වෛද්‍ය ෂාෆිගෙන් සිසේරියන් සැත්කම් කර ගත් මව්වරුන්ගේ පැමිණිලි ගණන 116 දක්වා ඉහළට

• කුරුණෑගල වේසිපුත්‍ර ‘සිසේරියන් සාපියා’ : පිටුව 03
පිටුව – [01][02][03][04][05][06][07]

(28.05.2019 – 18:58 +0530 – sinhala.adaderana.lk)

වෛද්‍ය මොහොමඩ් ෂාෆි යටතේ සිසේරියන් සැත්කම් සිදුකරගත් තවත් මව්වරුන් 65 දෙනෙකු අද කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කළේය.

ඒ අනුව වෛද්‍ය ෂාෆිගේ සිසේරියන් සැත්කම්වලින් පසු දරුවන් පිළිසිඳ නොගත් බවට මව්වරුන්ගේන ඉදිරිපත් වූ සමස්ත පැමිණිලි සංඛ්‍යාව 116 ක්.

මේ අතර ශාෆි වෛද්‍යවරයාට එරෙහි පැමිණිලි විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අද පත් කළ සය පුද්ගල කමිටුවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය දක්වයි.

වෛද්‍ය මොහොමඩ් ශාෆි මහතාගෙන් සිසේරියන් සැත්කම් කරගත් මව්වරුන් අද පෙරවරුවේ සිට කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණ සිය පැමිණිලි ඉදිරිපත් කළේය.

ඊයේ දිනයේදී මොහොමඩ් ෂාෆිට එරෙහිව පැමිණිලි 51 ක් ඉදිරිපත් වූ අතර අද ඉදිරිපත් වූ පැමිණිලි සංඛ්‍යාව 65 ක්.

මේ අතර වෛද්‍ය ශාෆි දඹුල්ල රෝහලේ සේවය කළ කාල සීමාවේ ඔහුගෙන් සිසේරියන් සැත්කම් කරගත් මව්වරුන් 10 අද දඹුල්ල පොලීසියටත් දඹුල්ල මූලික රෝහලටත් පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

දඹුල්ල ප්‍රදේශයේ මව්වරුන්ට ද කුරුණෑගල රෝහල වෙත සිය පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පැමිණිලි සම්බන්ධීකරණ නිලධාරිවරයා පවසයි.

මේ අතර කුරුණෑගල නගරයේ අද වෙළෙඳසල් වසා හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරුණි.

ඒ, වෛද්‍ය ෂාෆිට එරෙහි පරීක්ෂණ කඩිනම් කරන ලෙසට බල කරමින්.

එමෙන්ම භික්ෂූන් වහන්සේ ඇතුළු ආගමික නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්විය.

විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වූයේ අසාධාරණයට ලක්වූ මව්වරුන්ට සාධාරණය ඉටු කළ යුතු බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය අද නිවේදනය කළේ, වෛද්‍ය මොහොමඩ් ෂාෆි මහතා අත්අඩංගුවට පත්වීම සහ ඔහුට එරෙහි පැමිණිලි විමර්ශනය කිරිම සඳහා සය පුද්ගල කමිටුවක් පත් කළ බවයි.

එහි සභාපතිත්වය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා හොබවයි.

සෙසු සාමාජිකයින් වන්නේ, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් වන ලක්ෂ්මන් සේනානායක හා‍ යු.ඩී.පී රත්නසිරි, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංජීව ගොඩකන්දගේ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ එල්.ඒ බස්නායක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරී එස්.අයි ගුණවර්ධන යන මහත්වරුන්.

ඒ අනුව අදාළ කමිටුව මූලික විමර්ශන වාර්තාව සතියක් තුළ හා සම්පූර්ණ විමර්ශන වාර්තාව මසක් ඇතුළත සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දිය යුතු වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සිය නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද දැනුම් දී ඇති බවයි.

මේ අතර එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ මවකගේ ඇද ඉහපතක නම වෙනස් කිරීම මඟින් ළදරුවෙකු වෙනත් පාර්ශ්වයකට ලබාදීමට තැත් කිරීම සම්බන්ධව රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් පිළිබඳව ද අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය මඟින් දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

කෙසේවෙතත් විෂයභාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ ප්‍රකාශ කළේ එවැනි පැමිණිල්ලක් අමාත්‍යංශය වෙත ලැබී නොතිබූ බවයි.

මේ අතර වෛද්‍ය ශාෆිට එරෙහි චෝදනා විමර්ශනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පත් කර තිබෙන කමිටුවට කිසිදු සහයක් නොදැක්වීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය හා හෙද සංගම් තීරණය කර තිබෙන අතර අද එය රෝහල් අධ්‍යක්ෂකවරයා වෙත දැනුම් දුන්නේය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති රෝහල් සහ අනෙකුත් ඒකකවල වෛද්‍ය පරිපාලකයින්ට තාක්ෂණික කරුණු හැර වෙනත් කරුණු මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කිරීමට නම් අමාත්‍යංශ ලේකම්වරයාගේ අවසරය ලබාගත යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පවසයි.

ඒ අනුව මෙම තීරණයට පරිබාහිරව කටයුතු කරන වෛද්‍ය පරිපාලකයින්ට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යංශය නිවේදනය කරයි.

මේ අතර තවත් පාර්ශ්ව කිහිපයක් වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවලදි අදහස් පල කළේය.

+++++++++++++++++++++++++++++++++++

අම්මලව හිරේ දාලා දොස්තරව නිදහස් කරන තත්ත්වයක් තියෙන්නේ – විමල් වීරවංශ

(28.05.2019 – 20:11 +0530 – sinhala.adaderana.lk)

ගබ්සා කිරීම් ගැන චෝදනා එල්ල වු වෛද්‍යවරයා නිදොස් වී අගතියට පත් මව්වරුන් සිරගත වීමේ වතාවරණයක් පැන නැගී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද (28) පෙරවරුවේ මහනුවරට පැමිණි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා හා පක්ෂ සාමාජිකයින් ප්‍රථමයෙන් ඓතිහාසික දළදා මාළිගය වැඳපුදා ගැනීමෙන් අනතුරුව මෙම අදහස් පළ කළේය.

අනතුරුව මල්වතු මහාවිහාරය වෙත පැමිණි මන්ත්‍රිවරුන් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදුටුවේය.

රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඇති විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුවේ සමහරු සහය පළ කර ඇති බවත් පැවසු මන්ත්‍රීවරයා, සමහර අය රිෂාඩ් නැතිව ආණ්ඩුවක් පිහිටු විය නොහැකි යැයි බියෙන් සිටින බව ද පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසභංග යෝජනාව හේතුවෙන් ආණ්ඩුව අද වන විට රිෂාඩ්ගේ සහය ඒ සඳහා නොලැබුණහොත් ආණ්ඩුව පැරදේවි යැයි බියෙන් සිටින බව ද පැවසු මන්ත්‍රීවරයා, පසුව අස්ගිරි මහා විහාරයේදි අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන්ද බැහැ දැක සාකච්ඡා කළේය.

+++++++++++++++++++++++++++++++++++

කාන්තාවන් හාරදාහක් වඳභාවයට පත්කර ඇත්නම් එසේ වූ පළමු රට ශ්‍රී ලංකාවයි

(29.05.2019 – mawbima.lk)

කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු කාන්තාවන් 4000කට අධික පිරිසක් ඔවුන්ගේ අනුමැතියකින් තොරව වඳභාවයට පත්කොට ඇතැයි කියැවෙන සිද්ධිදාමය සත්‍යයක් බවට පත්වුවහොත් එය ලෝකයේ රෝගීන්ගේ අයිතිවාසිකම් එක් පුද්ගලයකු විසින් වැඩිම ප්‍රමාණයක් කඩකරන ලද ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්වනු ඇතැයි රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය පවසයි.

එම සංවිධානයේ ලේකම් ධම්මික එදිරිසිංහ මහතා පවසන්නේ මෙවැනි ඛේදජනක සිදුවීම් මීට පෙර වාර්තා වූයේ දෙවැනි ලෝක යුද සමයේ හිට්ලර්ගේ හමුදාව යටතේ බවයි.

තම සංවිධානය සහ මීට පෙර තිබූ රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කතා කළ සංවිධානයන් මේ රටේ පැවතුණු රජයන්ගෙන් මෙන්ම වත්මන් රජයෙනුත් රෝගීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන පනතක් ගෙන එන ලෙස සහ රෝගියාට ඇති අයිතිය නීතිගත කරන ලෙස ඉල්ලා සිටියද කිසිදු රජයක් ඒ පිළිබඳව සැලකිල්ලක් නොදැක්වූ බවටද ඔහු චෝදනා කළේය.

අනිවාර්යෙන්ම මේ අසාධාරණයට ලක්වූ කාන්තාවන්ට රජය මඟින් වන්දියක් ලබාදිය යුතු බවත්, වහාම රෝගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශපාලන වුවමනාවන් මත මේ සිද්ධිය රජය මතම පමණක් පටවන බවත් අදාළ චෝදනාවට ලක්වූ වෛද්‍යවරයා රජයේ වෛද්‍යවරයෙක් බැවින් ඔහුද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයකු විය යුතු බවත්, ඒ නිසා මෙහි සත්‍ය රටට ප්‍රකාශ කිරීමේ වගකීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය පසුගියදා (26 දා) ගම්පහ සංවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

දොස්තර සාෆි සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට පිරිසකගෙන් බලපෑම්

(29.05.2019 – mawbima.lk)

ආන්දෝලනයට ලක්ව සිටින නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය සාෆි සහබ්දීන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට සෞඛ්‍ය ඇමැති ඇතුළු පිරිසක් විවිධාකාරයෙන් බලපෑම් එල්ල කරන බවට ලැබී තිබෙන තොරතුරු සම්බන්ධව වහා සොයා බලන ලෙස ඉල්ලමින් සත්‍ය ගවේෂකයෝ සංවිධානය ඊයේ (28 දා) පොලිස්පති සහන මැදිරියට පැමිණිල්ලක් කර තිබේ.

එම සංවිධානය සිය පැමිණිල්ල මඟින් පෙන්වා දෙන්නේ 2019.05.27 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් පරීක්ෂණ කටයුතුවලට බලපෑම් එල්ල වන බවට අනාවරණය කර ඇති බවත් රෝහල් සේවකයන්ද 2019.05.27 මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඔවුන්ටද බලපෑම් ඇති බවට ප්‍රකාශ කර ඇති බවත්ය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා වෛද්‍යවරයා පිළිබඳ පරීක්ෂණ කටයුතු මෙහෙයවන ප්‍රධාන පොලිස් නිලධාරියාට බලපෑම් එල්ල වන ප්‍රකාශ මාධ්‍යට නිකුත් කරමින් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මාධ්‍ය සාකච්ඡාවකදී කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්තුමා ගන්නා ක්‍රියාමාර්ග නුදුරේදී දැකගත හැකිවනු ඇතැයි යනුවෙන් පැවැසීම තුළින් පරීක්ෂණයේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන රෝහල් අධ්‍යක්ෂවරයාට විශාල බලපෑමක් එල්ල කර ඇති බවත් සත්‍ය ගවේෂකයෝ සංවිධානය පෙන්වා දෙයි ෴

+++++++++++++++++++++++++++++++++++

කුරුණෑගල දොස්තර වර්ග සංහාරයක.. ඔහුට විරුද්දව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු දමයි..

(29.05.2019 – 10:00 +0530 – lankacnews.com)

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි :

කුරුණෑගල වෛද්‍යවරයා විසින් කර ඇති ක්‍රියාව වර්ග සංහාරයක් ලෙස අර්ථකථනය කල හැකි බව අප සංවිධානයේ විශ්වාසයයි. එය කිසිසේත්ම සුලු කොට තැකිය හැකි කාරණයක් නොවන බව අප අවධාරණය කරමු. තවද රජය ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබදවද සෑහීමකට පත්විය නොහැක. මන්දයත් ඒ පිළිබදව සොයා බැලීමට පත්කරන ලද්දේද ස්වාධීන කම්ටුවක් නොව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුවක් පමණි. එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමකි.

අපරාධ වැළැක්වීමේ හා දඬුවම් පැමිණවීම පිළිබඳ සම්මුතියේ දෙවන ව්‍යවස්ථාව දක්වන ආකාරයට යම් ජන වර්ගයක්, ජාතියක්, ආගමික කණ්ඩායමකට අයත් පිරිසක් මරා දැමීම, බරපතළ ලෙස ශාරීරික හා මානසික හානි සිදු කිරීම, හිතාමතාම ඔවුන්ගේ ජීවන තත්ත්වයට හානි කිරීම, ශාරීරික වශයෙන් දුබලතාවයට පත් කිරීම, උපත් පාලනය කිරීම, බලහත්කාරයෙන් ළමුන් එක් ජන කොට්ඨාශයකින් තවත් ජන කොට්ඨාශයකට මාරු කිරීමයි වර්ග සංහාරයයි. මෙහිදි එක් ජන කොට්ඨාශයක් යන්නෙහිදි මුළුමනින්ම ජන කොටස හෝ එහි කොටසක්ද සංහාරයට ලක් කිරිම අදහස් වේ.

මනුෂ්‍යන් උත්පත්තියෙන්ම යම් අයිතිවාසිකම් සමූහයකට උරුමකම් කියයි. එම අයිතිවාසිකම් අද වන විට ලෝකයේ විවිධ සම්මුති මඟින් තව දුරටත් සුරක්ෂිත කර තිබේ. නමුත් වර්ග ඝාතනය තුළින් මිනිසුන්ගේ ජීවිතයට ඇති අයිතිය, ජාතිකත්වයට ඇති අයිතිය, කෲර හා අමානුෂික වධ හිංසාවන්ට ලක් නොවි සිටිමේ අයිතිය ද බරපතළ ලෙස උල්ලංඝනය කරයි. අප සියල්ලෝම මනුෂ්‍යන් වශයෙන් උපත ලබා ඇත්තෙමු. ජාතිය, වර්ගය, ආගම, කුලය අනුව කිසිම අයෙක් වෙනස් කොට නොසැළකිය යුතුය. වර්ග සංහාරයේදී යම් ජන කොට්ඨාශයක ඉදිරි පැවැත්ම අහිමි කරනු ලබයි. ළමුන්ගේ ජීවිත පවා විනාශ කර දැමීම ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය, අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රඥප්තිය මඟින්ද බැහැර කර තිබේ. එම අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සියළු රාජ්‍යයන් බැඳී සිටී.

තත්වය එසේ නම් අපට රජයෙන් ඇසීමට ඇත්තේ කුරුණෑගල වෛද්‍යවරයා සිදුවීම වර්ග සංහාරයක් නොවන්නේ කෙසේද? යන්නයි.

1948 අපරාධ සංහාරය වැලැක්වීම හා දඬුවම් පිළිබඳ සම්මුතියට අනුව (Convention on the prevention and punishment of the crime genocide)

ජන සංහාරය මනුෂ්‍යත්වයට එරෙහි වු අපරාධයක් ලෙස දක්වා තිබේ. එහි පළමු වගන්තිය මඟින් ජන සංහාරය යන්න යුධ සමයේ සිදු වුවත් සාමකාමි කාලයක සිදු වුවත් අන්තර්ජාතික නීතිය යටතේ අපරාධයක් බව දක්වා ඇත. එහි දෙවන වගන්තිය මඟින් දක්වා ඇති පරිදි එය ජාතියක, ජන වර්ගයක හෝ ආගමික කොට්ඨාශයක් වැනි ජන සමූහයක් හෝ කොටසක් විනාශ කිරීමේ අරමුණින් සිදු කරන ලද්දක් විය යුතුය. මෙම සම්මුතිය 1951 සිට ක්‍රියාත්මකවේ.

වර්ග සංහාරය මනුෂ්‍යත්වයට එරෙහි වරදක් ලෙස ලෝකයම පිළිගෙන තිබියදී කුරුණෑගල වෛද්‍යවරයාගේ සිදුවීම සොයා බැලීම සදහා රජය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීම හාස්‍යජනක වේ. අනෙක් කාරණය වන්නේ මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිවරයා වීමය. ඔහු එම තනතුරෙන් ඉවත් කරන ලෙසටද අප ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක් කිරීමට බලා පොරොත්තු වෙමු.

කුරුණෑගල වෛද්‍යවරයා සම්බන්ධයෙන් රජය විසින් ගත් ක්‍රියාමාර්ග කිසිසේත්ම ප්‍රමාණවත් නොවන නිසා අප සංවිධානය විසින් මෙම සිදුවීම වර්ග සංහාරයක් ලෙස සළකා ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරීමට තීරණය කර ඇත.

රංජිත් විතානගේ
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

+++++++++++++++++++++++++++++++++++

චූදිත දොස්තර රකින්න කුරුණෑගල රෝහල් අධ්‍යක්‍ෂ මාරුකිරීමක්.. බලපෑම රාජිතගෙන්.. කුරුණෑගල දැවැන්ත විරෝධතා..

(29.05.2019 – 09:20 +0530 – lankacnews.com)

රහස් පොලිසිය භාරයේ සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සහ ෂාෆි ෆිහාබ්ඩීන් මහතා සම්බන්ධයෙන් ඇති චෝදනා වලට සිදු කරන පරීක්‍ෂණ සදහා බලපෑම් කරමින් ඇති බව එම එම රෝහල ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වින.

ඊයේ දින පැවැත්වුනු විරෝධතාවයේදී විරෝධතාකරුවන් කියා සිටියේ මෙම රෝහල් අධ්‍යක්ෂවරයා ස්ථාන මාරැ කිරීමට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා උත්සාහ කරන බවයි.

විරෝධතාවය සඳහා මහා සංඝරත්නය, කතෝලික පූජක තුමන්ලා ඇතුළු 2000ක පමණ පිරිසක් එක්ව සිටි අතර විරෝධතාවයට සහාය දෙමින් නගරයේ වෙළඳසැල් රැසක් වසා දමා තිබිණි.

රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර ඉන් මාරු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා උත්සාහ දරන බව ද එකී පරීක්ෂණ දේශපාලන අතපෙවීම්වලින් තොරව සිදුවිය යුතු බව විරෝධතාවට එක්ව සිටි කුරුණෑගල ඇත්කඳ රාජ මහා විහාරාධිපති වීරපොකුණේ සුමංගල හිමියෝ කියා සිටියහ.

ඉදිරියේදී පරීක්ෂක වලට තවත් බාධා කළහොත් දැවැන්ත විරෝධතාවක් පවත්වන බවද උන්වහන්සේ පැවසූහ.

චුදිත වෛද්‍යවරයාට ආරක්ෂා කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා උත්සාහ ගන්නා බව ද ඉහත දොළොස් පත්තුවේ ප්‍රධාන සංඝනායක අටමුනේ ආනන්ද හිමියෝ පැවසූහ ෴

+++++++++++++++++++++++++++++++++++

වෛද්‍ය ෂාෆීට එරේහිව දඹුල්ලේ මව්වරුන් 11ක ගෙන් පැමිණිලි

(29.05.2019 – 12:04 +0530 – sinhala.adaderana.lk)

දැනට අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය සෙයිගු සිහාබ්ඩීන් මොහොමඩ් ෂාෆි දඹුල්ල රෝහලේ සේවය කරන කල්හි සිසේරියන් සැත්කම් සිදුකර පසු නැවත තමන්ට පිළිසිඳගැනීමක් සිදු නොවු බව පවසමින් කාන්තාවන් 11 දෙනකු අද (29) පෙරවරු වන විට දඹුල්ල පොලිසියට සහ දඹුල්ල මූලික රෝහලට පැමිණිලි ඉදිරිපත් කර තිබේන බව වාර්තා වේ.

මෙම මව්වරුන් 2013 වසරේ සහ 2015 වසර දක්වා දඹුල්ල මූලික රෝහලේ දරු ප්‍රසූති සඳහා නේවාසිකව නැවතී පසුව සිසේරියන් සැත්කම් මගින් දරුවන් ලැබූ මව්වරු බව සඳහන් වේ.

මෙම මව්වරුන් සියලු දෙනාම කියා සිටියේ දැනට අත්අඩංගුවේ පසුවන වෛද්‍යවරයා විනාඩි දහයත් පහළොවත් අතර කාලයක් තුළ තම සිසේරියන් සැත්කම සිදුකළ බවත් ඉතාමත් විනෝදකාමී ලෙස එම සැත්කම සිදුකළ බවය.

මෙම සිද්ධිය අනාවරණය වන තුරු තමන්ට දරුවන් නොලැබීම පිලිබඳව විවිධ වෛද්‍යවරුන්ට සහ යාග හෝම බලි තොයිල් සිදුකළ බවද මෙම මව්වරු පවසති.

ඇතැම් මවුවරුන් කියා ඇත්තේ අඹු සැමියන් අතර දරුවන් නොමැතිවීම නිසා ප්‍රශ්න ගැටලු ඇති වූ අවස්ථා රැසක් පැවතුණු බවයි.

මුහුණ පෙන්වීමට අකමැති වූ මවක කියා සිටියේ තම ස්වාමි පුරුෂයා සමඟ දරුවන් නොමැතිවීම පිළිබඳව දිගින් දිගටම ඇති වූ ගැටළු තත්ත්වයක් හේතුවෙන් තමන්ගේ සැමියා සිය ජීවිතය නැති කර ගැනීමට පවා උත්සාහ දැරූ බව ය.

මෙම සිද්ධියත් සමඟ තම සැමියා එය අවබෝධ කර ගැනීම විශේෂ කාරණාවක් බව ඇය හඬා වැටෙමින් පැවසු බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්රීමරත්න මහතා කියා සිටියේ මේ වනවිට දඹුල්ල පොලිසියට ලැබෙන සෑම පැමිණිල්ලක් ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන බවය.

දඹුල්ල පොලිසිය ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක කේ .කේ .එස් . කෝදාගොඩ මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණිලි සටහන් කර ගනු ලැබීය ෴

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

• කුරුණෑගල වේසිපුත්‍ර ‘සිසේරියන් සාපියා’ : පිටුව 03
පිටුව – [01][02][03][04][05][06][07]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *