හිටපු ජනපති මහින්ද මරන්න එක්නැලිගොඩ කොටි එක්ක ගහපු ප්ලෑන එළියට
හිටපු ජනපති මහින්ද මරන්න එක්නැලිගොඩ කොටි එක්ක ගහපු ප්ලෑන එළියට
(16.10.2026 – hirunews.lk)
මිසයිල ප්රහාරයකින් එවකට රටේ රාජ්ය නායකයා වූ මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට ‘ප්රගීත් එක්නැලිගොඩ’ සැලසුම් කර තිබූ බව හිටපු කොටි බුද්ධි අංශ සාමාජිකයෙකු වූ ‘මුරලි’ නමැත්තා ‘එක්නැලිගොඩ අතුරුදන් වීම පිළිබඳ නඩුවේ’දී අද (16) ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ සාක්ෂි දුන්නා.

මේ අතර, මෙම නඩුවේ සාක්ෂි ලබාගැනීම සඳහා රැඳවුම් නියෝග මත සිටින හිටපු බුද්ධි අංශ ප්රධානී ‘සුරේෂ් සලේ’ ද අද (16) විනිසුරු මඬුල්ල හමුවට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී සලේ බුද්ධි අංශ කළ සේවය ගැන සංවේදීව අදහස් පළ කළා.
පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ පිළිබඳ නඩුව අදත් (16) කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණයේ දී විභාගයට ගැනුණා.
ඒ සභාපති විනිසුරු නයනා සෙනවිරත්න, නලින් හේවාවසම් හා ලක්මාලි හේවාවසම් යන විනිසුරු මඩුල්ල හමුවේයි.
මේ අතර මීට පෙර පැවති නඩු දිනයේදී සාක්ෂි අංක 53 සහ 90 යන සාක්ෂිකරුවන්ගේ සාක්ෂි කැඳවීමට නොතීසි නිකුත් කර තිබුණා.
මීට පෙර සාක්ෂි ලබා දුන් ‘සුමතිපාල සුරේෂ් කුමාර’ හෙවත්, ‘මුරලි’ යන අයගේ සාක්ෂි විමසීම අද (16) යළි ආරම්භ කෙරුණා.
ඒ අනුව, අදාළ සාක්ෂි කරුගෙන් විත්තියේ නීතීඥ අසිත් සිරිවර්ධන හරස් ප්රශ්න ඇසීම ආරම්භ කළා.
අසිත් සිරිවර්ධන – තමුන් මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ සමග සහෝදරයෙකු සේ මිතුරුකම් පැත්වුවා නේද ?
මුරලි – ඔව්..
අසිත් සිරිවර්ධන – ඒ කාලේ ඒ මිතුරුකම ගැන LTTE ත්රස්තවාදී සංවිධානයේ නායක ‘වේලුපිල්ලේ ප්රභාකරන්’ට කිව්වද ?
මුරලි – නැහැ.. මම ඒ ගැන කිව්වේ නැහැ.
අසිත් සිරිවර්ධන – ඔබ එක්නැලිගොඩ සමග තිබූ මිතුරුකම ගැන ‘තමිල් චෙල්වම්’ කියන ත්රස්තවාදියාට කිව්වද ?
මුරලි – ඔව් ..
අසිත් සිරිවර්ධන – ඒ මිතුරුකම ගැන ඔබ LTTE සංවිධානයේ බුද්ධි අංශයේ දෙවැනියා වුණ ‘ඥානවේල්’ට කිව්වද ?
මුරලි – ඔව්..
අසිත් සිරිවර්ධන – ඔබ එක්නැලිගොඩ සමග තිබූ සම්බන්ධය ගැන ‘පොට්ටු අම්මාන්’ට කිව්වද ?
මුරලි – ඔව්..
අසිත් සිරිවර්ධන – ඔබ පොට්ටු අම්මාන්ට එක්නැලිගොඩ සමග තිබූ මිතුරුකම ගැන කිව්වේ එක්නැලිගොඩ මිසයිල ගහලා රාජ්ය නායකයා විනාශ කරන්න ඕනේ කියලා කිව්වට පස්සෙ ද, කළින් ද ?
මුරලි – මම ඒක කිව්වේ ඊට කළින්.
අසිත් සිරිවර්ධන – මිසයිල් ගහලා රටේ රාජ්ය නායකයා විනාශ කරන්න ඕනේ කියලා හබරණදී කතා වෙනකොට රටේ රාජ්ය නායකයා වුණේ මහින්ද රාජපක්ෂ නේද ?
මුරලි – ඔව්..
අසිත් සිරිවර්ධන – ඒ කියන්නේ ත්රස්තවාදය මේ රටෙන් තුරන් කරපු නායකයා නේද ?
මුරලි – ඔව්..
අසිත් සිරිවර්ධන – තමුන් එක්නැලිගොඩට අවසන් වරට කතා කරපු දවසේ තුන්වතාවක් (3) කතා කරා නේද උදේ, හවස සහ රාත්රියේ ?
මුරලි – ඔව් අවසන් දිනයේ මම කතා කළා.
අසිත් සිරිවර්ධන – එක්නැලිගොඩ ගැන කිසිම තොරතුරක් නැති බව තමන් දැන ගත්තේ කෑම්ප් එකේ හිටපු වෙලාවේ බඩු ඔතලා තිබුණ කොළයක තිබුණ පිංතූරයකින් නේද ?
මුරලි – ඔව්..
මේ අතර විත්තියේ නිතීඥ අසිත් සිරිවර්ධන දීර්ඝ ලෙස සාක්ෂිකරුගෙන් හරස් ප්රශ්න අසමින් තමන්ගේ ඌණතාවයන් අධිකරණයේ දක්වා සිටියා.
පසුව නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා සාක්ෂි කරුගෙන් හරස් ප්රශ්න විමසීම ආරම්භ කළා.
එහිදී නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා විමසා සිටියේ,
ප්රගීත් එක්නැලිගොඩ තමුන් සමග පැවසුවේ කුමක්දැයි පැහැදිලිව ප්රකාශ කළ හැකිද ?
මුරලි – මමයි ‘නාදන් සරු’යි, එක්නැලිගොඩයි එකට කතා කර කර හිටියා. එතනදී කිව්වා යුද්දේ ඉවර වුණාට සියලු ප්රශ්න ඉවර වෙන්නේ නැහැ කියලා. එතකොට එයා කිව්වා ඒක අද හිතුවත් වෙනස් කරන්න පුළුවන් කියලා. එතකොට අපි ඇහුවා ඒ කොහොමද කියලා? එයා කිව්වා ජනාධිපති ඇමතිලා , ඔක්කොම එක ෆ්ලයිට් එකක නැගලා යනකොට ඒ වෙලාවේ මිසයිලයක් ගැහුවාම ඔක්කොම ඉවරයි කියලා.
පසුව නියෝජ්ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා සාක්ෂිකරුගෙන් යළිත් විමසා සිටියේ තමුන් එය තේරුම් ගත්තේ කුමන ආකාරයෙන්ද යන්නයි.
මුරලි – ඒක කිව්වේ හරියට උදාහරණයක් වගේ. ඔහු කතා කරන විලාශය තමයි ඒක.
අනතුරුව මෙම නඩුවේ 90 වැනි සාක්ෂි කරුවන රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී ‘විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ’ව විශේෂ ආරක්ෂාවක් යටතේ අධිකරණයට රැගෙන ආවා.
සුරේෂ් සලේගෙන් සාක්ෂි විමසීම ආරම් කරමින් නියෝජ්ය සොලිසිටර් ජනරල් වසන්ත පෙරේරා සාක්ෂි විමසීම ආරම්භ කළා.
එහිදී රාජ්ය බුද්ධි සේවයෙන් යම් කිසි දත්තයක් තොරතුරක් හෝ ලියකියවිල්ලක් ලබා දෙන ආකාරය ගැන විමසා සිටියා.
ඊට පිළිතුරු දෙමින් සුරේෂ් සලේ පවසා සිටියේ,
සුරේෂ් සලේ – රෙජිස්ට්රි, දුරකථක හා ෆයිල් සියල්ලටම නිලධාරීන් ඉන්නවා. සාමාන්යෙයන් දුරකථන නිකුත් කරන ක්රම දෙකක් තියෙනවා. එකක් අණ දෙන නිලධාරීන්ට දෙනවා. අනික් එක සමූහයක් විදිහට යුනිට්වලට දෙනවා. එතනදී දුකරථන භාරව ඉන්නේ වෙනම නිලධාරියෙක්. ඒකට අධ්යක්ෂකවරු සම්බන්ධ වෙන්නේ නැහැ.
එහිදී නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා ලිපියක් පෙන්වමින් සුරේෂ් සලේගෙන් ප්රශ්න කර සිටියේ මෙම ලියඛියවිල්ල බුද්ධි අධ්යක්ෂකගේ උපදෙස් මත ලබා දුන්නේද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් සුරේෂ් සලේ පැවසුවේ,
සුරේෂ් සලේ – මෙකේ මොනම තැනකදීවත් බුද්ධි අධ්යක්ෂකගේ නිර්දේශ සඳහන් වෙන්නේ නැහැ, අනික අපි මේ විදිහට මේ ලියඛියවිලි මේ ආකෘතියට දෙන්නේ නැහැ. අපි තොරතුරුක සත්යතාවය තහවුරු කරන ක්රම කිහිපයක් තියෙනවා.
පසුව සුරේෂ් සලේ විවෘත අධිකරණයෙන් මෙලෙස ප්රකාශ කළා.
සුරේෂ් සලේ – මම අවුරුදු 38 ක් ඉතාමත් කාර්යබහුල කාර්යයක නිරත වෙන්නේ. ඉතාම වගකීම් සහගත කාර්යයක් කළේ. නමුත් කිසිම හොඳක් අහන්න නැහැ. බුද්ධි නිලධාරියෙක් හදනවා කියන එක හරි අමාරු වැඩක්, ඇත්තටම කණගාටුයි.
අනතුරුව ත්රපුද්ගල විනිසුරු මඬුල්ල සුරේෂ් සලේගෙන් විමසා සිටියේ බුද්ධි බලකා නිලධාරීන්ට හා බුද්ධි බලකායට නිකුත් කරන දුරකථන අස්ථානගතවීම් සිදු වනවාද යන්නයි ?
සුරේ සලේ ඊට මෙලෙස පිළිතුරු දුන්නා,
සුරේෂ් සෙලේ – ස්වාමීනී .. මම අධිකරණය අහන නිසා කියන්නම්. මම දන්නේ නෑ මේකෙන් කොයි තරම් දුරට රහස්ය භාවයට හානි වෙයිද කියලා. ඒත් කමක් නැහැ දැනට තොරතුරු ගොඩක් හෙළි වෙලා තියෙන නිසා කියන්නම්. මොකද අපි අපේ ආත්ම ආරක්ෂාවට දුරකථන ලියාපදිංචි කරන්නේ අපේ නම්වලට නෙවෙයි. වෙන අයගේ නම් වලින් තමයි ඒවා ලියාපදිංචි කරන්නේ. මොකද අපේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන් සතුරා අපිට වඩා ගව් ගාණක් ඉදිරියෙන් සිටින නිසා. මම ලුතිනන් ලෙස ඉන්නකොට හම්බවුණ දුරකථනය ලියාපදිංචි කරලා තිබුණෙත් වෙන කෙනෙක්ගේ නමට.
අනතුරුව කරුණූ සළකා බැලූ ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල 53 සිට 58 දක්වා වන සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් තළ අතර නඩුව ඔක්තොබර් 22 දක්වා කල් තැබුණා ෴
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴