ශන කරන බව ද රුවන් ගුණසේකර මහතා මෙහිදී කියා සිටියේය.

+++++++++++++++++++++++++++++++++++

බදියුදීන්, හිස්බුල්ලා සහ අසාද් සාලි තනතුරුවලින් ඉවත් කරන්නැයි ඉල්ලා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසයක් අරඹයි

(31.05.2019 – 10:51 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ආණ්ඩුකාරවරුන් වන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ අසාද් සාලි ධුරවලින් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද පෙරවරුවේ ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට දී මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.

එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ උන්වහන්සේ සමඟ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සහ ගිහි පිරිසක් ද උපවාසයට එක්ව සිටින බවයි.

දළදා මාළිගාවේ මහ මළුවේ කොඩි කණුව ආසන්නයේ අද පෙරවරු 10:15 ට පමණ මෙම උපවාසය ආරම්භ කෙරුණු අතර, එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියේ අමාත්‍යවරයා සහ ආණ්ඩුකාරවරුන් දෙදෙනා ධුරවලින් ඉවත් කරන තුරු නිරාහාරව සිටිමින් මෙම උපවාසය දියත් කරන බවයි.

+++++++++++++++++++++

31.05.2019
31.05.2019

+++++++++++++++++++++

මෙම ඉල්ලීම් සහ උපවාසය සම්බන්ධයෙන් රතන හිමියන් ජනාධිපතිවරයාට ලිපියකින්ද දැනුම් දී ඇති අතර එහි පිටපත් අගමැතිවරයා ඇතුළු අමාත්‍යවරුන්ටද යොමු කර තිබේ.

එම ලිපිය පහතින් දැක්වෙයි : (sinhala.adaderana.lk)

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

30.05.2019

+++++++++++++++++++++++++++++++++++

30.05.2019

***************************************

පාස්පෝට් අද සිට ගණන් යයි

(31.05.2019 – 09:35 +0530 – sinhala.adaderana.lk)

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී අය කෙරෙන ගාස්තු අද (31) සිට ඉහළ නංවා තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ රුපියල් තුන්දහසක්ව පැවති සාමාන්‍ය සේවා ගාස්තු අද සිට රුපියල් තුන්දහස් පන්සියය දක්වා ඉහළ නංවා ඇති බවයි.

එමෙන්ම රුපියල් දස දහසක්ව පැවති එක්දින සේවා ගාස්තුව රුපියල් පහලොස්දහස දක්වා ඉහළ නංවා තිබේ.

වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී අය කෙරුණු සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් දෙදහසේ සිට රුපියල් දෙදහස් පන්සියය දක්වාත් එක්දින සේවා ගාස්තු රුපියල් පන්දහසේ සිට රුපියල් හත්දහස් පන්සියය දක්වා ඉහළ නංවා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2019 අයවැය යෝජනාවට අනුව මෙම ගාස්තු ඉහළ නැංවීම සිදු කර තිබේ ෴

***************************************

මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම යළි විවෘත වෙයි

(31.05.2019 – 10:02 +0530 – sinhala.adaderana.lk)

පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස තාවකාලිකව වසා දමා තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මහලේකම් කාර්යයාල දුම්රිය නැවතුම්පොල යළි විවෘත කර ඇත.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ කාර්යාල දුම්රිය සඳහා පමණක් දුම්රිය නැවතුම්පළ විවෘත වන බවයි.

දුම්රිය ස්ථානය ආශ්‍රිතව මගීන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් ඒ සඳහා විශේෂ දොරටු සකස් කර ඇති බවත් දුම්රිය පාලක මැදිරිය පැවසුවේය.

එමෙන්ම තාවකාලිකව නවතා තිබූ දුම්රිය මගී පාර්සල් ප්‍රවාහන කටයුතු හෙට (01.06.2019) සිට යළි ආරම්භ කිරිමට ද තීරණය කර ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *