කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පැමිණිලි 129 දක්වා ඉහළට

• කුරුණෑගල වේසිපුත්‍ර ‘සිසේරියන් සාපියා’ : පිටුව 04
පිටුව – [01][02][03][04][05][06][07]

(29.05.2019 – 07:30 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගැනුණු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ සේවය කළ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව මේ වනවිට මව්වරුන් 129 දෙනෙකුගෙන් පැමිණිලි ලැබී තිබෙනවා.

කුරුණෑගල ශික්ෂණ රෝහලට මව්වරුන් 114 දෙනෙකු ඊයේ දිනය වන විට පැමිණිලි කර තිබූ අතර, දඹුල්ල මූලික රෝහලට පැමිණිලි 13 ක් සහ ගලේවෙල දිසා රෝහලට පැමිණිලි 2ක් ඉදිරිපත්ව තිබුණා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ මෙම වෛද්‍යවරයා පසුගිය සිකුරාදා රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබූ අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබුවා.

එමෙන්ම, වෛද්‍ය සාෆිට එරෙහිව පරීක්ෂණ කඩිනම් කරන ලෙස ඉල්ලා කුරුණෑගල නගරයේ කඩ සාප්පු වසා දමා ඊයේ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා.

ඊට අමතරව මෙම වෛද්‍යවරයාට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලා, සිවිල් සංවිධාන සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු හෙද කාර්ය මණ්ඩලයේ පිරිස් ඊයේ දහවල් රෝහල ඉදිරිපිට විරෝධතාවයක ද නිරත වුණා.

එමෙන්ම, වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය 6 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කෙරුණු අතර කමිටු සාමාජිකයින් ඊයේ කුරුණෑගල රෝහල වෙත ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම කමිටුවට කිසිදු සහයක් නොදැක්වීමට කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය තීරණය කර තිබූ අතර එය රෝහල් අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණා.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයා පත් කළ මෙම කමිටුව පිළිනොගැනීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ද තීරණයක් ගෙන තිබෙනවා.

මේ අතර, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වෛද්‍ය පරිපාලකයින් මාධ්‍ය හමු කැඳවීමේදී සහ තාක්ෂණික කරුණු හැර වෙනත් කරුණු ප්‍රසිද්ධියේ පැවසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අවසර ලබාගත යුතු බවටයි.

ඉන් පරිබාහිරව කටයුතු කරන වෛද්‍ය පරිපාලකයින්ට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක කරන බව ද එම නිවේදනයේ දැක්වුණා.

+++++++++++++++++++++++++++++++++++

පේරාදෙණිය රෝහලෙත් හොර වඳ සැත්කම්… මුස්ලිම් දොස්තරවරිය අතුරුදන් !

(29.05.2019 – colombotoday.com)

පේරාදෙණිය මහ රෝහලේ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් සිසෙරියන් සැත්කම අතරතුර දී මවුවරුන් වඳභාවයට පත් කර ඇති බවට චෝදනා රාශියක් එල්ල වන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

මෙම දෙදෙනාම මුස්ලිම් ජාතිකයින් බවත් සිසේරියන් සැත්කම් කරද්දී ඔවුන් විසින් අනවශ්‍ය තද කිරීම් හෝ සිරකිරීම්වලට වලට ලක් කර කාන්තාවන් වඳභාවයට පත් කළේ යැයි චෝදනා එල්ල වී ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

මෙම දෙදෙනා විසින් විශාල ප්‍රමාණයක් සිසේරියන් සැත්කම් කර ඇතැයිද පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වරුන්ට විරුද්ධව පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇතැයිද සඳහන් කලේය.

මහනුවර තත්වය උණුසුම් වෙද්දී වෛද්‍යවරයා මඩකලපුව ප්‍රදේශයට මාරු වී ගොස් ඇති බවක් වෛද්‍යවරිය විදෙස්ගත වී ඇති බවත් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් අමතමින් හෙළි කර සිටියේය ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පැමිණිලි 190 ඉක්මවයි

(29.05.2019 – 13:16 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගෙන සිටින වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව මේ වනවිට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 190 ඉක්මවා තිබෙනවා.

කුරුණෑගල ශික්ෂණ රෝහලට මේ වනවිට පැමිණිලි 170වට අධික ප්‍රමාණයක් ලැබී ඇති අතර, අද උදෑසන පමණක් පැමිණිලි 50කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මීට අමතරව දඹුල්ල මූලික රෝහලට සහ ගලේවෙල දිසා රෝහලටද පැමිණිලි 26 ක් ඉදිරිපත්ව තිබෙනවා.

මේ අතර, අදාළ වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවකයන් පිරිසක් අදත් රෝහල ඉදිරිපිට විරෝධතාවයක් සංවිධාන කර ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න අද මාධ්‍ය හමුවක් කැදවමින් සඳහන් කළේ ත්‍රස්ත ප්‍රහාරයට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ට සහ මෙම වෛද්‍යවරයාට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බවයි ෴

+++++++++++++++++++++

• කුරුණෑගල වේසිපුත්‍ර ‘සිසේරියන් සාපියා’ : පිටුව 04
පිටුව – [01][02][03][04][05][06][07]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *